“එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න”
යෙහෝවඃ වහන්සේ “යාච්ඤා අසන තැනන් වහන්සේ ය.” (ගීතාවලිය 65:2) තමන් වහන්සේට මුළු හදවතින් ම කැප වී සිටින අයගේ යාච්ඤා උන් වහන්සේ අසන අතර, ඔවුන් එකිනෙකා උදෙසා යාච්ඤා කරන විට උන් වහන්සේ ඒවාට සවන් දෙන බවට අපට සහතික විය හැක.
නමුත් එකිනෙකා උදෙසා යාච්ඤා කළ යුත්තේ මන්ද? එවැනි යාච්ඤා ඔප්පු කරනු ලැබිය යුත්තේ කුමන දේවල් සම්බන්ධයෙන් ද? අප එකිනෙකා උදෙසා යාච්ඤා කරන විට උද්දීපනය වන්නේ කිනම් දේව ගුණාංගයන් ද?
එකිනෙකා උදෙසා යාච්ඤා කළ යුත්තේ මන් ද?
එකිනෙකා උදෙසා යාච්ඤා කරන ලෙස ශුද්ධ ලියවිලි යෙහෝවඃ වහන්සේගේ සෙනගව දිරිගන්වයි. ප්‍රේරිත පාවුල් දෙවියන් වහන්සේට කළ කන්නලව් අතර, අන්‍යයන් වෙනුවෙන් කළ යාච්ඤා ද විය. (කොලොස්සි 1:3; 2 තෙසලෝනික 1:11) මීටත් වඩා ශ්‍රාවක යාකොබ් ලීවේ: “එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න” යනුවෙනි.—යාකොබ් 5:16.
අන් දේව සේවකයන් වෙනුවෙන් කරන යාච්ඤා බලපෑමෙන් යුක්ත ය. ආත්මික අසනීපයකින් පසුවෙන ක්‍රිස්තියානි වරයෙක් “තමාට ස්වාමින් වහන්සේගේ [යොහෝවඃ NW] නාමයෙන් තෙල් ආලේප කොට තමා උදෙසා යාච්ඤා කිරීමට” සභාවේ වැඩිමහල්ලන්ට ඉඩ දෙන ලෙස උදක් ම ඉල්ලා සිටින යාකොබ් 5:13-18 හි මෙය පෙන්වා තිබේ. ඔවුන්ගේ යාච්ඤාව ශ්‍රවණය කිරීම පීඩාවට ලක් වූ පුද්ගලයාව ශක්තිමත් කරනු හැකි අතර, දෙවියන් වහන්සේ ඔහුගේ ම යාච්ඤාත් අසන බවට ඔහු හට ඒත්තු ගන්වයි. (ගීතාවලිය 23:5; 34:18) පුද්ගලයා සමඟ යාච්ඤා කරනවාට අමතරව, සන්සිඳුවාලන තෙල් වැනි ශුද්ධලියවිලිමය අදහස් ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ ආත්මික සෞඛ්‍යය නැවත පිහිටුවාලිය හැකි ය.
යාකොබ් මෙසේ එකතු කරයි: “ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, ස්වාමින් වහන්සේ [යෙහෝවඃNW] ඔහු නැගිටුවනවා ඇත.” එසේ ය, ආත්මික අසනීප පුද්ගලයා වැඩිමහල්ලාගේ “ඇදහිල්ලේ යාච්ඤාවෙන්” උපකාර කරනු ලැබිය හැකි ය. ඊටත් වඩා, ඔහු ශුද්ධ ලියවිලි මගින් උපකාර කරනු ලැබීමට කැමති නම්, දෙවියන් වහන්සේ “ඔහුව නැගිටුවන සේක”. එහෙත්, ආත්මික අසනීපය හැදුණේ බරපතළ පාපයක් හේතුවෙන් නම් තත්ත්වය කිමෙක් ද? ඇත්තෙන් ම පුද්ගලයා පසුතැවිලි වී ඇත්නම් යෙහෝවඃ වහන්සේ ඔහුට කමා කරන සේක.
යාකොබ් පවසන්නේ: “නුඹලාගේ වරද එකිනෙකාට කියා දී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤා කරපල්ලා. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ඨ වෙයි. එලියා වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤා කළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය. ඔහු නැවත යාච්ඤා කළේය; එවිට අහසින් වැසි වැස, පොළොවේ ඵල හට ගත්තේය.” (1 රාජාවලිය 17:1-7; 18:1, 42-45) දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟව තිබෙන ධර්මිෂ්ඨ පුද්ගලයෙකුගේ යාච්ඤාවකට බලයක් තිබේ.—1 යොහන් 5:14, 15.
