හෘදයෙන් සහ මනසෙන් දූෂණය මුලිනුපුටා දැමීම
යෙහෝවඃ වහන්සේ අපිරිසිදුකමට හෝ අක්‍රමවත් භාවයට ආශාවක් මනුෂ්‍යයන් හට නුදුන් සේක. ඔවුන්ගේ නිවස නමැති ග්‍රහයා පවිත්‍රත්වයේ, ක්‍රමවත් භාවයේ, හා අලංකාරයේ පාරාදීසයක් වීමට නිර්මාණය කර තිබුණි. එය අවලක්ෂණ කුණු ගොඩක් බවට පත් වන ලෙසින් පිරිහීම දෙවියන් වහන්සේගේ අරමුණ නොවී ය.—උත්පත්ති 2:8, 9.
කෙසේ වෙතත්, මනුෂ්‍යයන් දිව්‍ය මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඔවුහු තමන්ගේ ම ලෝක ක්‍රමයක් ගොඩනගන්නට පටන් ගත්හ. දිව්‍ය ප්‍රඥාවේ ප්‍රයෝජනය හා අත්දැකීම් නොමැතිකම නිසා, ඔවුහු තැත් වරද ක්‍රමයෙන් ඉගෙන ගන්නට බලකරනු ලැබූහ. ලෞකික ඉතිහාසය, මනුෂ්‍යයන්ට තමන් ව සාර්ථක ලෙස පාලනය කළ නොහැකි බව තහවුරු කරයි; වසර දහස් ගණනකට “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” ඇත. (දේශනාකාරයා 8:9; යෙරෙමියා 10:23) පරිසර දූෂණය නමැති නූතන ගැටලුව, එය අයත් වන්නා වූ සියලු ම ආකාරයන්ගෙන් ගත් කල, අනිසි මනුෂ්‍ය පාලනයේ විපාකයක් වන්නේ ය.
දෙවියන් වහන්සේ දේවල් දෙස බලන ආකාරයෙන් බැලීම
දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට කැමැත්තෙන් සිටින ජනයා, පවිත්රත්වය පිළිබඳ මැවුම්කරුවාණන්ගේ ප්‍රමිතීන්ට එකඟ ව ජීවත්වීමට මහත් වෑයමක් දරති. මෙසේ, 1991 මැද භාගයේ දී, චෙකෝස්ලොවැකියාවේ, ප්රාග් නගරයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට නියම කරනු ලැබූ විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ගැටලුවකට මුහුණ දීමට සිදු විය.a පහසුවෙන් රැස්විය හැකි ස්ට්රාහොෆ් ක්‍රීඩාංගනයට 75,000ක පමණ ජන පිරිසක් පැමිණෙනු ඇත. එහෙත් එම ක්‍රීඩාංගනය වසර පහකට පාවිච්චි කර නොතිබුණි. එය කාලගුණික තත්ත්වයන්ට බෙහෙවින් ගොදුරු වී තිබුණි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් 1,500ක් පමණ එය අලුත්වැඩියා කිරීමෙහි හා යළි පින්තාරු කිරීමෙහි කාර්යය සඳහා 65,000කට වැඩි පැය ගණනක් වැය කළහ. සමුළුව පටන් ගන්නා අවස්ථාව වන විට, මෙම පවිත්‍ර කිරීමේ ව්‍යාපාරය, එම ක්‍රීඩාංගනය සැබෑ වූ දෙවියන් වන යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කර තිබුණි.
ලෝකය පොදුවේ පවිත්රත්වය හා ක්‍රමවත් භාවය පිළිබඳ ව මෙවන් මද අගැයීමක් පෙන්වන අතර, වෙනස් ව ක්‍රියා කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව පොලඹ වන්නේ කුමක් ද? එය ආත්මාර්ථකාමිත්වය, නොසැලකිලිමත්කම, ගිජුකම, හා ප්‍රේමය නොමැතිකම වැනි, නිෂේධාත්මක නැඹුරුවාවක් ක්‍රිස්තියානින් මුලිනුපුටා දැමිය යුතු බවට වන බයිබලයේ ඇති උපදේශය සඳහා අගය දැක්වීමකි. “පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමග අහක” දමන්නැයි බයිබලය පවසයි. එය “අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳ” ගැනීමෙන් අනුයුක්ත කළ යුතු ය. පවිත්රත්වය, ක්රමවත්කම, හා අලංකාරය සඳහා වූ ප්‍රේමයකින් චරිතවත් වන පුද්ගලිකත්වයක් තුළ දූෂ්‍යකාරක නැඹුරුවාවන් සඳහා කිසි අවකාශයක් නැත.—කොලොස්සි 3:9, 10; 2 කොරින්ති 7:1; පිලිප්පි 4:8; තීතස් 2:14.
