බලයලත් මුලාදෑනීන්ගේ කාර්යභාරය
“නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භය වෙයන්න”—රෝම 13:4.
දැනට වසර දෙකකට පෙරාතුව ලන්ඩනයේ බිෂොප්වරුන්ගේ රැස්වීමක් න යෝක් පෝස්ට් හි කුපිත වූ කතුවැකියක් පෙළඹ වී ය. එම රැස්වීම වනාහී, රෙපරමාදු සභාවට අයත් බිෂොප්වරුන් 500 කට වැඩි පිරිසක් සහභාගී වූ ලැම්බත් සම්මන්ත්‍රණය ය. එම කුපිත කරවීම, සම්මන්ත්‍රණය, “අන් සියලු ක්‍රම පාවිච්චි කිරීමෙන් පසු, යුක්තිය සඳහා ඇති එක ම ක්‍රමය ලෙස අවි අරගලයේ ක්‍රමය තෝරා ගත් අය” සම්බන්ධ එහි වැටහීම ප්‍රකාශ කරන්නා වූ ප්‍රඥාප්තියක් සම්මත කරවා ගැනීමෙන් පසු අවදි කරවනු ලැබී ය.
2 එම පෝස්ට් පුවත් පත, මෙය ඇත්ත වශයෙන් ම, ත්රස්තවාදයේ තහවුරු කිරීමක් වී යැයි ද පැවසී ය. කෙසේ නමුත්, බිෂොප්වරුන් හුදෙක් වර්ධනය වන්නා වූ නැඹුරුවාවක් අනුගමනය කරමින් සිටියාහ. ඔවුන්ගේ ආකල්පය, අප්‍රිකාව මුදා ගැනීමට ඇති ඉක්මන් ම, නිසැක ම, හා ආරක්ෂිත ම ක්‍රමය ගරිල්ලා සටන් යැයි නිර්දේශ කළ ඝානාවේ කතෝලික පූජකයන්ගෙන්; නැතහොත් “අවසානය දක්වා ම විමුක්ති සටන” කරගෙන යාමට පොරොන්දු දුන් අප්‍රිකානු මෙතෝදිස්ත බිෂොප්වරුන්ගෙන්; එසේත් නැතහොත් විප්ලවකාරීන් සමඟ ආසියාවේ මෙන් ම දකුණු අප්‍රිකාවේ ස්ථාපිත ආණ්ඩුවලට එරෙහි ව සටන් කර ඇත්තා වූ ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ මිෂනාරිවරුන්ගෙන් හෝ වෙනස් නොවූයේ ය.
සැබෑ ක්‍රිස්තියානීන් ‘මුලාදෑනීන්ට විරුද්ධ’ නොවෙති
3 පළමු ශත වර්ෂයේ, යේසුස් වහන්සේ සිය අනුගාමිකයින් සම්බන්ධයෙන් පැවසුවේ: “මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති” නැත කියා ය. (යොහන් 17:14) විප්ලවයක් පොළඹවන්නා වූ ක්‍රිස්තියානි යයි කියා ගන්නා ඕනෑ ම කෙනෙක් බොහෝ දුරට ලෝකයේ කොටසක් වන්නේ ය. හෙතෙම යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන්නේ නැත; එසේ ම “බලයලත් මුලාදෑනීන්ට යටත්” වන්නේ ද නැත. (රෝම 13:1) හෙතෙම, “මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය” යන, ප්‍රේරිත පාවුල්ගේ අනතුරු ඇඟවීමට ඇහුම්කන් දීම වඩා යහපත් වනු ඇත.—රෝම 13:2.
4 ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ දෙනෙකුට වෙනස් ව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවනට අවිගත් සැහැසියාව සමඟ සබඳකමක් නැත්තේ ය. යුරෝපයේ මනුෂ්‍යයෙක් මෙය සොයා ගති. ඔහු ලියනුයේ: “ආගම හා දේශපාලනය නිපදවා ඇති දෙය දැකීමෙන්, මා ස්ථාපිත සමාජයීය පිළිවෙළ බලෙන් පහකරන්නට කැප වූයෙමි. මා ත්‍රස්තවාදී කණ්ඩායමකට බැඳී සියලු ආකාරයේ අවි පාවිච්චි කිරීමට පුහුණුව ලදිමි; මා අවිගත් සොරකම් ගණනාවක හවුල් වූයෙමි. මාගේ ජීවිතය නිතර අන්තරායෙහි පැවතින. කාලය ගෙවී යත් ම, අප පරාජය වන්නා වූ සටනක් කරමින් සිටින බව පැහැදිලි විය. මා ජීවිතයේ පූර්ණ බලාපොරොත්තු රහිත භාවයකින් පරාජයට පත් කරන ලද, කලකිරුණ තැනැත්තෙක් වූයෙමි. එවිට සාක්ෂිකාරියක් අපගේ දොරට තට්ටු කළා ය. ඇය දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ව මට පැවසුවා ය. එය මාගේ කාලය අපතේ හැරීමකැයි තරයේ කියා සිටිමින්, මාගේ භාර්යාවට, සවන් දෙන ලෙස යෝජනා කළෙමි. ඇය එසේ කළ අතර නිවාස බයිබල් පාඩමක් ආරම්භ විය. අවසානයේ පාඩමට සහභාගී වීමට මා එකඟ වීමි. මනුෂ්‍ය වර්ගයා නපුර කරා පොළඹවන බලවේගය තේරුම් ගැනීමෙන් මට දැනුන සහනය වචනයෙන් කියා නිම කළ නොහැකි ය. ආශ්චර්යමත් වූ රාජ්‍යය පොරොන්දුව මට ස්ථීර බලාපොරොත්තුවක් හා අරමුණක් ඇති ජීවිතයක් පිරිනමා ඇත්තේ ය.”
