ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 56 පාඩම
  • සභාවේ සමඟිය රැකගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභාවේ සමඟිය රැකගමු
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • එකිනෙකාට ළං වෙන එක අපිට යහපත්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ “කුඩා අයට” කිසිම හානියක් කරන්න එපා
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෙම අන්තිම දවස්වල සමඟිය රැකගන්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 56 පාඩම
56වෙනි පාඩම. ජාතීන් දෙකකට අයිති සහෝදරියන් දෙන්නෙක් එකිනෙකාව ආදරෙන් පිළිගන්නවා.

56වෙනි පාඩම

සභාවේ සමඟිය රැකගමු

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

“සහෝදරයන් එකමුතුව ඉන්න එක කොයි තරම් යහපත්ද! කොයි තරම් ප්‍රසන්නද” කියලා දාවිත් කිව්වා. (ගීතාවලිය 133:1) යෙහෝවාට නමස්කාර කරන අය අතරේ ඉද්දී අපිට දැනෙන්නෙත් ඒ විදිහටමයි. ඒත් අපි අතරේ තියෙන එකමුතුකම ඉබේ ඇති වුණ දෙයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ටම ඒ වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා.

1. දෙවියන්ගේ සෙනඟ අතර තියෙන විශේෂත්වය මොකක්ද?

හිතන්න, ඔයා වෙන රටකට ගිහින් අපේ රැස්වීමකට සහභාගි වෙනවා කියලා. එහේ භාෂාව ඔයාට තේරෙන එකක් නැති වෙයි. ඒත් ඔයා කාවවත් දන්නේ අඳුරන්නේ නැති තැනකට ආවා කියන හැඟීම ඔයාට ඇති වෙන්නේ නැහැ. මොකද අපි කොහේ ගියත් බයිබලයේ තියෙන දේවල් අපි ඉගෙනගන්නේ එකම පොත් පත් පාවිච්චි කරලා. අනිත් අයට ආදරෙන් සලකන්නත් අපි ලොකු උත්සාහයක් ගන්නවා. අපි ලෝකේ කොහේ ජීවත් වුණත් අපි හැමෝම ‘යෙහෝවාගේ නමට අයැදිනවා. එක්සත්ව ඔහුට නමස්කාර කරනවා.’—ශෙපනියා 3:9, පාදසටහන.

2. සමඟිය රැකගන්න ඔයාගේ පැත්තෙන් මොනවාද කරන්න පුළුවන්?

“එක් එක් කෙනාට හද පත්ලෙන්ම ආදරේ කරන්න.” (1 පේතෘස් 1:22) ඒක කරන්නේ කොහොමද? අනිත් අයගේ අඩුපාඩු දිහා බලන්නේ නැතුව එයාලට තියෙන හොඳ ගුණාංග දිහා බලන්න. ඔයා හිතන විදිහට හිතන, ඔයා කැමති දේවලට කැමති අයව විතරක් ආශ්‍රය නොකර විවිධ පසුබිම්වල අයව යාළුවන් කරගන්න. ජාතිය, භාෂාව, සමාජයේ තත්වය දිහා බලලා මිනිස්සුන්ට සලකන්න අපි පුරුදු වෙලා හිටියා නම් ඒ හැඟීම් අයින් කරගන්නත් අපි මහන්සි වෙන්න ඕනේ.—1 පේතෘස් 2:17 කියවන්න.a

3. සභාවේ කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම ඔයා කරන්න ඕනෙ මොනවාද?

අපි අතරේ සමඟිය තියෙනවා කියන්නේ අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි හැමෝම අතින් අනිත් අයගේ හිත රිදෙන දේවල් වෙනවා. ඒ නිසයි බයිබලයේ අපිට මෙහෙම කියන්නේ. ‘හැම වෙලාවෙම සමාව දෙන්න. යෙහෝවා අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දීලා තියෙනවා වගේ ඔයාලත් ඒ විදිහටම සමාව දෙන්න.’ (කොලොස්සි 3:13 කියවන්න.) අපි යෙහෝවාගේ හිත කොච්චර නම් රිද්දලා ඇද්ද! ඒත් ඔහු අපිට සමාව දෙනවා. අපිත් අපේ සහෝදරයන්ට සමාව දෙයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි. ඔයා කාගේ හරි හිත රිද්දලා තියෙනවා කියලා තේරුණොත් ඒක විසඳගන්න ඔයා මුල් පියවර ගන්න.—මතෙව් 5:23, 24 කියවන්න.b

තවත් හොයමු

සභාවේ සාමය සමඟිය රැකගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා හිතන්න.

සහෝදරයෙක් සමාදාන වෙන්න පියවර ගන්නවා. 1. සහෝදරයෙක් එයාට බණිනවා. 2. ඒ සහෝදරයා කියපු දේ ගැන එයා හිතනවා. 3. අමනාප වෙන දෙයක් වුණාම කරන්න ඕනෙ මොනවාද කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස ගැන එයා හිතනවා. 4. එයා ඒ සහෝදරයාව හම්බ වෙලා තේ එකක් බොන ගමන් සමාදාන වෙනවා.

සමාදාන වෙන්න ඔයා මොනවාද කරන්නේ?

4. භේද ඇති කරන හැඟීම් අයින් කරගන්න

අපිට ඕනෙ සභාවේ හැමෝටම එක වගේ සලකන්න. ඒත් කෙනෙක්ගේ පසුබිම අපිට වඩා වෙනස් නම් ඒක කරන එක අමාරු වෙන්න පුළුවන්. හැමෝටම එක වගේ සලකන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? ක්‍රියා 10:34, 35 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා කෙනෙක්ව ඔහුගේ සාක්ෂිකරුවෙක් හැටියට පිළිගද්දී එයාගේ ජාතිය, පසුබිම දිහා බලන්නේ නැහැ. ඒක දැනගත්ත එක වෙනස් පසුබිමක කෙනෙක් ගැන හැඟෙන විදිහ වෙනස් කරගන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • ඔයා ඉන්න පැත්තේ අය අනිත් අයව පහත් කරලා සලකන්නේ මොන හේතු නිසාද? ඒවාවලින් ඔයා අයින් කරගන්න ඕනෙ මොනවාද?

