විවාහය තුළ අලුත් පුද්ගලිකත්වය වර්ධනය කිරීම
“ඔබගේ මනස ක්‍රියාත්මක කරවන බලයක් තුළ ඔබ ව අලුත් කරනු ලැබිය යුතුයි, අලුත් පුද්ගලිකත්වය පැළඳ ගත යුතුයි.”—එපීස 4:23, 24, NW.
1. විවාහය සැහැල්ලුවට නොගත යුත්තේ ඇයි?
විවාහය වනාහි යමෙක් ජීවිතය තුළ ගන්නා වූ වඩාත් බැරෑරුම් පියවරවලින් එකකි, එමනිසා එය කිසිවිටෙකත් සැහැල්ලුවට නොගත යුතු ය. ඒ මන්ද? වෙනත් පුද්ගලයෙකුට ජීවිත කාලීන බැඳීමක් එයින් අවශ්‍ය කරවන නිසා ය. යමෙකුගේ මුළු ජීවිතය එම තැනැත්තා සමඟ බෙදා ගැනීමක් ඉන් අදහස් කරයි. එම බැඳීම ශක්තිමත් එකක් වීමට නම් මේරූ විනිශ්චය අවශ්‍ය කරවයි. ‘මනස ක්‍රියාත්මක කරවා ඒ මගින් අලුත් පුද්ගලිකත්වය සකස් කරවන්නාවූ’ ඒකාන්ත බලවේගයක් ද ඊට අවශ්‍ය කරවයි.—එපීස 4:23, 24; සසඳන්න උත්පත්ති 24:10-58; මතෙව් 19:5, 6.
2, 3. (අ) ඥානවන්ත ව විවාහක සහකරුවෙක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ කුමක් ද? (ආ) විවාහයකට ඇතුළත් වන්නේ කුමක් ද?
2 මාංසයේ ප්‍රබල ආශාවන්ගේ හදිසි බලපෑමට හසු වී විවාහයට ඉක්මන් නොවීමට හොඳ හේතු තිබේ. වැඩිහිටි පුද්ගලිකත්වය සහ චරිතය ගොඩ නැගීමට කාලය අවශ්‍ය වෙයි. ස්ථිරසාර විනිශ්චයක් සඳහා අත්තිවාරමක් වශයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය අත්දැකීම හා දැනුම පැමිණෙන්නේ කාලය සමඟ ය. එවිට ගැළපෙන ජීවිත සහකරුවෙකු තෝරා ගැනීම, වඩා සාර්ථකත්වයෙන් යුත් යමක් බවට පත්විය හැකි ය. එක් ස්පාඤ්ඤ හිතෝපදේශයක් එය මෙසේ පැහැදිලි ලෙස සඳහන් කරයි: “නරක විවාහයකට වඩා තනිකඩ ව සිටීම වඩාත් හොඳ ය.”—හිතෝපදේශ 21:9; දේශනාකාරයා 5:2.
3 හරි සහකරුවෙකු තෝරා ගැනීම, පැහැදිලි ව ම, සාර්ථක විවාහයකට මූලික දෙය වෙයි. එසේ කිරීමට නම්, හුදෙක් දේහ ලක්ෂණවලට සිත ඇදී යාමෙන් සහ නුවුවමනා චිත්තවේගී සහ ආලවන්ත පීඩනයන් මගින් පාලනය නොවී, ක්රිස්තියානිවරයෙකු බයිබල් උපදෙස් අනුගමනය කළ යුතු ය. විවාහය යනු ශරීර දෙකක් එකට එකතු වෙනවාට වඩා බොහෝ වැඩි යමකි. ඒ වනාහි පුද්ගලිකත්වයන් දෙකක්, පවුල් හා අධ්‍යාපන පසුබිම් දෙකක්, ඇතැම් විට සංස්කෘතීන් හා භාෂා දෙකක් එකට එකතු කිරීමකි. විවාහය තුළ පුද්ගලයන් දෙදෙනෙකු ව එකට එකතු කිරීමට සහතික ව ම, දිව නිසියාකාර ව පාවිච්චි කිරීම ඉල්ලා සිටී; කථාවේ බලය මගින් අපි ඉරා දමන්නෙමු නැතහොත් ගොඩනංවන්නෙමු. මේ සියල්ලෙන් ම අපට පෙනී යන තවත් දෙයක් නම්, ‘ස්වාමින් වහන්සේ තුළ’, එනම් සෙසු ඇදහිලිවන්තයෙකු ව විවාහ කර ගැනීමට පාවුල් දී තිබෙන උපදෙසේ ඇති ප්‍රඥාව ය.—1 කොරින්ති 7:39; උත්පත්ති 24:1-4; හිතෝපදේශ 12:18; 16:24.
