3වෙනි කොටසට හැඳින්වීම
ජලගැල්මට පස්සේ යෙහෝවාට සේවය කරපු අය හිටියේ හරිම ටිකදෙනායි. ආබ්‍රහම් ඒ අයගෙන් කෙනෙක්. එයාට කිව්වේ යෙහෝවාගේ යාළුවා කියලා. යෙහෝවා ඔයාගේ දරුවා ගැන ගොඩක් හිතනවා කියලත් එයාට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. ආබ්‍රහම්, ලොත්, යාකොබ් කළා වගේ බය නැතුව යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න අපිටත් පුළුවන්. දෙවියන් දෙන හැම පොරොන්දුවක්ම ඔහු ඉටු කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.