ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 3/1 24-29 පි.
  • පක්ෂපාතකම—කිනම් මිලකට ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පක්ෂපාතකම—කිනම් මිලකට ද?
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පක්ෂපාතකම ආදර්ශනය කෙරේ
  • කුල දෙටුවෝ පක්ෂපාතකම විදහා පාති
  • ක්‍රිස්තියානි පක්ෂපාතකම
  • පක්ෂපාතකම—කිනම් මිලකට ද?
  • මිලක් නොමැති පක්ෂපාතකම
  • පක්ෂපාතී අය දෙස බලන්න!
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබ පමණක් පක්ෂපාතය”
    යෙහෝවාට ළං වන්න
  • ඔබ පක්ෂපාත විය යුත්තේ කාටද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 3/1 24-29 පි.

පක්ෂපාතකම—කිනම් මිලකට ද?

“පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම . . . දක්වන සේක.”—ගීතාවලිය 18:25 [නව අනුවාදය].

1, 2. (අ) පක්ෂපාතකම යනු කුමක් ද?, ඊට සම්බන්ධ විවිධ පැති අපගේ ජීවිතවලට බලපාන්නේ කෙසේ ද? (ආ) අපගේ කැපී පෙනෙන ආදර්ශය ලෙස යෙහෝවඃ වහන්සේ දෙස බැලීම හොඳ වන්නේ මන්ද?

ඇදහිලිවන්තකම, යුතුකම, ප්‍රේමය, බැඳීම, අවනත භාවය. මෙම වචනවලට පොදු ව තිබෙන්නේ කුමක් ද? මේවා පක්ෂපාතකමේ විවිධ පැති වෙයි. පක්ෂපාතකම වනාහි හෘදයාංගම භක්තියෙන් නික්මෙන දිව්‍ය ගුණාංගයකි. කෙසේ වෙතත්, අද දින බොහෝ දෙනෙකුට පක්ෂපාතකමෙන් අර්ථවත් වන්නේ ඉතා සුළු දෙයකි. විවාහ කලත්තරයෙකුට විශ්වාසවන්ත ව සිටීම, වයසින් වැඩි පවුල් සාමාජිකයන් හට බැඳීම ඉටු කිරිම, සේවකයෙකු තම ස්වාමියාට අවනත වී සිටීම—මේ සියල්ලක් ම සුළු කොට සලකන අතර, බොහෝ විට ප්‍රතිපත්තිමය පාවා දීමක් සිදු කෙරෙයි. එසේම පක්ෂපාතකම දැක්වීම සම්බන්ධයෙන් ඝට්ටනයක් පැන නගින විට සිදුවන්නේ කුමක් ද? මෑතක දී, එංගලන්තයේ එක් ගණකාධිකාරවරයෙකු තම සමාගමේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ව බදු පරික්ෂකයන් හට සත්‍ය පැවසූ විට, ඔහුට තම රැකියාව අහිමි විය.

2 පක්ෂපාතකම ගැන නිකම් කථා කිරීම පහසු දෙයකි, නමුත් සැබෑ පක්ෂපාතකම බියගුලු පාවා දීමක් ඇතුළත් නොවන්නාවූ ක්‍රියා මඟින් සනාථ විය යුතු ය. අසම්පූර්ණ මිනිසුන් ලෙස, අපි බොහෝ විට මේ සම්බන්ධ ව අසමත් වන්නෙමු. පක්ෂපාතකම පිළිබඳ ව සාර්ථක ලෙස ප්‍රශ්නයට භාජනය කළ නොහැකි එක් ආදර්ශයක් අප පරික්ෂා කොට බැලීම හොඳ ය, එනම් යෙහෝවඃ දෙවියන් වහන්සේ ම ය.

පක්ෂපාතකම ආදර්ශනය කෙරේ

3. උත්පත්ති 3:15 සඳහන් ස්වකීය අරමුණ වෙත යෙහෝවඃ වහන්සේ පක්ෂපාතකම ඔප්පු කොට ඇත්තේ කෙසේ ද?

3 ආදම් පව් කළ විට, ඒ වන විටත් නූපන් මිනිස් පවුල බේරා ගැනීමට වූ ස්වකීය අරමුණ යෙහෝවඃ වහන්සේ පැහැදිලි ව ප්‍රකාශ කළ සේක. මෙම ක්‍රියාව සඳහා පදනම වූයේ ස්වකීය මිනිස් මැවිල්ල කෙරෙහි වූ උන් වහන්සේගේ ප්‍රේමයයි. (යොහන් 3:16) නියමිත කාලයේ දී, උත්පත්ති 3:15හි පුරෝකථනය කර තිබූ පොරොන්දු වංශය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මිදීමේ ජීවිත පූජාව බවට තහවුරු වූ අතර, යෙහෝවඃ වහන්සේ ස්වකීය ප්‍රකාශිත අරමුණ පැහැර හැරියා යයි සිතන්නට ඉඩක් නොතිබුණි. යේසුස් වහන්සේගේ ජීවිත පූජාව පිළිගැනීමෙන්, අපගේ ඇදහිල්ල අපේක්ෂාභංගත්වයට පත් නොවනු ඇත.—රෝම 9:33.

