ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 14 පාඩම 17 පි.
  • ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තේමාව සහ මූලික කරුණු කැපී පෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • දළ සටහනක් පිළියෙළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තේමාව ගොඩනැඟීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 14 පාඩම 17 පි.

14වෙනි පාඩම

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

බයිබල් පදයක්

හෙබ්‍රෙව් 8:1

සාරාංශය: ඔයා දේශනය ගොඩනඟලා තියෙන විදිහ තේරුම්ගන්න උදව් වන විදිහට ඒක ඉදිරිපත් කරන්න. අරමුණට, තේමාවට එක් එක් ප්‍රධාන කරුණ සම්බන්ධ වන විදිහ පැහැදිලි කරන්න.

ඒක කරන විදිහ:

  • අරමුණ මනසේ පැහැදිලිව තියාගන්න. දේශනයේ අරමුණ මොකක්ද? දැනුවත් කරන එකද? විශ්වාසයක් ඇති කරන එකද? ක්‍රියාවට පොලඹවන එකද? ඒ අනුව ප්‍රධාන කරුණු ගොඩනඟන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ‘මේ විෂය ගැන මොන වගේ ප්‍රශ්න සවන් දෙන අයගේ මනසේ ඇති වෙයිද? සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්න මතු වෙන්න පුළුවන් මොන අනුපිළිවෙළටද’ කියලා හිතලා ඒ අනුව කරුණු ගොඩනඟන්න. එතකොට තොරතුරු තේරුම්ගන්නත් ඒවා පිළිගන්නත් සවන් දෙන අයට ලේසි වෙයි.

  • දේශනයේ තේමාව කාවද්දන්න. තේමාවට සම්බන්ධ ප්‍රධාන වචන හෝ ඒකට සමාන වචන හෝ දේශනය පුරාම පාවිච්චි කරලා තේමාව මතක් කරන්න.

  • ප්‍රධාන කරුණු පැහැදිලිව, සරලව කියන්න. ඔයාගේ තේමාවට අදාළ වන, ඔයාට තියෙන කාලය ඇතුළත හොඳින් උගන්වන්න පුළුවන් ප්‍රධාන කරුණු කීපයක් විතරක් තෝරාගන්න. ඒ හැම එකක්ම පැහැදිලිව කියන්න. එක කරුණකින් අනිත් කරුණට යද්දී එකපාර යන්නේ නැතුව පොඩි විරාමයක් දෙන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    දේශනය ගොඩනඟලා තියෙන විදිහ තේරුම්ගන්න උදව්වක් විදිහට හැඳින්වීමේදී ප්‍රධාන කරුණු සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කරුණු මතක තියාගන්න උදව්වක් විදිහට දේශනය අවසානයේදී ඒවා ආයෙත් කියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න