ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 11 පාඩම
  • සරලව කියලා දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සරලව කියලා දෙන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතෙන් පාඩමක් කරන විදිහ
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශිෂ්‍යයා ගැන සිතා සූදානම් වෙන්න
    2009 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 11 පාඩම

ගෝලයන් වෙන්න උදව් කරද්දී

යේසුස් වතුර තියෙන තැනක් ළඟ ඉඳගෙන කට්ටියකට උගන්වනවා. අහසේ කුරුල්ලෝ පියාඹනවා. අවට කැලෑ මල් පිපිලා.

මතෙ. 6:25-27

11පාඩම

සරලව කියලා දෙන්න

ප්‍රතිපත්තිය: ‘කතා කරන්නේ ලේසියෙන් තේරුම්ගන්න බැරි විදිහට නම් ඒක හරියට හුළඟට කතා කරනවා වගෙයි.’—1 කොරි. 14:9.

යේසුස් කරපු දේ

යේසුස් වතුර තියෙන තැනක් ළඟ ඉඳගෙන කට්ටියකට උගන්වනවා. අහසේ කුරුල්ලෝ පියාඹනවා. අවට කැලෑ මල් පිපිලා.

වීඩියෝ: ‘අපේ තාත්තාට අපි ගැන තියෙන ආදරය යේසුස් උදාහරණෙකින් කියලා දෙයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් මතෙව් 6:25-27 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. යෙහෝවාට අපි ගැන තියෙන ආදරය යේසුස් තේරුම් කරලා දුන්නේ කොහොමද?

  2. ආ. යේසුස් කුරුල්ලන් ගැන ගොඩක් දේවල් දැනන් හිටියත් ඔහු උගන්වන්න පාවිච්චි කළේ මොන සරල තොරතුරද? ඒක උගන්වන්න හොඳ විදිහක් කියලා කියන්නේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. සරලව උගන්වද්දී ශිෂ්‍යයාට මතක හිටිනවා. හදවතටම දැනෙනවා.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. අඩුවෙන් කතා කරන්න. විෂයක් ගැන ඔයා දන්න හැම තොරතුරක්ම කියන්න එපා. පාඩමේ තියෙන තොරතුරුවලට විතරක් අවධානය දෙන්න. ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ එයා උත්තරයක් දෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න. එයා උත්තරේ දන්නේ නැත්නම්, වැරදි අදහසක් කියනවා නම් අමතර ප්‍රශ්න අහලා හරි දේ තේරුම්ගන්න උදව් කරන්න. එයා ප්‍රධාන කරුණ තේරුම්ගත්තාට පස්සේ ඊළඟ කරුණට යන්න.

4. අලුත් දෙයක් උගන්වද්දී එයා දන්න තොරතුරු පාවිච්චි කරන්න. උදාහරණෙකට නැවත නැඟිටීම ගැන තියෙන පාඩම පටන්ගන්න කලින්, මැරුණු අයගේ තත්වය ගැන එයා ඉගෙනගෙන තියෙන දේවල් ටික වෙලාවක් අරන් කතා කරන්න.

5. හොඳට හිතලා උදාහරණ පාවිච්චි කරන්න. උදාහරණයක් කියන්න කලින් මේ ගැන හිතන්න.

  1. අ. ‘මේ උදාහරණේ සරලද?’

  2. ආ. ‘ශිෂ්‍යයාට ඒක තේරෙයිද?’

  3. ඇ. ‘උදාහරණේ විතරක් නෙමෙයි, ඒකෙන් කියලා දෙන්න හදන ප්‍රධාන අදහසත් එයාට මතක තියෙයිද?’

මේ පදත් බලන්න

මතෙ. 11:25; යොහ. 16:12; 1 කොරි. 2:1

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න