ක්‍රිස්තියානින් පරිසර දූෂණය පිළිබඳ ව සැලකිලිමත් ව සිටීමත්, හිතාමතා ම දූෂණයට දායක වීම හෝ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන දූෂණයට එරෙහි ව අකීකරු ලෙස නීති නොසලකා නොහැරීමත් අලුත් පුද්ගලිකත්වය තිබෙන නිසා අපේක්ෂා කෙරේ. එය අනවශ්‍ය දෑ ඉවත් කිරීමේ ක්‍රමය, තැනින් තැන අපද්‍රව්‍ය දැමීමට මඟ පෙන්වන ආත්මාර්ථකාමී හා කම්මැලි ආකල්පයෙන් වැළකී සිටීමට ඔවුන්ට උපකාර කරයි. අන් අයගේ දේපළ සඳහා ගරුත්වයක් දැක්වීම තුළින්, අදහස් ප්‍රකාශ කිරීමට විකට චිත්‍ර හා පාඨ යොදා ගැනීමෙන් මෙන් ම එය අහිංසක විනෝදයක් සේ සැලකීමෙන් හෝ කලාවේ අතුරු ක්රමයන් සේ සැලකීමෙන් වැළකීමට මං සලසයි. එය නිවාස, මෝටර් රථ, ඇඳුම්, මෙන් ම ශරීරයන් පවිත්‍ර ව තබා ගැනීම අවශ්‍ය කරවයි.—යාකොබ් 1:21 සසඳන්න.
මෙම අලුත් පුද්ගලිකත්වය පැළඳ ගැනීමට අකැමැති අය සම්බන්ධයෙන් ගත් කල, දෙවියන් වහන්සේ ඔවුන් ව පැමිණීමට තිබෙන ස්වකීය පාරාදීසයට ඇතුළත් කර නොගැනීම ගැන උන් වහන්සේට වරද තැබිය හැකි ද? කොහෙත් ම නැත. තවදුරටත් පාරිසරික දූෂණය ඇති කිරීමට තමාගේ හෘදයේ හෝ මනසේ සැඟවුනු නැඹුරුවාවන් ඇති අය, පෘථිවි ග්‍රහයාට නැවත ලබා දුන් පාරාදීසමය අලංකාරය දිගට ම පවත්වා ගැනීමට ආශා කරන අය ව කනගාටුවට පත් කරමින්, ඊට තර්ජනය කරනු ඇත. “පොළොව විනාශකරන්නවුන් විනාශ” කරන්නට දෙවියන් වහන්සේ ගෙන ඇති තීරණය ධර්මිෂ්ඨ හා ප්‍රේමනීය එකක් වේ.—එළිදරව් 11:18; 21:8.
ක්‍රියාශීලී ව සහභාගි විය යුතු ද?
කෙසේ වෙතත්, ක්‍රිස්තියානින් පාරිසරික දුෂණයට එරෙහි ව කටයුතු කිරීමට නැතහොත් පවිත්‍ර කිරීමේ වැඩසටහන්වලට අතහිත දිය යුතු බව, මින් අදහස් කරයි ද?
