ක්‍රිස්තියානි පවුල මහලු අයට උපකාර කරයි
“මහලු වයසේදී මා ඉවත නොහළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.”—ගීතාවලිය 71:9.
1. බොහෝ සංස්කෘතීන් තුළ මහලු අය ව සලකනු ලබන්නේ කෙසේ ද?
“වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව මෙසේ පැවසුවේ ය: “අඩන්තේට්ටම් කරනු ලැබූ වයස් ගත උදවියගෙන් දළ වශයෙන් සත් දෙනෙකුගෙන් හය දෙනෙක් ව (86%) වැරදි සහගත ලෙස සලකනු ලැබ තිබෙන්නේ ඔවුන්ගේ ම පවුල් විසින් බව සමීක්ෂණවලින් හෙළිවේ.” මොඩර්න් මච්යෝරිටි සඳහන් කළේ මෙසේයි: “කලින් හොර රහසේ වසාගෙන තිබුණත් ජාතික පුවත් පත්වල පිටු තුළ හෙළි වන නවීනතම පවුල් ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නම්, වයස් ගත උදවියට කුරිරු අන්දමින් සලකනු ලැබීමයි.” එසේ ය, බොහෝ සංස්කෘතීන් තුළ සිටින වයස් ගත පුද්ගලයෝ ප්‍රබල අයුරින් වැරදි සහගත ලෙස සලකනු ලැබීමේ හා නොසැලකිලිමත් භාවයේ ගොදුරු බවට පත් ව සිටිති. සැබවින් ම අපගේ කාලය වනාහි බොහෝ දෙනා ‘තමුන්ට ම ප්‍රේම කරන, ස්තුතිවන්ත නොවන, ජන්ම ස්නේහයක් නැති අය ව’ සිටින කාලයකි.—2 තිමෝති 3:1-3.
2. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට අනුව, යෙහෝවඃ වහන්සේ මහලු අය දෙස බලන්නේ කෙසේ ද?
2 එහෙත්, ඉපැරණි ඊශ්‍රායෙලයේ සිටි වයසක අය සලකනු ලැබීමට තිබුණේ එසේ නොවේ. ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් විය: “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටපන්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරපන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙයන්න; මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW].” දේවානුභාවයෙන් ලද ප්‍රඥාවන්ත හිතෝපදේශවලින් යුත් පොත අපට මෙසේ උපදෙස් දෙයි: “නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසාපන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.” එහි මෙසේ ආඥා කරයි: “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසාපන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.” ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ ම මහලු අයට ගෞරව කරන්නටත් සැලකිල්ල දක්වන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් උගන්වන ලදි. මහලු අයට ගෞරව කිරීම යෙහෝවඃ වහන්සේ අපේක්ෂා කරන බවට පැහැදිලි ය.—ලෙවී කථාව 19:32; හිතෝපදේශ 1:8; 23:22.
බයිබල් කාලවල දී මහලු අයට සැලකිල්ල දැක්වීම
3. යෝසෙප් තම මහලු පියා හට දයානුකම්පාව දැක්වූයේ කෙසේ ද?
3 නිකම් වචනවලින් පමණක් නොව නමුත් සැලකිලිමත් ක්‍රියාවලින් ද ගෞරවය දැක්විය යුතු විය. යෝසෙප් තමාගේ මහලු පියා කෙරෙහි මහත් දයානුකම්පාවක් දැක්වූයේ ය. මිසරයේ සිට සැතපුම් 200ක් පමණ දුර ගෙවා යාකොබ් කානාන් දේශය වෙතට පැමිණීම ඔහුට වුවමනා විය. එබැවින්, “මිසරයේ හොඳ දේවල් පටවනලද කොටළුවන් දසදෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජනද පටවන ලද කොටළුදෙනුන් දසදෙනෙකුත්” යෝසෙප් යාකොබ් හට යැවී ය. යාකොබ් ගෝෂෙන් දේශයට පැමිණි විට, යෝසෙප් ඔහු වෙතට ගොස්, “ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය.” යෝසෙප් තම පියා කෙරෙහි ගැඹුරු ස්නේහයක් බොහෝ සෙයින් විදහා පෑවේ ය. මහලු අය කෙරෙහි සැලකිල්ල දැක්වීම ගැන මොනතරම් පොලඹවන සුලු වාර්තාවක් ද!—උත්පත්ති 45:23; 46:5, 29.
