4වෙනි කොටසට හැඳින්වීම
මේ කොටසේ යෝසෙප්, යෝබ්, මෝසෙස් වගේම ඊශ්‍රායෙල්වරු ගැනත් කතා කරනවා. එයාලට සාතන්ගෙන් හුඟක් පීඩා ආවා. සමහරු අසාධාරණකම්වලට මුහුණ දුන්නා, හිරේ හිටියා. තවත් අයට වහලුන් විදිහට ඉන්න වුණා, මැරෙන්නත් වුණා. ඒත් යෙහෝවා එයාලව ආරක්ෂා කළා. මොන පීඩා ආවත් එයාලට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වුණේ කොහොමද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.
තමන් ඊජිප්තුවේ දෙවිවරුන්ට වඩා බලවත් කියලා පෙන්නන්න යෙහෝවා පීඩා දහයක් ගෙනාවා. යෙහෝවා අතීතයේදී ඔහුගේ සෙනඟව ආරක්ෂා කරපු විදිහත් මේ කාලයේදී ඒ දේ කරන විදිහත් පෙන්නන්න.