බොරු ගුරුවරුන්ට එරෙහිව යෙහෝවඃවහන්සේගේ විනිශ්චය
“යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් [පිලිකුල් සහිත දේවල්, NW] වන කාමමිථ්යාචාරයකිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. . . . ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.”—යෙරෙමියා 23:14.
1. දිව්‍ය ඉගැන්වීමෙහි නිරත වන තැනැත්තෙක් ඉතා බැරෑරුම් වගකීමක් දරන්නේ මන්ද?
දිව්‍ය ඉගැන්වීමෙහි නිරත වන කවරෙක් නමුත් බරපතළ වගකීමක් දරයි. යාකොබ් 3:1 මෙසේ අනතුරු අඟවයි: “මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයල්ලා.” එසේය, දේව වචනයේ ගුරුවරු, සාමාන්‍ය ක්‍රිස්තියානින්ට වඩා පිළිගත හැකි ගණන් දීමක් කිරීමට වඩාත් බැරෑරුම් වගකීමක් යටතේ සිටිති. බොරු ගුරුවරුන් ලෙස ක්‍රියා කරන අයට මින් කුමක් අදහස් කරයිද? අපි යෙරෙමියාගේ දවසේ තත්ත්වය දෙස බලමු. එය අද දවසේ සිදුවෙමින් තිබෙන දේ පෙරඡායා කොට දැක්වූ ආකාරය අප විසින් දකිනු ඇත.
2, 3. යෙරුසලමේ බොරු ගුරුවරුන් සම්බන්ධව යෙහෝවඃවහන්සේ යෙරෙමියා තුළින් ඉදිරිපත් කළ විනිශ්චය කුමක්ද?
2 පොදු යුගයට පෙර 647, එනම්, යොෂියා රජුගේ පාලනයේ 13වන අවුරුද්දේදී, යෙරෙමියාව යෙහෝවඃවහන්සේගේ ප්‍රොපේතවරයෙකු ලෙස නියම කරනු ලැබිණි. යුදාට විරුද්ධව යෙහෝවඃවහන්සේට පැමිණිල්ලක් තිබූ බැවින්, එය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ යෙරෙමියාව යැවූ සේක. යෙරුසලමේ බොරු ප්‍රොපේතවරු, නැතහොත් ගුරුවරු, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ‘භයංකරවූ [පිළිකුල් සහිත, NW] දේවල්’ කරමින් සිටියහ. ඔවුන්ගේ නපුරුකම් කොතරම් මහත් වූවාද කියතොත්, දෙවියන්වහන්සේ යෙරුසලම හා යුදාව, සොදොම හා ගොමොරාවට සමාන කළ සේක. බයිබලයේ යෙරෙමියා 23වන පරිච්ඡේදය මේ ගැන අපට පවසයි. එහි යෙරෙ 23 14වන පදය පවසන්නේ:
3 “යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් [පිළිකුල් සහගත දේවල්, NW] වන කාමමිථ්යාචාරයකිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.”
4. යෙරුසලමේ ගුරුවරුන්ගේ සදාචාරය අතින් නරක ආදර්ශය, අදදින ක්‍රිස්තියානි ලෝකයට සමාන්තර වන්නේ කෙසේද?
4 එසේය, මෙම ප්‍රොපේතවරුන්, නොහොත් ගුරුවරුන්, සදාචාරය අතින් ඉතා නපුරු ආදර්ශ තැබූ අතර, ප්‍රතිඵලයක් වශයෙන් එසේ කිරීමට ජනයාව දිරිගන්වන ලදි. අදදින ක්‍රිස්තියානි ලෝකයේ තත්ත්වය දෙස බලන්න! ඔවුන් යෙරෙමියාගේ දවසේ සිටි අය හා සමාන නැද්ද? අද දවසේ පූජක පක්ෂය කාමමිථ්‍යාචාරයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන්ට තමන්ගේ තනතුරුවල රැඳී සිටින්නට ඉඩදී ඇති අතර, දේව මෙහෙයන් පවා පැවැත්වීමට ඉඩ හරිති. පල්ලියේ සාමාජිකයන් ලෙස බැඳී සිටින විශාල පිරිසකුත් දුරාචාරයේ නියැලීම පුදුමයක්ද?
5. ක්‍රිස්තියානි ලෝකයේ දුරාචාරමය තත්ත්වය සොදොමේ සහ ගොමොරාවේ තත්ත්වයට වඩා නරක වන්නේ කෙසේද?