විවාහයේ දුෂ්කරතාවලට මුහුණ දීම
4. විවාහයක් තුළ ඇතැම් අවස්ථාවල දී, ගැටුම් සහ පීඩන පැන නගින්නේ මන්ද?
4 හොඳ අත්තිවාරමක් තිබිය දී පවා, ගැටුම්, පීඩන සහ ආතතිය පවතින අවස්ථා තිබෙනු ඇත. විවාහ වුණත් නැතත්, ඕනෑ ම කෙනෙකු හට මේවා සාමාන්‍ය දේවල් ය. ආර්ථික හා සෞඛ්‍ය ගැටලු ඕනෑ ම සබඳතාවයකට පීඩනයන් ඇති කරලන්නට පුළුවන. විවාහය කොතරම් හොඳින් තිබුණත් මනසේ ස්වභාවයේ වෙනස්කම් නිසා පුද්ගලිකත්වයන් අතර ගැටුම් ඇති විය හැක. අනෙක් සාධකය නම්, යාකොබ් සඳහන් කළාක් මෙන්, දිව සම්පූර්ණයෙන් පාලනය කරන්නට කිසිවෙකුට නොහැකි බව ය: “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙකු වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සමපූර්ණ මනුෂ්‍යයෙක්ය. . . . දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටු කරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද!”—යාකොබ් 3:2, 5.
5, 6. (අ) වරදවා තේරුම් ගැනීම් ඇති වන විට කුමක් අවශ්‍ය වේ ද? (ආ) භේදකාරී තත්ත්වයක් සුව කිරීමට කුමන ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍ය වේ ද?
5 විවාහය තුළ පීඩනයන් පැන නඟින විට, තත්ත්වය පාලනය කිරීමට අපට හැක්කේ කෙසේ ද? වරදවා තේරුම් ගැනීමක් දබරයකටත්, දබරයක් භේද වී ගිය සම්බන්ධතාවයක් දක්වා වැඩි වර්ධනය වීමක් වළක්වා ගැනීමට අපට හැක්කේ කෙසේ ද? මනස ක්‍රියාත්මක කරවන බලයේ බලපෑම අදාළ වන්නේ මෙතැන දී ය. මෙම පොලඹවන සුලු ස්වභාවය, ඒකාන්ත හෝ නිෂේධාත්මක විය හැක, ගොඩ නඟන සුලු සහ ආත්මික නැඹුරු බවකින් යුක්ත හෝ මාංසික නැඹුරුවාවන් මගින් පාලනය වන අවමන් සහගත එකක් හෝ විය හැකියි. එය ගොඩනඟන සුලු නම්, භේදකාරී තත්ත්වය සුවකරලීමටත්, ඔහුගේ හෝ ඇගේ විවාහය හරි දිසාවේ තබා ගැනීමටත් එම පුද්ගලයා ක්‍රියා කරනු ඇත. වාදයන්, එකඟ නොවීම් විවාහයක් අවසන් නොකළ යුතු ය. වාතාවරණය හොඳ අතට ගෙනා හැකි අතර, බයිබල් උපදෙස් අදාළ කර ගැනීමෙන් අන්‍යෝන්‍ය ගෞරවය හා අවබෝධය යළි පිහිටුවාලිය හැක.—රෝම 14:19; එපීස 4:23, 26, 27.
6 මෙම තත්ත්වයන් යටතේ දී පාවුල්ගේ වදන් බොහෝ සෙයින් ගැලපේ: “එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් [වෙන කෙනෙකුට විරුද්ධ ව චෝදනා කිරීමට හේතුවක් තිබුණත් NW] එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹලාට කමාවුණක්මෙන් නුඹලාත් කරපල්ලා. මේ සියල්ලට උඩින් ප්‍රේමය නමැති සපුර්ණකමේ බැම්ම බැඳගනිල්ලා.”—කොලොස්සි 3:12-14.
7. සමහර අයට තම විවාහයන් තුළ කුමන ගැටලුව තිබිය හැකි ද?
