‘ප්‍රේමය පදනම් කරගෙන අවවාද දීම’
පොදු යුගයේ 60-61 දී පමණ, පලායන වහලෙක් රෝමයෙන් පිටවී, සුළු ආසියාවේ නිරිතදිග පිහිටි තමා උපන් නගරය වන කොලොස්සිය වෙත සැතපුම් 900ක ගමනක් යමින් සිටියේ ය. ඔහු තම ස්වාමියා වෙත ගෙන යමින් සිටියේ, අන් කවරක්වත් නොව ප්‍රේරිත පාවුල් අතින් ලියන ලද, ලිපියකි. අද දින, එම ලිපිය බයිබලයේ කොටසක් වන අතර, එය ලැබූ තැනැත්තාගේ නාමය දරයි, එනම් පිලෙමොන් ය.
පිලෙමොන්ට ලියන ලද ලිපිය උපායශීලී, ඒත්තු ගන්වන සුලු විමර්ශනය කිරීම දක්වන ශ්‍රේෂ්ඨ කෘතියකි. එහෙත්, වඩා වැදගත් දේ නම්, අද දින ක්‍රිස්තියානින් සඳහා ප්‍රායෝගික පාඩම් ගණනාවක් එහි අඩංගු ව තිබීම ය, මින් එකක් නම් ක්‍රිස්තියානි ප්‍රේමය පදනම් කරගෙන එකිනෙකාට උනන්දුව ඇති ව අවවාද කිරීමේ අගය ය. අපි, මෙම කෙටි නමුත් බලවත් ලිපිය දෙස සමීප බැල්මක් හෙලමු.
පලායන්නෙක් හැරී එයි
පිලෙමොන් වනාහි කොලොස්සියේ සභාව විසින් බොහෝසෙයින් ප්‍රේම කරන ලද ක්‍රිස්තියානියෙක් විය. (පිලෙමොන් 4, 5) ඇරත්, එහි තිබූ සභාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කළේ ඔහුගේ නිවස ය! (2වන පදය) එපමණක් ද නොව, පිලෙමොන් ප්‍රේරිත පාවුල් ව පුද්ගලික ව දැන හඳුනාගෙන සිටියේ ය; ඇතැම් විට ඔහුට ක්‍රිස්තියානියෙක් වීමට පවා එම ප්‍රේරිතවරයා හේතු වූවා විය හැකි ය. තමා පුද්ගලික ව කොලොස්සියේ දේශනා නොකළ බවට පාවුල් අඟවා තිබීම ඇත්ත ය. (කොලොස්සි 2:1) කෙසේ වුවද, ‘[කොලොස්සිය ද ඇතුළු ව] ආසියාවේ විසූ සියල්ලන් ස්වාමීන් වහන්සේගේ වචනය අසන’ තරමට එපීසයේ වසර දෙකක් ඔහු දේශනා කළේ ය. (ක්‍රියා 19:10) ප්‍රතිචාරය දැක්වූ ශ්‍රාවකයන් අතර පිලෙමොන් ද සිටියා විය හැක.
ඒ කෙසේ හෝ වේවා, ඒ කාලයේ විසූ ධනවතුන් බොහෝ දෙනෙකු මෙන්, පිලෙමොන් වහලුන්ගේ අයිතිකරුවෙකු විය. පුරාණ කාලවල, වහල් භාවය සෑම විට ම ගෞරවය කෙලසන දෙයක් වූයේ නැත. යුදෙව්වන් අතර තමා ව හෝ පවුලේ සාමාජිකයන් ව වහල් භාවයට විකිණීම ණය පියවීමේ ක්‍රමයක් විණි. (ලෙවී කථාව 25:39, 40) දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලෝපීඩියා රෝම වකවානුව ගැන මෙසේ පවසයි: “විවිධ හේතූන් උදෙසා මිනිසුන් බොහෝ දෙනෙක් තමන් ව වහල් භාවයට විකුණූහ. දිළිඳු, නිදහස් කෙනෙක් ලෙස ජීවත්වීමට වඩා, වැඩි සුරක්ෂිත භාවයක් හා පහසු ජීවිතයකට ඇතුල්වීමත්, විශේෂිත රැකියා ලබා ගැනීම හා සමාජීය වශයෙන් නැගී සිටීමත් මෙහිලා මූලික හේතුවක් විය. . . . රෝමානු නොවූවන් බොහෝ දෙනෙක් තමන් ව ම රෝම පුරවැසියන් හට විකුණුවේ, වහල් භාවයෙන් නිදහස ලද විට, තමන් රෝමානු පුරවැසියන් වන බවට වූ රෝමානු නීතියෙන් ප්‍රවේසමෙන් නීතිගත කරන ලද යුක්ති සහගත අපේක්ෂාවන් ඇතුව ය.”