පරිසර දූෂණය පැහැදිලි ව ම සෞඛ්‍යයට හා පොදුජන ආරක්ෂාවට අහිතකර ය. යෙහෝවඃ වහන්සේ මෙවන් කාරණා සම්බන්ධයෙන් යුතු සැලකිල්ලක් දැක් වූ බව, උන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිවලින් අපට දැකිය හැකි ය. (නික්මයාම 21:28-34; ද්විතීය කථාව 22:8; 23:12-14) එහෙත් උන් වහන්සේ පොදුජන ආරක්ෂාව සම්බන්ධ කාරණාවලින් කිසිවිටෙක අන්‍යයන් හරවා ගන්නා ලෙස ඔවුන්ට විධාන කළේ නැත; එමෙන් ම පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානින්ට එසේ කරන ලෙස යම් විටෙක කියනු ලැබුවේ ද නැත.
අද දින, පාරිසරික කාරණා පහසුවෙන් ම දේශපාලනික ප්‍රශ්න බවට පත් වන්නට පුළුවන. ඇත්ත වශයෙන් ම, පාරිසරික ගැටලුව විසඳීමේ අටියෙන් ඇතැම් දේශපාලන පක්ෂ සකසා ඇත. මෙසේ දේශපාලන මං ඔස්සේ, පැති ගැනීමට තමා ව පොලඹවන ලෙසින් මේවායේ බලපෑම්වලට ඉඩ සලසන ක්‍රිස්තියානියෙක් තවදුරටත් දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ ව නොසිටී. සිය ගෝලයන්ට යේසුස් වහන්සේ සඳහන් කළ ප්‍රමිතිය මෙයයි: “මා ලෝකයෙන් [ලෝකයේ කොටසක් NW] නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් [ලෝකයේ කොටසක් NW] නොවෙති.” එම අවශ්‍යතාව නොසලකා හරින ක්‍රිස්තියානියෙක්, “මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්” හා සමඟ සම්බන්ධ වීමේ අනතුරට තමා ව ම පත් කර ගනී.—යොහන් 17:16; 1 කොරින්ති 2:6.
යේසුස් වහන්සේ තමන් වහන්සේගේ දවසේ පැවති සමාජ ගැටලු සියල්ල විසඳීමට වෑයම් කළේ නැත; උන් වහන්සේ එසේ කරන ලෙස සිය ගෝලයන්ට කියා සිටියේ ද නැත. උන් වහන්සේ සිය ගෝලයන්ට දුන් ආඥාව මෙයයි: “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, . . . බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.” උන් වහන්සේ පාරිසරික ප්‍රතිපත්ති ගැන ඔවුන්ට ආඥා කළේ නැත.—මතෙව් 28:19, 20.
ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ගත යුතු කාරණා පැහැදිලි කරමින්, යේසුස් වහන්සේ කියා සිටියේ “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා” යනුවෙනි. (මතෙව් 6:33) යෙහෝවඃ වහන්සේ, මෙසියානු රාජ්‍යය මගින් ස්වකීය ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සමස්ත ලෝක පරිමාණයකට ක්‍රියාත්මක කරන විට, පාරිසරික ගැටලු ස්ථිරවත්, සියල්ලන්ට තෘප්තිමත් විය හැකි ලෙසිනුත් විසඳනු ලබනවා ඇත.
මෙසේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ සමතුලිත තත්ත්වයක් පවත්වා ගනිති. රෝම 13:1-7 අනුව, පරිසරය හසුරුවන රාජ්‍ය නීතිවලට හෘදය සාක්ෂියට එකඟ ව කීකරු වීමට ඔව්හු බැඳී සිටිති. මීට අමතර ව, අසල්වැසියාට ඇති දිව්‍ය ප්‍රේමය—පොදු හෝ පෞද්ගලික වූ—අන්‍යයන්ගේ දේපළ, විකෘති නොකිරීමෙන් හෝ වග විභාගයකින් තොර ව අපද්‍රව්‍ය නොදැමීමෙන්, ඒ සඳහා ගෞරවය පෙන්වීමට ඔවුන් ව පොලඹවනු ඇත. එහෙත් ලෞකික පවිත්‍ර කිරීමේ පියවරවල්වල පෙරමුණ ගැනීමට ඔවුන්ට පැහැදිලි ව ම ආඥා කර නොමැත. ඔවුහු දීර්ඝ කාලීන යහපත කිරීමට ඇති එක ම ක්‍රමය එය බව තේරුම් ගනිමින්, යුක්ති සහගත ලෙස, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ පුවත දේශනා කිරීම පළමු තැනට තබති.