4. රූත් අනුගමනය කිරීමට කදිම ආදර්ශයක් වන්නේ මන්ද?
4 මහලු අය කෙරෙහි කරුණාව පෑම පිළිබඳ ව තවත් සිත්කලු ආදර්ශයකි, රූත්. අන්‍යජාතික තැනැත්තියක වුවද, ඈ තම යුදෙව් ජාතික නැන්දම්මා වූ නයෝමි සමඟ ඇලී සිටියා ය. තමාගේ ම ජනයා අත්හැර දැමූ ඈ, වෙනත් ස්වාමිපුරුෂයෙකු සොයා ගත නොහැකි වීමේ අවදානමට මුහුණ දුන්නා ය. තමාගේ ම ජනයා වෙතට හැරී යන ලෙස නයෝමි විසින් උදක් ම ඉල්ලා සිටිනු ලැබුව ද, රූත් මීට පිළිතුරු දුන්නේ බයිබලයේ සඳහන් වෙන වඩාත් අලංකාරවත් වචන සමහරක් භාවිතා කරමිනි. “නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි; නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනග මාගේ සෙනග වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක. නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත් කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්[වා].” (රූත් 1:16, 17) තව ද නෑනා මස්සිනා විවාහ විධිවිධානය යටතේ වැඩිමහල් බෝවස් ව විවාහ කර ගැනීමට තමා විසින් කැමැත්ත පළ කරනු ලැබූ විට ද රූත් කදිම ගුණාංග පෙන්නුම් කළා ය.—රූත්, පරිච්ඡේද 2 සිට 4.
5. ජනයා සමඟ කටයුතු කිරීමේ දී, යේසුස් වහන්සේ කුමන ගුණාංග පෙන් වූ සේක් ද?
5 ජනයා සමඟ කටයුතු කිරීමෙහි ලා යේසුස් වහන්සේ ද මීට සමාන ආදර්ශයක් තැබූ සේක. උන් වහන්සේ, ඉවසිලිවන්ත වූ සේක, දයානුකම්පිත වූ සේක, එමෙන් ම නැවුම් බවක් ගෙන දෙන සුලු කෙනෙකු වූ සේක. වසර 38ක් මුළුල්ලේ ආබාධිත ව, කථා කිරීමට නොහැකි ව සිටි දුප්පත් මිනිසෙකු කෙරෙහි පුද්ගලික උනන්දුවක් දැක්වූ උන් වහන්සේ, ඔහු ව සුව කළ සේක. උන් වහන්සේ වැන්දඹුවන් කෙරෙහි සැලකිල්ල දැක් වූ සේක. (ලූක් 7:11-15; යොහන් 5:1-9) වධ කණුවක් මත තම වේදනාකාරී මරණයේ දුක් ගාවිනා අතරතුරේ දී පවා, උන් වහන්සේ, පෙනෙන විදිහට වයස අවුරුදු 50ක් පමණ ව සිටි තම මව ව රැකබලා ගනු ඇති බවට සහතික වූ සේක. තමාට සිටි කුහක සතුරන්ට හැර, උන් වහන්සේ සෑම කෙනෙකු හට ම නැවුම් බවක් ගෙන දෙන සුලු ආශ්‍රිතයෙකු වූ සේක. මේ අනුව, මෙසේ කියන්නට උන් වහන්සේට හැකි විණි: “වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය [නැවුම් බව NW] ලැබෙනු ඇත.—මතෙව් 9:36; 11:28, 29, නව අනවාදය; යොහන් 19:25-27.
සැලකිල්ල ලැබීමට වටින්නේ කවුද?
6. (අ) විශේෂ සැලකිල්ල ලැබීමට වටින්නේ කවුද? (ආ) අපට අපගෙන් ම කුමන ප්‍රශ්න ඇසිය හැකි ද?
