පාප් ධූරය—පිහිටුවේ ක්‍රිස්තුස් වහන්සේ ද?
“පේදුරු, එනම් රෝමයේ පළමුවෙනි බිෂොප්වරයා සහ අපගේ වත්මන් දෙවෙනි ජුවාම් පාවුලු පාප් තුමා දක්වා, ඇත්තෙන් ම, අති උත්තම පාප්තුමන්ලා 260කට වඩා වැඩි පෙළක් විහිදී යයි.” මෙසේ පවසන්නේ දකුණු අප්‍රිකාවේ සතිපතා පළවන ද සදර්න් ක්‍රොස් නම් පුවත්පතකට ප්‍රකාශයක් නිකුත් කරන ඇන්තනි ෆෝයි නම් පැවදිවරයා ය. ඔහු තව දුරටත් මෙසේ කියයි: “කතෝලික සභාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්රතිශ්ඨාපනය කළ බව ඔප්පු කරන මෙන් අපගෙන් ඉල්ලා සිටි විට අපි විශ්වාසයෙන් යුතුව මෙම පාප්තුමන්ලාගේ නොබිඳූණු පෙළපත ගෙන හැර පාන්නෙමු.”
මෙම පාප් පෙළ ප්‍රේරිත පේදුරු ගෙන් ආරම්භ වුනා යයි කියා සහතික ලෙස පැවසිය හැකි ද? කතෝලික දේව ධර්මය පවසන හැටියට, ලීනස්, අනාක්ලීටස්, 1වන ක්ලෙමන්ට්, සහ එවාරිස්ටස් නම් පාප්වරු සතර දෙනා පො.යු. 100 දක්වා පේතෘස්ට පසුව පැවතී ඇතැයි කියැවේ. රෝමයේ විසූ ලීනස් නම් ක්රිස්තියානිවරයෙකු ගැන බයිබලයේ පවසා ඇත. (2 තිමෝති 4:21) කෙසේ වෙතත්, ලීනස් හෝ වෙනත් අයෙක් පේතෘස්ගේ පාප් අනුප්රාප්තයෙකු බව අදහස් කරන කිසිවක් නැත. පළමු සියවසේ අවසාන දශකයේ දී, බයිබල් පොත් පහක් ලියූ ප්‍රේරිත යොහන්, පේදුරුගේ අනුප්රාප්තයෙකු යයි කියන එවැන්නෙකු ගැන සඳහන් කළේ නැත. ඇත්තවශයෙන් ම, පේදුරුට අනුප්රාප්තයෙකු සිටියා නම්, ඒ සඳහා තෝරා ගන්නට තිබුණු තැනැත්තා යොහන් ම වීම තර්කාණුකූල නොවේ ද?
පේදුරු වනාහී රෝමයේ විසූ පළමු බිෂොප්වරයා වූවේ ය යන අදහස සම්බන්ධයෙන් කල්පනා කරන කළ, ඔහු එම නගරයට ගිය බවවත් සනාථ කරන කිසිම සාක්ෂියක් නොමැත. ඇත්තෙන් ම, තම පළමු ලිපිය ඔහු ලීවේ බබිලෝනියාවේ සිට බව පේදුරු ම පවසයි. (1 පේදුරු 5:13, න. අ. ) “බබ්ලෝනියාව” යනුවෙන් පේදුරු විසින් භාවිතා කළේ රෝමය අඟවන රහසිගත යෙදුමක් වශයෙන් යයි පවසන කතෝලික තර්කය ද පදනම් විරහිත ය. පේදුරුගේ දවස්වල දී නියම බබිලෝනිය පැවතිණි. තව දුරටත්, බබිලෝනියේ සෑහෙන ප්‍රමාණයක යුදෙව් ජන සමුහයක් පැවතුණි. චර්මච්ඡේදිත යුදෙව්වන් හට දේශනා කිරීම සම්බන්ධයෙන් තම අවධානය යොමු කරන මෙන් යේසුස් වහන්සේ පේදුරු ගෙන් ඉල්ලා තිබූ හෙයින්, පේදුරු බබිලෝනියාවට ගියේ මෙම අරමුණ සඳහා බවට විශ්වාස කිරීම සෑම අතින් ම සාධාරණ වෙයි.—ගලාති 2:9.
තව ද, පේදුරු තමා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගෙන් කෙනෙකුට වඩා යමෙක් වන බවට කිසිවිටෙකත් යොමු දැක්වූයේ නැති බව කල්පනාවට ගන්න. (2 පේදුරු 1:1,න. අ.) “ශුද්ධ පියාණන්”, “අති උත්තම පාප්තුමා”, හෝ “පාප්තුමා” (“ලතින් පියා” යන වචනයට ලතින් බසින් යොදන සෙනෙහෙබර යෙදුම පපා[PAPA] නම් වෙයි.) යනුවෙන් ඔහු ව බයිබලය තුළ කොතැනකවත් අමතා නැත. ඒ වෙනුවට, මතෙව් 23:9, 10 [න. අ.] සඳහන් යේසුස් වහන්සේගේ වදන්වලට ඔහු යටහත් ව ඇලී සිටියේ ය: “මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය. ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක්කෙනෙක් ම ය, එනම් ක්‍රිස්තුන් වහන්සේ ය.” පේදුරු ගෞරවය පිළිගත්තේ නැත. “රෝම ශතාධිපතියා වු, කොර්නේලියස් “ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණු විට, . . . , පේදුරු, ‘නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ’ යි කියා ඔහු එසෙව්වේ ය.—ක්‍රියා 10:25, 26, නව අනුවාදය.
සිටියා යයි කියනු ලබන පාප්වරුන් 260දෙනා පිළිබඳ ව පූජක ෆෝයි මෙසේ එකඟ වෙයි: “මේ අය අතුරින් සංඛ්‍යාවක් ඔවුන්ගේ උසස් නිලයට වටින්නේ නැත.” මෙය නිදොස් කරනු වස්, ද න කැතලික් එන්සයික්ලෝපීඩියා පවසන්නේ මෙලෙස ය: “ආණ්ඩුවේ අරමුණට වැදගත් වූයේ පාප් ධුරය දැරූ පුද්ගලයාගේ පුද්ගලික චරිතය නොව, ඔහුගේ නිලයයි. පුද්ගලික වශයෙන්, ඔහු ශුද්ධවන්තයෙක්, දුර්වල පුද්ගලයෙක්, එසේත් නැත්නම් අධමයෙක් පවා විය හැක.” නමුත්, ක්‍රිස්තුස් වහන්සේ තමන් ව නියෝජනය කිරීම සඳහා එවැනි මිනිසුන් ව පාවිච්චි කරාවිය කියා ඔබ විශ්වාස කරන්නෙහි ද?
මේ කොයි අයුරකින් බැලුවත්, පාප්ධුරය ක්‍රිස්තුස් වහන්සේ විසින් පිහිටුවන ලදැයි යන මතය සනාථ කරන්නට කිසි අදහසක් බයිබලය තුළ නැත. එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් පවසන හැටියට, නවීන කතෝලික විශාරදයන් පවා පිළිගන්නේ, “පල්ලිය තුළ ස්ථීර නිලයක් වශයෙන් පාප්ධුරය යේසුස් වහන්සේ විසින් පිහිටෙවූ බවට කිසිදු සෘජු බයිබල් සාක්ෂියක් නැත” යනුවෙනි. w91 10/15