යාච්ඤා කළ යුත්තේ කුමක් ගැන ද?
සෙසු ඇදහිලිවන්තයෙක් වෙනුවෙන් අප කරන යාච්ඤාවේ විෂයට ඕනෑ ම දෙයක් ඇතුළත් විය හැක. නිදසුනක් වශයෙන්, ශුභාරංචිය කථා කිරීමට තමාට හැකියාව ලැබෙන පිණිස, යාච්ඤා කරන මෙන් පාවුල් අන්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ ය. (එපීස 6:17-20) යමෙක් පරික්ෂාවකට ලක්වෙමින් සිටින බව අප දන්නේ නම් කුමක් කළ හැකි ද? ‘ඔහු කිසි වරදක් නොකරන ලෙස’ ද දෙවියන් වහන්සේ ඔහුව පරික්ෂාවට අත්නොහැර නපුරා වන සාතන් වන යක්ෂයාගෙන් ඔහුව ගලවන ලෙස ද අපට යාච්ඤා කළ හැක. (2 කොරින්ති 13:7, NW; මතෙව් 6:13) යමෙක් ශාරීරිකව අසනීපයෙන් සිටින්නේ නම්, ඔහුගේ අසනීපය විඳදරාගැනීම පිණිස ඔහුට අවශ්‍ය ශක්තිය දෙන ලෙස අපට යෙහෝවඃ වහන්සේගෙන් අයැද සිටිය හැක.—ගීතාවලිය 41:1-3.
පීඩා විඳින යෙහෝවඃ වහන්සේගේ සෙසු නමස්කාරකයන් වෙනුවෙන් යාච්ඤා කිරීම සෑම විට ම නිවැරදි ය. පාවුල් සහ ඔහුගේ ආශ්‍රිතයන් තද බල පීඩා වින්ද අතර, ඔහු කොරින්තිය ක්‍රිස්තියානින් හට පැවසුවේ: “ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තව දුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තූති ප්‍රශංසා කරනු ඇත.” (2 කොරින්ති 1:8-11; පො. න. අ. 11:23-27) යෙහෝවඃ වහන්සේ “ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤා අසන” බව සෑමවිට ම මතක තබා ගනිමින්, අප සිරගත වී සිටියත්, අනෙකුත් පීඩා විඳින සහෝදරයන් වෙනුවෙන් අපට යාච්ඤා කළ හැක.—හිතෝපදේශ 15:29.
යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ මහත් වගකීම්වලට උර දෙන අපගේ සහෝදරයන් වෙනුවෙන් අප විශේෂයෙන් යාච්ඤා කළ යුතු ය. සංවිධානය මෙහෙයවන අය සහ, “විශ්වාසවන්ත නුවණැති දාසයා” මගින් බෙදාහරිනු ලබන ආත්මික ආහාර පිළියෙළ කරන අය මීට ඇතුළත් වෙයි. (මතෙව් 24:45-47) නිදසුනක් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් අපගේ යාච්ඤාවලට යෝග්‍යව සිටින අතර, දෙවියන් වහන්සේ ඔවුන් හට “ප්‍රඥාවේ ආත්මයක්” දෙන මෙන් අපට යාච්ඤා කළ හැකි ය.—එපීස 1:16, 17.
ක්‍රිස්තියානි ගුණාංග වැඩි වර්ධනය වෙයි
සෙසු ඇදහිලිවන්තයන් උදෙසා යාච්ඤා කිරීම මගින්, අප සැලකිලිමත් බවත්, පරාර්ථකාමී බවත්, ප්‍රේමණීය බවත් පෙන්වමු. අපගේ ආත්මික සහෝදර සහෝදරියන් කෙරෙහි පරාර්ථකාමී ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීම, ප්‍රේමය “තමන්ගේම කාරණා සොයන්නේ නැත.” යන පාවුල් පෙන්වූ කරුණ සමඟ එකඟ වෙයි. (1 කොරින්ති 13:4,5) අනුන් උදෙසා යාච්ඤා කිරීම, “තමාගේ ම පුද්ගලික කාරණා කෙරෙහි පමණක් නොව, අන්‍යයන්ගේ ද කාරණා කෙරෙහි ඇසක් තබා ගනිමින් සිටීමේ” එක් මාර්ගයකි. [පිලිප්පි 2:4 NW] අප අපගේ යාච්ඤාවේ දී, අන්‍යයන්ගේ ආත්මික සුභසාධනය ගැන සැලකිලිමත් වන්නෙමු නම්, යේසුස් වහන්සේගේ ශ්රාවකයන්ව හඳුන්වා දෙන සහෝදර ප්‍රේමයෙන් අප අපව ම ඔවුන්ට ළං කරගන්නා බව අපට හැඟී යනු ඇත.—යොහාන් 13:34, 35.