5 ක්‍රිස්තියානීන් දෙවියන් වහන්සේගේ මෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෝ නැතහොත් රාජ්‍යය දූතයෝ වන්නාහ. (යෙසායා 61:1, 2; 2 කොරින්ති 5:20; එපීස 6:19, 20) එබැවින් ඔවුන් මේ ලෝකයේ ආරවුල් සම්බන්ධයෙන් මධ්‍යස්ථ ව සිටින්නාහ. සමහරක් දේශපාලන ක්‍රම වෙනත් ඒවාට වඩා ආර්ථික වශයෙන් වඩාත් සඵල බව එමෙන් ම සමහරක් ඒවා වෙනත් ඒවාට වඩා වැඩි නිදහසක් පිරිනමන බව, පෙනෙතත්, ක්‍රිස්තියානීන් එක් ක්‍රමයකට අනික අභිබවා අනුග්‍රහ දක්වන්නේ හෝ තත්ත්ව ගත කරන්නේ හෝ නැත. ක්‍රම සියල්ලක් ම අසම්පූර්ණ බව ඔවුහු දනිති. ස්වකීය රාජ්‍යය, කටයුතු පවරා ගන්නාතෙක් මේවායේ පැවැත්ම “දෙවියන්වහන්සේගේ නියෝගය” වන්නේ ය. (දානියෙල් 2:44) එබැවින්, ක්‍රිස්තියානීන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් අන්‍යයන්ගේ සදාකාලික ශුභසාධනය පොළඹවන අතර බලයලත් මුලාදෑනීන්ට සාමකාමී ව යටත් ව සිටිති.—මතෙව් 24:14; 1 පේතෘස් 3:11, 12.
නීතියට කීකරු වීම
6 ජාතික ආණ්ඩු නීති ක්‍රම පනවන අතර මෙම නීතිවලින් වැඩි ප්‍රමාණයක් හොඳ ය. “මුළු ලෝකයා නපුරා තුළ” බවට වූ පරිසිද්ධිය කල්පනා කිරීමේ දී, මෙය අප පුදුමයට පත් කළ යුතු ද? (1 යොහන් 5:19) නැත, යෙහෝවඃ වහන්සේ අපගේ ආදි පියා වන ආදම්ට හෘදයසාක්ෂියක් දුන් අතර වැරැද්ද හා නිවැරැද්ද පිළිබඳ වූ මෙම සහජ හැඟීම මනුෂ්‍ය නීතිවල ආකාර බොහොමයකින් විද්‍යාමාන වන්නේ ය. (රෝම 2:13-16) පුරාතන බබිලෝනීය නීතිදායකයෙක් වන හමුරාබි, සිය නීති සංග්‍රහය පහත දැක්වෙන ලෙසින් සංඥාපනය කළේ ය: “ඒ කාලයේ [ඔවුන්] හමුරාබි නම්, භක්තිමත්, දේව භයැති කුමාරයෙක් වන මා, දේශයේ යුක්තිය පවතින පිණිස, දුෂ්ටයන් හා නපුර විනාශ කිරීමට, බලවත් අය දුර්වලයින් කෙරෙහි පීඩනයක් නොපවත්වනු පිණිස, ජනයාගේ ශුභසිද්ධිය පෙළඹවීමට නම් කළාහ.”
