13වෙනි පාඩම
ආගම් නිසා මිනිස්සු සැබෑ දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ කොහොමද?
මිනිස්සුන්ට ආදරේ කරන්න දෙවියන් අපිට උගන්නනවා නම් ඔහුට නමස්කාර කරනවා කියලා කියාගන්න ආගම් මෙච්චර කුරිරු දේවල් කරන්නේ ඇයි? මොකද දෙවියන්ට නමස්කාර කරනවා කියලා කිව්වත් ඒ ආගම්වලින් ඇත්තටම කරන්නේ දෙවියන් ගැන වැරදි පින්තූරයක් දීලා මිනිස්සුන්ව ඔහුගෙන් ඈත් කරන එකයි. ඒ කොහොමද? ඒ ගැන දෙවියන්ට දැනෙන්නේ කොහොමද? ඔහු ඒ ආගම්වලට කරන්න යන්නේ මොනවාද?
1. ආගම්වලින් උගන්නන දේවල් නිසා මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ කොහොමද?
ආගමික නායකයන් ‘දෙවියන් ගැන සත්‍යය ප්‍රතික්ෂේප කරලා බොරුව පස්සේ යන්න තීරණය කරලා තියෙනවා.’ (රෝම 1:25) එයාලා දෙවියන්ගේ නම මොකක්ද කියලවත් කියලා දීලා නැහැ. ඒත් බයිබලයේ කියන්නේ අපි දෙවියන්ගේ නම පාවිච්චි කරන්න ඕනෙ කියලයි. (රෝම 10:13, 14) නරක දේවල් වෙද්දී සමහර ආගමික නායකයන් කියනවා ඒක දෙවියන්ගේ කැමැත්ත කියලා. ඒත් ඒක බොරුවක්. මොකද දෙවියන් කවදාවත් නපුරු දේවල් කරන්නේ නැහැ. (යාකොබ් 1:13 කියවන්න.) ආගම්වලින් උගන්නන බොරු දේවල් නිසා මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වෙලා.
2. ආගම්වලින් කරන දේවල් නිසා මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ කොහොමද?
යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට සලකන විදිහට නෙමෙයි ආගමික නායකයන් මිනිස්සුන්ට සලකන්නේ. බයිබලයේ කියනවා බොරු ආගම්වලින් කරන “පව් කොච්චරද කියනවා නම් ඒවා ස්වර්ගය වෙන කල්ම උසට ගොඩගැහිලා” කියලා. (එළිදරව් 18:5) ඒ ආගම්වල නායකයන් අවුරුදු සිය ගාණක් පුරා දේශපාලනයට ඇඟිලි ගහලා තියෙනවා. යුද්ධවලට අනුබල දීලා තියෙනවා. හිතාගන්න බැරි තරම් අහිංසක මිනිස් ජීවිත නැති කරලා තියෙනවා. සැපපහසු ජීවිතයක් ගත කරන්න ඕනෙ නිසා සමහර ආගමික නායකයන් බැතිමතුන්ගෙන් සල්ලි ගන්නවා. ඒ දේවලින් තේරෙනවා අනිත් අයට දෙවියන් ගැන කියලා දෙනවා තියා එයාලවත් දෙවියන්ව හරියට අඳුරගෙන නැහැ කියලා.—1 යොහන් 4:8 කියවන්න.
3. බොරු ආගම් ගැන දෙවියන්ට දැනෙන්නේ කොහොමද?
බොරු ආගම්වලින් කරලා තියෙන දේවල් ගැන ඔයාට කේන්තියක් දැනෙනවා නම් යෙහෝවාට ඒ ගැන කොහොම දැනෙනවා ඇද්ද! දෙවියන් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. ඒත් ආගමික නායකයන් ගැන ඔහුට දැනෙන්නේ ලොකු කේන්තියක්. මොකද ඒ අය මිනිස්සුන්ව දෙවියන්ගෙන් ඈත් කරලා. එයාලාගේ බැතිමතුන්ට නපුරු විදිහට සලකනවා. හැම බොරු ආගමක්ම ‘ආයේ කවදාවත් හොයාගන්න බැරි වෙන්නම’ විනාශ කරනවා කියලා දෙවියන් කියනවා. (එළිදරව් 18:21) ඔහු ඒක ළඟදීම කරනවා.—එළිදරව් 18:8.
තවත් හොයමු
බොරු ආගම්වලින් කරලා තියෙන දේවල් ගැනත් දෙවියන්ට ඒ ආගම් ගැන දැනෙන විදිහ ගැනත් තව තොරතුරු බලන්න. ඒ ආගම්වලින් කරන දේවල් නිසා ඔයා යෙහෝවා ගැන ඉගෙනගන්න එක අත්හැරලා දාන එක හොඳ නැත්තේ ඇයි කියලා දැනගන්න.
4. සැබෑ දෙවියන් හැම ආගමක්ම පිළිගන්නේ නැහැ
හුඟක් අය හිතනවා ආගම් හරියට දෙවියන් ළඟට යන්න උදව් වෙන එක එක පාරවල් වගේ කියලා. මොන පාරේ ගියත් අපි අන්තිමට දෙවියන්ට ළං වෙනවා කියලා එයාලා කියනවා. ඒක ඇත්තද? මතෙව් 7:13, 14 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
ජීවනයට යන පාර මොන වගේ කියලද බයිබලයේ කියන්නේ?
වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
දෙවියන් පිළිගන්න ආගම් ගොඩක් තියෙනවා කියලා බයිබලයේ කියනවාද?