7 එම ඡේදය කියවීමට පහසු ය, නමුත් නූතන ජීවිතයේ පීඩනය යටතේ, එය අදාළ කර ගැනීම සැමවිට ම පහසු දෙයක් නොවේ. මූලික ප්රශ්නය විය හැක්කේ කුමක් ද? ඇතැම් අවස්ථාවන්හි දී, ක්‍රිස්තියානියෙක් දෙයාකාර ප්‍රතිපත්ති සහිත ජීවිතයක් ගත කරනවා විය හැකි ය. ඔහු රාජ්‍යය ශාලාවේ දී සහෝදරයන් අතර සිටින විට, ඔහු කරුණාවෙන් සහ සැලකිල්ලෙන් ක්‍රියා කරයි. ඉන් පසු, නැවත නිවසේ දී, ගෙදර දොරේ වැඩකටයුතුවල දී, ඔහු තමාගේ ආත්මික සම්බන්ධතාවය අමතක කිරීමට නැඹුරු වෙනවා විය හැකි ය. එතැන සිටින විට “ඔහු” සහ “ඇය,” පුරුෂයා හා භාර්යාව පමණි. ඇරත්, අධික පීඩනය යටතේ සිටින විට, අන්තිමේ දී ඔහු (හෝ ඈ) කිසිවිටකත් රාජ්‍යය ශාලාවක් තුළ දී නොකියන අකාරුණික දේ කියනවා විය හැකි ය. සිදු වී ඇත්තේ කුමක් ද? මොහොතකට, ක්‍රිස්තියානිකම අතුරුදහන් වී ගොස් ඇත. නිවසේ දී ඔහු (හෝ ඈ) තවමත් ක්‍රිස්තියානි සහෝදරයෙක් (හෝ සහෝදරියක්) යයි දෙවියන් වහන්සේගේ සේවකයෙකුට අමතක වී ගොසිනි. මනස ක්‍රියාත්මක කරවන බලය ඒකාන්ත එකක් වෙනවා වෙනුවට නිෂේධාත්මක එකක් බවට පත් වී තිබේ.—යාකොබ් 1:22-25.
8. මනස ක්‍රියාත්මක කරවන බලය නිෂේධාත්මක වන විට, ප්‍රතිඵලය කුමක් විය හැකි ද?
8 ප්‍රතිඵලය කුමක් ද? ‘සිය භාර්යාව සමඟ දැනගැන්මේ හැටියට වාසය කරමින්, වඩා දුර්වල වූ භාජනයකට මෙන්, සියුමැලි තැනැත්තිය වශයෙන් ඇයට ගෞරව දීම’ ස්වාමිපුරුෂයා විසින් නවතා දමා තිබෙනවා විය හැකි ය. භාර්යාව තවදුරටත් ඇගේ ස්වාමිපුරුෂයාට ගෞරව නොකරනවා වන්නට පුළුවන; ඇගේ “මෘදුවූ නිශ්චලවූ ගතිය” නැති වී ගොස් තිබේ. මනස ක්‍රියාත්මක කරවන බලය ආත්මික වෙනුවට මාංසික එකක් බවට පත් ව තිබේ. “මනසේ මාංසික රාමුවක්” දැන් බල පවත්වන්නේ ය. එසේ නම්, එම පොලඹවන බලය, ආත්මික හා ඒකාන්ත එකක් ලෙස තබා ගැනීමට කුමක් කළ හැකි ද? අප අපගේ ආත්මිකත්වය ප්‍රබල ලෙස ශක්තිමත් කර ගත යුතු ය.—1 පේතෘස් 3:1-4, 7, NW; කොලොස්සි 2:18.
බලය ශක්තිමත් කර ගන්න
9. එදිනෙදා ජීවිතයේ දී, කිනම් තේරීම් කිරීමට අපට තිබේ ද?
9 එම පොලඹවන බලය නම්, අපට තීරණ ගැනීමට හා තෝරා ගැනීම් කිරීමට තිබෙන විට, අදාළ වන්නා වූ මානසික නැඹුරුවාවයි. හොඳ හෝ නරක වේවා, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී වේවා, සදාචාර හෝ දුරාචාර වේවා, නිරන්තර තෝරා ගැනීම් මාලාවක් ජීවිතයෙන් ඉදිරිපත් වෙයි. හරි තීරණ ගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක් ද? යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කිරීම මත කේන්ද්‍රගත ව පවතී නම්, එය වනාහි මනස ක්‍රියාත්මක කරවන බලයයි. ගීතිකාකරු මෙසේ යාච්ඤා කළේ ය: “ස්වාමිනී, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි.”—ගීතාවලිය 119:33; එසකියෙල් 18:31; රෝම 12:2.