6 යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ ස්වකීය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, රැකබලා ගැනීම සම්බන්ධ ව මෙතරම් කදිම ආදර්ශයන් තබන හෙයින්, කැපවූ ක්‍රිස්තියානින් එම ආදර්ශය අනුගමනය කිරීම ඉතා යෝග්‍ය බවට නිසැක ය. අප අතර, වසර ගණනාවක් මුළුල්ලේ, වෙහෙස වී, බර උසුලා ඇති—එනම් තම ජීවිතයේ සැඳෑ සමයේ පසුවෙන මහලු සහෝදර සහෝදරියන් ගණනාවක් සිටිති. මේ අයගෙන් ඇතමෙක් අපගේ දෙමාපියන් හෝ දෙමාපියන්ගේ දෙමාපියන් විය හැක. අපි ඔවුන් ව සැහැල්ලුවට ගන්නෙමු ද? ඔවුන් හට උදව් කරන අයුරින් ගොස් ඔවුන් ඉදිරියේ පාරට්ටුකර ගන්නෙමු ද? නැතහොත් ඔවුන්ගේ වටිනා අත්දැකීම් හා ප්‍රඥාව ඇත්තට ම අගය කරන්නෙමු ද? ඇතැම් මහලු අය සමඟ කටයුතු කිරීමේ දී මහලු වයසට අසාමාන්‍ය දෙයක් නොවන ඔවුන්ගේ පුදුම ගති ලක්ෂණ සහ දුර්වලකම් නිසා අපගේ ඉවසීම පරීක්ෂාවට ලක් විය හැකි බව සැබෑවකි. එහෙත්, ඔබගෙන් ම මෙසේ අසන්න, ‘එම තත්ත්වයන් යටතේ දී මම කොතරම් වෙනස් ව ක්‍රියා කරන්නට යනවා ද?’
7. මහලු අය කෙරෙහි සංවේදනය පෙන්වීමේ අවශ්‍යතාවය කුමකින් නිරූපනය වෙයි ද?
7 මහලු උදවිය ගැන දයානුකම්පාව දැක් වූ එක්තරා යෞවන දැරියක් සම්බන්ධ ව හද දනවන කථාවක් මැදපෙරදිගින් පැමිණෙයි. එක් ආච්චි කෙනෙක් මුළුතැන්ගෙයි උදව් කරමින් සිටින අතර, ඇගේ අතින් හදිසියෙන් ම පිඟානක් බිම වැටී එය බිඳී ගියේ ය. තමාගේ අරපරිස්සමක් නැතිකම ගැන ඈ වියවුල් සහගත තත්ත්වයකට පත් වූ අතර, ඇගේ දියණිය ඊටත් වඩා කෝප වූවා ය. ඈ, ඇගේ කුඩා දියණියට හඬ ගසා, අසල සාප්පුවකට ගොස් ආච්චි හට නොබිඳෙන ලී පිඟානක් මිල දී ගෙන එන ලෙස කීවා ය. එම දැරිය ආපසු පැමිණියේ ලී පිඟන් දෙකක් අතැති ව ය. “ඇයි ඔයා පිඟන් දෙකක් ගෙනාවේ?” මව ප්‍රශ්න කළා ය. මේ මිනිපිරිය තෙපලමින් මෙසේ පිළිතුරු දුන්නා ය. “එකක් ආච්චිට, අනෙක වයස් ගත වූවා ම අම්මට.” එසේ ය, මෙම ලෝකයේ වෙසෙන අප සියල්ලන්ට ම වයස් ගත වීම මුහුණ පෑමට තිබෙන්නකි. අප හට ඉවසීමෙන් හා කරුණාවෙන් සලකනු ලැබීම ගැන අපි අගය නොකරන්නෙමු ද?—ගීතාවලිය 71:9.
8, 9. (අ) අප අතර සිටින මහලු අය ව අප සැලකිය යුත්තේ කෙසේ ද? (ආ) මෑතක දී ක්‍රිස්තියානින් බවට පත්වූ සමහරක් අය මතක තබා ගත යුත්තේ කුමක් ද?
