ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—බහමාස්
බහමාස් පොදුරාජ්‍ය මණ්ඩලය—එනම්, දූපත් හා දීපිකාවන් 3,000කින් සමන්විත කොදෙව් රැස—පිහිටා තිබෙන්නේ ෆ්ලොරිඩාව හා කියුබාව අතර නිල්වන් මුහුදේ සැතපුම් 550ක් හරහට විහිදුණු කොරල් මාලයක් මෙනි. එහි වැසියන් 2,67,000 අතර වැඩිවෙමින් පවතින රාජ්‍යය ප්‍රකාශකයන් සමූහයක් සිටී. ඔවුන්ගේ ප්රශංසාවේ ගීතය යෙසායා 42:10-12 සිහිගන්වයි: “මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] අලුත් ගීතිකාවක්ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්. . . . කඳු මුදුන්වල සිට (ජනයා) මොරගසත්වා. ඔව්හු ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.”
නව ඇදහිල්ලට අභියෝග
වර්ෂ 1992 ජූලි මාසයේ, ස්ථාවර පුරෝගාමියෙක් (පූර්ණ-කාලීන රාජ්‍යය ප්‍රචාරකයෙක්) තමන් හඳුනන ව්‍යාපාරිකයෙකු වෙත පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති බයිබල් පාඩම් ආධාරකය තැබීය. ඒ මිනිසා එම පොත කියවීමෙන් පසු, ඔහු තමාට කියාගත්තේ ‘මේ ආගම මා පරීක්ෂාකර බැලිය යුතු යමකි’ යනුවෙනි. ඊළඟ ඉරු දිනයන් දෙකේදී, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වෙනස් රාජ්‍යය ශාලා දෙකක රැස්වීම්වලට පැමිණියේය. ඊළඟට ඔහු සමඟ බයිබල් පාඩමක් පටන් ගනු ලැබීය. කෙසේවෙතත්, ඔහු බයිබල් පාඩම පටන්ගෙන සති හයක් පමණක් ගතව තිබියදී, ඔහුගේ නව ඇදහිල්ල පරීක්ෂා කරන්නාවූ අභියෝගයක්—එනම්, උපන්දින උත්සව පැවැත්වීම—මතු විය.
එම ව්‍යාපාරිකයාගේ පවුල එවන් උත්සවවල බොහෝ සේ නිරතව සිටියත්, දේව වචනය සඳහා ඔහුගේ ප්‍රේමය සිය බයිබල් පාඩම නොනවත්වා කරගෙන යාමට ඔහුව පෙලඹවීය. ශුද්ධලියවිලිමය සත්‍යයන් පිළිබඳ ඔහුගේ දැනුම වැඩිවෙනවාත් සමඟම, උපන්දින උත්සව හා ලෞකික නිවාඩු දිනයන් පිළිබඳ ඔහුගේ අවබෝධයත් ඒවා පිළිබඳ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටියත් ඔහු තේරුම් ගත්තේය.
පියාගේ දිනය සඳහා මෙම මිනිසාගේ භාර්යාව ප්‍රිය සම්භාෂණයක් සංවිධානය කළ විට, ඊට සහභාගි වීම ඔහු විනීත ආකාරයකට ප්‍රතික්ෂේප කළේය. කෙසේවෙතත්, ඇයට හැඟුනේ ඔහු ඇයට තවදුරටත් ප්‍රේම නොකරන බවත්, ඇයට හා පවුලට ඉහළින් ඔහු තමාගේ ආගම තබමින් සිටි බවත්ය. තමා බයිබලයෙන් ඉගෙන ගනිමින් සිටි දෙය අදාළ කර ගැනීම වඩා හොඳ ස්වාමිපුරුෂයෙක් හා පියෙක් බවට පත්වීමට ඔහුට උපකාර කරමින් තිබූ බව ඔහු කාරුණිකව තේරුම් කර දුන්නේය. අවසානයේ, ශුද්ධලියවිලිමය සත්‍යයන් කෙරෙහි ඔහුගේ ප්‍රේමය ඇය අගය කරන්නට පටන් ගත් අතර, බයිබලය ඉගෙන ගන්නට එකඟ වුණාය. දැන් ඔහු තමාගේ පවුල සමඟ බයිබල් පාඩමක් පවත්වමින් සිටී. එමෙන්ම පසුගිය වසරේ “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුවේදී ඔහු කොතරම් සතුටට පත්වූයේද! ඔහුගේ භාර්යාව හා දියණිය ඊට පැමිණ සිටි අතර, ඔහු බව්තීස්මය ලබනු ඔව්හු දුටහ.