10. මනස ක්‍රියාත්මක කරවන බලය ඒකාන්ත අයුරකින් ශක්තිමත් කිරීමට අපට හැක්කේ කෙසේ ද?
10 විවාහයේ විශ්වාසය කඩකිරීම ඇතුළු, නරක දෙයින් ඉවත් වී උන් වහන්සේ ව සතුටු කිරීමට, අපට උපකාරවත් වනු ඇත්තේ යෙහෝවඃ වහන්සේ සමඟ ශක්තිමත් සබඳතාවයක් තිබීම ය. ඊශ්‍රායෙල්වරුන් ව දිරිගන්වන ලද්දේ, “[ඔවුන්ගේ] දෙවිවූ ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන” ලෙස ය. එහෙත් දෙවියන් වහන්සේ මෙසේ ද උපදෙස් දුන් සේක: “ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්.” දස පනතේ හත් වෙනි පනත වන, “කාමමිථ්‍යාචාරය නොකරව” යන ආඥාව සැලකිල්ලට ගෙන, කාමමිථ්‍යාචාරයට ද්වේෂ කිරීම ඉශ්රායෙල්වරුන්ගෙන් අපේක්ෂා කෙරුණි. විවාහය තුළ විශ්වාසවන්තකම පිළිබඳ දෙවියන් වහන්සේගේ දැඩි දෘෂ්ටිය එම ආඥාවෙන් පෙන්වී ය.—ද්විතීය කථාව 12:28; ගීතාවලිය 97:10; නික්මයාම 20:14; ලෙවී කථාව 20:10.
11. අපගේ මනස ක්‍රියාත්මක කරවන බලය තවදුරටත් ප්‍රබල ව ශක්තිමත් කර ගැනීමට අපට හැක්කේ කෙසේ ද?
11 මනස ක්‍රියාත්මක කරවන බලය තවදුරටත් ශක්තිමත් කිරීමට අපට හැක්කේ කෙසේ ද? ආත්මික ක්‍රියාකාරකම් හා සාර ධර්මයන් අගය කිරීමෙනි. මින් අදහස් කරන්නේ, දේව වචනය නිති පතා පාඩම් කිරීමට ඇති අවශ්‍යතාවය අප පිරිමැසිය යුතුවාක් මෙන් ම, යෙහෝවඃ වහන්සේගේ සිතිවිලි හා උපදෙස් එකට සාකච්ඡා කිරීමේ ප්‍රීතිය ලැබීමට ද ඉගෙන ගත යුතු බව ය. අපගේ හෘදයාංගම හැඟීම් ගීතිකාකරුගේ හැඟීම්වලට සමාන විය යුතු ය: “මාගේ මුළු සිතින් [හදින් NW] ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ [හදේ NW] නිධාන කරගතිමි. ස්වාමිනී, [යෙහෝවඃ වහන්ස NW] ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි. මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යවස්ථාව රක්ෂාකරන්නෙමි. එසේය, මාගේ මුළු සිතින් [හදින් NW] එය පවත්වන්නෙමි.”—ගීතාවලිය 119:10, 11, 33, 34.
12. ක්‍රිස්තුස් වහන්සේගේ මනස පිළිබිඹු කිරීමෙහි අප ව එක්සත් කළ හැකි දේවල් මොනවා ද?
12 යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති උදෙසා මේ ආකාරයේ අගය කිරීමක් පවත්වා ගන්නේ, බයිබලය පාඩම් කිරීමෙන් පමණක් නොව, නමුත් ක්‍රිස්තියානි රැස්වීම්වලට නිති පතා හවුල්වීමෙන් සහ ක්‍රිස්තියානි දේව සේවය තුළ එක් ව නිරත වීමෙන් ය. මෙම ප්‍රබල බලපෑම් දෙකට, අපගේ පරාර්ථකාමී ජීවිත ක්‍රමය නිතර ක්‍රිස්තුස් වහන්සේගේ මනස පිළිබිඹු කරන ලෙසින්, අපගේ මනස් ක්‍රියාත්මක කරවන බලය අඛණ්ඩ ව ශක්තිමත් කළ හැකි ය.—රෝම 15:5; 1 කොරින්ති 2:16.