5 යෙහෝවඃවහන්සේ යෙරුසලමේ වැසියන්ව සොදොමේ හා ගොමොරාවේ වැසියන්ට සමාන කළ සේක. එහෙත් ක්‍රිස්තියානි ලෝකයේ දුරාචාර තත්ත්වය සොදොම හා ගොමොරාවටත් වඩා නරකය. එසේය, එය යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ ඊටත් වඩා දොස් සහිත තත්ත්වයක පවතී. ඇගේ ගුරුවරු ක්‍රිස්තියානි සදාචාර නීතිය කිසි ගණනකට නොගනිති. තවද මෙය නපුරු දෙය කිරීමට සියලු ආකාර කූට පෙලඹීම් ඇත්තාවූ සදාචාර පිරිහීමකින් යුත් වාතාවරණයක් බිහිකරයි. මෙම සදාචාර තත්ත්වය කොතරම් පැතිර පවතීද කිවහොත්, අදදින නපුරුකම සලකනු ලබන්නේ සාමාන්‍ය දෙයක් හැටියටය.
“බොරුකාරකම තුළ හැසිරීම”
6. යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගේ දුෂ්ටකම ගැන යෙරෙමියා පැවසුවේ කුමක්ද?
6 යෙරුසලමේ ප්‍රොපේතවරුන් ගැන යෙරෙ 23 14වන වගන්තිය පවසන දෙය සැලකිල්ලට ගන්න. ඔවුහු ‘බොරුකාරකම තුළ හැසිරෙමින්’ සිටියෝය. තවද යෙරෙ 23 15වන පදයේ අවසාන කොටස මෙසේ පවසයි: “යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය [හෙවත්, ඇදහිල්ල අත්හැරයෑම, NW] දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.” අනතුරුව, යෙරෙ 23 16වන වගන්තියේ මෙසේ එකතු කරයි: “සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක: නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙල්ලා; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ [හෘදයේ, NW] දර්ශනයක් නුඹලාට කියති.”
7, 8. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය යෙරුසලමේ බොරු ගුරුවරුන් හා සමාන වන්නේ මන්ද, එමෙන්ම මෙය පල්ලි යන්නන්ට බලපා ඇත්තේ කෙසේද?
7 යෙරුසලමේ බොරු ප්‍රොපේතවරු මෙන්, බොරුවේ ඇවිදින ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයද, දේව වචනයේ දක්නට නොමැති ඉගැන්වීම්, එනම් ඇදහිල්ල අත්හළ මූලධර්ම පතුරුවත්. මෙම බොරු ඉගැන්වීම්වලින් සමහරක් මොනවාද? ආත්මයේ අමරණීයත්වය, ත්‍රිත්වය, ශුද්ධගිනිස්ථානය හා ජනයාට සදාකාලිකව වධ දීමට නිරාගින්නක්. ජනයා ඇසීමට කැමති දේවල් දේශනා කිරීමෙන්, ඔවුහු තමන්ට සවන් දෙන අයව සතුටු කරති. ක්‍රිස්තියානි ලෝකයට දෙවියන්වහන්සේගේ සමාදානය ඇති නිසා ඇය හමුවේ කිසිඳු විපත්තියක් නැතැයි ඔවුහු පුන පුනා කියති. එහෙත් පූජක පක්ෂය කථා කරන්නේ “තමුන්ගේම සිතේ [හෘදයේ, NW] දර්ශනයය.” එය බොරුවක්ය. එවන් බොරු විශ්වාස කරන අයට ආත්මික වශයෙන් විෂ කැවේ. ඔවුන්ව මුළා කරනු ලැබ සිටින්නේ ඔවුන්ගේම විනාශයටය!
8 මෙම බොරු ගුරුවරුන් ගැන යෙරෙ 23 21වන වගන්තියේ යෙහෝවඃවහන්සේ පවසන දෙය සැලකිල්ලට ගන්න: “මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.” එසේම අදදින, පුජක පක්ෂය දෙවියන්වහන්සේ විසින් යවන ලද අය නොවෙති, ඔවුන් උගන්වන්නෙත් උන්වහන්සේගේ සත්‍යය නොවේය. එහි ප්‍රතිඵලය? පල්ලි යන්නන් අතර දරුණු බයිබල් නූගත්කමක් පවතින්නේ ඔවුන්ගේ දේවගැතියන් ඔවුන්ව ලෝකයේ දර්ශනවලින් පෝෂණය කිරීම නිසාය.