7 ආණ්ඩු බොහොමයක් සිය නීතිවල අරමුණ සමානාකාර යැයි, එනම්: පුරවැසියන්ගේ ශුභසිද්ධිය පෙළඹවීම හා සමාජයේ යහපත් පිළිවෙතක් පැවැත්වීම යැයි පැවසිය හැකි ය. එබැවින්, ඔවුන් මිනී මැරුම් හා සොරකම් කිරීම වැනි සමාජ විරෝධී ක්‍රියා වෙනුවෙන් දඬුවම් පමුණුවා, වේග සීමාවන් හා නවතනය කිරීමේ නීති වැනි රෙගුලාසි නියම කරති. ඔවුන්ගේ නීති උවමනාවෙන් කඩ කරන කවරෙක් නමුත්, බලධාරීන්ට විරුද්ධ ව ස්ථාවරයක් ගන්නා අතර “තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.” දඬුවම් කවරෙකුගෙන් ද? අනිවාර්යයෙන් ම දෙවියන් වහන්සේගෙන් නොවේ ය. මෙහි දඬුවම යන්නට පරිවර්තනය කර ඇත්තා වූ ග්‍රීක් වදන යෙහෝවඃ වහන්සේගෙන් විනිශ්චයට වඩා සිවිල් පරිපාටියට යොමු දක්වන්නේ ය. (සසඳන්න 1 කොරින්ති 6:7) යමෙක් නීති විරෝදී ලෙස ක්‍රියා කරන්නේ නම්, ඔහුට දඬුවම් කිරීමේ අයිතිය බලයලත් මුලාදෑනීන්ට ඇත.
8 මනුෂ්‍ය මුලාදෑනීන්ට විරුද්ධ නොවීම වෙනුවෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවනට හොඳ කීර්තියක් ඇත්තේ ය. සභාවේ යමෙක් විසින් නීතිය කඩ කිරීමක් කරනු ලැබුවහොත්, නීත්‍යානුකූල දඬුවම මඟහැරීමට සභාව ඔහුට උපකාර නොකරනු ඇත. යමෙක් සොරකම් කළොත්, මිනීමැරුවොත්, ලිඛිතාපහාසයක් කළොත්, සිය බදු පිළිබඳ ව වංචා කළොත්, ස්ත්‍රී දූෂණය කළොත්, වංචා කළොත්, නීති විරෝධි බෙහෙත් පාවිච්චි කළොත්, එසේත් නැතහොත් වෙනත් ඕනෑ ම ආකාරයකට නීත්‍යානුකූල මුලාදෑනීන්ට විරුද්ධ වුවහොත්, හෙතෙම සභාවෙන් බරපතළ හික්මවීමකට මුහුණ දෙනු ඇත—තවද ලෞකීක මුලාදෑනීන් විසින් දඬුවම් කරනු ලැබූ කල, පීඩා කරනු ලැබී යයි හෙතෙම කල්පනා කළ යුතු නැත.—1 කොරින්ති 5:12, 13; 1 පේතෘස් 2:13-17, 20.
භය උපදවන්නෝ
9 පාවුල් “ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරපන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ” යයි පවසමින් බලයලත් මුලාදෑනීන් පිළිබඳ ව වූ සිය සාකච්ඡාව තව දුරටත් කරමින් සිටී. (රෝම 13:3) මුලාදෑනීන්ගෙන් දඬුවම් වෙනුවෙන් භය විය යුත්තේ පක්ෂපාතී ක්‍රිස්තියානීන් නොව, ‘නපුරු ක්‍රියා,’ අපරාධී ක්‍රියාවන් කරන්නා වූ අය ය. මෙවන් නීත්‍යානුකූල නොවන්නා වූ අංශුමාත්ර විසින් තර්ජනය කරනු ලැබූ විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, යුතු ලෙස, මුලාදෑනීන්ට අයත් පොලිසියේ හෝ හමුදාවේ ආරක්ෂාව පිළිගෙන තිබේ.—ක්‍රියා 23:12-22.
10 බලයලත් මුලාදෑනියාගේ නීතිය පවත්වන්නා වූ ක්‍රිස්තියානියාට පාවුල් පවසනුයේ: “ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ” කියා ය. මෙහි ආදර්ශයක් වශයෙන්, බ්‍රසීලයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සිය පළාත් සමුළුවෙන් පසු ලැබූ සමහරක් ලිපි සලකා බලන්න. නගර සභා ක්‍රීඩා අංශයෙන් වූ චාන්සලර්වරයෙක් දැන්වූයේ: “ඔබගේ සාමකාමී හැසිරීමට උතුම් ම ප්‍රශංසාව හිමි විය යුතු ය. අද දවසේ ගැටළු සහිත ලෝකයෙහි මෙතරම් සංඛ්‍යාවක් දෙවියන් වහන්සේ කෙරෙහි අදහමින් නමස්කාර කරන බව දැන ගැනීම සහනයකි” යනුවෙනි. නගර සභා ක්‍රීඩාංගනයක අධ්යක්ෂවරයෙක් දැන්වූයේ: “සහභාගි වූ අති විශාල සංඛ්‍යාවක් සිටිය ද, නිර්දෝෂී සංවිධානයට ස්තූති වන්නට, උත්සවය කෙලසීමට කිසිදු සිද්ධියක් වාර්තා නොවී ය.” නගරාධිපතිවරයෙකුගේ කාර්යාලයෙන් දැන්වූයේ: “ඔබගේ ක්රමීක භාවය මෙන් ම ආශ්චර්යමත්, නිරායාස හික්මීමට ඔබට ස්තූති කිරීමට අප මෙය අවස්ථාව කොට ගන්නා අතර අනාගතික උත්සව සියල්ලෙහි සාර්ථකත්වය ඔබට පතමුව” යනුවෙනි.
