රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ඉන්දියාවේ ඔවුන්ගේ ආලෝකය බැබළවීමට සැලැස්වීම
රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රීතිමත් සාක්ෂිකරුවන් 11,524 දෙනෙක් විසින් ඉන්දියාවේ දේශනා කරනු ලබයි. (මතෙව් 24:14) වර්ෂ 1991 සේවා වසර තුළ බව්තීස්ම කරන ලද 1,066 දෙනා, තමන්ගේ ආලෝකය අන්‍යයන් වෙත බැබළීමට සලස්වන රාජ්‍යය ප්‍රචාරකයන් වෙති. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට 28,866 දෙනෙක් සහභාගි වනු දැකීමට මොවුන් සියල්ලන් ම කොතරම් සතුටු වී ද!
◻ බොහෝ දෙනෙක් රාජ්‍යය බලාපොරොත්තුව පළමු වතාවට ඉගෙන ගන්නේ අනියම් සාක්ෂි දැරීම මගිනි. නිදසුනක් වශයෙන්, එක් සාක්ෂිකරුවෙක්, තමන් සමඟ වැඩ කළ වඩු කාර්මිකයන්ට රාජ්‍යය ගැන කථා කළේ ය. ප්‍රතිචාරය දැක් වූ එක් හවුල් වැඩකරුවෙක්, තම ආලෝකය ඔහුගේ පවුලටත්, මිත්‍රයන්ටත් බැබළීමට සැලැස්වී ය. මොවුහු ප්‍රීතියෙන් යුතු ව මෙම පුදුම සහගත රාජ්‍යය පුවත තවත් අයට දැන්වූහ. වාර්තාවන්ට අනුව, අවුරුදු කීපයක් තුළ, ‘30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සත්‍යය පිළිගත්තාහ.’ යෙහෝවඃ වහන්සේ ඔහුටත් ඔහුගේ අලුත් ආත්මික සහෝදරයන්ටත් තමන්ගේ ආලෝකය බැබළවීමට ආශීර්වාද කළ සේක.
◻ තවත් සභාවක යෞවන සහෝදරයෙක්, පාසලේ හවුල් ශිෂ්‍යයන්ට අනියම් ලෙස සාක්ෂි දැරීමෙන් තමාගේ ආලෝකය බැබළීමට සැලැස්වී ය. ඔවුන්ගෙන් සමහරෙක් රාජ්‍යය බලාපොරොත්තුව කෙරෙහි උනන්දුවක් දැක් වූ අතර, බොහෝ විට ඔහු මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් ඔවුන්ට බයිබලය තේරුම් කර දුන්නේ ය. කතෝලිකයෙක් වූ, එක් අයෙක්, සත්‍යය වෙනුවෙන් ස්ථිර පියවරක් ගත්තේ, දිගට ම සාක්ෂිකරුවන් ඇසුරු කරතොත් දැඩි විපාකවලට මුහුණ දීමට සිදුවන බවට වූ පූජකයාගේ තද අවවාදය මැද ය. කෙසේ වුවද, එම ශිෂ්‍යයා, තමා සාක්ෂිකරුවන්ගෙන් බයිබල් සත්‍යය ඉගෙන ගනිමින් සිටි බව ඒත්තු ගෙන සිටි අතර, ඔහු දිගට ම ඉගෙන ගන්නට විය. අවසානයේ ඔහු බව්තීස්ම ලැබ දැන් සභාවේ උපස්ථායක සේවකයෙක් ලෙස සේවය කරයි. සත්‍යයේ විස්මයජනක ආලෝකයෙන් පැමිණෙන බලාපොරොත්තුව තුළ ඔහු ප්‍රීති වෙයි!—රෝම 12:12.
◻ මෙම යෞවන සාක්ෂිකරුට සවන් දුන් තවත් අයෙක් වූයේ අදේව වාදියෙකු ව සිටි ප්‍රසිද්ධ ශිෂ්‍යයෙකි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට සරදම් කර සිටි නමුත්, එක් දිනක් ඔහු සාකච්ඡාවට හවුල් වී බොහෝ ප්‍රශ්න නැගී ය. තමාගේ ප්‍රශ්නවලට තර්කානුකූල පිළිතුරු ලැබූ විට හෙතෙම පුදුමයට පත්වූ අතර, බයිබලය දෙවියන් වහන්සේගේ වචනය ය යන නිගමනයට පැමිණියේ ය. ඔහු බයිබල් දැනුමෙහි වර්ධනය වී අවසානයේ බව්තීස්මය ලැබී ය. ඔහුගේ හින්දු භක්තික පියා ඔහු ව ගෙයින් පලවා හරින තරමට ඔහුට විරුද්ධ වූයේ ය. කෙසේ වෙතත්, මෙම යෞවනයා සත්‍යය සඳහා දැක්වූ ස්ථිරත්වයට විපාක ලැබුණේ, ඔහුගේ මාංසික සහෝදරයන් දෙදෙනෙක් හා ඔහුගේ මිත්‍රයන් දෙදෙනෙක් සත්‍යය පිළිගෙන බව්තීස්මය ලද විට ය. ඔහුගේ සහෝදරයන්ගෙන් කෙනෙක් දැන් ඉන්දියාවේ ශාඛා කාර්යාලයේ සේවය කරයි.
◻ ශිෂ්‍ය සංවිධායකයෙක් ද යෞවන සාක්ෂිකරුවා සමඟ සාකච්ඡාවට හවුල් විය. ඔහු එක දිගට දුම්පානයේ යෙදෙන්නෙක් හා බොහෝ මත්පැන් පානය කරන්නෙක් ව සිටියේ ය. එක් අවස්ථාවක, එම සාක්ෂිකරුවාගෙන් සත්‍යය ඉගෙන ගත් හවුල් ශිෂ්‍යයන් දෙදෙනෙකුට ඔහු පහර දීමට පවා ඉදිරිපත් විය. මෙයට හේතුව ඔවුන් ශිෂ්‍ය සංවිධායකයා විසින් මෙහෙයවන ලද පංති වර්ජනයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමත්, ලේ එකතු කරන ව්‍යාපාරයකට ලේ පරිත්‍යාග නොකිරීමත් ය. මෙම යෞවනයා දැන් යෙහෝවඃ වහන්සේගේ ආලෝකය-දරන සාක්ෂිකරුවෙක් ව සිටීමේ සන්තෝෂය ලබමින් සිටී.
◻ මේ සියල්ලේ දී ම, මුලින් ම තමාගේ ආලෝකය බැබළීමට සැලැස්වූ ශිෂ්‍යයා, අනියම් ලෙස සාක්ෂි දැරීමෙන් සිය තුල්‍යයන් 15 දෙනෙකුට කැපවීම හා බව්තීස්මය කරා ළඟා වීමට ඔවුන්ට උපකාර කරන මාධ්‍යය බවට පත් විණි.
එම අති විශාල රටේ බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගේ නව ලෝකය පිළිබඳ බයිබලයේ බලාපොරොත්තුව පිළිගනිමින්, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ සදාකාලයට ම ජීවත්වීමට උන් වහන්සේ එක්රැස් කරමින් සිටින්නා වූ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට සම්බන්ධ වනු දැකීම ප්‍රීතියකි. w92 8/1