9, 10. (අ) යෙරුසලමේ බොරු ප්‍රොපේතවරුන්ට තිබුණේ කුමන ආකාරයේ සිහිනද? (ආ) ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් ඒ හා සමාන “බොරු සිහින” උගන්වා ඇත්තේ කෙසේද?
9 මීට අමතරව, පූජක පක්ෂය අදදින බොරු බලාපොරොත්තු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. විසිපස්වන වගන්තිය සැලකිල්ලට ගන්න: “ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමියි කියා මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියන ප්‍රොපේතවරුන් කියන දේ ඇසීමි.” ඒ කොයි ආකාරයේ සිහින හෙවත් ස්වප්නද? තිස්දෙවන වගන්තිය අපට මෙසේ පවසයි: “මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධවෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.”
10 පූජක පක්ෂය උගන්වා ඇති බොරු සිහින, හෙවත් බලාපොරොත්තු මොනවාද? අදදින සාමය හා සුරක්ෂිතභාවය සඳහා මනුෂ්‍යයාගේ එකම බලාපොරොත්තුව එක්සත් ජාතීන් යයි ඔවුන් කියනවා නොවේද! මෑත වර්ෂවල ඔවුහු එක්සත් ජාතීන්ව “සමගියේ හා සමාදානයේ අවසාන බලාපොරොත්තුව,” “සාමය සහ යුක්තිය සඳහා ප්‍රධාන ක්‍රමෝපාය,” “ලෝක සාමය සඳහා ප්‍රධාන කල්පවතින බලාපොරොත්තුව” හැටියට අමතා ඇත. මොනතරම් මුළාවක්ද! මනුෂ්‍ය වර්ගයා සඳහා ඇති එකම බලාපොරොත්තුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයය. එහෙත්, යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වල ප්‍රධාන තේමාව වූ එම ස්වර්ගීය ආණ්ඩුව පිළිබඳ සත්‍යය ගැන පූජක පක්ෂය දේශනා කරන්නේවත් උගන්වන්නේවත් නැත.
11. (අ) යෙරුසලමේ බොරු ගුරුවරු, යෙහෝවඃවහන්සේගේම නාමය කෙරෙහි ඇති කර තිබූ නරක බලපෑම කුමක්ද? (ආ) යෙරෙමියා පංතියට පටහැනිව, අදදින බොරු ආගමික ගුරුවරුන් දිව්‍ය නාමය සම්බන්ධව කර ඇත්තේ කුමක්ද?
11 විසිහත්වන වගන්තිය අපට වැඩියමක් පවසයි. “මේ සෙන ඟගේ පියවරුන් බාල් නිසා මාගේ නාමය මතකනැතිකළාක්මෙන්, තමුන් විසින් එකිනෙකාට කියාදෙන තමුන්ගේ ස්වප්න කරණකොටගෙන මාගේ සෙනඟ ලවාම මාගේ නාමය මතකනැතිකරවන්ට ඔව්හු සිතින් අභිප්‍රායකරති.” යෙරුසලමේ බොරු ප්‍රොපේතවරු දෙවියන්වහන්සේගේ නාමය මතක නැති කරන්නට එම සෙනඟට සැලැස්වූහ. අද දවසේ බොරු ආගමික ගුරුවරුන් ඒ දෙයම කර නැද්ද? ඊටත් වඩා නරක ආකාරයකට ඔවුහු යෙහෝවඃ යන දෙවියන්වහන්සේගේ නාමය සඟවති. එය භාවිතා කිරීමට අවශ්‍ය නොවන බව පවසමින්, ඔවුහු එය තමන්ගේ බයිබල් පරිවර්තනවලින් ඉවත් කරති. එමෙන්ම දෙවියන්වහන්සේගේ නාමය යෙහෝවඃ බව උගන්වන කවරෙකුට නමුත් ඔවුහු දැඩි ලෙස විරුද්ධ වෙති. එහෙත් යෙරෙමියා පන්තිය, එනම් ආත්මයෙන් අභිෂේකලත් ක්‍රිස්තියානින්ගේ ඉතිරි කොටස, තමන්ගේ හවුල්කරුවන් සමඟ යේසුස්වහන්සේ කළ ආකාරයටම ක්‍රියා කර ඇත. ඔවුන් දෙවියන්වහන්සේගේ නාමය ගැන මිලියන සංඛ්‍යාවකට උගන්වා ඇත.—යොහන් 17:6.