11 “යහපත් ක්‍රියා” යන වදන බලයලත් මුලාදෑනීන්ගේ නීතිවලට අවනත වූ ක්‍රියාවනට යොමු දක්වන්නේ ය. මීට අමතර ව, මනුෂ්‍යයා විසින් නොව, දෙවියන් වහන්සේ විසින් ප්‍රශංසා කර ඇත්තා වූ අපගේ දේශනා ක්‍රියාවලිය සදොස් ක්‍රියාවක් නොවන්නේ ය—මෙය දේශපාලක මුලාදෑනීන් පිළිගත යුතු යමක් වන්නේ ය. එබැවින්, අන්‍යයන්ට දේශනා කිරීමට ඇති අයිතිය බලයලත් මුලාදෑනීන් ආරක්ෂා කරාවිය යන්න අපගේ බලාපොරොත්තුව වන්නේ ය. පාවුල් ශුභාරංචිය දේශනා කිරීම නීත්‍යානුකූල ලෙස ස්ථාපිත කිරීමට මුලාදෑනීන්ට අභියාචනය කළේ ය. (ක්‍රියා 16:35-40; 25:8-12; පිලිප්පි 1:7) මෑතක, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමානාකාරයෙන් නැගෙනහිර ජර්මනියේ, හන්ගේරියාවේ, පෝලන්තයේ, රොමේනියාවේ, බෙනින්හි මෙන් ම මයන්මාර්හි (බුරුමයේ) සිය වැඩ පිළිබඳ නීත්‍යානුකූල පිළිගැන්ම ඉල්ලා, ලබා ගෙන ඇත.
“දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය”
12 ලෞකීක මුලාදෑනීන් පිළිබඳ ව කථා කරමින්, පාවුල් තව දුරටත් පවසනුයේ: “නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භය වෙයන්න, මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි” යනුවෙනි.—රෝම 13:4.
13 ජාතික මුලාදෑනීන් ඇතැම් අවස්ථාවල නිශ්චිත මාර්ග තුළ දෙවියන් වහන්සේගේ සේවකයන් ලෙස සේවය කර ඇත්තාහ. බබිලෝනියෙන් හැරී ඇවිත් දෙවියන් වහන්සේගේ ගෘහය නැවත ගොඩනැගීමට යුදෙව්වන් කැඳවූ විට, කෝරෙෂ් එසේ කළේ ය. (එස්රා 1:1-4; යෙසායා 44:28) එම ගෘහය නැවත ගොඩනැගීම සඳහා සම්මාදම් සමඟින් අර්තක්ෂස්තා එස්රා යැවූ විටත්, අනතුරුව හෙතෙම යෙරුසලමේ පවුරු යළි ගොඩනගන්නට නෙහෙමියාට අණ කළ විටත්, හෙතෙම දෙවියන් වහන්සේගේ සේවකයා වූයේ ය. (එස්රා 7:11-26; 8:25-30; නෙහෙමියා 2:1-8) රෝමයේ බලයලත් මුලාදෑනියා පාවුල් ව යෙරුසලමේ කැරලිකාර සමූහයෙන් ගලවා ගත් විටත්, නැව් බිඳීමේ දී ඔහු ව ආරක්ෂා කළ විටත්, එමෙන් ම තමාගේ නිවස රෝමයේ තබා ගැනීමට ඔහු වෙනුවෙන් සැලසුම් කළ විටත්, මෙසේ සේවය කළේ ය.—ක්‍රියා 21:31, 32; 28:7-10, 30, 31.
14 සමානාකාරයෙන්, ලෞකීක මුලාදෑනීන් නූතන කාලයේ ද දෙවියන් වහන්සේගේ සේවකයින් ලෙස ක්‍රියා කර ඇත්තාහ. උදාහරණයක් වශයෙන්, වර්ෂ 1959 දී, ක්වෙබෙක් හි රාජද්රෝහලාභීය හා අපකීර්තිකර ලිඛිතාපහාස ප්රකාශනය කිරීම චෝදිත යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දෝශි යයි තීන්දු කළ අතර—මෙසේ එවකට ක්වෙබෙක් හි අග්‍රාමාත්‍ය, මොරිස් ඩුප්ලෙසිස්ගේ අගතීන්ට එරෙහි ව ක්‍රියා කළේ ය.