2 කොරින්ති 6:11-13 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • සභාවේ හැමෝටම තවත් ආදරෙන් සලකන්න ඔයාට ඉගෙනගන්න පුළුවන් කොහොමද?

5. මුළු හදවතින්ම සමාව දීලා සමාදාන වෙන්න

යෙහෝවා අදිමදි කරන්නේ නැතුව අපිට සමාව දෙන්නේ කවදා හරි දවසක ඔහුට අපෙන් සමාව ඉල්ලන්න වෙන නිසා නෙමෙයි. ගීතාවලිය 86:5 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා සමාව දෙන විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද?

  • යෙහෝවා සමාව දෙන එක ඔයා අගය කරන්නේ ඇයි?

  • එකමුතුව ඉන්න අපිට අමාරු වෙන අවස්ථා මොනවාද?

අපි අතරේ තියෙන සමඟිය රැකගන්න යෙහෝවා වගේ වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? හිතෝපදේශ 19:11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • කෙනෙක් ඔයාගේ හිත රිද්දනවා නම්, ඔයාව කේන්ති ගස්සන විදිහට වැඩ කරනවා නම් ප්‍රශ්නේ දුර දිග යන්න නොදී විසඳගන්න පුළුවන් කොහොමද?

සමහර වෙලාවට අපි අනිත් අයගේ හිත රිද්දනවා. ඒ වගේ වෙලාවලදී අපි මොනවාද කරන්න ඕනේ? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

වීඩියෝ: ‘සමාදාන වුණොත් ලැබෙයි ආශීර්වාද!’ (6:01)

  • සමාදාන වෙන්න සහෝදරිය කළේ මොකක්ද?

6. අනිත් අයගේ හොඳ ගුණාංග දකින්න උත්සාහ කරන්න

සභාවේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කරද්දී එයාලාගේ හොඳ ගුණාංග වගේම එයාලාගේ අඩුපාඩුත් අපිට පේනවා. එයාලාගේ හොඳ ගුණාංග දිහා විතරක් බලන්න අපිට පුළුවන් කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

වීඩියෝ: ‘ඔයාගේ ගතිගුණ තවත් ලස්සන කරගන්න!’ (5:10)

  • සහෝදර සහෝදරියන්ගේ හොඳ ගතිගුණ දකින්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?

යෙහෝවා වැඩි අවධානයක් දෙන්නේ අපිට තියෙන හොඳ ගතිගුණවලට. 2 ලේකම් 16:9අ කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා බලන්නේ ඔයාගේ හොඳ ගුණාංග දිහා කියලා දැනන් ඉන්න එක ඔයාට උදව් වෙන්නේ කොහොමද?

දියමන්ති මුද්දක්.

කොච්චර ලස්සන දියමන්තියක වුණත් පලුදු තියෙනවා. ඒත් ඒක තාමත් වටිනවා. අපේ සහෝදර සහෝදරියන් හැමෝම අතිනුත් අඩුපාඩුකම් වෙනවා. ඒත් යෙහෝවාට එයාලව වටිනවා

සමහරු මෙහෙම කියනවා: “එයා එපැයි මගෙන් සමාව ගන්න.”

  • අදිමදි නොකර ඔයා අනිත් අයට සමාව දෙන්න ඕනෙ ඇයි?

ඉගෙනගත්ත දේ

සමාව දෙන එකෙන් සහ සහෝදර සහෝදරියන් හැමෝටම එක වගේ සලකන එකෙන් සභාවේ සමඟිය රැකගන්න උදව් වෙන්න ඔයාට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් අයින් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

  • සභාවේ කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයා මොනවාද කරන්න ඕනේ?

  • යෙහෝවා වගේ අනිත් අයට සමාව දෙන්න ඔයා කැමති ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

අනිත් අයගේ වැරදි හොයන්නේ නැතුව ඉන්න යේසුස් කියපු උපමාවක් අපිට උදව් වෙන්නේ කොහොමද කියලා බලන්න.

‘පරාලය ඉවතට ගන්න’ (6:56)

අපි අතින් වැරැද්දක් වෙලා නැහැ කියලා අපිට හිතෙනවා නම් අපි සමාව ගන්න ඕනෙද?

“සමාදානයට රහස සමාව ඉල්ලීමයි” (2002 නොවැම්බර් 1 ‘මුරටැඹ’)

හැමෝටම එකම විදිහට සලකන්න සමහරු ඉගෙනගත්තේ කොහොමද කියලා බලන්න.

‘පිටින් බලලා විනිශ්චය කරන්න එපා’ (5:06)

කෙනෙක් එක්ක ඇති වුණ ප්‍රශ්නයක් සභාවේ සමඟිය නැති කරන තැනට ගෙනියන්නේ නැතුව ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න.

“මතභේද ආදරෙන් විසඳගන්න” (2016 මැයි ‘මුරටැඹ’)

a බෝ වෙන රෝගයක් පැතිරෙන එක වළක්වන විදිහට වැඩ කරන්න කෙනෙක්ට ආදරේ උදව් වෙන්නේ කොහොමද කියලා 6වෙනි අමතර සටහනෙන් බලන්න.

b ව්‍යාපාරික හරි නීතිමය හරි ප්‍රශ්න විසඳගන්න පුළුවන් විදිහ ගැන 7වෙනි අමතර සටහනේ කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න