ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 95 පාඩම 222 පි.-223 පි. 1 ¶
  • එයාලව නවත්තන්න බැරි වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එයාලව නවත්තන්න බැරි වුණා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ‘අපි කීකරු වෙන්න ඕනෙ දෙවියන්ට’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • හිරගෙයින් නිදහස් කිරීම
    මගේ බයිබල් කතන්දර පොත
  • ‘යේසුස් ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ කීකරු වන්නේ දෙවිටද නැත්නම් මිනිසුන්ටද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 95 පාඩම 222 පි.-223 පි. 1 ¶
පූජකයන් සහ සද්දුසිවරු කොච්චර පීඩා කළත් පේතෘස් සහ යොහන් නිර්භීතව දේශනා කළා

95වෙනි පාඩම

එයාලව නවත්තන්න බැරි වුණා

ඇවිදින්න බැරුව හිටපු කෙනෙක් හැමදාම දේවමාලිගාව ළඟ හිඟමන් ඉල්ල ඉල්ල හිටියා. දවසක් එයා පේතෘස්වයි යොහන්වයි දැකලා ‘මට කීයක් හරි දෙන්න’ කියලා කිව්වාම පේතෘස් මෙහෙම කිව්වා. ‘සල්ලිවලට වඩා වටින දෙයක් මං ඔයාට දෙන්නම්. දැන් යේසුස්ගේ නමින් නැඟිටලා ඇවිදින්න.’ එතකොටම එයා ඇවිදින්න පටන්ගත්තා. ඒක දැකලා සෙනඟ කොච්චර සතුටු වුණාද කියනවා නම් හුඟදෙනෙක් යේසුස්ගේ ගෝලයන් වුණා.

ඒත් කේන්තියෙන් හිටිය පූජකයනුයි සද්දුසිවරුයි නියෝජිතයන්ව නඩු අහන තැනට අරන් ගිහින් මෙහෙම ඇහුවා. ‘මේ මනුස්සයාව සුව කරන්න කවුද ඔයාලට බලය දුන්නේ?’ ‘ඔයාලා මරලා දැම්ම යේසුස්’ කියලා පේතෘස් කිව්වාම එයාලා කෑගහලා කිව්වා ‘යේසුස් ගැන කතා කරන්න එපා’ කියලා. ‘යේසුස් ගැන කතා කරන එක අපි කීයටවත් නවත්තන්නේ නැහැ’ කියලා නියෝජිතයන් කිව්වා.

පේතෘස්වයි යොහන්වයි නිදහස් කළාට පස්සේ එයාලා අනිත් ගෝලයන් ළඟට ගිහින් වෙච්ච දේ කිව්වා. එයාලා හැමෝම දෙවියන්ට කිව්වා ‘දෙවියනි, බය නැතුව ඔයාගේ පණිවිඩේ කියන්න අපිට උදව් කරන්න’ කියලා. යෙහෝවා එයාලට බලය දුන්න නිසා දිගටම දේශනා කරන්නත් හුඟක් අයගේ ලෙඩ හොඳ කරන්නත් පුළුවන් වුණා. තව තවත් අය යේසුස්ගේ ගෝලයන් වුණා. ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටපු සද්දුසිවරු නියෝජිතයන්ව හිරේ දැම්මා. ඒත් එදා රෑ යෙහෝවා දේවදූතයෙක්ව එවලා හිරේ දොරවල් ඇරියා. දේවදූතයා එයාලට කිව්වා ‘දේවමාලිගාවට ගිහින් උගන්නන්න’ කියලා.

පහුවෙනිදා උදේ මන්ත්‍රණ සභාවට ඒ කියන්නේ ආගමික නායකයන්ගේ අධිකරණයට මෙහෙම දැනගන්න ලැබුණා. ‘හිරගෙදර දොරවල්වල අගුල් දාලයි තියෙන්නේ. ඒත් ඊයේ අල්ලගත්ත අය දැන් හිරේ නෑ. එයාලා දැන් දේවමාලිගාවේ උගන්නනවා.’ එයාලා නියෝජිතයන්ව ආයෙත් අධිකරණයට ගෙනාවා. එතන හිටිය උත්තම පූජකයා එයාලාගෙන් මෙහෙම ඇහුවා. ‘යේසුස් ගැන කතා කරන්න එපා කියලා අපි ඔයාලට කිව්වා නේද?’ එතකොට පේතෘස් කිව්වා “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” කියලා.

ආගමික නායකයන්ට ඕන වුණේ නියෝජිතයන්ව මරන්න. ඒත් ගමාලියෙල් කියන පරිසිවරයා මෙහෙම කිව්වා. ‘දෙවියන් මේ මිනිස්සුන්ට උදව් කරනවා ඇති. පරෙස්සම් වෙන්න. ඔයාලට ඕනෙ දෙවියන්ට විරුද්ධව සටන් කරන්නද?’ ඒ නිසා ආගමික නායකයන් නියෝජිතයන්ව මරන්නේ නැතුව එයාලට හොඳටම ගහලා ආයෙත් දේශනා කරන්න එපා කියලා එයාලව නිදහස් කළා. ඒත් එයාලා දිගටම දේවමාලිගාවෙත් ගෙයින් ගෙටත් නිර්භීතව දේශනා කළා.

“අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට.”—ක්‍රියා 5:29

ප්‍රශ්න: නියෝජිතයන් දේශනා කරන එක නැවැත්තුවේ නැත්තේ ඇයි? යෙහෝවා එයාලට උදව් කළේ කොහොමද?

ක්‍රියා 3:1–4:31; 5:12-42

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න