13. (අ) මනස ක්‍රියාත්මක කරවන බලය ශක්තිමත් කිරීමේ ලා යාච්ඤාව අගනා සාධකයක් වන්නේ මන්ද? (ආ) මේ සම්බන්ධයෙන් යේසුස් වහන්සේ තැබූ ආදර්ශය කුමක් ද?
13 අනෙක් සාධකය නම්, පාවුල් එපීසවරුන්ට ලියූ තම ලිපියේ කැපී පෙනෙන්ට සැලැස්වූ එකය: “සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද . . . සියලු කාලවලදී ආත්මයාණන් [ආත්මය NW] කරණකොටගෙන යාච්ඤාකරපල්ලා.” (එපීස 6:18) ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් එකට යාච්ඤා කිරීමට අවශ්‍ය ය. බොහෝ විට හෘදය විවෘත කරවන එම යාච්ඤාවන්, කැඩී ගොස් තිබෙන යමක් නැවත ප්‍රකෘතිමත් කරන අවංක කථා බහට මඟ පෙන්වයි. පරීක්ෂණ සහ පරීක්ෂාවන් තිබෙන අවස්ථාවල දී, උපකාරය පතා, ක්‍රිස්තුස් වහන්සේගේ මනසට එකඟ ව හරි දේ කිරීමට ආත්මික ශක්තිය ඉල්ලා කරන යාච්ඤාව තුළින් දෙවියන් වහන්සේ වෙතට හැරීමට අපට අවශ්‍ය ය. පරිපූර්ණ යේසුස් වහන්සේ පවා, ශක්තිය ඉල්ලා බොහෝ අවස්ථාවන්හි දී සිය පියාණන් වෙතට යාච්ඤාවෙන් හැරුණ සේක. උන් වහන්සේ කළ යාච්ඤාවන් ඉතා ඕනෑකමින් හදපත්ලෙන් ම විය. එමෙන් ම අද දිනත්, පරීක්ෂාවන් පවතින අවස්ථාවන්හි දී, මාංසයට වැටීමට තිබෙන ආශාවට සහ විවාහ ගිවිසුම පාවා දීමට එරෙහි ව සිටීමටත් අප හට උපකාර කරන මෙන් යෙහෝවඃ වහන්සේගෙන් අයැද සිටීමෙන් හරි තීරණය ගන්නට අපට ශක්තිය සොයා ගත හැක.—ගීතාවලිය 119:101, 102.
හැසිරීමේ එකිනෙකට වෙනස් ආදර්ශ
14, 15. යෝසෙප් පරීක්ෂණයට ප්‍රතික්‍රියා කළේ කෙසේ ද? (ආ) පරීක්ෂාවට එරෙහි ව සිටීමට යෝසෙප්ට උපකාරවත් වූයේ කුමක් ද?
14 පරීක්ෂාවන්ට මුහුණ දීමට අපට හැක්කේ කෙසේ ද? මේ සම්බන්ධයෙන්, යෝසෙප් සහ දාවිත් විසින් ගන්නා ලද ක්‍රියා මාර්ගයන් අතර තිබෙන පැහැදිලි වෙනස අපට ගත හැකි ය. එම කාලයේ දී පෙනෙන හැටියට තනිකඩයෙකු ව සිටි කඩවසම් යෝසෙප් ව දුරාචාරයට ගොදුරු කර ගැනීමට පෝතිඵර්ගේ භාර්යාව උත්සාහ කළ විට, ඔහු අවසානයේ දී ඈට පිළිතුරු දුන්නේ මෙසේ පවසමිනි: “මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; නුඹ ඔහුගේ භාර්‍ය්‍යාව බැවින් [ඔබේ ස්වාමිපුරුෂයා] නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද?”—උත්පත්ති 39:6-9.