එනමුත්, ගැටලුවක් පැන නැඟුණේ, පිලෙමොන්ගේ වහලෙක් වන, ඔනේසිමස් නම් මිනිසෙක්, බේරී පලා යාමට අවශ්‍ය කරවන මුදල් ද ඇතැම් විට පිලෙමොන්ගෙන් සොරාගෙන රෝමයට පලා ගිය විට ය. (18වන වගන්තිය) රෝමයේ දී, එවකට සිරකරුවෙක් ව සිටි ප්‍රේරිත පාවුල් ව ඔනේසිමස්ට හමු විණි.
දාසකමෙන් පලා ගිය “වරක් . . . නිෂ්ප්‍රයෝජනව සිටි” වහල් සේවකයා, මෙහි දී ක්‍රිස්තියානියෙක් බවට පත් විය. ඔහු කැමැත්තෙන් ම පාවුල්ට උපස්ථාන කරමින්, සිරගත ව සිටි ප්‍රේරිතවරයාට ප්‍රයෝජනවත් සේවයක් ඉටු කළේ ය. පාවුල්ගේ ම “මුදු මොළොක් සෙනෙහස” ලැබූ ඔනේසිමස්, පාවුල්ට “සෙනෙහෙබර සහෝදරයෙක්’ වීම පුදුමයක් නොවේ!—11, 12, 16 පද, NW.
ඔනේසිමස් ව තමා සමඟ තබා ගැනීමට ප්‍රේරිත පාවුල් කැමති වන්නට ඇති නමුත්, ඔනේසිමස්ගේ අයිතිකරුවා හැටියට පිලෙමොන්ට නීතිමය අයිතියක් තිබිණ. ඔනේසිමස් මෙසේ සිය නීත්‍යානුකූල ස්වාමියාගේ සේවයට ආපසු යාමට බැඳී සිටියේ ය. එසේ නම්, පිලෙමොන් ඔහු ව පිළිගනු ඇත්තේ කෙසේ ද? බරපතළ දඬුවම් පැමිණ වීමට ඇති අයිතිය ඔහු කෝපයෙන් ක්‍රියාවට නගනු ඇත් ද? හවුල් ක්‍රිස්තියානියෙකු බවට පත් වී ඇතැයි ඔනේසිමස් කියා සිටින විට, ඔහුගේ අවංක භාවය පිළිබඳ ව ඔහු අභියෝග කරනු ඇත් ද?
කාරණා ප්‍රේමයෙන් විසඳා ගැනීම
ඔනේසිමස් සම්බන්ධයෙන් පිලෙමොන්ට ලිවීමට පාවුල් පෙලඹුනි. තමාගේ පුරුද්ද ලෙස ලියන්නෙක් යොදා නොගෙන, ඔහු තමාගේ ම අතින් එම ලිපිය ලීවේ ය. (19වන පදය) පිලෙමොන්ට ලියන ලද මෙම කෙටි ලිපිය සම්පූර්ණයෙන් කියවන්නට සුළු කාලයක් වැය කරන්න. තමා ව හඳුන්වා දී, පිලෙමොන්ටත් ඔහුගේ නිවසේ සැමටත් ලබන්ට නොවටිනා “කරුණාවත් සමාදානයත්” පැතීමෙන් පසු, පාවුල් ‘ස්වාමි වූ යේසුස් වහන්සේ කෙරෙහි ද සියලු ශුද්ධවන්තයන් කෙරෙහි ද තිබෙන ඔහුගේ ප්‍රේමයත් ඇදහිල්ලත්’ උදෙසා පිලෙමොන්ට ප්‍රශංසා කළ බව ඔබ දකිනු ඇත.—1-7 පද.