4. යෙහෝවඃ වහන්සේ යේසුස් වහන්සේ වෙත පක්ෂපාතකම ඔප්පු කළේ කෙසේ ද? කුමන ප්‍රතිඵල සහිතව ද?

4 යේසුස් වහන්සේ වෙත යෙහෝවඃ වහන්සේ දක්වන පක්ෂපාතකම, ස්වකීය පුත්‍රයාණන් පොළොවෙහි සිටින කාලය තුළ දී බලවත් සේ ශක්තිය ගෙන දෙන්නක් විය. මරණයට මුහුණ දිය යුතු යයි දැන සිටි යේසුස් වහන්සේ, අවසානය වන තුරා සිය දෙවියන් වහන්සේට පක්ෂපාත ව සිටීමට ස්ථීර ලෙස අධිෂ්ඨාන කර ගෙන සිටි සේක. උන් වහන්සේගේ පූර්ව මිනිස් පැවැත්ම පිළිබඳ සම්පූර්ණ දැනුම, උන් වහන්සේගේ බව්තීස්මයේ දී සහ ශුද්ධාත්මය මඟින් ආලේප කරනු ලැබීමේ දී උන් වහන්සේ වෙත එළිදරව් කරන ලදි. ‘ලෝකය තිබෙන්ට පළමුවෙන් යෙහෝවඃ වහන්සේ වෙත තමන් වහන්සේට තිබූ මහිමයෙන් තමන් වහන්සේ ව ගෞරවයට පමුණුවන’ මෙන් උන් වහන්සේ ව පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී යේසුස් වහන්සේ යාච්ඤා කළ සේක. (යොහන් 17:5) මෙය සිදු කිරීමට හැකි වනුයේ කෙසේ ද? ඒ, ස්වකීය පක්ෂපාත පුත්‍රයාණන් මිනී වළේ කුණු වීමට යෙහෝවඃ වහන්සේ විසින් ඉඩ නොහැරීමෙන් පමණි. යෙහෝවඃ වහන්සේ උන් වහන්සේ ව මරණයෙන් අමරණීයත්වයට උත්ථාන කළ අතර, මේ ආකාරයෙන් ගීතාවලිය 16:10 සඳහන් අනාවැකිමය පොරොන්දුව පක්ෂපාත ලෙස ඉටු කළ සේක: “ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරින සේක.—ක්‍රියා 2:24-31; 13:35; එළිදරව් 1:18.

5. යෙහෝවඃ වහන්සේ යේසුස් වහන්සේට දානය කළ පොරොන්දුවලට සම්බන්ධිත වෙනත් පක්ෂපාත ක්‍රියා මොනවා ද?

5 සිය උත්ථානයෙන් පසු ව, මේ අයුරින් ම යේසුස් වහන්සේ, ‘තම සතුරන් තම පාපුටුව කිරීමට’ යෙහෝවඃ වහන්සේගේ වචන මත රඳා සිටීමට තමාට හැකි බව දැන සිටි සේක. (ගීතාවලිය 110:1) ස්වර්ගයේ රාජ්‍යය පිහිටුවීමත් සමඟ ම “අන්‍ය ජාතීන්ගේ කාලවල” නිමාව සිදු වූ 1914 දී, මෙම කාලය එළැඹියේ ය. සිය සතුරන්ට එරෙහි ව පොරොන්දු වී තිබූ යේසුස් වහන්සේගේ ප්‍රභූත්වය, සාතන් සහ ඔහුගේ දූතයන් ව ස්වර්ගයෙන් නෙරපා දැමීමත් සමඟ ම ආරම්භ විණි. ඔවුන් අවුරුදු දහසකට සිර කරනු ලැබ, “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද” විනාශ කරනු ලැබ ඇති විට එය උච්චාවස්ථාවට පත් වනු ඇත.—ලූක් 21:24; එළිදරව් 12:7-12; 19:19; 20:1-3.

6. දෙවියන් වහන්සේ අප වෙත විදහා පා තිබෙන්නේ සහතික කරන ලද කුමන බලාපොරොත්තුව ද, එමෙන් ම, ඒ සඳහා අපට අපගේ අගය කිරීම පෙන්විය හැක්කේ කෙසේ ද?