15 තවදුරටත්, පොදු ආකාරයකට, දෙවියන් වහන්සේගේ රාජ්‍යය එම වගකීම පවරා ගන්නාතෙක් පොදු ක්‍රමවත් භාවය ආරක්ෂා කිරීමෙන් ජාතික ආණ්ඩු දෙවියන් වහන්සේගේ සේවකයා ලෙස ක්‍රියා කරන්නේ ය. පාවුල්ට අනුව, මෙය සිදුවනතෙක් එම මුලාදෑනියා දඬුවම් පැමිණවීමට ඇති එහි අයිතිය සංකේතවත් කරන්නා වූ ‘කඩුව දරයි.’ සාමාන්‍යයෙන් සිරගත කිරීම හෝ දඩ නියම කිරීම මීට අයත් වේ. සමහරක් රටවල්වල මරණීය දණ්ඩනය ද මීට අයත් විය හැකි ය.a අනෙක් අතට, රටවල් බොහොමයක් මරණීය දණ්ඩනය නියම නොකිරීමට තෝරා ගෙන ඇති අතර එය ද ඔවුන්ගේ අයිතිය වන්නේ ය.
16 බලයලත් මුලාදෑනීන් දෙවියන් වහන්සේගේ සේවකයා බවට වූ පරිසිද්ධිය, දානියෙල්, හෙබ්‍රෙව්වරුන් තිදෙනා, නෙහෙමියා, මෙන් ම මොර්දෙකයි යනාදීන් බබිලෝනීය හා පර්සියානු ආණ්ඩුවල වගකිව යුතු නිලතල පිළිගැනීමට හේතුව පහදන්නේ ය. ඔවුනට මෙසේ දෙවියන් වහන්සේගේ ජනයාගේ යහපත පිණිස දේශයේ මුලාදෑනීන්ට අභියාචනය කළ හැකි ය. (නෙහෙමියා 1:11; එස්තර් 10:3; දානියෙල් 2:48, 49; 6:1, 2) අද දින සමහරක් ක්‍රිස්තියානීන් ද රජයේ සේවයේ නියැලී සිටිති. එහෙත් ඔවුන් ලෝකයේ කොටසක් නොවන බැවින්, දේශපාලන පක්ෂවලට බැඳෙන්නේ නැත, දේශපාලන පදවි සොයන්නේ නැත, එසේත් නැතහොත් දේශපාලන සංවිධානවල ප්‍රතිපත්ති සකසන්නා වූ තනතුරු පිළිගන්නේ නැත.
ඇදහිල්ල සඳහා ඇති අවශ්‍යතාව
17 කෙසේ නමුත්, මුලාදෑනියා දූෂනයට හෝ හිංසා, පීඩාවලට ඉඩ දෙන්නේ නම් කුමක් ද? ක්‍රිස්තියානීන් වඩා යහපත් යයි පෙනෙන්නා වූ එකක් මගින්, මුලාදෑනියා අනුයුක්ත කිරීමට වෑයම් කළ යුතු ද? ඇත්තෙන් ම, රාජ්‍ය අයුක්තීන් හා දූෂනයන් අලුත් යමක් නොවේ ය. පළමු ශත වර්ෂයේ, රෝමානු අධිරාජ්‍යය වහල්භාවය වැනි අයුක්තීන්ට අනුබල දුන්නේ ය. එය දූෂිත නිලධාරීන්ට ද ඉඩ හැරී ය. බයිබලය වංචා කළා වූ අයබදු එකතු කරන්නන් පිළිබඳ ව, අධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක් පිළිබඳ ව, මෙන් ම අල්ලස් බලාපොරොත්තු වුණා වූ ප්‍රාදේශීය පාලකයෙක් පිළිබඳ ව කථා කරන්නේ ය.—ලූක් 3:12, 13; 18:2-5; ක්‍රියා 24:26, 27.
18 ඒ කාලයේ දී, ක්‍රිස්තියානීන්ට එවන් නොමනා සැලකිලි නිමාවකට පත් කිරීමට වෑයම් කළ හැකි ව තිබුණ ද, ඔවුන් එසේ නොකළාහ. උදාහරණයක් වශයෙන්, පාවුල් වහල්භාවයේ අවසානයක් පිළිබඳ ව දේශනා නොකළ අතර සිය වහලුන් මුදා හරින ලෙස ද හෙතෙම ක්‍රිස්තියානි වහල් අයිතිකරුවනට කීවේ නැත. ඒ වෙනුවට, එකිනෙකා සමඟ ක්‍රියා කරන විට ක්‍රිස්තියානි දයානුකම්පාව පෙන්වන ලෙස වහලුන්ටත්, වහල් අයිතිකරුවන්ටත් උපදෙස් දුන්නේ ය. (1 කොරින්ති 7:20-24; එපීස 6:1-9; පිලෙමොන් 10-16; 1 පේතෘස් 2:18 ද බලන්න.) සමානාකාරයෙන්, ක්‍රිස්තියානීන් විප්ලවකාරී ක්‍රියාවන්හි සම්බන්ධ නොවුනාහ. ඔවුන් “සමාදානයේ යහපත් ආරංචිය” දේශනා කිරීමෙහි කඩිසර ව නියැලී සිටියාහ. (ක්‍රියා 10:36) පොදු යුගයේ 66 දී, රෝමානු හමුදාවක් යෙරුසලම වට කළ ද, අනතුරුව ඉවත් ව ගියාහ. කැරලිකාර රකින්නන් සමඟ සිටිනු වෙනුවට, හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් යේසුස් වහන්සේගේ මගපෙන්වීමට කීකරු ව ‘කඳුවලට පලා ගියාහ.’—ලූක් 21:20, 21.