8 අපගේ වයසක සහෝදර සහෝදරියන්ගෙන් බොහෝ දෙනෙකුට ඇදහිලිවන්ත ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සම්බන්ධ ව දීර්ඝ වාර්තාවක් තිබෙන බව කිසිවිටෙකත් අමතක නොකරන්න. සහතික ව ම ඔවුනට අපගේ ගෞරවය හා සැලකිල්ල, අපගේ කාරුණික උපකාරය සහ දිරිගැන්වීම ලැබීම වටී. ප්‍රඥාවන්ත මිනිසා නිවැරදි ලෙස මෙසේ පැවසුවේ ය: “ධර්මිෂ්ඨකමේ මාර්ගය සොයනු ලබන විට, පැසුණු හිසකෙස් අලංකාරයේ ඔටුන්නක් ය.” තව ද, පුරුෂ හෝ ස්ත්‍රී වේවා එම පැසුණු හිසට ගෞරව කළ යුතු ය. මෙම වයස්ගත පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් සමහරෙක් තවමත් ඇදහිලිවන්ත පුරෝගාමින් ලෙස සේවය කරන අතර, පුරුෂයන් බොහෝ දෙනෙක් සභාවල වැඩිමහල්ලන් වශයෙන් ඇදහිලිවන්ත ව දිගට ම සේවය කරත්; ඇතැම්හු සංචාරක අවේක්ෂකයින් වශයෙන් ආදර්ශවත් ලෙස සේවය කරති.—හිතෝපදේශ 16:31, NW.
9 පාවුල් තිමෝති හට මෙසේ උපදෙස් දුණි: “මහලු පුරුෂයෙකු ව තදින් විවේචනය නොකරන්න. ඒ වෙනුවට, ඔහුට පියෙකු මෙන් ද, යෞවන පුරුෂයන්ට සහෝදරයන්ට මෙන් ද, වයස්ගත ස්ත්රීන්ට මව්වරුන්ට මෙන් ද, යෞවන ස්ත්රීන්ට සියලු පිරිසිදුකමින් යුක්ත ව සහෝදරියන්ට මෙන් ද බැගෑපත් ලෙස උපදෙස් දෙන්න.” (1 තිමෝති 5:1, 2, NW) ගෞරවය නොපෙන්වන සුලු ලෝකයක සිට මෑතක දී ක්‍රිස්තියානි සභාව තුළට පැමිණි අය, ප්‍රේමය මත පදනම් වී ඇති, පාවුල්ගේ මෙම වදන් විශේෂයෙන් ම හෘදයට ගත යුතු ය. යෞවනයෙනි, ඔබ විසින් පාසලෙහි දී දැක තිබිය හැකි නරක ආකල්ප අනුකරණය නොකරන්න. වයසින් වැඩි සාක්ෂිකරුවන්ගේ කාරුණික උපදෙස්වලට අමනාප නොවන්න. (1 කොරින්ති 13:4-8; හෙබ්‍රෙව් 12:5, 6, 11) කෙසේ වුවද, මහලු අයගේ දුර්වල සෞඛ්‍යය නිසා හෝ ආර්ථික ගැටලු නිසා ඔවුනට උපකාර අවශ්‍ය අවස්ථාවට පත් වන විට, ඔවුන්ට උපකාර කිරීමට මූලික වගකීම ඇත්තේ කාට ද?
මහලු අය ව රැකබලා ගැනීමෙහි ලා පවුලේ කාර්ය භාරය
10, 11. (අ) බයිබලය පවසන පරිදි, මහලු අය ව රැකබලා ගැනීමෙහි ලා පෙරමුණ ගත යුත්තේ කවුද? (ආ) මහලු අය ව රැකබලා ගැනීම සෑම විට ම පහසු දෙයක් නොවන්නේ මන්ද?
10 මුල් ක්‍රිස්තියානි සභාව තුළ, වැන්දඹුවන් ව රැකබලා ගැනීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ය. එවන් අවශ්‍යතා සපුරාලිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ඇඟවූයේ කෙසේ ද? “ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට ගෞරවකරපන්න. නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට [හා මවුපියන්ගේ මවුපියන්ට NW] ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ. යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය. ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:3, 4, 8.
