ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 73 පාඩම 172 පි.-173 පි. 2 ¶
  • යොහන් මාර්ගය සූදානම් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොහන් මාර්ගය සූදානම් කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ඔහු මෙසියස්වහන්සේට පෙරටුව යන්නෙක් විය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් ගැලවුම්කරු වෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යොහන් මාර්ගය පිළියෙළ කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 73 පාඩම 172 පි.-173 පි. 2 ¶
යොහන් බව්තීස්ත යොර්දාන් ගඟ ළඟදී මිනිස්සුන්ට උගන්වමින්

73වෙනි පාඩම

යොහන් මාර්ගය සූදානම් කළා

සෙකරියාගෙයි එලිසබෙත්ගෙයි පුතා වුණු යොහන් ලොකු වෙලා අනාගතවක්තෘවරයෙක් වුණා. ගැලවුම්කරු එනවා කියලා දේශනා කරන්න යෙහෝවා භාර දුන්නේ යොහන්ට. එයා දේශනා කළේ සිනගෝගවලවත් නගරවලවත් නෙමෙයි පාළුකරයේ. යෙරුසලමෙනුත් යුදයෙනුත් හුඟක් අය යොහන්ගෙන් ඉගෙනගන්න ආවා. දෙවියන්ව සතුටු කරන්න නම් නරක වැඩ නවත්තන්න ඕනෙ කියලා එයා ඉගැන්නුවා. ඒක අහපු හුඟක් අය තමන්ගේ වැරදි ගැන දුක් වුණා. යොහන් එයාලව යොර්දාන් ගඟේ බව්තීස්ම කළා.

සරල ජීවිතයක් ගත කරපු යොහන් ඇන්දේ ඔටු රෝමවලින් හදපු ඇඳුම්. පළඟැටියන්, කැලේ තියෙන මීපැණි තමයි එයා කෑමට ගත්තේ. මිනිස්සුන්ට ඕනෙ වුණා එයා ගැන දැනගන්න. උඩඟු පරිසිවරුත් සද්දුසිවරුත් එයාව බලන්න ආවා. යොහන් එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලාගේ ජීවිත වෙනස් කරගන්න. කරපු වැරදි ගැන දුක් වෙන්න. ඔයාලාගේ තාත්තා ආබ්‍රහම් කියලා කිව්වත් ඔයාලා විශේෂ අය වෙන්නේ නෑ. ඒකෙන් ඔයාලා දෙවියන්ගේ දරුවන් වෙන්නෙත් නෑ.’

‘දෙවියන්ව සතුටු කරන්න නම් මොනවාද කරන්න ඕනෙ’ කියලා හුඟක් අය ඇහුවාම යොහන් මෙහෙම කිව්වා. ‘ඔයාලට වැඩිපුර ඇඳුමක් තියෙනවා නම් ඇඳුම් නැති කෙනෙක්ට එකක් දෙන්න.’ දෙවියන්ව සතුටු කරන්න නම් අනිත් අයට ආදරේ කරන්න ඕනෙ කියලා එයාගේ ගෝලයන්ට උගන්වන්නයි යොහන් එහෙම කිව්වේ.

යොහන් බදු එකතු කරන අයට කිව්වා ‘අවංක වෙන්න, කාවවත් රවට්ටන්න එපා’ කියලා. හමුදාවේ අයට කිව්වා ‘බොරු කියන්නවත් අල්ලස් ගන්නවත් එපා’ කියලා.

පූජකයෝයි ලෙවීවරුයි යොහන්ගෙන් ඇහුවා ‘හැමෝම අහනවා ඔයා කවුද’ කියලා. යොහන් මෙහෙම කිව්වා. ‘පාළුකරයේ ඉඳන් හඬ නඟලා මිනිස්සුන්ට දෙවියන් ගැන කියලා දෙන කෙනෙක් ඉන්නවා කියලා යෙසායා කිව්වේ මං ගැන.’

යොහන් ගැලවුම්කරුද කියලා හුඟක් අය කල්පනා කළා. යොහන් එයාලට කිව්වේ මෙහෙමයි. ‘මට වඩා උසස් කෙනෙක් එනවා. එයාගේ පාවහන්වල පටි ලිහන්නවත් මං වටින්නේ නෑ. මං බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඒත් එයා දෙවියන්ගේ බලයෙන් බව්තීස්ම කරයි.’

“එයා ආවේ සාක්ෂිකරුවෙක් විදිහටයි. ආලෝකය ගැන සාක්ෂි දරලා හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්නයි.”—යොහන් 1:7

ප්‍රශ්න: යෙහෝවා යොහන්ට භාර දුන්නේ මොන වැඩේද? යොහන් කියපු දේ අහලා මිනිස්සු කළේ මොනවාද?

මතෙව් 3:1-11; මාක් 1:1-8; ලූක් 3:1-18; යොහන් 1:19-28; යෙසායා 40:3

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න