ආත්මික පවිත්‍ර කිරීමක්
තම රුධිරය වැගිරවීමෙන්, දුරාචාර ජීවිත-රටාවක් තෝරා ගැනීමෙන්, එසේත් නැතහොත් පරිශුද්ධ දේවලට අගෞරවයක් පෙන්වීමෙන් පොළොව දූෂ්‍ය කළේ නම් එහි විපාකය පිළිබඳ ව පුරාතන ඊශ්‍රායෙලිතයන්ට පුන පුනා අනතුරු අඟවනු ලැබී ය. (ගණන් කථාව 35:33; යෙරෙමියා 3:1, 2; මලාකී 1:7, 8) ඔවුන් තම අතින් කළ ආත්මික දූෂණයට එරෙහි ව දොස් පවරනු ලැබුවා මිසක, තම අතින් වන්නට ඇති භෞතික දූෂණයක් සම්බන්ධයෙන් දොස් ලැබුවේ නැත යන කාරණය සැලකිය යුතු යමකි.b
එනිසා, අද දින ක්‍රිස්තියානිවරයෙක් මූලික ව වැළැක්වීමට වෑයම් කරන්නේ ආත්මික දූෂණය නැතහොත් අපවිත්‍රකම ය. මෙය ඔහු කරන්නේ හෘදයෙන් හා මනසෙන් දූෂ්‍යකාරක නැඹුරුවාවන් සහමුලින් ම උදුරා දමන්නා වූ “අලුත් මනුෂ්‍යයා” පැළඳ ගැනීමෙනි. මිලියන හතරකට වැඩි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, තමන්ගේ කණ්ඩායම් තුළ ආගමික හා සදාචාරමය පවිත්රත්වය මෙන් ම සැලකිය යුතු කායික පවිත්‍රත්වයක් අත්කර ගනිමින්, මෙම ආත්මික පවිත්‍ර කර ගැනීමෙන් ප්‍රයෝජන ලබත්.—එපීස 4:22-24.
අද දින ආත්මික පවිත්‍ර කර ගැනීමේ ව්‍යාපාරයක් සඳහා කාලය උදා වී ඇත. ලෞකික පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක් සුදුසු කාලයේ දී ක්‍රියාත්මක වනු ඇති අතර, එය අපගේ නිවසට අත් විය යුතු දූෂණයෙන් තොර පරිසරයක් ඊට ලබා දෙමින්, සමස්ත ලෝක කුණු ගොඩක් වීමෙන් එය ආරක්ෂා කරනවා ඇත.—දේශනාකාරයා 3:1.
[පාදසටහන්වල]
a නැගෙනහිර යුරෝපයේ පවත්වන ලද මෙම සමුළු මාලාව පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහා 1991 දෙසැම්බර් 22 එවේක්! බලන්න.
b ඊශ්‍රායෙලිතයෝ ලෝහ උණු කිරීමේ ක්‍රියාවලිය හොඳින් දැන සිටියහ. ඔවුන්ගේ ඇතැම් තඹ ආකරවල නෂ්ටාවශේෂ සොයා ගෙන ඇති අතර මෙහි දේවමාළිගය සඳහා උපකරණ සෑදීමට තඹ උණු කරනු ලැබී ය. (1 රාජාවලිය 7:14-46 සසඳන්න.) මෙම උණු කිරීමේ ක්‍රියාවලියේ දී දුම, ලෝහවල අපද්‍රව්‍ය, හා යබොර යනාදී ආකාරයන්ගෙන් යම් ප්‍රමාණයක දූෂණයක් ඇති නොවී සිදු වූවා යයි සිතිය නොහැකි බව පෙනේ. එහෙත් පෙනෙන හැටියට නම්, එතරම් ජනාකීර්ණ නොවූ හා හුදකලා වූ මෙම ප්‍රදේශයේ ස්ථානීය අපවිත්‍රකම සඳහා කුඩා පරිමාණයකින් ඉඩ දෙන්නට යෙහෝවඃ වහන්සේ කැමැත්තෙන් සිටි සේක.