ඔවුන්ගේ වැරදි සහගතභාවය හෙළි කිරීම
12. (අ) බොරු ආගමික ගුරුවරුන්ගේ පැත්තෙන්, මහත් ලේ වරදක් තිබෙන්නේ මන්ද? (ආ) ලෝක යුද්ධ දෙක තුළ, පූජක පංතියේ ක්‍රියා කලාපය වී ඇත්තේ කුමක්ද?
12 තමන්ගේ රැළ විනාශයේ පළල් මාර්ගයට මඟ පෙන්වන්නා වූ බොරු ගුරුවරුන් හැටියට යෙරෙමියා පන්තිය පූජක පක්ෂයව නැවත නැවතත් නිරාවරණය කොට තිබේ. එසේය, එම සිහින දකින්නන්ට යෙහෝවඃ වහන්සේගේ අප්‍රසාදිත විනිශ්චය ලැබීම සුදුසු වීමට හේතුව මෙම ඉතිරි කොටස පැහැදිලි කර ඇත. උදාහරණයක් වශයෙන්, බබිලෝනිය තුළ “පොළොවේ මරනලද සියල්ලන්ගේද” ලේ සම්බ වූ බව පවසන, එළිදරව් 18:24ට, යෙහෝවඃවහන්සේගේ සේවකයන් නිතරම වාගේ අවධානය යොමු කොට තිබේ. ආගමික මතභේද නිසා කර ඇති සියලු යුද්ධ ගැන කල්පනා කර බලන්න. බොරු ආගමික ගුරුවරුන් මත පවතින ලේ වරද කොතරම් මහත්ද! ඔවුන්ගේ ඉගැන්වීම් භේද ඇති කර ඇති අතර, එකිනෙකට වෙනස් ඇදහිලි හා ජාතීන්ට අයත් ජනයා අතර වෛරය වැඩිවර්ධනය කර ඇත. පළමුවන ලෝක යුද්ධය සම්බන්ධයෙන්, ප්රීචර්ස් ප්රිසෙන්ට් ආර්ම්ස් නම් පොත මෙසේ පවසයි: “යුද්ධයට එහි බලවත් හැඟීම් දනවන ආත්මික වැදගත්කම හා පෙලඹීම ලබා දුන්නේ දේව ගැතියන්ය [පැවිද්දන්ය] . . . පල්ලිය එයාකාරයෙන් යුද්ධ පද්ධතියේ ඇලී ගැලී සිටි දැඩි කොටස්කරුවෙක් බවට පත් විය.” දෙවන ලෝක යුද්ධයේ සිදුවූයේද එයමය. පූජක පක්ෂය යුධ වැදී සිටි ජාතීන්ට පූර්ණ ලෙස අනුබල දුන් අතර, ඔවුන්ගේ සේනාංකවලට ආශීර්වාද කළේය. ක්‍රිස්තියානි ලෝකය තුළ ලෝක යුද්ධ දෙකක් හට ගත් අතර එහිදී එකම ආගමේ සිටි අය එකිනෙකාව ඝාතනය කළහ. ක්‍රිස්තියානි ලෝකය තුළ ලෞකික හා ආගමික පක්ෂ වත්මන් කාලය දක්වා දිගටම ලේ වගුරුවා ඇත. ඔවුන්ගේ බොරු ඉගැන්වීම්වල ප්‍රතිඵල කොතරම් භයානකවී ඇත්ද!
13. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතිය සමඟ යෙහෝවඃවහන්සේට කිසිඳු සම්බන්ධයක් නොමැති බව යෙරෙමියා 23:22 ඔප්පු කරන්නේ කෙසේද?
13 කරුණාකර, යෙරෙමියා 23වන පරිච්ඡේදයේ 22වන වගන්තිය සැලකිල්ලට ගන්න: “ඔව්හු මාගේ මන්ත්‍රණයෙහි [සමීප සම්බන්ධතා ඇති කණ්ඩායමේ, NW] පිහිටා සිටියෝ නම් ඔවුන් මාගේ වචනවලට කන්දෙන්ට මාගේ සෙනඟට සලස්වා ඔවුන්ගේ නපුරු මාර්ගයෙන්ද ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකමෙන්ද ඔවුන් හරවනවා ඇත.” ක්‍රිස්තියානි ලෝකයේ ආගමික ප්‍රොපේතවරුන්, විශ්වාස වූ නුවණැති සේවකයෙක් හැටියට යෙහෝවඃවහන්සේ සමඟ සමීප සම්බන්ධකමක් පවත්වමින් උන්වහන්සේගේ සමීප සබඳතා ඇති කණ්ඩායමේ සිටියා නම්, එවිට ඔවුනුත් දෙවියන්වහන්සේගේ ප්‍රමිති අනුව ජීවත් වනු ඇත. ඔවුනුත් ක්‍රිස්තියානි ලෝකයේ අයට දෙවියන්වහන්සේගේම වදන් අසන්නට සලස්වනු ඇත. ඒ වෙනුවට, නවීන-දින බොරු ගුරුවරු තමන්ගේ අනුගාමිකයන්ව දෙවියන්වහන්සේගේ සතුරා වන, සාතන් නම් යක්ෂයාගේ අන්ධ සේවකයන් බවට පත් කර ඇත.
