ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 12 පාඩම
  • හිතට ධෛර්යය ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතට ධෛර්යය ගන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 12 පාඩම

ගෝලයන් වෙන්න උදව් කරද්දී

යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඉස්සරහා දණගහගෙන ඉන්න කෙනෙක්ට යේසුස් කාරුණිකව කතා කරනවා.

මාක් 10:17-22

12පාඩම

හිතට ධෛර්යය ගන්න

ප්‍රතිපත්තිය: “තෙල්වලිනුත් සුවඳ දුම්වලිනුත් හිතට සතුටක් දැනෙනවා. ආදරයෙන් උපදෙස් දෙන කෙනෙක් එක්ක ඇති කරගන්න යාළුකමත් ඒ වගේ මිහිරියි.”—හිතෝ. 27:9.

යේසුස් කරපු දේ

යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඉස්සරහා දණගහගෙන ඉන්න කෙනෙක්ට යේසුස් කාරුණිකව කතා කරනවා.

වීඩියෝ: ‘පොහොසත් තරුණ පාලකයෙක්ට යේසුස් උපදෙසක් දෙයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් මාක් 10:17-22 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. යේසුස් දකින්න ඇත්තේ තරුණ පාලකයාගේ මොන වගේ හොඳ ගුණාංගද?

  2. ආ. ඒ උපදෙස දෙන්න යේසුස්ට එයා ගැන ආදරයක් වගේම ධෛර්යයක් ඕනෙ වුණේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. යෙහෝවාට තවත් ළං වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න එයා හදාගන්න ඕනෙ පැති ආදරෙන් සහ කෙළින් කියන්න ඕනේ.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. ඉලක්ක තියලා ජය ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

  1. අ. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ “ඔයාට කරන්න දෙයක්” කියන කොටස පාවිච්චි කරන්න.

  2. ආ. ටික කාලෙකින් වගේම කාලයක් ගිහින් ජය ගන්න පුළුවන් ඉලක්කවලට යන්න කරන්න ඕනෙ දේවල් තේරුම්ගන්න උදව් කරන්න.

  3. ඇ. ඉලක්ක ටිකෙන් ටික ජය ගද්දී එයාව අගය කරන්න.

4. බාධා අඳුරගන්නත් ජය ගන්නත් උදව් කරන්න.

  1. අ. මේ ප්‍රශ්න ගැන හිතන්න:

    • ‘ශිෂ්‍යයා බව්තීස්මය පරක්කු කරනවා නම් ඒකට හේතුව මොකක්ද?’

    • ‘එයාට උදව් කරන්න මොනවාද කරන්න පුළුවන්?’

  2. ආ. හදාගන්න ඕනෙ පැති ආදරෙන්, කෙළින් කියන්න දෙවියන්ගෙන් ධෛර්යය ඉල්ලන්න.

5. දියුණු වෙන්නේ නැති පාඩම් නවත්තන්න.

  1. අ. ශිෂ්‍යයා දියුණු වෙනවාද නැද්ද කියලා තේරුම්ගන්න මේ ගැන හිතන්න.

    • ‘එයා ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නවාද?’

    • ‘එයා රැස්වීම් එනවාද? ඉගෙනගන්න දේවල් වෙන අයට කියනවාද?’

    • ‘කාලයක් තිස්සේ පාඩම කරනවා නම් සාක්ෂිකරුවෙක් වෙන්න එයාට ආසාවක් තියෙනවාද?’

  2. ආ. වෙනස්කම් කරගන්න එයා අකමැති නම් මෙහෙම කරන්න.

    • වෙනස්කම් කරගන්න බැරි ඇයි කියලා හිතලා බලන්න කියන්න.

    • ඔයා පාඩම නවත්තන්නේ ඇයි කියලා කාරුණිකව කියන්න.

    • පාඩම ආයේ කරන්න නම් කරගන්න ඕනෙ වෙනස්කම් ගැන කියන්න.

මේ පදත් බලන්න

ගීතා. 141:5; හිතෝ. 25:12; 27:6; 1 කොරි. 9:26; කොලො. 4:5, 6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න