6 “ස්වමීන් [යෙහෝවඃ වහන්සේ, NW] කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය තට උරුමවන පිණිස උන්වහන්සේ තා උසස්කරනසේක,” යනුවෙන් ගීතිකාකරු උදක් ම ඉල්ලා සිටියේ ය. (ගීතාවලිය 37:34) යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය නොකඩවා ඉටුකරන බවටත් “ස්වකීය මාර්ගය රක්ෂා කරන” මනුෂ්‍යන් ව, ස්ත්‍රීන් ව, සහ දරුවන් ව මේ දුෂ්ට ලෝකයේ අවසානය තුළින් ආරක්ෂා කරන බවටත් අපට නිසැක විය හැකියි. මෙහි මුල් හෙබ්‍රෙව් භාෂාවේ සංක්ෂිප්ත අදහසින් පෙන්වන්නේ, යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී උද්‍යෝගය හා විශ්වාසවන්ත බව දැක්වීම යන්න ය. එම නිසා, සේවය තුළ වෙහෙස මහන්සි බව දැනීමට හෝ අපට පැවරෙන සේවා වරප්‍රසාදයන් ඉවත දැමීමට මෙය කාලය නොවේ. අපගේ දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ රාජ්‍යයේ පක්ෂපාතී සේවයේ දී අප ම දැඩි ප්‍රයත්නයක් දැරීමට කාලය මෙයයි. (යෙසායා 35:3, 4) අප ව දිරිගැන්වීමට කදිම ආදර්ශයන් තිබේ. මේවායින් සමහරක් අපි සලකා බලමු.

කුල දෙටුවෝ පක්ෂපාතකම විදහා පාති

7, 8. (අ) යෙහෝවඃ වහන්සේ නෝවා සහ ඔහුගේ පවුල වෙත කිනම් කාර්ය පැවරුමක් දුන් සේක් ද? (ආ) ලෝක ව්‍යාප්ත ජලගැල්මේ දී දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබීමට තමන් වටිනා බව නෝවා සහ ඔහුගේ පවුල ඔප්පු කළේ කෙසේ ද?

7 මහා ජල ගැල්මක් මඟින් දුෂ්ට මිනිස් සමාජයක් විනාශ කිරීමට යෙහෝවඃ වහන්සේ අරමුණු කළ විට, කුල දෙටු පවුලේ ප්‍රධානියා වූ නෝවා සහ ඔහුගේ පවුල ආරක්ෂා කර පොළොව මත ජීවිතය නොකඩවා පැවතීම සඳහා, උන් වහන්සේ ඔහු සමඟ ගිවිසුමක් කළ සේක. (උත්පත්ති 6:18) දිව්‍ය ආරක්ෂාවේ අපේක්ෂාව සම්බන්ධයෙන් නෝවා කෘතඥ පූර්වක වූ නමුදු, එය ලැබීමට තමන් වටිනා බව ඔහුට සහ ඔහුගේ පවුලට ඔප්පු කිරීමට සිදුවිණි. කෙසේ ද? යෙහෝවඃ වහන්සේ අණ කළ දෙය කිරීමෙන් ය. පළමුවෙන් ඔවුන් ඉදිරියේ තිබුණේ නැව සෑදීමේ අති භාරදූර කටයුත්තයි. එය අවසන් වූ විට, සත්ත්ව ලෝකයේ නියෝජිතයන්ගෙන් හා දිගු කාලයකට ඔවුනට අවශ්‍ය ප්‍රමාණවත් ආහාරවලින් එය පිරවීමට නෝවාට තිබිණි. නමුත් වැඩය වූයේ එපමණක් නොවේ. පෙර සූදානම් වීමේ දීර්ඝ කරන ලද කාලය තුළ දී, පැමිණෙන්නට යන දිව්‍ය විනිශ්චය පිළිබඳ අනතුරු අඟවමින්, පෙර නොවූ විරූ දේශනා වැඩයක තමාට හැකි සියල්ල ම නෝවා කරමින් සිටියේ ය.—උත්පත්ති, 6 සහ 7 වෙනි පරිච්ඡේද; 2 පේතෘස් 2:5.

8 “නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.” යනුවෙන් බයිබලය අපට පවසයි. (උත්පත්ති 6:22; 7:5) නෝවා සහ ඔහුගේ පවුල පැවරුම ඉටු කිරීමේ දී තම පක්ෂපාතකම ඔප්පු කළෝ ය. ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුව හේතුකොටගෙන ඔවුන්ගේ කාලය ඵලදායි අන්දමින් ගත විය, නමුත් වැඩය අමාරු විය, දේශනා කිරීම අසීරු විය. ජලගැල්මට පෙර, නෝවාගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ භාර්යාවන් දරුවන් බිහි නොකිරීම හේතුවෙන්, තමන්ට පැවරී තිබූ වැඩය ගැන මුළු අවධානය යොමු කිරීමටත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සහයෝගයෙන් කිරීමටත් පහසු විය. එම විනාශකාරී ජලගැල්ම, දුෂ්ට ලෝකයකට යුක්ති සහගත නිමාවක් ගෙනායේ ය. බේරී ජීවත් වූයේ, නෝවා, ඔහුගේ භාර්යාව, සහ පුත්‍රයන් තිදෙනා සහ ඔවුන්ගේ ලේලිවරුන් තිදෙනා පමණි. අප සෑම කෙනෙකු ම නෝවා තුළින් ෂෙම්, හාම් හෝ යපෙත්ගෙන් කෙළින් ම පැවතෙන නිසා, ඔවුන් දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ මඟ පෙන්වීමටත් පක්ෂපාතව සිටීම ගැන අප සෑම කෙනෙකුට ම සතුටු විය හැක.—උත්පත්ති 5:32; 1 පේතෘස් 3:20.