14. වර්ෂ 1958දී, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතියේ ප්‍රබල ලෙස ගලවා දමනු ලැබූ වෙස් මුහුණ කුමක් වීද?
14 යෙරෙමියා පන්තිය විසින් පූජක පක්ෂයේ වෙස් මුහුණු ගැළවීම ප්‍රබල එකක් වී ඇත. උදාහරණයක් වශයෙන්, 1958දී, නිව් යෝර්ක් නගරයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිව්‍ය කැමැත්ත ජාත්‍යන්තර එක්රැස්වීමේදී වොච් ටවර් සමිතියේ උප සභාපති කළ ප්‍රකාශයේ කොටසක මෙසේ සඳහන් වේ: “සියලු අපරාධ අපචාරි හැසිරීම, වෛරය, ආරාවුල්, අගතිය, . . . සහ මෝඩ වියවුල්කම සඳහා මෙම මූලික හේතුව, වැරදි ආගම, එනම් බොරු ආගම බවට කිසිඳු සැකයකින් හෝ පසු බැසීමකින් තොරව අපි ප්‍රකාශ කරමු. ඒ පසුපස සිටින්නේ මනුෂ්‍යයාගේ නොපෙනෙන සතුරා වන, සාතන් නම් යක්ෂයාය. ලෝක තත්ත්වය සඳහා වැඩියෙන්ම වගකිවයුතු මිනිසුන් වන්නේ ආගමික උපදේශකයන් හා නායකයන්ය; මේ අතරින් වඩාත්ම දොස් සහිත අය නම්, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික පූජක පක්ෂයය. . . . පළමුවන ලෝක යුද්ධයේ පටන් මේ දක්වා කාලය තුළ, ක්‍රිස්තියානි ලෝකය දෙවියන්වහන්සේ සමඟ පවත්වමින් සිටින්නේ යෙරෙමියාගේ දවසේ ඉශ්රායෙල්ට සමාන සම්බන්ධතාවයකි. එසේය, යෙරෙමියා විසින් යෙරුසලමට සිදුවෙනවා දුටු විනාශයට වඩා බොහෝ සෙයින් භයානක හා ව්‍යසනකාරී විපතකට මුහුණ දීමට ක්‍රිස්තියානි ලෝකයට සිදුවනු ඇත.”
බොරු ගුරුවරුන්ගේ විනිශ්චය
15. සාමය පිළිබඳව පූජක පංතිය පවසා ඇති අනාවැකි මොනවාද? ඒවා ඉටු වේවිද?
15 එම අනතුරු ඇඟවීම තිබියදීත්, එවක් පටන් පූජක පක්ෂය ක්‍රියා කර ඇත්තේ කෙසේද? හරියටම යෙරෙ 23 17වන වගන්තිය වාර්තා කරන ආකාරයටයි: “නුඹලාට සමාදානය වන්නේය කියා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියා තිබේයයි මා සුළුකරන්නන්ට ඔව්හු කිය කියා සිටිති; විපතක් නුඹලා පිටට නොපැමිණෙන්නේයයි තමුන්ගේ සිත්වල [හෘදවල, NW] මුරණ්ඩුකමේ හැසිරෙන සියල්ලන්ටද ඔව්හු කියති.” මෙය සැබෑවක්ද? නැත! යෙහෝවඃවහන්සේ පූජක පක්ෂයේ මෙම අනාවැකිවල අසත්‍යතාවය එළිදරව් කරනු ඇත. උන්වහන්සේගේ නාමයෙන් ඔවුන් කියන දේ උන්වහන්සේ ඉෂ්ට කරන්නට යන්නේ නැත. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ සමඟ ඇති සමාදානය පිළිබඳ පූජක පක්ෂයේ බොරු සහතිකය ඉතා මුළා කරවනසුලුය!