11 අවශ්‍යතාවය ඇති වන අවස්ථාවල දී, මහලු අයට පළමුවෙන් ම උපකාර කළ යුත්තේ පවුලේ කිට්ටු සාමාජිකයන් ය.a මේ අයුරින්, තමන්ගේ දෙමාපියන් වසර ගණනාවක් පුරා තමන්ට සැපයූ ප්‍රේමයට, ඔවුන් කළ සේවයට සහ දක්වන ලද සැලකිල්ලට අගය පෙන්වීමට වැඩුණු දරුවන්ට හැකි ය. මෙය පහසු නොවිය හැක. මිනිසුන් වයස් ගත වෙත් ම, ඔවුහු සාමාන්‍යයෙන් වඩාත් හෙමින් ක්‍රියා කරති, ඇතැම් අය අබල දුබල තත්ත්වයට පවා පත් වෙති. තවත් අය, සමහරවිට වටහා ගැනීමකින් තොර ව, තමා ගැන ම පමණක් සිතන, දේවල් බලෙන් ඉල්ලා සිටින තත්ත්වයට පත් වෙන්නට පුළුවන. එහෙත්, අප ළදරුවන් ව සිටි විට, අපත් අප ගැන ම සිතන, දේවල් බලෙන් ඉල්ලා සිටින තත්ත්වයක සිටියේ නැද්ද? තව ද අපට උපකාර කිරීමට අපගේ දෙමාපියන් යුහුසුලු වූයේ නැද්ද? දැන් ඔවුන්ගේ මහලු වයස තුළ දේවල් වෙනස් වී ඇත. එනිසා, අවශ්‍ය වන්නේ කුමක් ද? දයානුකම්පාව හා ඉවසීමයි.—1 තෙසලෝනික 2:7, 8 සසඳන්න.
12. මහලු අය ව—සහ ක්‍රිස්තියානි සභාව තුළ සිටින සියලු දෙනා ව ම රැකබලා ගැනීමෙහි ලා අවශ්‍ය වන්නේ කිනම් ගුණාංග ද?
12 ප්‍රේරිත පාවුල් මෙසේ ලියන විට මෙම ප්‍රායෝගික උපදෙස දුණි: “එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹලාට කමාවුණක්මෙන් නුඹලාත් කරපල්ලා. මේ සියල්ලට උඩින් ප්‍රේමය නමැති සපුර්ණකමේ බැම්ම බැඳගනිල්ලා.” අපි මේ ආකාරයේ දයානුකම්පාවක් හා ප්‍රේමයක් සභාව තුළ විදහා දැක්වීමට බැඳී සිටින්නෙමු නම්, පවුල තුළ අප ඊටත් වඩා වැඩියෙන් පෙන්විය යුතු නොවේ ද?!—කොලොස්සි 3:12-14.
13. මහලු දෙමාපියන් හා දෙමාපියන්ගේ දෙමාපියන්ට අමතර ව, උපකාර අවශ්‍ය විය හැක්කේ තවත් කාට ද?
13 ඇතැම් විට, අපගේ දෙමාපියන්ට හෝ දෙමාපියන්ගේ දෙමාපියන්ට පමණක් නොව, නමුත් අපගේ වයස්ගත නෑදෑයින් හට ද මේ ආකාරයේ උපකාර අවශ්‍ය වෙන්නට පුළුවන. දරුවන් නොමැති ඇතැම් මහලු අය මිෂනාරි සේවය තුළ, සංචාරක සේවය තුළ සහ පූර්ණ කාලීන සේවයේ වෙනත් අංශවල වසර ගණනාවක් පුරා සේවය කර තිබේ. ඔවුන් අව්‍යාජ ලෙස තමන්ගේ ජීවිතය පුරා ම රාජ්‍යය පෙරට තබා තිබේ. (මතෙව් 6:33) එසේ නම්, ඔවුන් කෙරෙහි සැලකිල්ලේ ස්වභාවයක් විදහා පෑම උචිත නොවන්නේ ද? වොච්ටවර් සමිතිය එහි මහලු බෙතෙල් සාමාජිකයින් ව රැකබලා ගන්නා ආකාරය සම්බන්ධ ව කදිම ආදර්ශයක් සහතික ව ම අපට තිබේ. බෘක්ලින් හි බෙතෙල් මූලස්ථානයේ සහ සමිතියේ ශාඛාවන් ගණනාවක ම, වයස්ගත සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්, මෙම කාර්යට පත් කරනු ලැබ සිටින පුහුණුව ලත් පවුලේ සාමාජිකයින්ගෙන් දින පතා අවධානය ලබත්. තමන්ගේ ම දෙමාපියන්ට හෝ දෙමාපියන්ගේ දෙමාපියන්ට සලකනවාක් මෙන් මෙම වයස්ගත අය ව රැකබලා ගැනීමට ඔවුහු සතුටු වෙති. මේ අතර ම, මෙම මහලු අයගේ ඇත්දැකීම්වලින් ඔවුහු බොහෝ දෑ ඉගෙන ගනිති.—හිතෝපදේශ 22:17.