9. (අ) යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම් ව පරීක්ෂා කිරීම, ඔහුගේ පක්ෂපාතකමේ පරීක්ෂණයක් වූයේ කෙලෙස ද? (ආ) මෙහි දී ඊසාක් තම පක්ෂපාතකම විදහා පෑවේ කෙසේ ද?

9 ආබ්‍රහම් ඊසාක් ව පූජාවක් වශයෙන් ඔප්පු කිරීමට සූදානම් වූ විට, ඔහු යෙහෝවඃ වහන්සේගේ ආඥාවට විශ්වාසවන්ත කීකරුකමින් යුතුව ක්‍රියා කරමින් සිටියේ ය. එය ඔහුගේ පක්ෂපාතකම මොනතරම් පරීක්ෂණයකට පත් කළා ද! එහෙත්, යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම්ගේ අත නවත්වා මෙසේ පැවසූ සේක්: “නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන් වහන්සේට [සැබවින් NW] භයවෙන බව දැන් දනිමි.” එහෙත් මේ සිද්ධියට පෙර සිදු වූ දේවල් ගැන අප මදක් කල්පනා කර බැලීම හොඳ ය. මොරියා කන්දට ගමන් කළ දින තුන ඇතුළත, දේවල් ගැන සිතා බලා තම මනස වෙනස් කිරීමට ආබ්‍රහම් හට ඇති තරම් කාලය තිබූ බවට කිසිදු සැකයක් නැත. පූජාව සඳහා දර රැගෙන ගියා වූ, තමාගේ ම අත් පා බැඳීමට ඉඩ දුන්නාවූ ඊසාක් ගැන කුමක් කිව හැකි ද? තම පියා වූ ආබ්‍රහම්ට දැක්වූ අවනත භාවයේ දී ඔහු පැකිලුණේවත්, තම පක්ෂපාතකම හේතුවෙන් තමාගේ ජීවිතය පවා නැති වන්නට යන බවට පෙනෙන්නට තිබුණ ද තමාට කරන්නට තිබූ දේ ගැනවත් ඔහු ප්‍රශ්න කළේ ද නැත.—උත්පත්ති 22:1-18; හෙබ්‍රෙව් 11:17.

ක්‍රිස්තියානි පක්ෂපාතකම

10, 11. මුල් ක්‍රිස්තියානින් පක්ෂපාතකම සම්බන්ධයෙන් සපයන්නේ කුමන ආදර්ශයන් ද?

10 යෙහෝවඃ වහන්සේ සෑම විට ම සැබෑ පක්ෂපාතකමින් ක්‍රියා කර තිබෙන සේක. “දෙවියන් වහන්සේ ව අනුකරණය කරන්නෝ වන්න” යනුවෙන් පාවුල් උදක් ම ඉල්ලා සිටියි. (එපීස 5:1, 2, NW) කුල දෙටුවන් ප්‍රතිචාර දැක්වූවාක් මෙන් ම, ක්‍රිස්තියානින් ද ප්‍රතිචාර දැක්වීමට තිබිණි. මීළඟ අත් දැකීම පෙන්නුම් කරන්නාක් මෙන්, මුල් ක්‍රිස්තියානිහු පක්ෂපාත නමස්කාරයේ දී කදිම ආදර්ශයන් තැබූහ.

11 කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ පියා වූ රෝම අධිරාජ්‍යය පළමු වන කොන්ස්ටන්ටියුස් හට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් කෙරෙහි ගැඹුරු ගෞරවයක් තිබූ බවට පෙනෙන්නට තිබිණි. තමාගේ මාලිගාවට සම්බන්ධිත ක්‍රිස්තියානින්ගේ පක්ෂපාතකම පරීක්ෂණයට භාජනය කරනු වස්, තම සේවය තුළ ඔවුන්ට රැඳී සිටිය හැක්කේ, රූපවලට පූජාවන් ඔප්පු කිරීමට ඔවුන් එකඟ වුවහොත් පමණක් බවට ඔහු ඔවුන් හට පැවසුවේ ය. එය ප්‍රතික්ෂේප කළහොත් සේවයෙන් පහ කරනු ලැබීමත් ඔහු විසින් පළි ගනු ලැබීමට ලක් වනු ඇති බවත් ඔවුන්ට පවසන ලදි. මෙම සරල උපක්‍රමය මගින්, කොන්ස්ටන්ටියුස්ට වුවමනා වූයේ, තමන්ගේ පක්ෂපාතකම කිසිවිටෙක පාවා නොදෙන අය ව හඳුනාගැනීමටයි. දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ ප්‍රතිපත්තිවලටත් පක්ෂපාතකම ඔප්පු කළ අය ව අධිරාජ්‍යයාගේ සේවය තුළ රඳවා ගනු ලැබූ අතර, සමහරු විශ්වාසවන්ත උපදේශකයන් බවට පවා පත් වූහ. දෙවියන් වහන්සේගේ ආඥාවලට අපක්ෂපාත වූ අය ව නින්දිත ලෙස සේවයෙන් පහ කරන ලදි.