16. (අ) මෙම ලෝකයේ සදාචාරමය වාතාවරණය කුමක්ද, තවද මෙහි වගකීමට පංගුකාරයන් වන්නේ කවරහුද? (ආ) මේ ලෝකයේ පිරිහිණු සදාචාරමය දෘෂ්ටීන් සම්බන්ධව යෙරෙමියා පංතිය කරමින් සිටින්නේ කුමක්ද?
16 ‘මොනවා, පූජක පක්ෂයේ බොරු ඉගැන්වීම්වලින් මා රැවටී සිටිනවා? කොහොමටවත් වෙන්නට බැහැ!’ කියා ඔබ කල්පනා කරමින් සිටිනවාද? එතරම් නිසැක නොවන්න! පූජක පක්ෂයේ බොරු ඉගැන්වීම් කූට, පිළිකුල් සහගත සදාචාර වාතාවරණයකට අනුග්‍රහය දක්වා ඇති බව මතක තබා ගන්න. ඕනෑම දෙයකට ඉඩ හරින ඔවුන්ගේ ඉගැන්වීම්වලින් පැවසෙන්නේ, කොතරම් දුරාචාර වුවත් සියල්ලම පාහේ කම්නැත කියාය. තවද මෙම පිරිහීමට පත් සදාචාර වාතාවරණය විනෝදාස්වාදය, චිත්‍රපට, රූපවාහිනි දර්ශන, සඟරා හා සංගීතය යන සියලු ක්ෂේත්රයන් තුළ හාත්පස පැතිර පවතී. එබැවින්, මෙම පිරිහුණු එහෙත් සූක්ෂ්ම ලෙසින් සිත් ඇද ගන්නා සදාචාර වාතාවරණයේ බලපෑම්වලට හසු නොවීමට නම්, අප දැඩි සැලකිල්ලෙන් සිටිය යුතුය. යෞවන අය නීචකරවන වීඩියෝ හා සංගීතයේ උගුලට හසුවන්නට පුළුවන. අද දවසේ ජනයා තුළ පවත්නා ‘ඕනෑම දෙයක් කමක් නැත’ යන ආකල්පය පූජක පක්ෂයේ බොරු ඉගැන්වීම් නිසාත්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පැවැත්වීමට ඔවුන්ගේ අසමත් වීම නිසාත්, අත්වී තිබෙන ඍජු ප්‍රතිඵලයක් බව මතක තබා ගන්න. යෙරෙමියා පන්තිය මෙම දුරාචාර දෘෂ්ටීන් සමඟ සටන් කරමින් සිටින අතර, ක්‍රිස්තියානි ලෝකය ගිලගන්නා වූ නපුරුකම ප්‍රතික්ෂේප කිරීමට යෙහෝවඃවහන්සේගේ සේවකයන්හට උපකාර කරමින් සිටී.
17. (අ) යෙරෙමියා පවසන පරිදි, දුෂ්ට යෙරුසලම මත කිනම් විනිශ්චයක් පැමිණීමට තිබුණිද? (ආ) ක්‍රිස්තියානි ලෝකයට ඉක්මනින්ම සිදුවන්නට යන්නේ කුමක්ද?
17 ක්‍රිස්තියානි ලෝකයේ බොරු ගුරුවරුන් ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවාණන් වන, යෙහෝවඃවහන්සේගෙන් ලබනු ඇත්තේ කිනම් විනිශ්චයක්ද? දහනවවන, 20වන, 39වන හා 40වන වගන්ති පිළිතුරු දෙයි: “බලව, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] කුණාටුව, එනම් උන්වහන්සේගේ කෝපය, එසේය, කරකැවෙන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට කඩා වැටෙන්නේය. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමන්ගේ සිතේ [හෘදයේ, NW] අභිප්රායන් ඉෂ්ටකරන තුරුත් සම්පූර්ණකරන තුරුත් උන්වහන්සේගේ උදහස නොහැරෙන්නේය. . . . මම නුඹලා සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, නුඹලා සහ නුඹලාගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා, සිහිනැති නොවන සදාකාල නින්දාවක්ද නිරන්තර ලජ්ජාවක්ද නුඹලා පිටට පමුණුවන්නෙමි.” ඒ සියල්ල දුෂ්ට යෙරුසලමට හා එහි දේව මාලිගාවට සිදුවිය. තවද දැන් ඒ හා සමාන විනාශයක් දුෂ්ට ක්‍රිස්තියානි ලෝකයට නොබෝ කලකින් සිදුවෙනවා ඇත.