අප යාච්ඤා කරන අය කෙරෙහි සහෝදර සෙනෙහසක් වර්ධනය වෙයි. (1 පේතෘස් 3:8) අපගේ සහෝදරයන්ගේ දුක සැප බෙදාගන්නා විට ඔවුන් කෙරෙහි දයානුකම්පාවක් අපට ඇති වේ. මිනිස් සිරුරක, එක් අතක් තුවාල වී ඇත්නම්, අනෙක් අත එය රැක බලා ගන්නා අතර, තුවාලය නිසා ඇතිවන වේදනාව සන්සිඳුවීමට ඉන් උත්සාහ දැරෙයි. (1 කොරින්ති 12:12, 26 සමඟ සසඳන්න.) ඊට සමානව, දුක් විඳින සහෝදර සහෝදරියන් උදෙසා යාච්ඤා කිරීම, ඔවුන් කෙරෙහි දයානුකම්පාවක් අප තුළ වර්ධනය කරවා, ඔවුන්ව අපගේ මනසේ තබා ගැනීමට උපකාර කරවයි. දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ අපගේ සෙසු ඇදහිලිවන්තයන් අත් නොහරින නිසා, අප ඔවුන්ව අපගේ යාච්ඤාවලදී නොසලකා හරින්නෙමු නම් අප අත වරදක් ඇත.—1 පේතෘස් 5:6, 7.
අප එකිනෙකා උදෙසා යාච්ඤා කරන විට නොයෙක් දේව ගුණාංග වැඩි දියුණු වෙයි. අපි ඔවුන් කෙරෙහි වඩාත් අවබෝධයකින් හා ඉවසීමෙන් යුක්ත වන්නෙමු. ඇතිවිය හැකි කේන්ති සහගත ගතිය සහමුලින් ම නැති වී ගොස් අපව ප්‍රේමණීය හා ප්‍රීතිමත් තත්ත්වයට පත් කරවන වර්ධනාත්මක සිතිවිලිවලට අවතීර්ණ කරවයි. අන්‍යයන් උදෙසා යාච්ඤා කිරීම, යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර සමාදානය හා එක්සත්කම වර්ධනය කරවයි.—2 කොරින්ති 9:13, 14.
එකිනෙකා උදෙසා නොකඩවා යාච්ඤා කරමින් සිටින්න
පාවුල් මෙන්, අප වෙනුවෙන් යාච්ඤා කරන මෙන් අන්‍යයන්ගෙන් අපට ඉල්ලා සිටිය හැක. අප සමඟ යාච්ඤා කරනවාට අමතරව, අප ගැන නාමිකව ප්‍රකාශ කරමින්, අපගේ ගැටළු ගැන සඳහන් කරමින්, අපට උපකාර කරන මෙන් අයැද සිටිමින් අප උදෙසා යාච්ඤා කිරීමට අපේ මිතුරන්ට හැක. “දේව භක්තිකයන්ව පරීක්ෂාවලින් ගලවන්නට යෙහෝවඃ වහන්සේ දන්නා” හෙයින් උපකාරය පැමිණෙනු ඇත.—2 පේතෘස් 2:9.
සිය යාච්ඤාවලදී අප ගැන සඳහන් කරන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාර සහෝදරයන්ට ද, පරික්ෂාවල් තිබේ, සමහරවිට අපේ ඒවාටත් වඩා පීඩාකාරී ඒවා විය හැක. එහෙත් ඔවුන් අප වෙනුවෙන් සදාකාල රජු ඉදිරිපිට සමහරවිට හැඬු කඳුලෙන් යුතුව යාච්ඤා කරනවා විය හැක. (2 කොරින්ති 2:4; 2 තිමෝති 1:3, 4.) අප මේ ගැන මොනතරම් කෘතඥ විය යුත්තෙමු ද! එමනිසා, අප සාකච්ඡා කළ හේතු සහ අගය දැක්වීම හේතුකොටගෙන එකිනෙකා උදෙසා යාච්ඤා කරමු. w90 11/15