ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 54 පාඩම 130 පි.-131 පි. 1 ¶
  • යෙහෝවා යෝනා ගැන ඉවසුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා යෝනා ගැන ඉවසුවා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු දයාවේ වටිනාකම ඉගෙනගත්තා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේගේ දයාව ගැන යෝනා ඉගෙනගනියි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝනා සහ ලොකු මාළුවා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 54 පාඩම 130 පි.-131 පි. 1 ¶
යෝනා ගිලෙද්දී ලොකු මාළුවෙක් ඒ ළඟට එමින්

54වෙනි පාඩම

යෙහෝවා යෝනා ගැන ඉවසුවා

නිනිවය කියන නගරයේ හිටියේ හුඟක් නරක මිනිස්සු. අනාගතවක්තෘවරයෙක් වන යෝනාට යෙහෝවා කිව්වා නිනිවයට ගිහින් ඒ සෙනඟ කරන නරක වැඩ නවත්තන්න කියන්න කියලා. ඒත් යෝනා ඒක කරන්නේ නැතුව තර්ෂිෂ්වලට යන නැවක නැඟලා ගියා.

හැබැයි අතරමඟදී ලොකු කුණාටුවක් ආවා. නැවේ හිටපු හැමෝම හුඟක් බය වුණා. ඒ අය එයාලාගේ දෙවිවරුන්ගෙන් ඇහුවා ‘ඇයි මෙහෙම වෙන්නේ’ කියලා. අන්තිමේදී යෝනා එයාලට මෙහෙම කිව්වා. ‘මේ කුණාටුව ඇති වුණේ මං නිසයි. යෙහෝවා දෙවියන් මට කරන්න කිව්ව වැඩක් මං කළේ නැහැ. මාව මුහුදට දාන්න. එතකොට කුණාටුව නතර වෙයි.’ ඒත් නැවේ හිටපු අය ඒකට කැමති වුණේ නැහැ. හැබැයි යෝනා බල කරපු නිසා එයාලා යෝනාව මුහුදට දැම්මා. එතකොටම කුණාටුව නැවතුණා.

මුහුදේ ගිලෙද්දී යෝනා යෙහෝවාට යාච්ඤා කළා. එතකොට යෙහෝවා ලොකු මාළුවෙක්ව එව්වා. ඒ මාළුවා යෝනාව ගිල්ලත් එයා මැරුණේ නැහැ. එයා මාළුවාගේ බඩේ ඉඳන් යෙහෝවාට පොරොන්දු වුණා ‘ඔබ කියන ඕනෙම දෙයක් කරන්නම්’ කියලා. යෝනා මාළුවාගේ බඩේ දවස් තුනක් හිටියාට පස්සේ මාළුවා මුහුදු වෙරළ ළඟට ඇවිත් යෝනාව කටෙන් එළියට දැම්මා. යෙහෝවා තමයි එහෙම කළේ.

යෙහෝවා යෝනාට ආයෙත් කිව්වා නිනිවයට යන්න කියලා. මේ පාර නම් යෝනා කීකරු වුණා. එයා නිනිවයට ගිහින් එහේ හිටිය මිනිස්සුන්ට කිව්වා “තව දවස් 40කින් නිනිවය විනාශ වෙනවා” කියලා. ඒත් සිද්ධ වුණේ හිතපු නැති දෙයක්. නිනිවයේ හිටපු හැමෝම යෝනා කියපු දේ අහලා නරක වැඩ කරන එක නැවැත්තුවා. නිනිවයේ රජ සෙනඟට කිව්වා ‘දෙවියන්ට යාච්ඤා කරලා, කරපු වැරදි ගැන දුක් වෙන්න, සමහරවිට ඔහු අපිට සමාව දෙයි’ කියලා. සෙනඟ දුක් වෙන හැටි දැකපු යෙහෝවා නිනිවය විනාශ කරන්නේ නැහැ කියලා තීරණය කළා.

යෝනා නිනිවයට ඇතුල් වෙමින්

නිනිවය විනාශ කළේ නැති එක ගැන යෝනා හිටියේ තරහෙන්. පොඩ්ඩක් හිතන්න. යෙහෝවා යෝනා ගැන ඉවසුවා, එයාට සමාව දුන්නා. ඒත් යෝනා නිනිවයේ අයට එහෙම සැලකුවේ නැහැ. එයා නගරෙන් පිට තැනක තිබුණු ලබු වැලක් යටට වෙලා නගරේ දිහා බලාගෙන හිටියා. ඒ ලබු වැල මැරුණාම යෝනාට හුඟක් කේන්ති ගියා. යෙහෝවා යෝනාට මෙහෙම කිව්වා. ‘ඔයා නිනිවයේ මිනිස්සු ගැන හිතනවාට වඩා මේ ලබු වැල ගැන හිතනවා. එයාලා ගැන දුකක් දැනිලා මං එයාලට සමාව දුන්නා.’ ඒකෙන් දෙවියන් පෙන්නුවේ ඕනෙම ගහකට වඩා නිනිවයේ හිටපු මිනිස්සු ඔහුට වටිනවා කියන එකයි.

‘යෙහෝවා ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.’—2 පේතෘස් 3:9

ප්‍රශ්න: යෙහෝවා යෝනාට ඉගැන්නුවේ මොනවාද? යෝනාට වුණ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යෝනා 1:1–4:11

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න