“යෙහෝවඃවහන්සේගේ බර” ප්‍රකාශ කිරීම
18, 19. යෙරෙමියා යුදා වෙත නිවේදනය කළ “යෙහෝවඃවහන්සේගේ බර” කුමක්ද, තවද කුමන ඇඟවීම් සහිතවද?
18 එසේ නම්, යෙරෙමියා පන්තිය හා ඔවුන්ගේ හවුල්කරුවන්ට පැවරෙන වගකීම කුමක්ද? තිස්තුන්වන වගන්තිය අපට මෙසේ පවසයි: “මේ සෙනඟවත් ප්‍රොපේතවරුවත් පූජකයෙක්වත්: ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] බර කිමෙක්දැයි නුඹෙන් අසන විට—ඒ බර නම් නුඹලාය [මේ සෙනඟ එනම් නුඹලා—අහෝ මොනතරම් බරක්ද! NW] මම නුඹලා අහක්කර දමන්නෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේකැයි ඔවුන්ට කියාපන්න.”
19 “බර” සඳහා වූ හෙබ්‍රෙව් වදනට අර්ථ දෙකක් ඇත. එය භාරදූර දිව්‍ය නිවේදනයක් නැතහොත් යමෙකුට බර පටවා ඔහුව වෙහෙසට පත් කරවන යමක් අදහස් කරන්නට පුළුවන. මෙහි “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] බර” යන ප්‍රකාශය භාරදූර අනාවැකියක්—එනම් යෙරුසලම විනාශයට නියම කර ඇති බවට වූ නිවේදනය—අදහස් කරයි. යෙරෙමියා, යෙහෝවඃවහන්සේගෙන් ජනයාට පුන පුනා ලබා දුන් එවන් බාරදූර අනාවැකි අසන්නට ඔවුන් කැමති වූවාද? නැත, ‘දැන් ඔබට ඇත්තේ කිනම් අනාවැකියක් (බරක්)ද? ඔබගේ අනාවැකිය තවත් වෙහෙසකර එකක් වනු ඇතැයි අපට නිසැකයි!’ යනුවෙන් ජනයා යෙරෙමියාට සරදම් කළේය. එහෙත් යෙහෝවඃවහන්සේ ඔවුන්ට පැවසුවේ කුමක්ද? මෙයයි: “මේ සෙනඟ එනම් නුඹලා—අහෝ මොනතරම් බරක්ද! මම නුඹලා නිසැකව අහක්කර දමන්නෙමි.” [NW] එසේය, මේ ජනයා යෙහෝවඃවහන්සේට බරක් වූ අතර තමන්වහන්සේ තවදුරටත් උන්වහන්සේට බරක් වීමෙන් ඔවුන්ව ඉවත් කරන්නට සිටි සේක.
20. අදදින “යෙහෝවඃවහන්සේගේ බර” කුමක්ද?
20 අද දවසේ “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] බර” කුමක්ද? එය නම් දේව වචනයෙන් වූ භාරදූර අනාවැකිමය පණිවුඩයයි. එය ක්‍රිස්තියානි ලෝකය මත සිදුවීමට ආසන්නව පවතින විනාශය නිවේදනය කරමින් විපත්තියෙන් බර වී ඇත. යෙහෝවඃවහන්සේගේ ජනයා සම්බන්ධයෙන් ගත් කල, අපට මේ “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] බර” ප්‍රකාශ කිරීමේ භාරදූර වගකීම ඇත. අවසානය ළඟා වෙත්ම, අප ක්‍රිස්තියානි ලෝකයේ හිතුවක්කාර ජනයා ‘බරක්’ බව, එසේය, යෙහෝවඃ දෙවියන්වහන්සේට “අහෝ මොනතරම් බරක්ද” යන වගත්, ක්‍රිස්තියානි ලෝකය විනාශයට පත් කිරීමෙන් උන්වහන්සේ ඉක්මනින්ම මෙම “බර” තමාගෙන් ඉවත් කරන්නට යන බවත් සියල්ලන්ට පැවසිය යුතුය.
21. (අ) යෙරුසලම පො.යු.පෙ. 607දී විනාශ වූයේ මන්ද? (ආ) යෙරුසලමේ විනාශයට පසුව, බොරු ප්‍රොපේතවරුන්ට හා යෙහෝවඃවහන්සේගේ සැබෑ ප්‍රොපේතවරුන්ට සිදුවූයේ කුමක්ද, තවද එය අපට අද ලබා දෙන සහතිකය කුමක්ද?
