ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 41 පාඩම 100 පි.-101 පි. 2 ¶
  • දාවිත් සහ සාවුල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත් සහ සාවුල්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව
    මගේ බයිබල් කතන්දර පොත
  • දාවිත්ව රජකමට පත් කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • “පූජාවලට වඩා කීකරුකම වටිනවා”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 1 සාමුවෙල් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 41 පාඩම 100 පි.-101 පි. 2 ¶
කඳවුරේ ඉන්න සාවුල්ට දාවිත් කතා කරමින්

41වෙනි පාඩම

දාවිත් සහ සාවුල්

දාවිත් ගොලියත්ව මැරුවාට පස්සේ සාවුල් රජ එයාව හමුදාවේ නායකයා කළා. දාවිත් ගොඩක් සටන් දිනුව නිසා මිනිස්සු එයාට කැමති වුණා. දාවිත් සටනක් දිනලා ආපු හැම සැරේම ගැහැනු අය සින්දු කියලා නටනට මෙහෙම කිව්වා. “සාවුල් දහස් ගණන් මැරුවා. දාවිත් දසදහස් ගණන් මැරුවා.” ඒක අහලා සාවුල් රජට ඊර්ෂ්‍යා හිතුණ නිසා එයාට ඕන වුණා දාවිත්ව මරන්න.

දාවිත් වීණා වාදනය කරන්න හරි දක්ෂයි. දවසක් දාවිත් සාවුල් ඉස්සරහා වීණාව වාදනය කරද්දී සාවුල් එයාව මරන්න හිතාගෙන හෙල්ලය වීසි කළා. හැබැයි දාවිත් බේරුණා. සාවුල් කීප සැරයක්ම දාවිත්ව මරන්න හැදුව නිසා දාවිත් පාළු පැත්තකට ගිහින් හැංගිලා හිටියා.

සාවුල් නිදාගෙන ඉද්දී දාවිත් සාවුල්ගේ හෙල්ලය ගනිමින්

සාවුල් මිනිස්සු 3,000ක් එක්ක දාවිත්ව අල්ලගන්න ගියා. දාවිත් හැංගිලා හිටිය ගුහාවට දන්නෙම නැතුව සාවුල් රජත් ගියා. දාවිත් එක්ක හිටිය අය කිව්වා ‘සාවුල්ව මරන්න මේක හොඳ වෙලාව’ කියලා. දාවිත් හොරෙන් සාවුල් ළඟට ගිහින් එයාගේ ඇඳුමෙන් කෑල්ලක් කපාගත්තා. යෙහෝවා රජ විදිහට පත් කරලා තියෙන කෙනාට ගෞරවයෙන් සලකපු නැති එක ගැන පස්සේ දාවිත් හුඟක් දුක් වුණා. එයා එයාගේ මිනිස්සුන්ට සාවුල්ව මරන්න ඉඩ දුන්නේ නැහැ. එයා සාවුල්ට කිව්වා එයාව මරන්න ඉඩක් ලැබුණත් එහෙම කළේ නැහැ කියලා. සාවුල් දාවිත් ගැන හිතපු විදිහ වෙනස් කරගත්තාද?

නැහැ. සාවුල් දිගටම දාවිත්ව අල්ලගන්න ගියා. දවසක් රෑ දාවිත් එයාගේ නෑදෑ පුතෙක් වුණු අබිෂයි එක්ක සාවුල්ගේ කඳවුරට හොරෙන් ගියා. සාවුල්ගේ ආරක්ෂකයා වුණු අබ්නේර්ටත් නින්ද ගිහින්. අබිෂයි කිව්වා ‘මට එයාව මරන්න දෙන්න’ කියලා. දාවිත් කිව්වා ‘යෙහෝවා එයා ගැන බලාගනියි. අපි එයාගේ හෙල්ලයයි වතුර භාජනයයි අරගෙන මෙහෙන් යමු’ කියලා.

සාවුල් ඉන්න කඳවුර පේන කන්දකට නැග්ග දාවිත් කෑගහලා මෙහෙම කිව්වා. ‘අබ්නේර්, ඇයි ඔයා රජව ආරක්ෂා කළේ නැත්තේ? සාවුල්ගේ හෙල්ලයයි වතුර භාජනයයි කෝ?’ ඒ කතා කළේ දාවිත් කියලා අඳුරගන්න සාවුල් මෙහෙම කිව්වා. ‘ඔයාට මාව මරන්න ලැබිලත් ඔයා එහෙම කළේ නැහැ. මං දන්නවා ඊළඟට රජ වෙන්නේ ඔයා කියලා.’ ඊටපස්සේ සාවුල් එයාගේ මාලිගාවට ගියා.

“හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්න ඔයාලාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරන්න. ආදරණීය සහෝදරයෙනි, පළිගන්න එපා. ඒ වෙනුවට වැරදි දේවල්වලට විරුද්ධව තමන්ගේ කේන්තිය පිට කරන්න දෙවියන්ට ඉඩ දෙන්න.”—රෝම 12:18, 19

ප්‍රශ්න: සාවුල්ට දාවිත්ව මරන්න ඕන වුණේ ඇයි? දාවිත් සාවුල්ව මැරුවේ නැත්තේ ඇයි?

1 සාමුවෙල් 16:14-23; 18:5-16; 19:9-12; 23:19-29; 24:1-15; 26:1-25

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න