රැකබලා ගැනීම සම්බන්ධ ව සභාවට අයත් කාර්ය භාරය
14. මුල් ක්‍රිස්තියානි සභාවේ මහලු අය සඳහා කිනම් සැපයුම් සම්පාදනය කරන ලද්දේ ද?
14 අද දින බොහෝ රටවල, මහලු අය ව රැකබලා ගැනීම සඳහා වයස්ගත අයට විශ්‍රාම වැටුප් ක්‍රම මෙන් ම රජයේ අනුග්‍රහය යටතේ වෛද්‍ය පහසුකම් සැපයෙන ක්‍රම තිබේ. මෙම සැපයුම්වලට තමන් ඇතුළත් වන්නේ නම්, ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීමට ක්‍රිස්තියානින්ට හැකි ය. කෙසේ වුවද, පළමු ශතවර්ෂයේ දී, එවැනි සැපයුම් තිබුණේ නැත. එමනිසා අසරණ වැන්දඹුවන්ට උපකාර කිරීමට ක්‍රිස්තියානි සභාව ඒකාන්ත පියවර ගන්නට විය. පාවුල් මෙසේ මඟ පෙන්වී ය: “වැන්දඹුවන්ගේ ගණනට [ලැයිස්තුවට NW] [සභාවේ ආධාර සඳහා] ලියවෙන්ට යුතුව සිටින්නී නම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්ය්යාවව සිටියාවූ, යහපත් ක්‍රියා ගැන ප්රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගත්රැක සත්කාරයකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.” මෙසේ වයසක අයට උපකාර කිරීමෙහි ලා සභාවට කාර්ය භාරයක් ඇති බව පාවුල් පෙන්වී ය. ඇදහිලිවන්ත දරුවන් නැති ආත්මික මනසකින් යුත් ස්ත්‍රීන් එවන් උපකාර ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.—1 තිමෝති 5:9, 10.
15. රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා උපකාර දීම අවශ්‍ය විය හැක්කේ මන්ද?
15 මහලු අය හට රජයේ දීමනා ලබා ගැනීමට තිබෙන විට, යම් අපහසු බවක් පෙනෙන්ට ඇති රාජකාරී ලිපි ලිවීම් වැනි කටයුතු සාමාන්‍යයෙන් මේවාට ඇතුළත් වෙයි. එවන් අවස්ථාවල දී, උපකාර ලබා දීම සඳහා විධිවිධාන සැලැස්වීමට සභාවේ සිටින අවේක්ෂකයින්ට හැකි අතර, එවිට එවන් ආධාර සඳහා අයදුම් කිරීමට ද, ඒවා ලබා ගැනීමට ද, ඒවා වැඩි කර ගැනීමට පවා ද වයස්ගත අයට හැකි වෙයි. සමහරක් විට, තත්ත්වයන්හි වෙනස්කම් අනුව විශ්‍රාම වැටුප් වැඩිවෙන්නට ද පුළුවන. මහලු අය ව රැකබලා ගැනීම සඳහා අවේක්ෂකයින් හට සංවිධානය කළ හැකි වෙනත් බොහෝ ප්‍රායෝගික දේවල් ද තිබේ. මේවායින් සමහරක් මොනවා ද?
16, 17. සභාවේ සිටින මහලු අය හට අපට කිනම් විවිධ ක්‍රමවලින් ආගන්තුක සත්කාරය පෙන්විය හැකි ද?
16 ආගන්තුක සත්කාරය පෙන්වීම බයිබල් කාලවල් දක්වා දිව යන චාරිත්රයකි. අද දින දක්වා මැදපෙරදිග රටවල් බොහොමයක, අඩුතරමින් තේ හෝ කෝපි කෝප්පයකින් වත් සංග්‍රහ කරමින් ආගන්තුකයින් හට සත්කාරය දක්වනු ලැබේ. එසේ නම්, “ශුද්ධ අයගේ අවශ්‍යතාවලට අනුව ඔවුන් සමඟ බෙදා ගන්න. ආගන්තුක සත්කාරයේ ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න” යයි පාවුල් ලිවීම පුදුමයක් නොවේ. (රෝම 12:13, NW) ආගන්තුක සත්කාරය යන ග්‍රීක වචනය වන ෆි·ලො·ක්සෙ·නිʹආ යන්නෙහි පදගාර්තය නම්, “අමුත්තන් හට ප්‍රේමයයි (හිතවත් බවයි, නැතහොත් කරුණාව පෑමයි).” ක්‍රිස්තියානින් අමුත්තන් හට ආගන්තුක සත්කාරශීලී විය යුතු නම්, ඔහු හට ඇදහිල්ලෙන් සම්බන්ධ අය වෙත ඊට වඩා වැඩියෙන් එසේ ආගන්තුක සත්කාරශීලී නොවිය යුතු ද? වයස්ගත පුද්ගලයෙකුගේ ජීවන චර්යාව තුළ ආහාරයකට කරන ඇරයුමක් බොහෝ විට තම ඒකාකාර ජීවන රටාවේ සාදරයෙන් පිළිගැනිය හැකි වෙනස්වීමකි. ඔබගේ සුහද හමුවීම්වල දී, ප්‍රඥාවේ හා අත්දැකීමේ හඬ ඇසීමට ඔබට වුවමනා නම්, මහලු අය ව ඊට ඇතුළත් කරන්න.—ලූක් 14:12-14 සසඳන්න.