19 මුල් ක්‍රිස්තියානීන් දේවල් පැවති ආකාරයත් සමඟ ජීවත් වූ අතර බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඔවුන්ට උපකාර කිරීමෙන් පුද්ගලයින්ගේ ජීවිත දියුණු කිරීමට වෑයම් කළාහ. ඉතිහාසඥ ජෝන් ලෝඩ්, ද ඕල්ඩ් රෝමන් වර්ල්ඩ් නම් වූ සිය පොතේ ලීවේ: “ක්‍රිස්තියානිත්වයේ සැබෑ විජයග්රහණ, ප්‍රසිද්ධ ආයතන, හෝ ආණ්ඩු, හෝ නීති, පිටතින් වෙනස් කරනු වෙනුවට, ඇයගේ ධර්මයන් ප්‍රකාශ කළා වූ අය යහපත් අය කරවීමෙහි දැකිය හැකි වූයේ ය” යනුවෙනි. අද දවසේ ක්‍රිස්තියානීන් යම් වෙනසක් ඇති ව ක්‍රියා කළ යුතු ද?
රජය උපකාර නොකරන අවස්ථාවෙහි
20 වර්ෂ 1972 සැප්තැම්බර් මාසයේ දී, මධ්‍ය අප්‍රිකාවේ රටක යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට එරෙහි ව දුෂ්ට පීඩාවන් ආරම්භ වූයේ ය. දහස් ගණනකගෙන්, තමන් සතුව තිබුණා වූ සියල්ල සොරා ගනු ලැබූ අතර පහර දීම්, වධ කිරීම්, හා මරණයට පත් කිරීම් ඇතුලු වෙනත් දාමරීකකම්වලට ද යටත් කරනු ලැබුවාහ. බලයලත් මුලාදෑනීන් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට වූ සිය යුතුකම ඉෂ්ට කළෝ ද? නැත, ඒ වෙනුවට, ආරක්ෂාව පිණිස අසල්වැසි රටවල්වලට පැන යාමට මෙම අහිංසක ක්‍රිස්තියානීන්ට බල කරමින්, එය මෙම සැහැසියාව දිරිගැන්නූහ.
21 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මෙවන් බලවත් හිරිහැර කරන්නන්ට එරෙහි ව කෝපයෙන් නැගී සිටිය යුතු නොවේ ද? නැත. ක්‍රිස්තියානීන්: “උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළ සේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්” යේසුස් වහන්සේ අනුකරණය කරමින්, යටහත් ව ක්‍රියාකර එවන් අපගරුත්වයන් ඉවසිල්ලෙන් විඳදරා ගත යුතු ය. (1 පේතෘස් 2:23) තමන් ගෙත්සෙමනේ උයනෙහි අත්අඩංගුවට ගනු ලැබූ විට, කඩුවක් සමඟින් සිය ආරක්ෂාව පිණිස ඉදිරිපත් වූ ගෝලයාට යේසුස් වහන්සේ තරවටු කළ බවත්, පසුව උන් වහන්සේ පොන්තියුස් පිලාත් වෙත: “මාගේ රාජ්‍ය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේය” යයි පැවසූ බව මතකයේ තබා ගනිති.—යොහන් 18:36; මතෙව් 26:52; ලූක් 22:50, 51.
22 යේසුස් වහන්සේගේ ආදර්ශය සිතැති ව, එම අප්‍රිකානු සාක්ෂිකරුවන් පාවුල්ගේ උපදේශය අනුගමනය කිරීමට ධෛර්ය ඇතිව සිටියාහ: “කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගනිල්ලා. පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටපල්ලා. ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහැරපල්ලා. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාක දෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කියනසේකැයි ලියා තිබේ.” (රෝම 12:17-19; සසඳන්න හෙබ්‍රෙව් 10:32-34) අප්‍රිකානු සහෝදරයන් අද දවසේ අපට කොතරම් පොළඹවන සුළු ආදර්ශයක් වන්නෝ ද! මුලාදෑනීන් ගෞරවනීය ආකාරයකට ක්‍රියා කිරීමට අකැමති වන විට පවා, සැබෑ ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රතිපත්ති අත් නොහරිති.