5. බොරු ආගම්වලින් කරන දේවල් නිසා දෙවියන්ගේ ආදරේ මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ
ආගමික නායකයන් කරන හුඟක් දේවල් නිසා මිනිස්සුන්ගේ හිත්වල සැබෑ දෙවියන් ගැන වැරදි පින්තූරයක් ඇඳිලා තියෙනවා. ආගම් යුද්ධවලට හවුල් වෙලා තියෙන විදිහ ඒකට හොඳ උදාහරණයක්. ඒ වගේ එක අවස්ථාවක් ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
2වෙනි ලෝක මහා යුද්ධයේදී පල්ලිවල නායකයන් කළේ මොනවාද?
ඒ ගැන ඔයා හිතන්නේ මොනවාද?
යොහන් 13:34, 35 සහ 17:16 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
ආගම් යුද්ධවලට හවුල් වෙන එක ගැන යෙහෝවා දෙවියන්ට කොහොම දැනෙනවා ඇද්ද?
ලෝකේ සිද්ධ වෙලා තියෙන හුඟක් නරක දේවලට වග කියන්න ඕනෙ බොරු ආගම්. ආගමික නායකයන් මිනිස්සුන්ට නපුරු විදිහට සලකපු අවස්ථා ගැන ඔයා දන්නවාද? ඒ මොනවාද?
බොරු ආගම් කරන කියන දේවල් නිසා දෙවියන්ගේ ආදරේ මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ
6. දෙවියන්ට ඕනෙ මිනිස්සුන්ට බොරු ආගම්වලින් අයින් වෙන්න උදව් කරන්න
එළිදරව් 18:4 කියවලාa මේ ප්රශ්නය ගැන කතා කරන්න.
බොරු ආගම් නිසා නොමඟ ගිය අයව බේරගන්න දෙවියන්ට ඕනෙ කියලා දැනගත්තාම ඔයාට දැනුණේ කොහොමද?
7. සැබෑ දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න
බොරු ආගම්වලින් කරන කියන දේවල් දෙවියන්ගෙන් ඈත් වෙන්න ඔයා හේතුවක් කරගන්න ඕනෙද? පුතෙක් තාත්තා කියලා දෙන හොඳ දේවල් අහන්නේ නැතුව ගෙදරින් ගිහින් නරක ජීවිතයක් ගත කරනවා කියලා හිතන්න. පුතා කරන දේවල් ගැන තාත්තා කොහෙත්ම සතුටු වෙන්නේ නැහැ. පුතා කරන දේවලට තාත්තාට දොස් කියන එක හරිද? ඔයා එහෙම කියන්නේ ඇයි?
බොරු ආගම්වලින් කරන දේවල් නිසා යෙහෝවා දෙවියන්ට දොස් කියලා ඔහු ගැන ඉගෙනගන්න එක නතර කරන එක සාධාරණද?
සමහරු මෙහෙම කියනවා: “මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ආගම් නිසයි. ඒ නිසා දෙවියන් ගැන කතා කරන්න මං ආස නැහැ.”
ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද?
ආගම්වලින් කරන දේවල් නිසා යෙහෝවා දෙවියන්ට දොස් කියන්න හොඳ නැත්තේ ඇයි?
ඉගෙනගත්ත දේ
බොරු ආගම් කරන නරක දේවල් නිසාත් උගන්නන බොරු දේවල් නිසාත් මිනිස්සු දෙවියන්ගෙන් ඈත් වෙලා ගිහින්. දෙවියන් ඒ බොරු ආගම් නැත්තටම නැති කරලා දානවා.
ඔයා හිතන්නේ මොකක්ද?
බොරු ආගම් උගන්නන සහ කරන දේවල් ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
බොරු ආගම් ගැන යෙහෝවා දෙවියන්ට දැනෙන්නේ කොහොමද?
දෙවියන් ඉස්සරහට ඒ ආගම්වලට මොනවාද කරන්න යන්නේ?
තව දැනගන්න
දෙවියන් හුඟක් ආගම් පිළිගන්නේ නැති හේතු දෙකක් දැනගන්න.
“හැම ආගමක්ම එක සමානද? හැම ආගමක්ම සැබෑ දෙවියන් වෙතට යොමු කරනවාද?” (වෙබ් ලිපිය)
අපි අනිත් අයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවාට ඔහු කැමති ඇයි?
පූජකයෙක් එයාගේ පල්ලියේ වෙන දේවල් ගැන කලකිරිලයි හිටියේ. ඒත් දෙවියන් ගැන ඇත්ත දැනගන්න ඒක එයා බාධාවක් කරගත්තේ නැහැ.
“පූජකයෙක් පල්ලියෙන් අයින් වුණේ ඇයි?” (2015 පෙබරවාරි ‘පිබිදෙව්!’)
අවුරුදු සිය ගාණක් තිස්සේ ආගමික නායකයන් දෙවියන් ගැන බොරු කියලා තියෙනවා. ඒ නිසා මිනිස්සු හිතනවා දෙවියන් කියන්නේ ළං වෙන්න බැරි, හරිම කුරිරු කෙනෙක් කියලා. ඒ වගේ බොරු ඉගැන්වීම් තුනක් ගැන දැනගන්න.
“මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්” (2013 නොවැම්බර් 1 ‘මුරටැඹ’)
a එළිදරව් පොතේ මහ බැබිලෝනිය විදිහට හඳුන්වන ස්ත්‍රියගෙන් නියෝජනය වෙන්නේ බොරු ආගම්. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න 1වෙනි අමතර සටහන බලන්න.