ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 97 පාඩම 226 පි.-227 පි. 2 ¶
  • කොර්නේලියස්ට දෙවියන්ගේ බලය ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කොර්නේලියස්ට දෙවියන්ගේ බලය ලැබෙයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • පේතෘස් කොර්නේලියස්ව බලන්න යයි
    මගේ බයිබල් කතන්දර පොත
  • “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • දෙවි සියල්ලන්ට සලකන්නේ එක හා සමානවයි
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 97 පාඩම 226 පි.-227 පි. 2 ¶
කොර්නේලියස් පේතෘස්ව ගෙදරට පිළිගනිමින්

97වෙනි පාඩම

කොර්නේලියස්ට දෙවියන්ගේ බලය ලැබෙයි

සිසේරියේ කොර්නේලියස් කියලා රෝම හමුදාවේ උසස් නිලධාරියෙක් හිටියා. යුදෙව්වන් එයාට ගෞරවයෙන් සැලකුවා. මොකද එයා දුප්පත් අයට ගොඩක් උදව් කරපු කෙනෙක්. එයා යෙහෝවාව විශ්වාස කළා. නිතරම ඔහුට යාච්ඤා කළා. දවසක් දේවදූතයෙක් ඇවිත් එයාට මෙහෙම කිව්වා. ‘දෙවියන් ඔයාගේ යාච්ඤා ඇහුවා. යොප්පාවට මිනිස්සු කීපදෙනෙක්ව යවන්න. එහේ පේතෘස් කියලා කෙනෙක් ඉන්නවා. ඔයා ළඟට එන්න කියලා එයාට කියන්න.’ කොර්නේලියස් මිනිස්සු තුන්දෙනෙක්ව යොප්පාවට යැව්වා.

ඔය අතරේ පේතෘස් යුදෙව්වරුන්ට කන්න අවසර නැති සත්තු ටිකක් දර්ශනයකින් දැක්කා. කවුරු හරි කෙනෙක් එයාට කිව්වා ඒ සත්තුන්ව මරලා කන්න කියලා. ‘මම කවදාවත් අපවිත්‍ර සතෙක්ව කාලා නැහැ’ කියලා පේතෘස් කිව්වාම ඒ කෙනා මෙහෙම කිව්වා. ‘මේ සත්තු අපවිත්‍රයි කියලා කියන්න එපා. දෙවියන් මේ සත්තුන්ව පවිත්‍ර කරලයි තියෙන්නේ. තුන්දෙනෙක් ඔයාගේ ගෙදර දොර ළඟ ඉන්නවා. එයාලත් එක්ක යන්න.’ පේතෘස් එතනට ගියාම එයාලා මෙහෙම කිව්වා. ‘අපිව එව්වේ කොර්නේලියස් කියන හමුදා නිලධාරියා. ඔයාව එයා ළඟට එක්කන් යන්නයි අපි ආවේ.’ පේතෘස් එදා එයාලව ගෙදර නවත්තගෙන පහුවෙනිදා උදෙන්ම තවත් ගෝලයන් ටිකදෙනෙක් එක්ක සිසේරියට ගියා.

කොර්නේලියස් පේතෘස්ව දැක්ක ගමන්ම එයා පේතෘස් ඉස්සරහා දණගැහුවා. එතකොට පේතෘස් මෙහෙම කිව්වා. ‘නැඟිටින්න! මාත් ඔයා වගේ මනුස්සයෙක් විතරයි. යුදෙව්වන් වෙන ජාතියක කෙනෙක්ගේ ගෙදරකට යන්නේ නැති වුණත් මං ඔයාගේ ගෙදර ආවේ දෙවියන් කියපු නිසයි. දැන් කියන්න ඇයි ඔයා මට එන්න කිව්වේ කියලා.’

‘දවසක් මං යාච්ඤා කරකර ඉද්දී දේවදූතයෙක් මට කිව්වා ඔයාව ගෙන්නගන්න කියලා. අනේ, යෙහෝවා කියපු දේවල් ගැන අපිට කියලා දෙන්න’ කියලා කොර්නේලියස් කිව්වාම පේතෘස් මෙහෙම කිව්වා. ‘දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහටයි කියලා මං දැන් දන්නවා. දෙවියන්ට නමස්කාර කරන්න කැමති ඕන කෙනෙක්ව ඔහු පිළිගන්නවා.’ පේතෘස් එයාලට යේසුස් ගැන හුඟක් දේවල් කියලා දුන්නා. එතකොට දෙවියන්ගේ බලය කොර්නේලියස්ටයි එයාගේ පවුලේ අයටයි ලැබිලා එයාලා බව්තීස්ම වුණා.

“කෙනෙක් මොන ජාතියකට අයිති වුණත් එයාට දෙවියන් ගැන ගරුබියක් තියෙනවා නම්, එයා හරි දේ කරනවා නම් දෙවියන් එයාව පිළිගන්නවා.”—ක්‍රියා 10:35

ප්‍රශ්න: අපවිත්‍ර සත්තුන්ව කන්න බැහැ කියලා පේතෘස් කිව්වේ ඇයි? වෙන ජාතියක කෙනෙක්ගේ ගේකට යන්න යෙහෝවා පේතෘස්ට කිව්වේ ඇයි?

ක්‍රියා 10:1-48

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න