17 මහලු අය ව දිරිගැන්විය හැකි ක්‍රම බොහොමයක් තිබේ. අප අපගේ රාජ්‍යය ශාලාවට හෝ එක්රැස්වීමකට සමූහයක් ලෙස මෝටර් රථයකින් හෝ බස් රථයකින් යාමට සැලසුම් කරන්නේ නම්, අප හා කැටුව යා හැකි මහලු උදවිය කිහිප දෙනෙක් සිටිනවා ද? ඔවුන් අසන තුරු බලා සිටින්නට එපා. ඔවුන් ව රැගෙන යාමට ඉදිරිපත් වන්න. කළ හැකි තවත් ප්‍රායෝගික උපකාරයක් නම්, ඔවුන් වෙනුවෙන් කඩ සාප්පු යාමයි. නැතහොත් ඔවුනට හැකියාවක් තිබේ නම්, අප කඩ සාප්පු යන විට, ඔවුනුත් කැටුව යාමට අපට හැකි ද? එහෙත්, මඳක් නැවතී පහසු ගැනීමට ඔවුනට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සුදුසු ස්ථාන තිබෙන බවට සහතික වන්න. ඉවසීම හා කරුණාව මෙහිදී අවශ්‍ය වන බවට කිසි සැකයක් නැත, නමුත් මහලු තැනැත්තෙකුගේ අහිංසක කෘතඥතාවය ඉතා විපාකදායී විය හැකි ය.—2 කොරින්ති 1:11.
සභාවට අලංකාර වස්තුවක්
18. මහලු අය සභාවට ආශීර්වාදයක් වන්නේ මන්ද?
18 සභාවක, සමහරක් පැසුණු සහ සුදු හිසකෙස් ඇති අය (සහ වයසට යාම නිසා තට්ටය පෑදුණු අය) සභාවේ සිටීම මොනතරම් ආශීර්වාදයක් ද! ඉන් අදහස් කරන්නේ, යෞවන අයගේ කාය බලය සහ ශක්තිය මැද, ප්‍රඥාවේ සහ අත්දැකීම්වල දිය ඉස්නයක් අපට තිබෙන බවයි. මෙය කුමන සභාවකට හෝ සැබෑ වස්තුවක් ය. ඔවුනගේ දැනුම වූකලී ළිඳකින් ඇදගැනීමට තිබෙන නැවුම් ජලය මෙන් ය. එය හරියට හිතෝපදේශ 18:4 හි මෙසේ පවසන්නාක් මෙනි: “මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය; ප්‍රඥාව නමැති උල්පත වනාහි ගලායන ඔයක්ය.” තමන් වුවමනා වී සිටින අය බවටත්, තමන් ව අගය කරනු ලබන බවටත් වයස්ගත අයට හැඟෙන විට, එය ඔවුනට මොනතරම් දිරිගැන්වෙන දෙයක් ද!—ගීතාවලිය 92:15 සසඳන්න.
19. මහලු දෙමාපියන් උදෙසා ඇතැම් අය පරිත්‍යාග කර ඇත්තේ කෙසේ ද?
