ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 32 පාඩම 80 පි.-81 පි. 2 ¶
  • නිර්භීත කාන්තාවන් දෙන්නෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්භීත කාන්තාවන් දෙන්නෙක්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • බාරාක්ගේ ඇදහිල්ල නිසා බලවත් හමුදාවක් පරාජයට
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිර්භීත ස්ත්‍රීන් දෙන්නෙක්
    මගේ බයිබල් කතන්දර පොත
  • ‘මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කළා’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා කැමැත්තෙන්ම කරන සේවයෙන් දෙවිව ප්‍රශංසාවට පත් වේවා!
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 32 පාඩම 80 පි.-81 පි. 2 ¶
තමන් එක්ක එන්න කියලා බාරාක් දෙබොරාගෙන් ඉල්ලමින්

32වෙනි පාඩම

නිර්භීත කාන්තාවන් දෙන්නෙක්

හුඟ කාලයක් ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා විදිහට වැඩ කරපු යොෂුවා වයස අවුරුදු 110දී මැරුණා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා යෙහෝවාට කීකරු වුණේ නැති නිසා ඔහු කානානිවරුන්ගේ රජෙක් වුණු යාබින්ට ඉඩහැරියා එයාලට කරදර කරන්න. එතකොට ඊශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. ඒ නිසා ඔහු බාරාක්ව එයාලාගේ නායකයා විදිහට පත් කළා.

දෙබොරා කියන අනාගතවක්තෘවරිය යෙහෝවා කියපු මේ පණිවිඩේ බාරාක්ට කිව්වා. ‘කීෂොන් දිය පාර ළඟ ඉන්න යාබින්ගේ හමුදාව ළඟට මිනිස්සු 10,000ක් එක්ක යන්න. එතනදී යාබින්ගේ හමුදාවේ අධිපතියා වන සිසෙරාව පරද්දන්න පුළුවන් වෙනවා.’ බාරාක් දෙබොරාට කිව්වා ‘ඔයාත් එනවා නම් මං යන්නම්’ කියලා. එතකොට දෙබොරා මෙහෙම කිව්වා. ‘මං එන්නම්. හැබැයි ඔයාට සිසෙරාව මරන්න ලැබෙන්නේ නැහැ. යෙහෝවා කිව්වා එයාව මරන්නේ ගෑනු කෙනෙක් කියලා.’

දෙබොරා බාරාක්ගේ හමුදාවත් එක්ක තාබෝර් කන්දට ගිහින් සටනට ලෑස්ති වුණා. ඒ ගැන සිසෙරාට ආරංචි වුණාම එයාගේ යුධ රථත් අරන් ඒ ළඟ තිබුණු නිම්නයකට ගියා. දෙබොරා බාරාක්ට කිව්වා ‘අද යෙහෝවා ඔයාට දිනුම දෙනවා’ කියලා. එතකොට බාරාක් සිසෙරාගේ හමුදාවත් එක්ක සටන් කරන්න එයාත් එක්ක හිටපු මිනිස්සු 10,000ත් එක්ක කන්දෙන් පහළට බැහැලා ගියා.

යෙහෝවා කීෂොන් නිම්නයට ගංවතුරක් ගෙනාවා. ඒ නිසා සිසෙරාගේ හමුදා රථ මඩේ එරුණා. සිසෙරා එයාගේ රථයෙන් බැහැලා දුවන්න පටන්ගත්තා. බාරාක් එයාගේ හමුදාවත් එක්ක සිසෙරාගේ හමුදාව පැරැද්දුවත් සිසෙරා බේරුණා. එයා දුවලා ගිහින් යායෙල් කියන කාන්තාවගේ කූඩාරමේ හැංගුණා. යායෙල් එයාට කිරි බොන්න දීලා ගනකම් රෙද්දක් එයාගේ ඇඟට දැම්මා. මහන්සියෙන් හිටිය සිසෙරාට හොඳටම නින්ද ගියා. ඊටපස්සේ යායෙල් ලොකු ඇණයක් අරන් එයාගේ ඔළුවට ඇනලා එයාව මරලා දැම්මා.

බාරාක් සහ දෙබොරා යෙහෝවාට ප්‍රශංසා ගී ගයමින්

බාරාක් සිසෙරාව හොයාගෙන ආවාම යායෙල් කූඩාරමෙන් එළියට ඇවිත් මෙහෙම කිව්වා. ‘එන්න, ඔයා හොයන කෙනාව මං පෙන්නන්නම්.’ ඇතුළට ගියාම මැරිලා ඉන්න සිසෙරාව බාරාක් දැක්කා. සතුරන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්ත එක ගැන බාරාකුයි දෙබොරායි යෙහෝවාට ගීතිකා කියලා ප්‍රශංසා කළා. ඊළඟ අවුරුදු 40දී ඊශ්‍රායෙල්වරුන්ට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.

“ශුභාරංචිය ගැන කතා කරන ස්ත්‍රීන් විශාල හමුදාවක් වගේ පිටත් වෙලා එනවා.”—ගීතාවලිය 68:11

ප්‍රශ්න: දෙබොරා ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළේ කොහොමද? යායෙල් නිර්භීතව වැඩ කළේ කොහොමද?

විනිශ්චයකරුවෝ 4:1–5:31

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න