ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 7/15 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?
    2011 පිබිදෙව්!
  • සතුන් සමඟ සැමදා සතුටින්
    2004 පිබිදෙව්!
  • සදාකාල ප්‍රීතියට නැතුවම බැරි විශ්වාසය
    ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • අනාගතය ගැන සඳහන් අනාවැකි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 7/15 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

◼ “වෘකයා බැටළුපැටවා සමග [යම් කලකට NW] වාසයකරන්නේය” යනුවෙන් යෙසායා 11:6 පවසන්නේ මන්ද? එවන් සාමයක් කල්පවතින එකක් නොවනු ඇත් ද?

යෙසායා 11:6-9 හි පුරෝකථනය කර ඇති සත්ත්ව මැවිලි තුළ පවතින නැවුම් බවින් යුත් සාමය කල්පවතින එකක් වනු ඇත. එහෙත් එවන් සතුන් නිතර ම එකට නොසිටිනු ඇති බව යෙසායා 11:6 හි ප්‍රවේසම් සහගත පරිවර්තනයක පැහැදිලි කරයි.

න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් හි යෙසායා 11:6 මෙසේ පවසයි: “සැබවින් ම වෘකයා යම් කලකට පිරිමි බැටළු පැටවා සමඟ වාසය කරනු ඇත, දිවියා එළු පැටවා සමඟ බිම වැතිරෙනු ඇත, වසු පැටවා ද තරුණ සිංහයා ද හොඳින් පෝෂණය ලත් සත්ත්වයා ද යන සියල්ලන් ම එකට සිටිනු ඇත; හුදෙක් කුඩා පිරිමි දරුවෙක් ඔවුන් ව මෙහෙය වනු ඇත.”

බොහෝ බයිබල් අනුවාදයන්හි මෙය කියවීමට තිබෙන්නේ: “වෘකයා ද බැටළු පැටවා සමඟ වාසය කරනු ඇත [නැතහොත්, “ජීවත් වනු ඇත”].” යනුවෙන් ය. එවන් පරිවර්තනයකින් ගම්‍ය වන අදහසක් නම්, වෘකයෙකු සහ බැටළුවෙකු නව පවුලකට හෝ ජීවත්වීම සඳහා නව විධිවිධානයකට අයත් අය මෙන් නිරන්තර සහායයන් ව සිටින බව ය.

කෙසේ වෙතත්, “වාසය කිරීම” හෝ “ජීවත්වීම” යන යෙදුම පරිවර්තනය කර ඇත්තේ හෙබ්‍රෙව් භාෂාවේ ගුර් යන වචනයෙනි. ශබ්දකෝෂ කර්තෘවරයෙකු වන විලියම් ජෙසනියුස්ට අනුව, ඉන් අදහස් කරන්නේ, “තාවකාලික ව නැවතී සිටීම, කලකට වාසය කිරීම, නිවසක ජීවත් වනවාක් මෙන් නොවන සේ ජීවත්වීම, උදා. අමුත්තෙකු, විදේශිකයෙකු, ආගන්තුකයෙකු වශයෙන්.” (එඩ්වඩ් රොබින්සන් විසින් පරිවර්තනය කරන ලද අ හෙබ්‍රෙව් ඇන්ඩ් ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට්). එෆ්. බ්‍රවුන්, එස්. ඩ්‍රයිවර්, සහ සී. බ්‍රිග්ස්, දෙන අර්ථය නම්, “තාවකාලික ව නැවතී සිටීම, (නියත හෝ අනියත) කලකට වාසය කිරීම, මූලික අයිතිවාසිකම්වලින් තොර ව . . . අලුතින් පැමිණි කෙනෙකු සේ වාසය කිරීම” යන්නයි.

දෙවියන් වහන්සේ ආබ්‍රහම් හට කානාන් දේශයේ “විදේශිකයෙකු ලෙස වාසය කරන” මෙන් පවසද්දී භාවිතා කළේ ගුර් යන වචනය ය. ආදි පිතෘවරයාට දේශය හිමි නොවන නමුත් ඔහුට එහි ආරක්ෂිත වැසියෙකු විය හැකි ය. (උත්පත්ති 26:3, NW; නික්මයාම 6:2-4; හෙබ්‍රෙව් 11:9, 13) තමා කානාන් දේශයට නැවත යන බැවින්, හාරාන් දේශයේ ‘විදේශිකයෙකු මෙන් ජීවත්වෙමින්’ සිටි බව යාකොබ් පැවසුවේ මීට සමාන ව ය.—උත්පත්ති 29:4; 32:4, NW.

දෙවියන් වහන්සේ ඉතා ඉක්මනින් පිහිටු වනු ඇති පාරාදීසය තුළ, සත්ත්වයන් සහ මිනිසුන් සාමයෙන් වෙසෙනු ඇත. බැටළු පැටවා වෘකයෙකු සමඟ හා වසු පැටවා දිවියෙකු සමඟ සිටින විට කිසි අවදානමක් තිබෙන්නට යන්නේ නැත. අද තිබෙන තත්ත්වයට හාත්පසින් ම වෙනස් බව පෙන්වන්නට මෙන්, බැටළු පැටවා විසින් වෘකයා ආරක්ෂිත වැසියෙකු වන බවට අදහසක් ඇති කරලන්නට පවා මෙම භාෂාව ඉඩ හරී.—යෙසායා 35:9; 65:25.a

එහෙත්, එවන් සත්ත්වයන් හට තවමත් වෙනස් වාසස්ථාන තිබිය හැකි ය. ඇතැම් සත්ත්වයන් යෝග්‍ය වන්නේ වනාන්තරවල වාසය කිරීමට ය, අනෙක් සතුන් තැනිතලාවල ය, වෙනත් සතුන් වෙරළබඩ ප්‍රදේශවල හෝ කඳුවල ය. මූලාරම්භයේ දී පාරාදීසය තිබූ කාලයේ දී පවා දෙවියන් වහන්සේ ‘හීලෑ සතුන් සහ වන මෘගයන්’ ගැන කථා කළ සේක. (උත්පත්ති 1:24, NW) පෙනෙන ලෙස, හීලෑ සතුන් වූයේ මිනිසුන් හෝ ඔවුන්ගේ වාසස්ථාන අසල ගැවසෙන සතුන් ය. වන මෘගයා, දරුණු නොවූවත්, මිනිස් වර්ගයාගෙන් ඈත් ව ජීවත් වන්නට වඩාත් ප්‍රිය කළ බවක් පෙනෙන්නට තිබේ. එසේ නම්, යෙසායාගේ අනාවැකිය පැවසුවාක් මෙන්, වෘකයා “පිරිමි බැටළු පැටවා සමඟ යම් කලකට වාසය කරනු ඇති” නමුත් එම සතා එවන් හීලෑ සතුන් අසල නිරතුරුව ම නොගැවසෙනු ඇත. w91 9/15

[පාදසටහන්වල]

a ද බයිබල් ඉන් ලිවිං ඉංග්ලිෂ් යෙසායා 11:6 හි වදන් මෙසේ කැටි කරයි: “වෘකයා බැටළුවාගේ කුලී නිවැසියා වනු ඇත.”

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Zoological Research Center, Tel-Aviv Hebrew University

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න