15 ගොදුරු වීමට මෙතරම් පහසු ව තිබෙද්දී, හරි ක්‍රියා මාර්ගයක් ගැනීමට යෝසෙප් හට උපකාර කළේ කුමක් ද? මනස ක්‍රියාත්මක කරවන ප්‍රබල බලයක් ඔහුට තිබිණි. යෙහෝවඃ වහන්සේ සමඟ තිබූ ඔහුගේ සබඳතාවය ගැන ඔහු ඉතා සාවධාන ව සිටියේ ය. මෙම රාගයෙන් මත් ව සිටි ගැහැණිය සමඟ වේශ්‍යාකම් කිරීම ඇත්තට ම ඇගේ ස්වාමිපුරුෂයාට පමණක් නොව, ඊටත් වඩා වැදගත් ලෙස, දෙවියන් වහන්සේට විරුද්ධ ව කරන පාපයක් බව ඔහු දැන සිටියේ ය. —උත්පත්ති 39:12.
16. දාවිත් පරීක්ෂාවකට ප්‍රතික්‍රියා කළේ කෙසේ ද?
16 මීට පටහැනි ලෙස, දාවිත්ට සිදු වුණේ කුමක් ද? ව්‍යවස්ථාව මගින් අවසර දෙනු ලැබ සිටි භාර්යාවන් කිහිප දෙනෙකු සමඟින්, ඔහු විවාහක පුරුෂයෙකු ව සිටියේ ය. එක් සැන්දෑවක ඔහු තමාගේ මාලිගයේ සිට ස්ත්‍රියක් ස්නානය කරනවා නිරීක්ෂණය කළේ ය. ඒ උරියාගේ භාර්යාව වූ ලස්සන බැත්ෂෙබා විය. පැහැදිලි ව ම ක්‍රියා මාර්ගයක් තෝරා ගැනීමට දාවිත් හට තිබිණි, එනම්, ඔහුගේ හදවතේ රාගිනි ජාලාවල් බුර බුරා නැගෙන අතරතුර, දිගට ම ඒ දෙස බලා සිටීම හෝ ඉවත හැරී ගොස් පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම ය. කිරීමට ඔහු තෝරා ගත්තේ කුමක් ද? ඔහු ඈ ව ඔහුගේ මාලිගයට ගෙන්වා ගෙන, ඈ සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදුණේ ය. තත්ත්වය තවත් දරුණු කරවමින්, ඔහු ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණය සිදු කිරීමට කටයුතු කළේ ය.—2 සාමුවෙල් 11:2-4, 12-27.
17. දාවිත්ගේ ආත්මික තත්ත්වය සම්බන්ධ ව අපට කුමන නිගමනයකට එළැඹිය හැකි ද?
17 දාවිත්ගේ ගැටලුව වූයේ කුමක් ද? ගීතාවලිය 51 තුළ, තමා කරන ලද වරද ගැන ශෝක වෙමින් ඔහු කළ පාපොච්චාරණයෙන් අපට යම් කරුණු කිහිපයක් ගැන නිගමනයට බසින්නට පුළුවන. ඔහු මෙසේ පැවසී ය: “දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් [නිර්මල හදවතක් NW] මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.” තමා පරීක්ෂණයට මුහුණ දෙන අවස්ථාවේ දී, ඔහුට නිර්මල හා ස්ථිර ආත්මයක් හෙවත් [ස්ප්‍රීතුවක් NW] තිබුණේ නැත. සමහරවිට, ඔහු යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාව කියවීම නොසලකා හැර තිබුණා විය හැකි ය, එහි ප්‍රතිඵලය වූයේ ඔහු ආත්මික ව දුර්වල ව සිටීමයි. නැතහොත් තමා රාගික ආශාවට ගොදුරු වීමට ඉඩ සැලසෙන අයුරින් තමාගේ සිතිවිලි දූෂණය කර ගැනීමට තමාගේ තත්ත්වයට හා රජු වශයෙන් තමාගේ බලයට ඔහු විසින් ඉඩ හැර තිබුණා වන්නට පුළුවන. සහතික ව ම, ඒ අවස්ථාවේ දී, ඔහුගේ මනස ක්‍රියාත්මක කළ බලය ආත්මාර්ථකාමී පාපතර එකක් වූයේ ය. මෙසේ, ‘අලුත්, ස්ථිර ආත්මයක’ අවශ්‍යතාව ඔහු පිළිගත්තේ ය.—ගීතාවලිය 51:10; ද්විතීය කථාව 17:18-20.
18. යේසුස් වහන්සේ කාමමිථ්‍යාචාරය පිළිබඳ ව දුන් උපදේශය කුමක් ද?
