ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 56 පාඩම 134 පි.-135 පි. 1 ¶
  • යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපැද්දා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපැද්දා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යොෂියාට හොඳ යාළුවෝ හිටියා
    දූපුතුන්ට කියා දෙන්න
  • යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉශ්‍රායෙල්වරුන්ගේ අන්තිම හොඳ රජ
    මගේ බයිබල් කතන්දර පොත
  • කුඩා කාලයේ සිට හරි දේ කළ යොෂියා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 56 පාඩම 134 පි.-135 පි. 1 ¶
ෂාපාන් නීතිය සඳහන් ලියවිල්ල යොෂියා රජුට ඇහෙන්න කියවමින්

56වෙනි පාඩම

යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපැද්දා

යොෂියා යූදා රාජ්‍යයේ රජ වෙද්දී එයාට වයස අටයි. මායා බලයෙන් දේවල් කරපු, රූපවලට නමස්කාර කරපු හුඟදෙනෙක් ඒ කාලේ හිටියා. වයස 16දී යොෂියාට ඕනෙ වුණා යෙහෝවා කැමති විදිහට නමස්කාර කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න. වයස 20දී එයා දේශයේ රූපයි පූජාසනයි විනාශ කරන්න පටන්ගත්තා. වයස 26දී එයා දේවමාලිගාව අලුත්වැඩියා කරන්න පටන්ගත්තා.

උත්තම පූජක හිල්කියාට දේවමාලිගාවේ තිබිලා දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල හම්බ වුණේ ඔය කාලේ. ඒක මෝසෙස් ලිව්ව ලියවිල්ල වෙන්න ඇති. රජගේ ලේකම් ෂාපාන් ඒ ලියවිල්ල ගෙනල්ලා යොෂියාට ඇහෙන්න කියෙව්වා. ඒක අහද්දී යොෂියාට තේරුණා මිනිස්සු අවුරුදු ගාණක් කරලා තියෙන්නේ යෙහෝවා අකමැති දේවල් කියලා. එයා හිල්කියාට මෙහෙම කිව්වා. ‘යෙහෝවා අපිත් එක්ක හුඟක් කේන්තියෙන් ඉන්නේ. අපි කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවාගෙන් අහන්න.’ අනාගතවක්තෘ හුල්දා මාර්ගයෙන් යෙහෝවා උත්තර දුන්නේ මෙහෙමයි. ‘යූදා සෙනඟ මාව අත්හැරලා ගිහින්. ඒ නිසා එයාලට මං දඬුවම් කරනවා. ඒත් යොෂියා ගොඩක් දුක් වෙලා මං ඉස්සරහා බැගෑපත් වුණ නිසා එයා රජ වෙලා ඉන්න කාලේ මං සෙනඟට දඬුවම් කරන්නෑ.’

යෙහෝවාගේ නීතිය සඳහන් ලියවිල්ල හිල්කියාට හමු වෙයි

ඊටපස්සේ යොෂියා දේවමාලිගාවට ගිහින් හැමෝටම එන්න කියලා දෙවියන්ගේ නීතිය එයාලට ඇහෙන්න කියෙව්වා. මුළු හිතින්ම යෙහෝවාට කීකරු වෙනවා කියලා එදා යොෂියායි සෙනඟයි දෙවියන්ට පොරොන්දු වුණා.

යූදා දේශයේ අය අවුරුදු ගාණක් පාස්කුව පවත්වලා තිබ්බේ නැහැ. ඒත් නීතිය කියෙව්වාට පස්සේ එයාලා දැනගත්තා පාස්කුව හැම අවුරුද්දකම පවත්වන්න ඕනෙ කියලා. ඒ නිසා යොෂියා සෙනඟට කිව්වා ‘අපි පාස්කුව පවත්වමු’ කියලා. එයා හුඟක් පූජාවන් ලෑස්ති කරලා ගායක කණ්ඩායමකුත් ලෑස්ති කළා. හැමෝම එකතු වෙලා පාස්කුව පැවැත්තුවා. ඊටපස්සේ දවස් හතක් තිස්සේ මුහුන් දාපු නැති රොටි උත්සවයත් පැවැත්තුවා. ඊට කලින් ඒ වගේ පාස්කු උත්සවයක් පවත්වලා තිබුණේ සාමුවෙල්ගේ කාලේ. යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපදින්න හුඟක් ආස කළා. යෙහෝවා ගැන ඉගෙනගද්දී ඔයාටත් ලොකු සතුටක් දැනෙනවාද?

“ඔබේ වදන් මගේ පාදවලට පහනක්. මං යන මාවතට එළියක්.”—ගීතාවලිය 119:105

ප්‍රශ්න: දෙවියන්ගේ නීතියේ තියෙන දේවල් දැනගත්තාම යොෂියා රජ කළේ මොනවාද? යොෂියා ගැන යෙහෝවාට හැඟුණේ කොහොමද?

2 රාජාවලිය 21:26; 22:1–23:30; 2 ලේකම් 34:1–35:25

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න