ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 10/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හාස්කම්වලින් සුව කිරීම දෙවිගෙන්ද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්‍ය භාෂාවලින් කතා කරන අයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 10/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පළමු කොරින්ති 14:37 හි සඳහන් “ආත්මික [ආත්මයේ දීමනාව ලද NW] කෙනෙක්” යන ප්‍රකාශය අදහස් කරන්නේ, පුද්ගලයෙක් ආලේප කරනු ලැබූ බවට වූ හැඟීමෙන් ශුද්ධාත්මය ලබා සිටින බව ද, නැතහොත් ශුද්ධාත්මයෙන් ලැබුණු ආශ්චර්යවත් දීමනාවක් ඔහුට තිබෙන බව ද?

න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් නම් බයිබලයේ මෙම වගන්තිය කියවන්නට ඇත්තේ මෙසේ ය: “තමා අනාගතවක්තෘවරයෙකු කියා නොහොත් ආත්මයේ දීමනාව ලද කෙනෙකු කියා යමෙක් තමා ගැන ම සිතන්නේ ද, මා නුඹලාට කියන කාරණා ස්වාමීන් වහන්සේගේ ආඥාව බැවින්, ඔහු ඒවා ඒත්තු ගනීවා.”—1 කොරින්ති 14:37, NW.

“ආත්මයේ දීමනාව ලද කෙනෙක්” යන වාක්‍ය ඛණ්ඩය, පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානින් ආත්මයෙන් උත්පාදනය ලබා, දෙවියන් වහන්සේගේ ආත්මික පුත්‍රයින් වූ බවට පවතින සිද්ධාන්තය කෙරෙහි යොමු දැක්මක් හැටියට පාඨකයෙක් භාර ගන්නට පුළුවන. එසේත් නැතහොත් එම වාක්‍ය ඛණ්ඩය ශුද්ධාත්මයේ විශේෂ දීමනාවක් ලබා තිබූ කෙනෙකුට අදාළ වන්නේ යයි ද තේරුම් ගත හැකි ය. පසු ව සඳහන් කළ මෙම අදහස, එහි පසුතලයෙන් තේරුම් ගත හැකි ආකාරයට, බොහෝ දුරට නිවැරදි අදහස වන්නේ ය.

මෙහි ප්‍රේරිත පාවුල් නියූ·මා·ටි·කොස්ʹ යන ග්‍රීක් වදන භාවිතා කළ අතර “ආත්මයට අයිති, ආත්මික” යන මූලික අදහස එයට ඇත. ඒ ආකාරයේ වදන් “ආත්මික ශරීරය,” “ආත්මික ආශීර්වාද,” “ආත්මික නුවණ,” හා “ආත්මික ගෘහය” යන විස්තරයන්හි භාවිතා කර ඇත.—1 කොරින්ති 15:44; එපීස 1:4; කොලොස්සි 1:9; 1 පේතෘස් 2:5.

එම අවස්ථාවන්හි “ආත්මික” යන වචනය විස්තර කරන විෂය (ශරීරය, ආශීර්වාද, නුවණ, ගෘහය) බයිබලය නියම කොට දක්වයි. එහෙත් වෙනත් අවස්ථාවන්හි “ආත්මික” යන යෙදුමෙහි තේරුම හා නියම ඉදිරිපත් කිරීම පද සම්බන්ධයෙන් නිශ්චය කළ යුතු ය. උදාහරණයක් වශයෙන්, 1 කොරින්ති 2:14, 15 ලෞකික මනුෂ්‍යයෙකුගේ ආකල්පය තර්කානුකූල ව “ආත්මික තැනැත්තේ” අදහස් කරන හෝ නියූ·මා·ටි·කොස්ʹ කෙනෙකුගේ ආකල්පයත් සමඟ වෙනස් කොට දක්වයි.

පළමු කොරින්ති 12 සිට 14 දක්වා පරිච්ඡේද ශුද්ධාත්මයේ ආශ්චර්යවත් දීමනා කෙරෙහි අවධානය යොමු කරයි. දෙවියන් වහන්සේ මේවා මුල් ක්‍රිස්තියානින් සමහරෙකුට ලබා දුන්නේ, උන් වහන්සේ වැඩිදුරටත් මාංශික ඊශ්‍රායෙල් පාවිච්චි නොකරනමුත් මේ වන විට “දෙවියන්වහන්සේගේ” ක්‍රිස්තියානි “ඉශ්‍රායෙල්” කෙරෙහි ආශීර්වාද කරමින් සිටි බව නිරූපනය කිරීමට ය. (ගලාති 6:16) මෙම දීමනා සම්බන්ධයෙන් පාවුල් ලිව්වේ: “ඉතින් නානාප්‍රකාර දීමනා ඇත්තේය, නුමුත් එක ආත්මයාණන්වහන්සේය [ආත්මය ය NW]” යනුවෙනි. (1 කොරින්ති 12:4) අනාවැකි කීම, විවිධ භාෂාවන්ගෙන් කථා කිරීම හා භාෂා තේරුම් කර දීම ආත්මයේ දීමනා වූ ආකාරයට ම සුවිශේෂී ප්‍රඥාව, දැනගැන්ම හා ඇදහිල්ල ද ඊට අයත් විය.—1 කොරින්ති 12:8-11.

