සත්‍යය තුළ හවුල් වැඩකරුවන් මෙන් හැසිරෙන්න
දෙවෙනි සහ තුන්වෙනි යොහන් පොත්වලින් මූලික කරුණු
සත්‍යතාවය පිළිබඳ දැනුම වනාහි යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් ව හඳුන්වා දෙන ලකුණකි. (යොහන් 8:31, 32; 17:17) දිව්‍ය සත්‍යතාවය තුළ හැසිරීම, ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වෙයි. එමෙන් ම, දෙවියන් වහන්සේගේ සේවකයන් සත්‍යයේ හවුල් වැඩකරුවන් විය යුතුයි.
ප්‍රේරිත යොහන්ගේ දේවානුභාවලත් දෙවෙනි සහ තුන්වෙනි ලිපි, “සත්‍යතාවයේ හැසිරීම” ගැන කථා කරයි. (2 යොහන් 4; 3 යොහන් 3, 4) “සත්යාතාවයේ හවුල් වැඩ කරුවන්” ලෙස සහයෝගයෙන් වැඩ කිරීමට තුන්වෙනි යොහන් පොත දිරිගන්වයි. (3 යොහන් 5-8) පෙනෙන අයුරින් මෙම පොත් දෙක ම ලියන ලද්දේ පො.යු. 98 දී එපීසයේ දී හෝ ඒ අසල දී ය. නමුත් ඒවායේ පැවසෙන දෙයින් අද දින යෙහෝවඃ වහන්සේගේ සෙනඟට ප්‍රයෝජන ගත හැක.
දෙවෙනි යොහන් ලිපිය සත්‍යතාවය අවධාරණය කරයි
ප්‍රථමයෙන් ම සත්‍යතාවය සහ ඇදහිල්ල අවධාරණය කොට ඇති දෙවෙනි යොහන් ලිපිය, “විරුද්ධ ක්‍රිස්තු” හට එරෙහි ව අනතුරු ඇඟවී ය. (පද 1-7) මෙම ලිපිය “තෝරා ගත් ස්වාමිදුව” හට යොමු කරනු ලැබූ අතර, සමහරවිට මෙය පුද්ගලයෙකුට යොමු දක්වනවා විය හැක. නමුත් එය සභාවකට යවනු ලැබුවා නම්, ඇගේ “දරුවන්” වනුයේ ස්වර්ගික ජීවනයක් සඳහා දෙවියන් වහන්සේ විසින් “තෝරා ගනු” ලැබූ ආත්මයෙන් ජනිත වූ ක්‍රිස්තියානින් විය. (රෝම 8:16, 17; පිලිප්පි 3:12-14) ඇතැම් අය “සත්‍යතාවය තුළ හැසිරෙමින්” ධර්මභේදයට එරෙහි ව සිටීම ගැන යොහන් සතුටු විය. එහෙත්, යේසුස් වහන්සේ මාංසිකාකාර ව පැමිණි බව ප්‍රතික්ෂේප කරන “විරුද්ධ ක්‍රිස්තුස්ගෙන්” ආරක්ෂා වීමට ඔවුනට අවශ්‍ය විණ. ධර්මභේදයට එරෙහි ව එවැනි ම අනතුරු ඇඟවීම්වලට අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ කීකරු වෙත්.
ඊළඟට, ධර්මභේදීන් සමඟ කටයුතු කිරීම සම්බන්ධ ව උපදෙස් දුන් යොහන්, පුද්ගලික සුභපැතුම් සහ ආචාරයන් සමඟ ලිපිය අවසන් කළේ ය. (පද 8-13) දේශනා කිරීම වැනි සේවාවන් මගින්, ඔහු යවන ලද ලිපිය ලැබූවන් නමස්කාරයට හැරෙන ලෙසින් ඔහු සහ අන්‍යයන් හට ඵලදායි ප්‍රතිඵල ලබා තිබිණ. ආත්මික ව තමන් ගැන ‘ප්‍රවේසම් වීමෙන්’ පමණක් පෙනෙන ලෙස ඇදහිලිවන්ත ආලේපලත් අය සඳහා වෙන් කොට තිබූ ස්වර්ගික “ඔටුන්න” ඇතුළු “මුළු ත්‍යාගය” ලබනු ඇත. (2 තිමෝති 4:7, 8;) ‘ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමේ නොපවතින්නා වූ යමෙක්’ ඔවුන් වෙත පැමිණියේ නම්, ඔහුගේ “නපුරු ක්‍රියාවලට” එකඟවන්නන් වීමෙන් වැළකීම පිණිස, ඔවුන් ‘ඔහු කිසිදා ගෙදරට පිළිනොගෙන ඔහුට ආචාර නොකළ’ යුතුව තිබිණ. සිය හවුල් ඇදහිලිවන්තයන් වෙත පැමිණ මුහුණට මුහුණ හමු වී කථා කිරීමේ බලාපොරොත්තුව පළ කළායින් පසු ව, ශුභාශිංසනයන් සමඟ සිය ලිපිය නිමා කළේ ය.
