පාඨකයන්ගෙන් ප්‍රශ්න
ලූක් 1:6 හි පෙනෙන අයුරින් අඟවන පරි, යොහන් බව්තීස්තගේ පියා වූ සෙකරියා ගොළු මෙන් ම බිහිරි බවට පත්වුණා ද?
සෙකරියා බිහිරි භාවයට පත් වූ බවට සමහරු නිගමනය කරති. බයිබල් වාර්තාවේ අපට කියවීමට තිබෙන්නේ මෙසේ ය: “ඔව්හු . . . ඔහුගේ පියාගේ නාමය ලෙස ඔහුට සෙකරියස්යයි නම් තබන්ට හැදුවෝය. නුමුත් ඔහුගේ මවු උත්තර දෙමින්: එසේ නොවේ; ඔහුට යොහන් යන නාමය තබන්ට ඕනෑයයි කීවාය. නුඹේ නෑයන් අතරේ මේ නාමය ඇති කෙනෙක් නැතැයි ඔව්හු ඈට කීවෝය. ඔහුගේ පියා ඔහුට මොන නමක් තබන්ට කැමැත්තේද කියා දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥාකළෝය. ඔහු ලියන ලෑල්ලක් ඉල්ලා ගෙන: ඔහුගේ නම යොහන්යයි ලියුවේය.”—ලූක් 1:59-63.
එහෙත්, සෙකරියා හට යම් කලකට ඇසීමට නොහැකි වුණු බව පවසන කිසිවක් මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් වන්නේ නැත.
මීට පෙර, යොහන් යනුවෙන් හඳුන්වනු ලැබීමට සිටින පුත්‍රයෙකුගේ උපතක් පිළිබඳ ව ගාබ්‍රියෙල් දේව දූතයා සෙකරියා හට දැනුම් දී තිබුණි. මෙය විශ්වාස කිරීම මහලු සෙකරියා හට අසීරු කරුණක් විය. දේව දූතයා මෙසේ ප්‍රතිචාර දැක්වූයේ ය: “බලව, නියම කාලයට සපුර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණ සිදුවන දවස දක්වා, නුඹ කථා කරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහිය.” (ලූක් 1:13, 18-20) දේව දූතයා පැවසුවේ, සෙකරියාගේ ඇසීම නොව කථා කිරීම යම් බලපෑමකට හසු වන බව ය.
මෙම වාර්තාව තවදුරටත් මෙසේ කියයි: “ඔහු [පූජාසනයෙන්] පිටත ආ කල ඔවුන්ට [ඔහු එන තෙක් බලා සිටි අයට] කථා කරන්ට ඔහුට බැරිවිය. ඔහු දේවමාළිගාවේදී දර්ශනයක් දුටුබව ඔව්හු දැනගත්තෝය; ඔහු ගොළුව ඔවුන්ට සංඥාකරමින් සිටියේය.” (ලූක් 1:22) මෙහි “ගොළු” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය, කථාවේ, ඇසීමේ හෝ ඒ දෙකේ ම අඩ පණ වීමක් යන අදහස ගෙන හැර දක්වයි. (ලූක් 7:22) සෙකරියා ගැන කුමක් කිව හැකි ද? හොඳයි, ඔහුට සුවය ලැබුණු අවස්ථාවේ දී සිදුවුණු දෙය සලකා බලන්න. “එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, කථාකෙළේය.” (ලූක් 1: 64) එය සාධාරණ ව මඟ පෙන්වන්නේ, හානියක් සිදු වූයේ සෙකරියාගේ කථා කිරීමේ හැකියාවට පමණක් ය යන අදහසට ය.
එසේ නම්, “[දරුවාට] මොන නමක් තබන්ට කැමැත්තේද කියා දැනගන්නා පිණිස ඔව්හු [අනෙක් අය] ඔහුට සංඥාකළේ” ඇයි? සමහර පරිවර්තකයන් මෙය, “සංඥා කිරීමේ භාෂාවෙන්” හෝ “සංඥා භාෂාව යොදා ගනිමින්” කියා ද ගෙන හැර දක්වති.
දේව දූතයාගේ නිවේදනයේ පටන් ගොළු වී සිටි සෙකරියාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා, බොහෝ විට අංග චලන, එනම් යම් ආකාරයේ සංඥා භාෂාවක් පාවිච්චි කරන්නට සිදු විණි. නිදසුනක් වශයෙන්, දේව මාළිගාවේ සිටි අයට ඔහු “සංඥාකරමින් සිටියේය.” (ලූක් 1:21, 22) පසු ව, ඔහු ලියන ලෑල්ලක් ඉල්ලූ අවස්ථාවේ, සංඥා හෝ අංග චලන යොදා ගත්තා විය යුතු ය. (ලූක් 1: 63) එමනිසා, ඔහු ගොළු බවට පත් ව සිටි කාල පරිච්ඡේදය තුළ දී ඔහු අවට සිටි අය ද අංග චලනය යොදා ගැනීමට නැඹුරුවූවා විය හැකි ය.
කෙසේ වෙතත්, මෙය ලූක් 1: 62 හි සඳහන් සංඥා සඳහා වඩාත් පිළිගත හැකි පැහැදිලි කිරීමක් තිබේ. එලිසබෙත් ඇගේ පුත්‍රයාගේ නම ඈ විසින් ම ප්‍රකාශ කළා පමණි. එබැවින්, ඈට විරුද්ධ නොවී, ඇගේ ස්වාමිපුරුෂයාගේ තීරණය දැනගැනීමට ඔවුන් ඊළඟ සුදුසු පියවර ගත්තා විය හැක. මඳක් හිස සෙලවීමෙන් හෝ වෙනත් අංග චලනයක් මගින් එය කරන්නට ඔවුන්ට හැකිකම තිබිණි. ඔවුන් තම ප්‍රශ්නය සෙකරියා වෙත නොලිවීමෙන් යන කරුණින් ම තහවුරු වී යා හැකි සාක්ෂිය නම්, ඔහුට සිය භාර්යාවගේ වචන ඇසුණු බව ය. මෙසේ, හුදෙක් හිස සෙලවීමක් හෝ යම් තරමක සංඥාවක් මගින්, ‘(සෙකරියා, ඔබ ඇතුළු) අප සියලු දෙනා ම ඇගේ නිර්දේශය ඇසුවා, නමුත් දරුවාගේ නාමය ගැන ඔබගේ අවසාන තීරණය කුමක් ද?’ යන අදහස ඔහු හට පළ කළ හැකි විය යුතු ව තිබුණි.
ඉන්පසු, එකෙණෙහි ම, තත්ත්වය අනෙක් අතට හරවමින් තවත් ප්‍රාතිහාර්යයක් සිදු විණි. “එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකෙළේය.” (ලූක් 1:64) ඇසීමට යම් බලපෑමක් සිදු වී නොතිබුණා නම්, ඒ ගැන සඳහනක් කිරීමට අවශ්‍ය නැත. w92 4/1