පාවුල් මෙම කරුණු ලියූ කොරින්තියේ සිටි ක්‍රිස්තියානින් ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ අය වූහ. නුමුත් “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් [ආත්මය NW] තුළ ද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය” යයි පාවුල් කීවේ ය. (1 කොරින්ති 6:11; 12:13) ඔව්, සියල්ලෝ ම “ආත්මයාණන් නමැති අත්තිකාරම” ලබා සිටියහ. (2 කොරින්ති 5:5) කෙසේ වෙතත්, එහි සිටි සියල්ලන් ම ශුද්ධාත්මය තුළින් විශේෂ දීමනාවක් ලබා තිබුණේ නැත. තව ද විවිධ භාෂාවන්ගෙන් කථා කිරීමෙහි ලා බොහෝ දෙනෙක් වශීකෘත වී, මෙම දීමනාවට නුවුවමනා වැදගත්කමක් ආදේශ කරමින් සිටි බව පෙනේ. ඔවුන්ගේ කල්පනාව නිවැරදි කිරීමට ලියමින්, පාවුල්, විවිධ භාෂාවන්ගෙන් කථා කිරීම අනාවැකි කීම තරම් ම වැඩි ජනකායකට ප්‍රයෝජන දායක නොවන බව ගෙනහැර දැක්වී ය. දොළොස්වන පරිච්ඡේදය අවසානයේ දී පාවුල් කොරින්තිවරුන්ට “වඩා උතුම් දීමනාවලට ආශාවෙයල්ලා” යයි අවවාද කළේ ය.—1 කොරින්ති 12:28-31.

අනතුරුව, 14වන පරිච්ඡේදය පටන් ගන්නා විට ඔහු මෙසේ අයැද සිටියේ ය: “ප්‍රේමය අනුව පලයල්ලා; [ටා නිව්·මා·ටි·කාʹට] ආශාවෙයල්ලා, ප්‍රධානකොට ධර්මවාක්‍ය (අනාවැකි) කියන්ට ආශාවෙයල්ලා.” ආශා විය යුත්තේ කුමක් සඳහා ද? එම ක්‍රිස්තියානින්ට ආත්මයෙන් ආලේප වීමක් සොයන්නට අවශ්‍ය නොවී ය, මන්දයත් ඔවුහු ඒ වන විටත් එම තත්ත්වයේ සිටි බැවින් ය. තර්කානුකූල ව, පාවුල් අදහස් කළේ, ඔහු 12වන පරිච්ඡේදය අවසානයේ දී සොයන ලෙස ඔවුන් ව උනන්දු කළ ආත්මයේ “දීමනාවන්” සඳහා ය. එබැවින්, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් බයිබලය 1 කොරින්ති 14:1 පරිවර්තනය කර ඇත්තේ “ආත්මික දීමනා ජ්වලිත ව සොයමින් සිටින්න” යනුවෙනි. වෙනත් බයිබල් පරිවර්තන ටා නිව්·මා·ටි·කාʹ පරිවර්තනය කර ඇත්තේ “ආත්මික දීමනා” නැතහොත් “ආත්මයේ දීමනා” යනුවෙනි.

එම පසුතලය සමඟ 14වන පරිච්ඡේදයේ අවසානය අසල, පාවුල්ගේ අනාවැකි කීම හා නිව්·මා·ටි·කොස්ʹ එකට සම්බන්ධ කරන බව අපට සටහන් කර ගත හැක. පළමුවන වගන්තියේ තිබෙන ආකාරයට, ඔහු ආත්මය නමැති දීමනාව ලැබීමට අදහස් කළ බව පාඨ සම්බන්ධය යෝජනා කරයි. රිචඩ් එෆ්. වේමත් විසින් ලියන ලද ද න ටෙස්ටමන්ට් ඉන් මොඩර්න් ස්පීච් නම් ග්‍රන්ථය, එය මෙසේ පරිවර්තනය කරයි: “යමෙක් තමා අනාගතවක්තෘවරයෙක් යයි නැතහොත් ආත්මික දීමනා ලද කෙනෙක් යයි සිතන්නේ නම්, මා දැන් ලියන දෙය ස්වාමීන් වහන්සේගේ ආඥා හැටියට ඔහු පිළිගනීවා.”

එසේ ය, තමන්ට අනාවැකි කීමේ දීමනාව තිබුණත් ආත්මයේ වෙනයම් දීමනාවක් තිබුණත්, සියලු ක්‍රිස්තියානින් ම සභාවේ කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳ ව පාවුල් ලියූ උපදෙස් පිළිගෙන අනුගමනය කළ යුතු ව තිබුණේ ය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න