ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 98 පාඩම 228 පි.-229 පි. 1 ¶
  • ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ‘දිගටම සතුටින් හිටිය ගෝලයන්ට දෙවියන්ගේ බලයත් අඩුවක් නැතුව ලැබුණා’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ‘යෙහෝවාගේ බලය තිබුණ නිසා එයාලා නිර්භීතව දේශනා කළා’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා
    මගේ බයිබල් කතන්දර පොත
  • බාර්ණබස් “සැනසිල්ලේ පුත්‍රයා”
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 98 පාඩම 228 පි.-229 පි. 1 ¶
පාවුලුයි බානබසුයි සයිප්‍රසයේ ආණ්ඩුකාරයා වුණ සර්ජියස්ට පාවුලස්ට දේශනා කරමින්

98වෙනි පාඩම

ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා

ලෝකේ පුරාම දේශනා කරන්න යේසුස් භාර දීපු වැඩේ නියෝජිතයන් ඒ විදිහටම කළා. ක්‍රි.ව. 47දී අන්තියෝකියේ සහෝදරයන් පාවුල්වයි බානබස්වයි දේශනා කරන්න වෙන රටවල්වලට යැව්වා. ඒ දෙන්නා දර්බය, ලිස්ත්‍රාව, ලිකෝනිය වගේ කුඩා ආසියාවට අයිති හුඟක් තැන්වලට ගිහින් උද්‍යෝගයෙන් දේශනා කළා.

දුප්පත් පොහොසත්, තරුණ මහලු හැමෝටම එයාලා දේශනා කළා. හුඟක් අය ශුභාරංචිය පිළිගත්තා. දවසක් පාවුලුයි බානබසුයි සයිප්‍රසයේ ආණ්ඩුකාරයා වුණ සර්ජියස් පාවුලස්ට දේශනා කරද්දී මන්තර ගුරුකම් කරපු කෙනෙක් එයාලව නවත්තන්න හැදුවා. පාවුල් එයාට කිව්වා “යෙහෝවා ඔයාට දඬුවම් කරනවා” කියලා. එතකොටම එයා අන්ධ වුණා. ඒක දැකපු ආණ්ඩුකාරයා යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා.

පාවුලුයි බානබසුයි ගෙයින් ගෙට, වෙළඳපොළවල, පාරවල්වල, සිනගෝගවල දේශනා කළා. ලිස්ත්‍රාවේදී එයාලා කොර කෙනෙක්ව හොඳ කළාම මිනිස්සු ඒ දෙන්නා දෙවිවරු කියලා හිතලා එයාලට නමස්කාර කරන්න හැදුවා. ඒත් එයාලා මෙහෙම කිව්වා. ‘අපි නිකම්ම මිනිස්සු. දෙවියන්ට විතරක් නමස්කාර කරන්න.’ පස්සේ යුදෙව්වරු ටිකදෙනෙක් ඒ සෙනඟගේ හිත්වල පාවුල් ගැන තරහක් ඇති කළා. ඒ නිසා එයාලා පාවුල්ට ගල් ගහලා නගරයෙන් එළියට දැම්මා. එයාලා හිතුවේ පාවුල් මැරුණා කියලයි. ඒත් එයා මැරුණේ නැහැ. සහෝදරයන් ඇවිත් එයාව නගරයට අරන් ගියා. පස්සේ පාවුල් ආයෙත් අන්තියෝකියට ගියා.

ක්‍රි.ව. 49දී පාවුල් තවත් සංචාරයක් ගියා. කුඩා ආසියාවේ හිටපු සහෝදරයන්ව හම්බ වුණාට පස්සේ එයා යුරෝපයටත් ගියා. ඇතන්ස්, එෆීසය, ෆිලිප්පිය, තෙසලෝනිකය වගේ තැන්වලටත් ගියා. එයා එක්ක සීලස්, ලූක්, වගේම තිමෝති කියන තරුණයාත් ගියා. එයාලා අලුත් සභාවන් පිහිටුවන්න උදව් කරලා ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කළා. පාවුල් අවුරුදු එකහමාරක් විතර කොරින්තියේ නතර වෙලා ඉඳලා සහෝදරයන්ව දිරිගැන්නුවා. එයා එහෙදී දේශනා කළා, ඉගැන්නුවා, හුඟක් සභාවලට ලිපිත් ලිව්වා. එයා කූඩාරම් හදන කෙනෙක් විදිහටත් වැඩ කළා. කාලෙකට පස්සේ පාවුල් ආයෙත් අන්තියෝකියට ගියා.

පාවුල් වෙළඳපොළක දේශනා කරමින්

ක්‍රි.ව. 52දී පාවුල් තුන්වෙනි සංචාරයත් ගියා. කුඩා ආසියාවෙන් පටන් අරන් ෆිලිප්පියටත් කොරින්තියටත් ගියා. අවුරුදු කීපයක්ම එයා එෆීසයේ ඉඳන් මිනිස්සුන්ට ඉගැන්නුවා. අසනීප අයව සුව කළා. සභාවේ අයට උදව් කළා. සම්මන්ත්‍රණ ශාලාවේදී හැමදාම දේශන ඉදිරිපත් කළා. හුඟක් අය ඒවා අහලා ජීවිත වෙනස් කරගත්තා. අන්තිමේදී එයා යෙරුසලමට ගියා.

“ගිහින් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න.”—මතෙව් 28:19

ප්‍රශ්න: ඔයාගේ බයිබලයේ (‘නව ලොව පරිවර්තනය,’ උපග්‍රන්ථය B13), තියෙන සිතියම බලලා පාවුල් එයාගේ සංචාරයන්වලදී ගියේ කොහෙටද කියලා හොයාගන්න ඔයාට පුළුවන්ද?

ක්‍රියා 13:1–23:35

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න