ප්‍රේරිතයෙක් හැටියට තමාගේ අධිබලය ඉතා ඕනෑකමින් පෙන්වා ‘නිසි දෙය කිරීමට පිලෙමොන්ට ආඥාකරන්ට’ පාවුල්ට පහසුවෙන් ම හැකියාවක් තිබූ නමුදු, ඒ වෙනුවට පාවුල් කළේ, ‘ප්‍රේමය පදනම් කරගෙන අවවාද’ දීමයි. ඔනේසිමස්, තමාට ප්‍රයෝජනවත් බව සනාථ කර, ඇත්ත වශයෙන් ම ක්‍රිස්තියානි සහෝදරයෙක් වී ඇත යන කරුණ ඔහු සහතික කළේ ය. “ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී [ඔනේසිමස්] නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි” යයි පිළිගන්නා ප්‍රේරිතවරයා, “නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටු නූණෙමි” යයි ද පාවුල් තවදුරටත් පැවසී ය.—8-14 වගන්ති.
මෙසේ, තම හිටපු වහලා ව යළිත් සහෝදරයෙක් මෙන් පිළිගන්නා ලෙස ප්‍රේරිතවරයා පිලෙමොන්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. “මා වාගේ ඔහු ව [කරුණාවෙන් NW] පිළිගනින්න” යයි පාවුල් ලීවේ ය. මෙහි දී ඔනේසිමස් ව වහල් භාවයෙන් නිදහස් කිරීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක් වූයේ නැත. පාවුල් තමාගේ දවසේ පැවති සමාජ ක්‍රමය වෙනස් කිරීමට වෑයම් කරමින් සිටියා නොවේ. (සසඳන්න එපීස 6:9; කොලොස්සි 4:1; 1 තිමෝති 6:2.) එහෙත්, වහල්-ස්වාමි සම්බන්ධතාවය මෙහි දී ඔනේසිමස් හා පිලෙමොන් අතර පැවති ක්‍රිස්තියානි බැම්මෙන් ප්‍රාණවත් කරනු ලබන බවට කිසිදු ප්‍රශ්නයක් නැත. පිලෙමොන් ඔනේසිමස් දෙස බලනු ඇත්තේ “දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු” සේ ය.—15-17 වගන්ති.
එනමුත්, සමහරවිට සොරකම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔනේසිමස්ට ගෙවන්නට තිබූ ණය පිළිබඳ ව කුමක් කිව හැකි ද? “ඔහු නුඹට අයුත්තක් කළා නම්, නොහොත් නුඹට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබාපන්න” යයි පැවසූ පාවුල්, තමා පිලෙමොන් සමඟ තිබූ මිතුරුකමට ඔහුගේ අවධානය යොමු කරවූයේ ය. තමා කළ ඉල්ලීම්වලින් ඔබ්බට යමින්, පිලෙමොන් සමාව දෙන ස්වභාවයක් පෙන්වනු ඇති බවට පාවුල් ආත්ම විශ්වාසය පළ කළේ ය. පාවුල් ඉතා ඉක්මනින් නිදහස්වීමට බලාපොරොත්තු වූ බැවින්, නුදුරු අනාගතයේ දී පිලෙමොන්ගේ ආගන්තුක සත්කාරය ලැබීමට පවා ඔහු කටයුතු පිළියෙළ කළේ ය. තවදුරටත් ශුභපැතුම් හා “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ [ලබන්ට නොවටිනා NW] කරුණාව” පැතූ පාවුල් තම ලිපිය අවසන් කළේ ය.—18-25 පද.