12. ක්‍රිස්තියානි අවේක්ෂකයන් පක්ෂපාතකම විදහා පෑ යුත්තේ කෙසේ ද, එමෙන් එය සභාවේ සුභසාධනයට අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

12 පක්ෂපාතකම සියලු ක්‍රිස්තියානින්ගේ ජීවිතවල පිළිබිඹු විය යුතු නමුදු, ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වීමට අවශ්‍ය කරන ගුණාංග ගැන සඳහන් වි ඇති ලැයිස්තුවේ තීතස් 1:8 හි පක්ෂපාතකම විශේෂයෙන් සඳහන් කොට තිබේ. “පක්ෂපාතකම” ලෙස මෙහි පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනය වන හෝ’සි-ඔස් මඟින් විස්තර කෙරෙන්නේ “මිනිසා සෑදූ ඕනෑම නීතියකට පෙර පැවතුනා වූ සහ පවතින්නා වූ සදාකාලික නීතිවලට කීකරු වන මිනිසා” බව විලියම් බාක්ලේ පවසයි. දේව නීතිවලට කීකරු වීම සම්බන්ධයෙන් වැඩිමහල්ලන් එවැනි පක්ෂපාතී ස්ථාවරයක් ගැනීම අත්‍යවශ්‍ය ය. මෙම නිවැරදි ආදර්ශය, සභාවක් වශයෙන් වර්ධනය වීමටත්, සභාවට ම සමස්තයක් වශයෙන් හෝ එහි සමාජිකයන්ට පුද්ගලයන් වශයෙන් ඒ වෙත තර්ජනය කරන්නා වූ පරීක්ෂණයන් සහ පීඩනයන් හමුවේ ශක්තිමත් ව සිටීමටත් උපකාරවත් වනු ඇත. (1 පේතෘස් 5:3) “ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ” වීමට සභාවට අනුශාසනා කරනු ලැබ ඇති හෙයින්, තමන් යෙහෝවඃ වහන්සේට දක්වන පක්ෂපාතකම කිසිවිටෙකත් පාවා නොදීම සම්බන්ධයෙන් පත් කරන ලද වැඩිමහල්ලන්ට සභාව වෙත මහත් වගකීමක් තිබේ.—හෙබ්‍රෙව් 13:7.

පක්ෂපාතකම—කිනම් මිලකට ද?

13. “සියලු මිනිසුනට තමාගේ මිල තිබේ” යන න්‍යායෙන් අදහස් කරන්නේ කුමක් ද, මෙය සනාථ කරන උදාහාරණයන් මොනවාද?

13 “සියලු මිනිසුනට තමාගේ මිල තිබේ” යන්න 18වෙනි සියවසේ අගමැතිවරයෙකු වූ ආචාර්ය රොබට් වොල්පෝල්ට ආරූඪ කරන ලද ප්‍රත්‍යක්ෂ න්‍යායකි. ඉතිහාසය පුරා වූ පක්ෂපාතීත්වයන් ආත්මාර්ථකාමි වාසි ප්‍රයෝජන උදෙසා බොහෝ විට විකුණා ඇති බවට වූ කරුණ මේ කියමනෙන් මනාව කැටි කොට දක්වයි! හෙන්රි ෆිලිප්ස් නැමැත්තා තමාගේ පක්ෂපාතී මිතුරෙකු යයි වැරදි ලෙස පිළිගත් බයිබල් පරිවර්තක විලියම් ටින්ඩෙල් ගැන සලකා බලන්න. වර්ෂ 1535 දී ෆිලිප්ස් ද්‍රෝහි ලෙස ටින්ඩේල් ව තම සතුරන්ට පාවා දුන් අතර, එය ටින්ඩේල් ව හදිසියේ ම සිර ගත කරනු ලැබීමටත් ඔහුගේ අකල් මරණයටත් තුඩු දුන්නේ ය. පැහැදිලි ව ම එංගලන්ත රජුගේ හෝ එංගලන්ත කතෝලිකයන්ගේ නියෝජිතයෙකු වූ ෆිලිප්ස් හට “තම ජූදාස්-ක්‍රියාවට හොඳින් ගෙවනු ලැබී” යයි එක් ඉතිහාසඥයෙක් පවසයි. ඇත්ත වශයෙන් ම, මෙහි දි මෙම ඉතිහාසඥයා යොමු දක්වමින් සිටියේ, යේසුස් වහන්සේ ව පාවා දී ඊට මිල වශයෙන් රිදී කාසි 30ක් ලබා ගත්තා වූ යූදස් ඉස්කාරියොත්ට ය. කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ පක්ෂපාතකම සඳහා ගෙවනු ලබන “මිලය” සැම විට ම මුදල් යයි අප මෙම උදාහරණවලින් නිගමනය නොකළ යුතු ය. එය එසේ නොවේ.