23 කෙසේ නමුත්, බලයලත් මුලාදෑනීන් ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද? තවද ඔවුනට යුතු ලෙස බලෙන් ඉල්ලා සිටත හැකි දේවල යම් සීමාවන් ඇත්තේ ද? මෙය මීළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබනවා ඇත. w90 11/1
[පාදසටහන්වල]
a බරපතළ අපරාධවලට මරණීය දණ්ඩනය පුරාණ ඉශ්රායෙලයේ දිව්‍යමය ලෙස දෙන ලද ව්‍යවස්ථා පද්ධතියෙහි ඇතුළත් වූවකි.—නික්මයාම 3:14; ලෙවී කථාව 18:29; 20:2-6; ගණන් කථාව 35:30.
ඔබට විස්තර කළ හැකි ද?
▫පුද්ගලයෙක් බලයලත් මුලාදෑනීන්ට ‘විරුද්ධව සිටිය’ හැකි ඇතැම් ක්‍රම මොනවා ද?
▫රජයේ මුලාදෑනීන් සම්බන්ධයෙන් “දෙවියන්වහන්සේගේ නියෝගය” කුමක් වේ ද?
▫මුලාදෑනීන් “භය උපදවන්නෝ” වනුයේ කෙසේ ද”
▫මනුෂ්‍ය ආණ්ඩු “දෙවියන්වහන්සේගේ සේවකයෙක්” ලෙස සේවය කරනුයේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ දෙනෙක් විප්ලවකාරී ක්‍රියාකලාපයන්හි සම්බන්ධ වී ඇත්තේ කෙසේ ද?
3, 4. (අ) විප්ලව පොළඹවන්නා වූ ක්‍රිස්තියානි යයි කියා ගන්නා අය විසින් උල්ලංඝනය කරනු ලබනුයේ කිනම් මූලධර්මයන් ද? (ආ) එක් පුද්ගලයෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳ ව සොයා ගත්තේ කුමක් ද?
5. ක්‍රිස්තියානීන් බලයලත් මුලාදෑනීන්ට සාමකාමී ව යටත් ව සිටිනුයේ මක්නිසා ද, එමෙන් ම එය සිදුවනු ඇත්තේ කවදා වනතෙක් ද?
6.“මුළු ලෝකයා නපුරා තුළ” සිටිය ද, බොහෝ මනුෂ්‍ය නීති යහපත් වනුයේ මක්නිසා ද?
7. යමෙක් නීතිය කඩ කරන්නේ නම්, ඔහුට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ කවරෙකුට ද, එමෙන් ම ඒ මක්නිසා ද?
8. සාමාජිකයෙක් බරපතළ අපරාධයක් කළොත්, සභාව ප්‍රතිචාරය දක්වනු ඇත්තේ කෙසේ ද?
9. නීත්‍යානුකූල නොවන අංශ විසින් තර්ජනය කරනු ලැබුවොත්, ක්‍රිස්තියානීන් යුතු ලෙස ගනුයේ කිනම් උපාය මාර්ගය ද?
10. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මුලාදෑනීන්ගෙන් ප්‍රශංසාව ‘ලබා’ ඇත්තේ කෙසේ ද?
11. ශුභාරංචිය දේශනා කිරීම කිසි ලෙසකින් සදොස් ක්‍රියාවක් යයි කිව නොහැක්කේ මක්නිසා ද?
12-14. බලයලත් මුලාදෑනීන් (අ) බයිබල් කාලවල දී, දෙවියන් වහන්සේගේ සේවකයා ලෙස ක්‍රියා කර ඇත්තේ කෙසේ ද? (ආ) නූතන කාලයේ දෙවියන් වහන්සේගේ සේවකයා ලෙස ක්‍රියා කරනුයේ කෙසේ ද?
15. මුලාදෑනිහු කිනම් පොදු ක්‍රමයකට දෙවියන් වහන්සේගේ සේවකයින් ලෙස ක්‍රියා කරන්නෝ ද, එමෙන් ම එය ඔවුනට පිරිනමනුයේ කිනම් අයිතිය ද?
16. (අ) මුලාදෑනිහු දෙවියන් වහන්සේගේ සේවකයා වන බැවින්, දෙවියන් වහන්සේගේ සේවකයින්ගෙන් සමහරෙක් කිරීමට යුතු යයි කල්පනා කරනුයේ කුමක් ද? (ආ) ක්‍රිස්තියානියෙක් පිළිනොගනුයේ කොයි ආකාරයේ වෘත්තියක් ද, එමෙන් ම ඒ මක්නිසා ද?
17. කිනම් තත්ත්වයන් ක්‍රිස්තියානි නොවන්නන්ට මුලාදෑනීන්ට විරෝධය පෑමට පෙළඹවිය හැකි ද?