සංක්රමණිකයෝ අලුත් ගීතිකාව අසති
හෙයිටි රටෙන් දහස් සංඛ්‍යාත සංක්රමණිකයෝ බහමාස් සමාජයට මුසු වෙමින් සිටිති. ඔවුන්ද රාජ්‍යය පිළිබඳ සත්‍යයේ අලුත් ගීතිකාව ඇසිය යුතුය. හෙයිටි-අමෙරිකානු ජෝඩු දෙකක් පැමිණ සිටීම ගැන බහමාස්හි සාක්ෂිකරුවෝ කෘතඥපූර්වක වෙති. මොවුහු ග්‍රෑන්ඩ් බහමාස් හා අබාකෝ දූපත්වල අලුත සකස් කරන ලද හෙයිටි කණ්ඩායම් ශක්තිමත් කිරීමට උපකාර කර ඇත්තාහ.
රාජ්‍යය පණිවුඩයට හෙයිටි ජාතිකයන් දක්වන උනන්දුවට වැඩිමනත් ආධාරකයක් වශයෙන්, බහමාස් රටේ හෙයිටියානු ක්රෙයොල් භාෂාවෙන් මෙතෙක් පවත්වන ලද මුල්ම දිස්ත්‍රික් සමුළුව 1993, ජූලි 31වන දින සිට අගෝස්තු 1වන දින දක්වා පවත්වනු ලැබීය. ඊට 214දෙනෙක් පැමිණ සිටි අතර අලුත කැප වූ තිදෙනෙක් බව්තීස්මය ලැබූහ. බහමාස්හි සත්‍යය ඉගෙන ගත් බොහෝ හෙයිටි ජාතිකයෝ, ඉන්පසු තමන් උපන් දූපතට හැරී ගොස් ඇත්තාහ, නැතහොත් වෙනත් ස්ථානයකට පදිංචිය සඳහා ගොස් ඇත. මෙසේ ඔවුහු යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගායනා කිරීමෙහිලා තමන්ගේ හඬද දේශීය සාක්ෂිකරුවන් සමඟ මුසු කර ඇත්තාහ.
[8වන පිටුවේ කොටුව]
රටේ ආකෘති සටහනක්
1993 සේවා වසරa
සාක්ෂි දරන ඉහළම සංඛ්‍යාව: 1,294
අනුපාතය: එක් සාක්ෂිකරුවෙකුට: 197
සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව: 3,794
පුරෝගාමි ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 186
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 1,715
බව්තීස්ම වූ සංඛ්‍යාව: 79
සභාවන් සංඛ්‍යාව: 22
ශාඛා කාර්යාලය: නසවු
[පාදසටහන්වල]
a වැඩිමනත් තොරතුරු සඳහා, 1994 කැලැන්ඩර් ඔෆ් ජෙහෝවාස් විට්නසස් බලන්න.
[9වන පිටුවේ පින්තූරය]
ශාඛා කාර්යාලය හා මිෂනාරි නිවස සමඟ පළමු රාජ්‍යය ශාලාව
[9වන පිටුවේ පින්තූරය]
ජ්වලිතයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන සාක්ෂිකරුවෝ
[9වන පිටුවේ පින්තූරය]
දැනට වසර 45කට පෙර මිෂනාරිවරුන් සමඟ සිටින මිල්ටන් ජී. හෙන්ෂල් හා නේදන් එච්. නෝර්
[9වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1992, පෙබරවාරි 8වන දින කැප කරන ලද නව ශාඛා කාර්යාලය