14. යෝසෙප් යෙහෝවඃ වහන්සේට දැක් වූ පක්ෂපාතකම පරික්ෂණයට භාජනය වූයේ කෙසේ ද, එමෙන් ම කුමන ප්‍රතිඵල ඇතිව ද?

14 “[ඈ] සමඟ සයනය කරන” මෙන් පොතිඵර්ගේ භාර්යාව යෝසෙප්ට ඇවටිලි කළ විට, යෙහෝවඃ වහන්සේට ඔහු දැක් වූ පක්ෂපාතකම පරීක්ෂණයට භාජනය විණි. ඔහු කුමක් කරනු ඇත් ද? මෙතැන දී අදාළ වන ප්‍රතිපත්ති එවිටමත් පැහැදිලි ව මනසින් තේරුම් ගෙන සිටි යෝසෙප්, තමා කිසි විටෙකත් “මේ මහත් දුෂ්ටකම කර ඇත්තෙන් ම දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කරන්නේ නැති” බවට අධිෂ්ඨාන කර ගනිමින් නිවසින් පිටතට පලා ගියේ ය. යෝසෙප්ගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේ වෙත ඔහුගේ පක්ෂපාතකම බිඳින්නට ලිංගික වින්දනයක අපේක්ෂාවට නොහැකි විය.—උත්පත්ති 39:7-9, NW.

15. අබ්සලොම් අපක්ෂපාතකම විදහා දැක්වූයේ කෙසේ ද, එමෙන් ම ඇති වූ ප්‍රතිඵලය කුමක් වී ද?

15 එහෙත්, වෙනත් අන්තරායන් ද තිබේ; කීර්තියට පැමිණීමේ අභිලාෂය පක්ෂපාතකම දුබල කිරීමට පුළුවන. සිය පියා වූ දාවිත් රජුට එරෙහි ව අබ්සලොම් ගැසූ කැරැල්ලේ චේතනාවේ පිටුපස වූයේ එයයි. ප්‍රයෝගකාරී ලෙස කූටෝපාය යෙදීමෙන්, අබ්සලොම් මිනිසුන්ගේ හොඳ හිත දිනා ගැනීමට උත්සාහ කළේ ය. අවසානයේ දී, තම පියාගේ පක්ෂපාත සහයකයන්ට එරෙහිව ගැටීමට ඔහු හමුදාවක් ඇති කළේ ය. අබ්සලොම් තම පියා වූ දාවිත් හට දැක් වූ අපක්ෂපාතකම යෝවාබ් අතින් සිදු වූ ඔහුගේ මරණයෙන් නිමාවට පත් විය, නමුත් දිව්‍යාණ්ඩු විධිවිධානය පෙරලීමට උත්සාහ කිරීමෙන් ගෙවන්නට වූ මිලය මොනතරම් වී ද!—2 සාමුවෙල් 15:1-12; 18:6-17.

මිලක් නොමැති පක්ෂපාතකම

16. සාතන්ගේ චේතනාවන් ගැන 2 කොරින්ති 11:3හි හෙළි කරන්නේ කුමක් ද?

16 සෑම කෙනෙකුට ම තමාගේ මිලය තිබේ යැයි සාතන් කියා සිටිය ද, එමෙන් ම අබ්සලොම් සම්බන්ධයෙන් මෙය සැබෑ වූව ද, එය යෝසෙප් සම්බන්ධ ව සත්‍යයක් නොවීය, තවද යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත නමස්කාරකයන් සම්බන්ධයෙන් මෙය කිසිදා සත්‍යයක් වී නොමැත. කෙසේ වෙතත්, අපගේ මැවුම්කාරයාණන්ට ඇති අපගේ පක්ෂපාතකම අප ලවා බිඳීමට සාතන් ඕනෑම දෙයක් ඉදිරිපත් කරනු ඇත. “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් . . . යම් විධියකින්” යෙහෝවඃ වහන්සේට අප දක්වන පක්ෂපාතකම සහ උන් වහන්සේට අප කරන නමස්කාරය පාවා දීමට තුඩු දෙන ලෙස අපගේ සිතිවිලි දූෂණය වේවි යයි යන බියක් පාවුල් පළ කර සිටියේ ය.—2 කොරින්ති 11:3.

17. සමහරුන් මිල කළ නොහැකි සේවා වරප්‍රසාදයන් විකුණා ඇත්තේ කුමකට ද?

