ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 15 පාඩම 18 පි.
  • ස්ථිර විශ්වාසයකින් කතා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ථිර විශ්වාසයකින් කතා කරන්න
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උද්‍යෝගය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සවන් දෙන අයව තේරුම් අරන් තොරතුරු ඉදිරිපත් කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 15 පාඩම 18 පි.

15වෙනි පාඩම

ස්ථිර විශ්වාසයකින් කතා කරන්න

බයිබල් පදයක්

1 තෙසලෝනික 1:5

සාරාංශය: ඔයා කියන්නේ සත්‍ය තොරතුරු කියලත් ඒවා වැදගත් කියලත් ඔයාට විශ්වාසයි කියන දේ පෙන්වන්න.

ඒක කරන විදිහ:

  • හොඳින් සූදානම් වෙන්න. ඔයා කියන්න යන තොරතුරු සත්‍යයයි කියලා බයිබලයේ ඔප්පු කරලා තියෙන්නේ කොහොමද කියලා ඔයාට තේරුම් යන කල් තොරතුරු අධ්‍යයනය කරන්න. ප්‍රධාන කරුණු වචන කීපයකින් කියන්න. ඒවා සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන විදිහ ගැන හිතන්න. දෙවිගේ බලය ඉල්ලන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ශබ්ද නඟා පෙරහුරු කරන්න. එතකොට තොරතුරු ඔයාගේ මනසට ගන්නත් ඒවා හොඳින් ඉදිරිපත් කරන්නත් පහසුයි.

  • කියන දේ ගැන ඔයාට තියෙන විශ්වාසය පැහැදිලි වන විදිහට කතා කරන්න. තොරතුරු ඉදිරිපත් කරද්දී ප්‍රකාශනයක තියෙන දේ ඒ විදිහටම කියවන්නේ නැතුව ඔයාගේ වචනවලින් කියන්න.

  • කියන දේවල් උනන්දුවෙන්, අවංකව කියන්න. ප්‍රමාණවත් ශබ්දයක් ඇතුව කතා කරන්න. සවන් දෙන අය අපහසුතාවට පත් වෙන්නේ නැත්නම් එයාලගේ මුහුණ දිහා බලලා කතා කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ස්ථිර විශ්වාසයකින් කතා කරනවා කියන්නේ හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියන එකටවත් ඔයාගේ විශ්වාසයන් බලෙන් පොවන්න හදන එකටවත් නෙමෙයි. එහෙම කතා කරද්දීත් හිත දිනාගන්න විදිහට කතා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න