18 සමහරක් ක්‍රිස්තියානි විවාහයන් විනාශ වී තිබෙන්නේ මන්දයත්, සහකරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනා ම, දාවිත් රජට වුණාක් මෙන්, ආත්මික ව දුර්වල තත්ත්වයකට ඇද වැටීමට තමන්ට ඉඩ හැර තිබීම ය. වෙනත් ස්ත්‍රියක හෝ මිනිසෙකු දෙස රාගික ඇසින් දිගින් දිගට ම බැලීමට එරෙහි ව ඔහුගේ ආදර්ශය අප හට අනතුරු ඇඟවිය යුතු ය, මන්දයත් ඊළඟට අවසානයේ දී කාමමිථ්‍යාචාරය සිදු විය හැකි ය. මේ සම්බන්ධ ව මිනිස් චිත්තවේගයන් ගැන තමන් විසින් අවබෝධ කර ගත් බව, යේසුස් වහන්සේ පෙන්වූ සේක: “කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවෙලේම ඈ සමග සිතින් [හෘදයෙන් NW] කාමමිථ්‍යාචාරය කෙළේය.” එවන් අවස්ථාවක දී, මනස ක්‍රියාත්මක කරවන බලය ආත්මාර්ථකාමී ය, කාමුක ය, ආත්මික නොවේ. එසේ නම්, කාමමිථ්‍යාචාරයෙන් වැළකී, තම විවාහයන් සන්තෝෂයෙන් හා තෘප්තිමත් ව තබා ගැනීමට ක්‍රිස්තියානින්ට කුමක් කළ හැකි ද?—මතෙව් 5:27, 28.
විවාහ බන්ධනය ශක්තිමත් කර ගන්න
19. විවාහයක් ශක්තිමත් කළ හැක්කේ කෙසේ ද?
19 සාලමොන් රජ මෙසේ ලීවේ ය: “යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන් වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.” සහතික ව ම, එකඟතාවයකින් ක්‍රියා කරන දෙදෙනෙකු සිටින විවාහයකට විපත්තියක දී, තනි පුද්ගලයෙකුට වඩා එක් ව නැගී සිටින්නට හැක. එහෙත්, තුන් පට ලණුවක් මෙන්, ඔවුන්ගේ බන්ධනය තුළ දෙවියන් වහන්සේ ව තබා ගෙන සිටිනවා නම්, විවාහය බලගතු ශක්තිමත් එකක් වෙනවා ඇත. විවාහයක් තුළ දෙවියන් වහන්සේට සිටීමට හැක්කේ කෙසේ ද? උන් වහන්සේගේ ප්‍රතිපත්ති සහ විවාහය සඳහා වූ උන් වහන්සේගේ උපදෙස් යුවළ විසින් අදාළ කර ගැනීමෙනි.—දේශනාකාරයා 4:12.
20. ස්වාමිපුරුෂයෙකුට උපකාරවත් විය හැක්කේ කිනම් බයිබල් උපදේශය ද?
20 ස්ථිර ව ම, ස්වාමිපුරුෂයා පහත සඳහන් පාඨවල තිබෙන උපදෙස් අදාළ කර ගන්නවා නම්, ඔහුගේ සාර්ථකත්වය උදෙසා ඔහුගේ විවාහයට වඩාත් හොඳ පදනමක් තිබේ:
“පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්ය්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා.”—1 පේතෘස් 3:7.
“පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්ය්යාවන්ට ප්‍රේමකරපල්ලා. එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්ය්යයාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්‍ය්‍යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය.”—එපීස 5:25, 28.
“ඇගේ [ස්වාමිපුරුෂයා] නැගිට ඈට ප්‍රශංසා කරයි. දක්ෂතා පෙන්වා ඇති දූවරු බොහෝ ය, නමුත් ඔබ—ඔබ ඒ සියල්ලන්ට ම වඩා ඉහළින් සිටින්නෙහි ය.”—හිතෝපදේශ 31:28, 29, NW.
“යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද? තමාගේ අසල්වාසියාගේ භාර්‍ය්‍යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය. කාමමිථ්‍යාචාරය කරන්නා [කරන ඕනෑ ම කෙනෙක් NW] . . . තමාගේ ප්‍රාණය නාස්තිකරගන්නේය.”—හිතෝපදේශ 6:28, 29, 32.