17 අප අපගෙන් ම මෙසේ ඇසීම සුදුසු ය: ‘මගේ මැවුම්කාරයාණන් හට පක්ෂපාත ව නමස්කාර කිරීමට මා හට ලැබී ඇති වරප්‍රසාදය හුවමාරු කොට මා ලබා ගන්නට යන මොනයම් මිලක් තිබේ ද?’ යෝසෙප් මෙන් නොව, යෙහෝවඃ වහන්සේට කැප වූ සේවකයන්ගෙන් සමහරක් ඉතා ස්වල්ප දෙයක් මේ සඳහා හුවමාරු කිරීමට කැමති වී තිබීම කනගාටුවට කරුණකි. සමහර වැඩිමහල්ලන් පවා පරිශුද්ධ සේවයේ තම මිල කළ නොහැකි වරප්‍රසාදයන්, දුරාචාර කාමුක සතුටේ වින්දනයන් උදෙසා විකුණා තිබේ. වැඩිමහල්ලන් වුවත් නැතත්, මෙය කරන්නා වූ බොහෝ දෙනෙක් පවුලේ එක්සත්කම, සභාවෙන් ලද ප්‍රේමය සහ ගෞරවය, සාතන්ගෙන් පැමිණෙන ඕනෑම පරීක්ෂාවකට විරෝධය පෑම පක්ෂපාතකම පවත්වා ගැනීමටත් අවශ්‍ය එම ශක්තිය දීමට හැකි එකම තැනන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේගේ අනුමැතිය, යන මේ සියල්ල නැවත ලබා ගැනීමට බැරි වෙන ලෙසින් නැති කර ගෙන සිටිත්.—යෙසායා 12:2; පිලිප්පි 4:13.

18. පළමු වන තිමෝති 6:9, 10හි සඳහන් අනතුරු ඇඟවීමට කීකරුවීම වැදගත් වන්නේ මන් ද?

18 අභිලාෂී අධිෂ්ඨානයෙන් යුතු ව ලෞකික ලුහුබැඳීම් පසු පස්සේ හඹා ගිය වෙනත් අය බයිබලයේ පැහැදිලි අනතුරු ඇඟවීමට එරෙහි ව සිට, “බොහෝ වේදනාවලින් තුමූම [සහමුලින්ම NW] ඇන” ගෙන සිටිත්. (1 තිමෝති 6:9, 10) පාවුල් විසින් සඳහන් කරන ලද ක්‍රිස්තියානියෙකු වූ දේමස්, තාවකාලික ව හෝ සදහට ම මේ දේ සම්බන්ධව තම පක්ෂපාතකම බිඳ ගත්තේ ය. (2 තිමෝති 4:10) යෙහෝවඃ වහන්සේට ඇති පක්ෂපාතකම පාවාදුන්නහොත් විපත්තිදායක ප්‍රතිඵලවලින් තොරව සිටින්නට කිසි දා නොහැක. “දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.”—ගලාති 6:7.

19, 20. (අ) පමණට වඩා රූපවාහිනි නැරඹීම සමඟ මුසුව ඇති සමහරක් අන්තරායන් මොනවා ද? (ආ) එක් සාක්ෂිකාර පවුලක් තැබූ ආදර්ශය කුමක් ද?

19 සමහර අවස්ථාවල දී, කේවල් කරන මිල ඉතා කපටි ක්‍රමයක් තුළ දක්නට තිබෙයි. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයෙන් පැමිණෙන වාර්තාවක පැවසෙන්නේ, බොහෝ පවුල් තමන් නිවසේ අවදියෙන් සිටි කාලයෙන් අඩක් පමණ ම ගත කොට ඇත්තේ රූපවාහිනිය නැරඹීමෙන් බවත් විශේෂයෙන් මේ සඳහා යෞවනයන් ඇබ්බැහි වී සිටි බවත් ය. යමෙක් රූපවාහිනියේ පෙන්වනු ලබන ලිංගික හා සැහැසි ක්‍රියා ඇතුළත් වැඩ සටහන්වලින් මූලික වශයෙන් තම මනස පුරවයි නම් ඉතා ඉක්මනින් ඔහු තම ක්‍රිස්තියානි ප්‍රතිපත්ති කෙමෙන් කෙමෙන් දුර්වල කර ගනු ඇත. මෙය පහසුවෙන් ඔහු ව යෙහෝවඃ වහන්සේගෙන් ඈත් කොට උන් වහන්සේට අපක්ෂපාත වීමට හේතු කරවිය හැකි ය. එවැනි නපුරු ආශ්‍රයන් හොඳ චරිත නරක් කරනවාමයි. (1 කොරින්ති 15:33) යෙහෝවඃ වහන්සේගේ වචනය අධ්‍යයනය කොට මෙනෙහි කිරීමට අප කාලය ගත යුතු යයි ශුද්ධ ලියවිලි අපට අවවාද කරන බව අප අමතක නොකළ යුතුයි. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත නමස්කාරයෙකු වශයෙන් සදාකාල ජීවනය ලැබීමට තුඩු දෙන්නා වූ දැනුම ලැබීමට කාලය පාවිච්චි කළ හැකි ව තිබිය දී, රූපවාහිනි තිරයක් ඉදිරිපිට සැප පහසු ලෙස වාඩි වී බොහෝ වේලාවක් කාලය ගත කිරීම සාධාරණ ද? අද දින සත්‍යය දැන ගැනීමට පැමිණෙන බොහෝ දෙනාට මේ සම්බන්ධ ව තම සිතිවිලිවල මහත් සේ යළි සකස් කිරීම් ඇති කිරීමට සිදු ව තිබේ.—1 තිමෝති 4:15, 16; 2 තිමෝති 2:15.