19 තම මහලු, අසනීප දෙමාපියන් ව රැකබලා ගැනීම පිණිස තමන්ගේ වරප්‍රසාද අතහැර දමා නැවත තම නිවෙස් වෙත යාමේ අවශ්‍යතාවයක් පූර්ණ කාලීන සේවයේ නියැලී සිටින ඇතැම් අය හට හැඟී ගොස් තිබේ. තමන් වෙනුවෙන් මීට කලින් පරිත්‍යාග වූ අය වෙනුවෙන් ඔවුන් පරිත්‍යාගයක් කර තිබේ. කලින් මිෂනාරිවරුන් වූ තවමත් පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින එක් යුවළක්, තමන්ගේ මහලු දෙමාපියන් ව රැකබලා ගැනීම සඳහා ආපසු නිවස වෙත පැමිණියෝ ය. ඔවුන් මෙය වසර 20ක් පුරා කර තිබේ. වසර හතරකට පෙර පුරුෂයාගේ මව සාත්තු නිවාසයක නතර කිරීමට සිදු විණි. දැන් 60 ගණන්වල පසුවෙන මෙම ස්වාමිපුරුෂයා, 93 හැවිරිදි තමාගේ මව බැලීමට සෑම දිනක ම යයි. ඔහු පැහැදිලි කරන්නේ මෙසේ ය: “මා ඈ ව අතහැර දමන්නේ කෙසේ ද? ඈ මගේ අම්මා!” තවත් අවස්ථාවල දී, සභාවන් සහ පුද්ගලයින්, මහලු අය ව රැකබලා ගැනීමට පෙරට ඇවිත් තමන් ව ම ඉදිරිපත් කොට ඇත්තේ ඔවුනගේ දරුවන්ට ඔවුන්ගේ පැවරුම් තුළ රැඳී සිටිය හැකි වන පිණිස ය. එවන් පරාර්ථකාමී ප්‍රේමය ද මහත් සේ ප්‍රශංසා කටයුතු ය. එක් එක් අවස්ථාවන් සිහිකල්පනාවෙන් යුතු ව හසුරුවනු ලැබිය යුතු ය, මන්දයත් මහලු අය ව නොසලකා නොහැරිය යුතු හෙයිනි. ඔබ ඔබගේ මහලු දෙමාපියන්ට ප්‍රේම කරන බව පෙන්වන්න.—නික්මයාම 20:21; එපීස 6:2, 3.
20. මහලු අය ව රැකබලා ගැනීමෙහි ලා යෙහෝවඃ වහන්සේ අපට කිනම් ආදර්ශයක් දී තිබේ ද?
20 ඇත්ත වශයෙන් ම, අපගේ මහලු සහෝදර සහෝදරියන් සභාවකට හෝ පවුලකට අලංකාරයේ ඔටුන්නකි. යෙහෝවඃ වහන්සේ මෙසේ පැවසූ සේක: “හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.” ක්‍රිස්තියානි පවුලේ සිටින අපගේ වයස්ගත සහෝදර සහෝදරියන් හට අපිත් එවැනි ම ඉවසීමක් හා සැලකිල්ලක් පෙන්වමු.—යෙසායා 46:4; හිතෝපදේශ 16:31.
[පාදසටහන්වල]
a මහලු අයට උපකාර කිරීම සඳහා පවුලේ සාමාජිකයින්ට කළ හැකි දේ සම්බන්ධ ව විස්තරාත්මක යෝජනා ගැන දැනගැනීම සඳහා, 1987 දෙසැම්බර් 1, මුරටැඹ කලාපයේ පිටු 28-32 බලන්න.
ඔබට මතක ද?
◻ මහලු අය ව රැකබලා ගැනීමෙහි ලා අප හට කිනම් බයිබල් ආදර්ශ තිබේ ද?
◻ අප මහලු අය ව සැලකිය යුත්තේ කෙසේ ද?
◻ තමන්ගේ වයස් ගත ප්‍රේමනීයයන් ව රැකබලා ගැනීමට පවුලේ සාමාජිකයින්ට හැක්කේ කෙසේ ද?
◻ මහලු අයට උපකාර කිරීම සඳහා සභාවට කුමක් කළ හැකි ද?
◻ මහලු අය අප සියල්ලන්ට ම ආශීර්වාදයක් වන්නේ මන්ද?
[23වන පිටුවේ පින්තූරය]
රූත් මහලු නයෝමි හට කරුණාව සහ ගෞරවය පෙන්වූවා ය
[24වන පිටුවේ පින්තූරය]
මහලු අය සභාවේ අගය කරනු ලබන සාමාජිකයෝ ය