21 යෙරෙමියාගේ දවසේ යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරනු ලැබුවේ, බබිලෝනිවරුන් පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ කළ විටය. පුරෝකථනය කළ පරිදි, හිතුවක්කාර, නොඇදහිලිකාර ඉශ්රායෙල්වරුන්ට එය නින්දිත, අවමන් සහගත අද්දැකීමක් විය. (යෙරෙමියා 23:39, 40) ඔවුන් විසින් නොකඩවා අගෞරවයට පත් කරනු ලැබූ යෙහෝවඃවහන්සේ, ඔවුන්ගේ නපුරුකමේ විපාකයට ඔවුන්ව අවසානයේ අත්හැර තිබූ බව එමගින් ඔවුනට පෙන්වා දෙන ලදි. අවසානයේදී ඔවුන්ගේ හිතුවක්කාර බොරු ප්‍රොපේතවරුන්ගේ මුඛ නිහඬ කරන ලදි. එහෙත් යෙරෙමියාගේ මුඛය දිගටම අනාවැකි කියන්නට විය. යෙහෝවඃවහන්සේ ඔහුව අත්හැරියේ නැත. මෙයට සමානාකාරයකින්, යෙහෝවඃවහන්සේ ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය හා ඔවුන්ගේ බොරු විශ්වාස කරන්නන්ව උන්වහන්සේගේ භාරදූර තීරණය මගින් සම්පූර්ණයෙන් පොඩි කර විනාශ කරනු ලබන විට, උන්වහන්සේ යෙරෙමියා පන්තියව අත්හරින්නට යන්නේ නැත.
22. යෙහෝවඃවහන්සේගේ විනිශ්චය මගින්, ක්‍රිස්තියානි ලෝකය කිනම් තත්ත්වයකට පහත් කරනු ලැබේවිද?
22 එසේය, ආගමික ක්‍රිස්තියානි ලෝකයේ සම්පත් නැති කර ඇගේ ලජ්ජාශීලීභාවය නිරාවරණය කරනු ලැබීමෙන් පසු, ඇය හරියටම දිස්වනු ඇත්තේ පො.යු.පෙ. 607දී පාළු, ජනශුන්‍ය තත්ත්වයට පත් කරන ලද යෙරුසලම මෙන්ය. යෙහෝවඃවහන්සේ විසින් බොරු ගුරුවරුන්ට විරුද්ධව නියම කරන ලද ලැබීමට සුදුසු විනිශ්චය මෙයයි. එම විනිශ්චය සිදු නොවී නොතිබෙනු ඇත. යෙරෙමියාගේ සියලු දේවානුභාවයලත් පණිවුඩ අතීතයේ සැබෑ වූවාසේම, නවීන-දින ඉෂ්ට වීමේදීද ඒවා සැබෑ වනු ඇත. එනිසා, අපිත් යෙරෙමියා හා සමානව සිටිමු. යෙහෝවඃවහන්සේගේ අනාවැකිමය බර අභීතව ජනයාට ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය පූර්ණ පරිමාණයෙන් බොරු ආගමික ගුරුවරුන් සියල්ලන් කෙරෙහි පැමිණීමට හේතුව එවිට ඔවුන් දැනගන්නවා ඇත!
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටි කෝණයට අනුව, ඉපැරණි යෙරුසලම කෙතරම් නරක් වූවාද?
◻ ක්‍රිස්තියානි ලෝකය ‘බොරුකාරකම තුළ හැසිර’ ඇත්තේ කිනම් ආකාරවලින්ද?
◻ නවීන-දින පූජක පංතියේ වරදසහිතභාවය හෙළි වී ඇත්තේ කෙසේද?
◻ අදදින ප්‍රකාශ කරනු ලබමින් තිබෙන “යෙහෝවඃවහන්සේගේ බර” කුමක්ද?
[8වන පිටුවේ පින්තූරය]
යෙරුසලමේ ප්‍රොපේතවරු “පිළිකුල් සහගත දේවල්” කළහ
[9වන පිටුවේ පින්තූරය]
“ඔවුන් කථා කරන්නේ ඔවුන්ගේම හෘදයේ දර්ශනයයි”
[10වන පිටුවේ පින්තූරය]
යෙරුසලම, ඇගේ විනාශයෙන් පසු තත්ත්වය මගින් විචිත්‍රණය කරන්නේ ක්‍රිස්තියානි ලෝකයේ අවසාන ඉරණමය