අද දින ක්‍රිස්තියානින්ට ගත හැකි පාඩම්
පිලෙමොන්ගේ ලිපියෙන් අද දින සිටින ක්‍රිස්තියානින්ට ප්‍රායෝගික පාඩම් බොහොමයක් ලබා ගත හැක. එක් දෙයක් නම්, සෙසු ඇදහිලිවන්තයන් අපට විරුද්ධ ව බරපතළ වැරදි කර තිබුණත්, සමාව දීමේ අවශ්‍යතාවය ගැන එය අපට මතක් කරයි. “නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමා කරනසේක” යයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසූ සේක.—මතෙව් 6:14.
අද දින ක්‍රිස්තියානි සභාවේ ආධිපත්‍ය සහිත තත්ත්වයන්හි සිටින අයට විශේෂයෙන් පිලෙමොන්ගේ පොතෙන් ප්‍රයෝජන ලැබිය හැකි ය. නිසි දෙය කිරීමට පිලෙමොන්ට විධාන කිරීමට තම ප්‍රේරිතමය අධිකාරිත්වය යොදා ගැනීමෙන් පාවුල් වැළකී සිටිය බව සැලකිල්ලට ගැනීම වටී. එපමණක් ද නොව, රෝමයේ පාවුල්ගේ සේවයේ යෙදී සිටින්නට ඔනේසිමස්ට ඉඩ හරින ලෙස පාවුල් බලකර ඉල්ලා සිටියේ ද නැත. පාවුල් අන්‍යයන්ගේ දේපළ හිමිකම් අයිතියට ගෞරව කළේ ය. අධිකාරිත්වය යොදා ගනිමින් මේ ගැන විධාන කිරීම මගින් ඊට එකඟ වීමක් අපේක්ෂා කළ හැකි වුවද, පිලෙමොන් සිය හදවතින් ම මේ ගැන ක්‍රියා කිරීම වඩාත් හොඳ වනු ඇතැයි යන කරුණ ද පාවුල් අගය කළේ ය. ඔහු හෘදයාංගම ප්‍රතිචාරයක් දක්වනු පිණිස ප්‍රේමය මත පදනම් වූ ආයාචනයක් ඉදිරිපත් කළේ ය.
එබැවින් අද දින ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සිය බලය අනිසි ලෙස පාවිච්චි කිරීමෙන් හෝ රැළ සමඟ කටයුතු කිරීමේ දී කර්කශ, බලය ලත් ආකාරයක් පෙන්වීමෙන්, “දෙවියන් වහන්සේගේ උරුමකාරයන් කෙරෙහි අධිපතිකම්” නොකළ යුතු ය. (1 පේතෘස් 5:1-3) “අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. (මතෙව් 20:25, 26) රැළේ සාමාජිකයන් විධාන කිරීම්වලට වඩා ප්‍රේමනීය ව ඔවුන්ගෙන් කරන ඉල්ලීම්වලට අනුකූලතාවයක් දක්වන බව අවේක්ෂකයෝ සාමාන්‍යයෙන් දකිති. අසහනයට ගොදුරු වී සිටින්නෝ අගය කොට සලකන්නේ, තමන්ගේ ගැටලුවලට සවන් දී, බුද්ධිමත් උපදෙස් දීමට කාරුණික ව කාලය වැය කරන අවේක්ෂකයන් ව ය.
ප්‍රශංසා කිරීමේ හා උපායශීලී වීමේ වැදගත්කම ගැන පාවුල්ගේ ලිපිය වැඩිදුරටත් වැඩිමහල්ලන්ට සිහිගන්වයි. ඔහු ලිපිය පටන් ගන්නේ, පිලෙමොන් ‘කරණ කොට ගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත් වූ’ බව පිළිගනිමිනි. (7වන පදය) මෙම සැබෑ ප්‍රශංසාව පිලෙමොන් ව වඩාත් පිළිගන්නා සුලු මානෝභාවයකට පත් කරන්නට ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ හා සමාන ව අද දිනත්, අවංක, උණුසුම් ප්‍රශංසාව සමඟින් උපදෙස් හෝ අවවාද බොහෝ විට පහසු කරවිය හැකි ය. තව ද එවන් උපදෙස්, ගරු සරු නැති ව හෝ ආවාට ගියාට හෝ නොව, නමුත් සවන්දෙන්නාට වඩාත් ප්‍රිය බවක් ගෙන දෙන පිණිස නොමසුරුව “ලුණෙන් රසවත්” විය යුතු ය.—කොලොස්සි 4:6.