18, 19. (අ) රජයේ නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් අයුක්තිය හෝ දූෂනය ඇත්තේ නම්, ක්‍රිස්තියානීන් ප්‍රතික්‍රියා කරනුයේ කෙසේ ද? (ආ) පහත කොටුවේ මෙන් ම ඉතිහාසඥයෙක් විසින් දක්වා ඇති ලෙසින්, ක්‍රිස්තියානීන් පුද්ගලයින්ගේ ජීවිතය දියුණු කර ඇත්තේ කෙසේ ද?
20, 21. (අ) එක්තරා ලෞකීක මුලාදෑනියෙක් දෙවියන් වහන්සේගේ සේවකයා ලෙස යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට අසමත් වූයේ කෙසේ ද? (ආ) රජයේ පාප සහායතාව සමඟින් පීඩා කරනු ලැබූ විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේ ද?
22. තමන් දැඩි පීඩා විඳි විට අප්‍රිකාවේ සමහරක් සාක්ෂිකරුවන් තැබුවේ කිනම් අනගි ආදර්ශයක් ද?
23. සාකච්ඡා කිරීමට ඉතිරි ව ඇත්තේ කිනම් ප්‍රශ්න ද?
පොලිස් ප්රධානියෙකුගෙන් වූ ලිපියක්
“මයිනාස් ගෙරායිස් ප්‍රාන්තය සඳහා රජයේ සේවය” යන නිල ලාංඡනයක් දැරූ ලිපියක් බ්‍රසීලයේ වොච්ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට ලැබුණි. එය ලියනු ලැබුවේ කොන්ක්විස්ටා නගරයේ පොලිස් ප්‍රධානියා විසිනි. එහි යම් වැරැද්දක් සිදු වී ද? ලිපිය විස්තර කරනු ඇත. එහි සඳහන් වනුයේ:
“හිතවත් මහත්මාණෙනි:
මෙම ලිපිය මගින් මා හඳුන්වා දීමට කැමැත්තෙමි. මා දළ වශයෙන් වසර තුනකට පමණ මයිනාස් ගෙරායිස්හි, කොන්කියුස්ටා නගරයේ පොලිස් ප්‍රධානියා ව සිටියෙමි. සේවය කරන විට, මා නිතර හෘදය සාක්ෂියට එකඟ ව වැඩ කිරීමට වෑයම් කර ඇතත්, හිරගෙයි සාමය පැවැත්වීමෙහි මට ගැටළු තිබිණ. ඒ තුළ සිටින්නන්ට යම් රැකියාවල පුහුණුවක් දෙනු ලැබූව ද, කලබල කරමින් සිටියාහ.
මාස කීපයකට පෙර, සෙන්යෝර් ඕ—අපගේ නගරයට පැමිණ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් ලෙස තමා ව හඳුන්වා දුන්නේ ය. හෙතෙම සිරකරුවනට ලියන්නට, කියවන්නට මෙන් ම සනීපාරක්ෂාවේ හා සමාජ නිපුණතාවේ අවශ්‍යතාවයන් පෙන්වා දෙමින් ද ශුද්ධ බයිබලය ගැන පවසමින් ද ඔවුනට බයිබලය ඉගැන්වීමට පටන් ගත්තේ ය. මෙම දේශනාකරුවා ක්‍රියා කළ ආකාරය කැපවීම, ප්‍රේමය හා ආත්මපරිත්යාගිත්වය පෙන්වී ය. එහි සිටි සිරකරුවන්ගේ හැසිරීම, නිරීක්ෂකයන්ගේ පුදුමයට හා අගැයීමට තුඩු දෙමින් කැපී පෙනෙන ලෙස හොඳ අතට හැරිණ.
“අපගේ සිරගෙදර සිදු වූ දෙය සලකා බැලීමේ දී, මෙම ගරුකටයුතු දේශනාකරුවා විසින් අපගේ ජනතාව අතර සිදු කළ මහඟු සේවය වෙනුවෙන් අපගේ අගැයීම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටියට නිල වශයෙන් දැන්වීමට මම කැමැත්තෙමි.
ආණ්ඩුවේ මුලාදෑනීන් සම්බන්ධයෙන්, ප්‍රේරිත පාවුල් පැවසුවේ: “යහපත් දේ කරපන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ” යනුවෙනි. (රෝම 13:3) මෙය නිසැකව ම, ඉහත සඳහන් සිද්ධියෙහි සැබෑවක් වූයේ ය. දණ්ඩන පිළිවෙළට, වසර ගණනාවකට කළ නොහැකි වූ දෙය ශුභාරංචිය මාස කීපයක් තුළ සිදු කිරීම දෙවියන් වහන්සේගේ වචනයේ වෙනස් කරවන බලය පිළිබඳ කොතරම් සාක්ෂියක් ද!—ගීතාවලිය 19:7-9.