17වෙනි පාඩම
තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න
1 කොරින්ති 14:9
සාරාංශය: ඔයා දෙන්න හදන පණිවිඩය තේරුම්ගන්න සවන් දෙන අයට උදව් කරන්න.
ඒක කරන විදිහ:
තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. තොරතුරු හොඳින් තේරුම්ගත්තොත් ඒවා සරලව ඔයාගේ වචනවලින් විස්තර කරන්න පුළුවන්.
කෙටි වාක්‍ය සහ සරල යෙදුම් පාවිච්චි කරන්න. දිග වාක්‍ය පාවිච්චි කරන එකේ වරදක් නැහැ. ඒත් ප්‍රධාන කරුණු කියද්දී කෙටි වාක්‍යවලින් කියන්න.
නුහුරු යෙදුම් පැහැදිලි කරන්න. නුහුරු යෙදුම් පාවිච්චි නොකරන තරමට හොඳයි. නුහුරු යෙදුමක්, බයිබල් චරිතයක්, අතීතයේ පාවිච්චි කරපු මිනුමක්, පැරණි චාරිත්‍රයක් ගැන කියන්න වුණොත් ඒක පැහැදිලි කරන්න.