පිලෙමොන් හරි දෙය කරනු ඇති බවට තම ආත්ම විශ්වාසය පළ කරමින් පාවුල් තවදුරටත් පැවසුවේ මෙසේයි: “මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාසකරගනය.” (21වන පදය) වැඩිමහල්ලෙනි, ඔබත් ඔබගේ සෙසු ක්‍රිස්තියානින් කෙරෙහි එවැනි ම ආත්ම විශ්වාසයක් පළ කරනවා ද? හරි දෙය කිරීමට වුවමනා වීමට මෙය ඔවුන්ට උපකාරවත් නොවෙයි ද?
දෙමාපියන් තම දූදරුවන් කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීම ද ඉතා ඵලදායී බව ඔවුන් විසින් බොහෝ විට සොයා ගෙන තිබීම උනන්දුමත් කරුණකි. ස්වකැමැත්තෙන් කීකරු වීමේ, එනම් හුදු ඉල්ලා සිටින පමණ ඉක්මවා කිරීමට ආශාවක් ඇතුව සිටීමේ වටිනාකම තේරුම් ගැනීමෙන්, තම දරුවන්ට යම් ප්‍රමාණයක ගෞරවයක් පිරිනැමීමට දෙමාපියන්ට හැක. හැකි සෑම අවස්ථාවක දී ම, මව්පිය විධාන හෝ ඉල්ලීම් කළ යුතු වන්නේ, කාරුණික, ප්‍රේමනීය කටහඬකිනි. සංවේදනය පෙන්වා, හේතු දැක්විය යුතු ය. එවන් ප්‍රශංසාව යෝග්‍ය අවස්ථාවන්හි මව්පියන් උණුසුම් ලෙස සිය දරුවන්ට ප්‍රශංසා කළ යුතු අතර, විශේෂයෙන් ප්‍රසිද්ධියේ, ඔවුන් ගැන ඕනෑවට වඩා විවේචනාත්මක වීමෙන් වැළකිය යුතු ය.
ඒ හා සමාන ව, ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ට ප්‍රශංසා කිරීමට සූදානමින් සිට, සාධාරණ හා කාරුණික භාවයේ ගුණාංග විදහා දැක්විය හැකි ය. මෙය භාර්යාවක් වශයෙන් යටත්වීම, සතුටක් මෙන් ම නැවුම්බවේ හා ප්‍රීතියේ උල්පතක් බවට පත් කරවයි!—හිතෝපදේශ 31:28; එපීස 5:28.
පිලෙමොන් පාවුල්ගේ ලිපියට ප්‍රතිචාරය දැක්වූ ආකාරය හරියට ම පවසා නැත. කෙසේ නමුත්, පාවුල් ඔහු කෙරෙහි තැබූ විශ්වාසය බොළඳ එකක් යයි අපට සිතිය නොහැක. අද දින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, මව්පියන්, හා ස්වාමිපුරුෂයන්, බලකර සිටීමෙන්, අණ කිරීමෙන්, හෝ බලාත්කාරයෙන් නොව, නමුත් ‘ප්‍රේමයේ පදනම මත අවවාද දීමෙන්’ තමන්ගේ කාරණා කටයුතුවල සාර්ථකත්වය අත්දකිත්වා. w92 4/15
ප්‍රේරිතයෙක් හැටියට තමාගේ අධිකාරිත්වය ගෙන හැර පානවා වෙනුවට, පාවුල් පිලෙමොන්ට අවවාද කළේ ක්‍රිස්තියානි ප්‍රේමයේ පදනම මත ය