21. භාර්යාවකට උපකාරවත් විය හැක්කේ කිනම් බයිබල් උපදේශය ද?
21 භාර්යාවක් සාවධාන ව, පහත සඳහන් බයිබල් ප්‍රතිපත්තිවලට අවධානය යොමු කරනවා නම්, ඈ ඇගේ විවාහයේ ස්ථිර භාවයට දායක වෙනවා ඇත:
“භාර්යාවරුනි, ඔබ ඔබගේ ස්වාමිපුරුෂයන්ට යටත් ව සිටින්න, මන්දයත්, එවැන්නෙක් වචනයට කීකරු ව නොසිටියත්, ගැඹුරු ගෞරවය [හා ඔබගේ] නිසංසල මොළොක් ස්වභාවය සමඟ මුසු වූ නිර්මල හැසිරීම සියැසින් දැක තිබීම හේතුවෙන්, වචනයකින් තොර ව ඔවුන්ගේ භාර්යාවන්ගේ හැසිරීම තුළින් ඔවුන් ව දිනා ගත හැක.”—1 පේතෘස් 3:1-4, NW.
“පුරුෂයා භාර්‍ය්‍යාවට [ලිංගික ව] යුතු දේ කර දේවා; එසේම භාර්ය්යාවත් පුරුෂයාට කරදේවා. . . . දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව [එය අහිමි කරගෙන NW] සිටිනවා මිස, නැත්නම් වෙන්ව [එය අහිමි කරගෙන NW] නොසිටිල්ලා.”—1 කොරින්ති 7:3-5.
22. (අ) විවාහයක යහපත උදෙසා බලපෑම් කළ හැක්කේ වෙනත් කුමන සාධකයන්ට ද? (ආ) යෙහෝවඃ වහන්සේ විවාහය දෙස බලන්නේ කෙසේ ද?
22 එමෙන් ම ප්‍රේමය, කරුණාව, දයානුකම්පාව, ඉවසීම, අවබෝධය, දිරිගැන්වීම සහ ප්‍රශංසාව යන මේවා විවාහය නමැති මාණික්‍යයේ අනෙක් අත්‍යවශ්‍ය මුහුණත් බව බයිබලය පෙන්වයි. ඒවායෙන් තොර විවාහයක්, හිරු එළිය සහ ජලය නොමැති පැළෑටියක් මෙන් ය—එහි මල් පිපෙන්නේ කලාතුරකිනි. එබැවින්, අපගේ මනස ක්‍රියාත්මක කරවන බලය, අපගේ විවාහය තුළ එකිනෙකා ව දිරිගැන්වීමටත් නැවුම් බවක් ගෙන දීමටත් අප ව පොලඹවාවා. යෙහෝවඃ වහන්සේ ‘දික්කසාදයකට දැඩි ලෙස විරුද්ධ වන’ බව මතක තබා ගන්න. ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාත්මක කරනු ලැබේ නම්, කාමමිථ්‍යාචාරයට සහ විවාහයේ බිඳ වැටීමට කිසිදු ඉඩක් නැත. මන්ද? මන්දයත් “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.”—මලාකී 2:16, නව අනුවාදය; 1 කොරින්ති 13:4-8; එපීස 5:3-5.
ඔබට පැහැදිලි කළ හැකි ද?
◻ සන්තෝෂවත් විවාහයකට මූලික වන්නේ කුමක් ද?
◻ මනස ක්‍රියාත්මක කරවන බලය විවාහයකට බලපාන්නේ කෙසේ ද?
◻ අපගේ මනස් ක්‍රියාත්මක කරවන බලය ශක්තිමත් කිරීමට අපට කුමක් කළ හැකි ද?
◻ පරීක්ෂාවන් යටතේ සිටි විට යෝසෙප් හා දාවිත් එකිනෙකාට වෙනස් ව ප්‍රතික්‍රියා කළේ කෙසේ ද?
◻ විවාහ බන්ධනය ශක්තිමත් කිරීම සඳහා ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් හට කිනම් බයිබල් උපදෙස් උපකාරවත් වෙයි ද?
[18වන පිටුවේ පින්තූර]
අප හැසිරීමේ දෙයාකාර ප්‍රතිපත්ති පිළිවෙතකින්—එනම් සභාවේ කරුණාවන්ත ව සහ නිවසේ දී රළු ලෙස ජීවත් වෙනවා ද?