20 ටකාෂි එංගලන්තයේ ජීවත් වෙන ජපන් ජාතික ව්‍යාපාරිකයෙකි. බොහෝ සැන්දෑවල තමාගේ පවුල සමඟ රූපවාහිනිය නැරඹීමට හේ පැය තුනක් හෝ හතරක් ගත කළේ ය. වසර තුනකට පෙර ඔහු සහ ඔහුගේ භාර්යාව බව්තීස්ම වූවායින් පසු, පුද්ගලික හා පවුලේ බයිබල් පාඩම ප්‍රමුඛත්වයක් ගත යුතු බවට ඔහු අදිටන් කර ගත්තේ ය. දිනකට රූපවාහිනිය නරඹන සාමාන්‍ය කාලය මිනිත්තු 15 සිට 30 දක්වා අඩු කර ගැනීම මඟින්, ඔහු පවුල තුළ කදිම පෙරමුණක් ගත්තේ ය. ඉංග්‍රීසි සහ ජපන් භාෂාවලින් බයිබල් දෙකක් භාවිතා කරමින් පාඩම් කිරීමට ටකාෂිට සිදු වුව ද, ඔහුගේ ආත්මික වර්ධනය සීඝ්‍ර වී ඇති අතර, අද ඔහු ඉංග්‍රීසි භාෂාව භාවිතා වන සභාවක උපස්ථායක සේවකයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ භාර්යාව උපකාරීක පුරෝගාමි සේවයේ යෙදී සිටින්නී ය. ඔහු මෙසේ පවසයි: “අපගේ යෞවන පිරිමි දරුවන් දෙදෙනාගේ ආත්මිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මා සහ මගේ භාර්යාව රූපවාහිනියෙන් කුමක් නැරඹීමට ඔවුන් හට ඉඩ හරිනවා ද යන්න ගැන මම සෑම දවසක ම සුපරික්ෂාවෙන් සිටිමි.” එවන් ස්වයං-හික්මවීමක් විපාකදායක ය.

21. සාතන්ගේ උපායන් ගැන අප දන්නේ මොනවා ද, එමෙන් ම අපට අපව ම ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද?

21 මේ ගැන අපට ස්ථිර විය හැක: සාතන් අපගේ දුර්වලකම් ගැන දනී, සමහරවිට අප ම ඒ ගැන දන්නවාටත් වඩා හොඳින් දනී. යෙහෝවඃ වහන්සේට ඇති අපගේ පක්ෂපාත භාවය දුර්වල කිරීමට හෝ එය අප විසින් පාවා දීමකට ලක් කිරීමට ඔහු උත්සාහ කරන විට, කිසිවකින් ඔහු නවතින්නේ නැත. (මතෙව් 4:8, 9 සසඳන්න) එසේ නම්, අපට අපව ම ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ ද? අපගේ කැපවීම අප ඉදිරියේ නිරතුරුව ම තබා ගනිමින්, අන්‍යයන්ගේ ආත්මික අවශ්‍යතා සම්බන්ධයෙන් අප සේවය කරන විට දක්ෂකම් වැඩි දියුණු කිරීමේ ලා සතුට ලැබීමෙනි. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන් වශයෙන්, අප උන් වහන්සේගේ සේවය තුළ කඩිසර ව සිටිය යුතු අතර, උන් වහන්සේගේ ශුද්ධ වචනය මඟින්, සෑම මොහොතක දී ම මග පෙන්වීම් ලැබිය යුතු ය. දෙවියන් වහන්සේට ඇති අපගේ පක්ෂපාතකමෙන් අප ව ඉවත ඇද දැමීමට සාතන් කවර කලෙක ඉදිරිපත් කරන්නා වූ කවර මිලකටවත් නොහැකි ය යන වූ අපගේ ස්ථිර අධිෂ්ඨානයට මෙය මහෝපකාරී වනු ඇත.—ගීතාවලිය 119:14-16. w90 8/15

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?

◻ යෙහෝවඃ වහන්සේ සහ යේසුස් වහන්සේ පක්ෂපාතකම පෙන්වා ඇත්තේ කෙසේ ද?

◻ පක්ෂපාතකම සම්බන්ධ වෙනත් බයිබල් ආදර්ශයන් මොනවා ද?

◻ සාතන් අපට ඉදිරිපත් කළ හැක්කේ හෝ කිරීමට යත්න දැරිය හැක්කේ කුමක් ද?

◻ යෙහෝවඃ වහන්සේට කරන අපගේ නමස්කාරයේ දී පක්ෂපාත ව සිටීමට අපව ම ශක්තිමත් කර ගැනීමට අපට හැක්කේ කෙසේ ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න