තුන්වෙනි යොහන් ලිපිය සහයෝගිතාවය අවධාරණය කරයි
තුන්වෙනි යොහන් ලිපිය ගායස් වෙතට යොමු කරනු ලැබූ අතර, ඔහු සිය හවුල් ඇදහිලිවන්තයන් හට කරමින් සිටි දෙය ගැන පළමුවෙන් අවධානය යොමු කරන ලදි. (පද 1-8) ගායස් ක්‍රිස්තියානි ඉගැන්වීම්වල මුළු සංචිතයට බැඳී සිටීමෙන් “සත්‍යතාවය තුළ හැසිරෙමින්” සිටියේ ය. තව ද, සංචාරක සහෝදරයන්ට උපකාර කිරීම මගින් ඔහු “විශ්වාස ක්‍රියාවක් කරමින් සිටියේය.” යොහන් ලීවේ: “අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය.” අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ සංචාරක අවේක්ෂකයන් හට ඒ සමාන ආගන්තුක සත්කාරයන් විදහා පාති.
දියොත්රෙපස්ගේ නරක හැසිරීම දිමේත්රියස්ගේ හැසිරීම සමඟ සංසන්දනාත්මක ව විග්රහ කිරීමෙන් පසු ව, පාවුල් ලිපිය නිමාවට පත් කළේ ය. (පද 9-14) ගෞරවයට ආශා කළ දියොත්‍රෙපස් යොහන් කෙරෙහි කිසිම ගෞරවයක් නොදැක්වූ අතර, සහෝදරයන් ව ආගන්තුක සත්කාර සහිත ව පිළිගන්නා අය ව සභාවෙන් නෙරපා දැමීමට යත්න දරමින් සිටියේ ය. එහෙත්, දෙමේත්‍රියස් නම් අයෙකු ව කදිම ආදර්ශයක් ලෙස හුවා දක්වනු ලැබ තිබේ. යොහන් ගායස් ව දැකීමට අපේක්ෂාවෙන් සිටි අතර, ආචාරයන්ගෙන් සහ ගායස් සමාදානය භුක්ති විඳීවා යන සුභ පැතුමකින් ලිපිය අවසන් කළේ ය. w91 04/15
කඩදාසියෙන්, පෑනෙන්, සහ තීන්තෙන්: “තෝරාගත් ස්වාමිදූ” හා ඇගේ “දරුවන්” හට බොහෝ දේවල් “තීන්තෙන් හා පෑනෙන්” ලියනවා වෙනුවට ඔවුන් ව හමුවීමට යොහන් ආශා කළේ ය. ගායස් වෙත “පෑනෙන් හා තීන්තෙන්” දිගට ම ලියනවාට වඩා, ප්‍රේරිතවරයා ඔහු ව ඉක්මනින් දැකීමට ප්‍රිය කළේ ය. (2 යොහන් 1, 12; 3 යොහන් 1, 13, 14) පරිවර්තනය කොට ඇති “පෑන” (කʹලා·මොස්, kaʹla·mos) යන වචනය වේවැලකට හෝ බටයකට යොමු දැක්වෙන අතර, මෙය “ලියන බටය” යනුවෙන් ගෙනහැර පෑ හැක. ග්‍රීකයන් සහ රෝමවරුන් අතර භාවිතා වූ බටපෑනක් උල් ව තීරු වශයෙන් දිග අතට කපා තිබූ අතර පසු කාලවල දී බිහි වූ පිහාටුකූර පෑන්වලට මේවා සමාන විය. “තීන්ත” යන වචනය වෙනුවට දී ඇති මෙʹලාන් යන ග්‍රීක් වදන, මෙʹලාස් නැමති පුරුෂ විශේෂණයේ නපුංසක ලිංග රූපයක් වන අතර, ඉන් “කළු” යන අරුත ලබා දෙයි. පුරාණයේ භාවිතා වූ තීන්තවල සායම වූයේ, දැවෙන තෙල් හෝ ලීවලින් ගන්නා ලද දැලි ආකාරයෙන් හෝ ශාක හා සත්ත්ව කොටස්වලින් ගන්නා ලද ක්‍රිස්ටලීන් අඟුරුවලින් සමන්විත වූ කාබනේය කළු ය. සාමාන්‍යයෙන් වියලි දඬු හෝ කැට වශයෙන් ගබඩා කරනු ලැබ තිබූ මෙම තීන්ත ලියන්නා විසින් තෙත් කොට ඔහුගේ බුරුසුවෙන් හෝ බටයෙන් භාවිතයට ගැනිණ. ඒ දවස්වල භාවිතා වූ කඩදාසිය වූයේ, පැපිරස් පැලෑටියෙන් ගන්නා ලද තීරුවලින් සකස් කොට ගත් පත්‍රයක ආකාරයෙන් වූ තුනී ද්‍රව්‍යයකි. මුල් ක්‍රිස්තියානිහු මෙවැනි කඩදාසි, ලිපි ලිවීමට, හකුලන ලද පොත්, හා අතින් ලියන ලද ලිපි පිළියෙල කිරීමට භාවිතා කළහ.