රාජ්‍යය ප්‍රකාශකයෝ පොළොව පුරා ක්‍රියාශීලීව සිටිති
“පොළොවේ බොහෝ ඈත ප්‍රදේශ දක්වාද ඔබ මාගේ සාක්ෂිකරුවන් වන්නහුය.”—ක්‍රියා 1:8, NW.
1. යේසුස්වහන්සේගේ අනුගාමිකයන් අපගේ කාලයේදී කිනම් පණිවුඩයක් ප්‍රකාශ කරනු ඇති බව උන්වහන්සේ පැවසූ සේක්ද?
යෙහෝවඃවහන්සේ සිය පුත්‍රයාණන් විසින් කරනු ලැබීම සඳහා උන්වහන්සේව පොළොවට එවූ කර්තව්‍යය ගැන විස්තර කරන විට, යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “මා විසින් . . . දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය.” (ලූක් 4:43) ඒ හා සමානව, යේසුස්වහන්සේ රාජ්‍යය බලයෙන් යුක්තව නැවත පැමිණෙන විට සිය ගෝලයන් පොළොව මත කරන්නට යන වැඩය ගැන උන්වහන්සේ මෙසේ පැවසූ සේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලබන්නේය; ඉන්පසු අන්තිමය පැමිණෙනු ඇත.”—මතෙව් 24:14, NW.
2. (අ) රාජ්‍යය පණිවුඩයට පුළුල් ප්‍රචාරයක් දීම එතරම් වැදගත් වන්නේ මන්ද? (ආ) අප සියල්ලන්ම අපගෙන්ම ඇසිය යුතු ප්රශ්නය කුමක්ද?
2 දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ පුවත් මෙතරම් වැදගත් වන්නේ ඇයි? රාජ්‍යයට එතරම් පුළුල් ප්‍රචාරයක් අවශ්‍ය වන්නේ ඇයි? මක්නිසාදයත්, යෙහෝවඃවහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යය නිදොස් කරනු ඇත්තේ එම මෙසියානු රාජ්‍යය වන නිසාය. (1 කොරින්ති 15:24-28) ඒ මාර්ගයෙන්, යෙහෝවඃවහන්සේ, සාතන්ගේ වර්තමාන දේවල පිළිවෙළට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරනු ඇති අතර, පොළොවේ සියලු පවුල්වලට ආශීර්වාද කිරීමට වූ ස්වකීය පොරොන්දුව ඉටු කරනවා ඇත. (උත්පත්ති 22:17, 18; දානියෙල් 2:44, 45) රාජ්‍යය සම්බන්ධව සාක්ෂියක් දීම මගින්, යෙහෝවඃවහන්සේ, යම් පුද්ගලයන්ව සොයාගෙන ඇති අතර, අනතුරුව උන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ හවුල් උරුමක්කරුවන්වීම සඳහා ආලේප කර තිබෙන සේක. රාජ්‍යය ප්‍රකාශ කිරීමක් මගින්, අදදින වෙන්කිරීමේ වැඩක්ද ඉටු කරනු ලබමින් තිබේ. (මතෙව් 25:31-33) ස්වකීය අරමුණ සම්බන්ධව සියලු ජාතීන්ගේ ජනයා දැනුවත් කිරීම යෙහෝවඃවහන්සේට වුවමනාය. ස්වකීය රාජ්‍යයේ යටත් වැසියන් වශයෙන් ඔවුන්ට ජීවනය තෝරා ගැනීමේ ප්‍රස්තාව ලබාදීමට උන්වහන්සේට වුවමනාය. (යොහන් 3:16; ක්‍රියා 13:47) ඔබ මෙම රාජ්‍යය ප්‍රකාශ කිරීමෙහි පූර්ණ ලෙස හවුල් වෙමින් සිටින්නෙහිද?
අන්‍ය ජාතීන්ගේ කාලවල අවසානය අපේක්ෂාවෙන්
3. (අ) බයිබල් අධ්‍යයනය සඳහා කණ්ඩායම් සංවිධානය කිරීම පිණිස කළ තම මුල් චාරිකාවකදී සී. ටී. රසල් ගැළපෙන අන්දමින් විශේෂ කොට දැක්වූ විෂය කුමක් වීද? (ආ) දෙවියන්වහන්සේගේ රාජ්‍යය තම ජීවිතවල ගත යුතු ස්ථානය සම්බන්ධව එම මුල් බයිබල් ශිෂ්‍යයන් වටහා ගත්තේ කුමක්ද?
3 වොච් ටවර් සඟරාවේ පළමු සංස්කාරක වූ චාල්ස් ටේස් රසල්, වර්ෂ 1880දී, බයිබල් අධ්‍යයනය සඳහා කණ්ඩායම් සකස් කිරීමට දිරිගන්වනු වස්, එක්සත් ජනපදවල ඊසාන දිග ප්‍රදේශය හරහා සංචාරය කළේය. ඔහු කථාකළ “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සම්බන්ධ දේවල්” යන විෂය ගැළපෙන එකක් විය. වොච් ටවර්හි පළමු කලාපවල විදහා දක්වනු ලැබූ, (යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එවකට හඳුන්වනු ලැබූ ලෙස) බයිබල් ශිෂ්‍යයන් වටහා ගත් දෙයක් නම්, ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හවුල්කාරත්වයක් ලබාගැනීමට වටිනා බව ඔප්පු කිරීම සඳහා, ඔවුන් රාජ්‍යයට තම ප්‍රමුඛත්වය දී, තම ජීවිත, තම හැකියාවන් සහ තම සම්පත් එහි සේවයට සතුටින් යොදා ගත යුතු බවය. ජීවිතයේ අනෙකුත් සෑම දෙයක්ම දෙවනි ස්ථානය ගත යුතුව තිබිණි. (මතෙව් 13:44-46) දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ගැන අන්‍යයන්ට ප්‍රකාශ කිරීමද ඔවුන්ගේ වගකීමට ඇතුළත් විණි. (යෙසායා 61:1, 2) වර්ෂ 1914දී අන්‍ය ජාතීන්ගේ කාලවල් අවසාන වීමට පෙර ඔවුන් එය කළේ කොතරම් දුරකටද?
4. වර්ෂ 1914ට පෙර, එම මුල් බයිබල් ශිෂ්‍ය කණ්ඩායම බයිබල් පොත්පත් බෙදාහැරියේ කොතරම් ප්රමාණයකටද?
4 එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල සිට, 1914 දක්වා, බයිබල් ශිෂ්‍යයන් සිටියේ සාපේක්ෂ වශයෙන් සංඛ්‍යාවෙන් ස්වල්ප දෙනෙක් පමණි. වර්ෂ 1914වන විට, ප්‍රසිද්ධ සාක්ෂියක් දීමෙහි ක්‍රියාශීලී ලෙස හවුල් වෙමින් සිටියේ 5,100ක් පමණි. එහෙත් එය කොතරම් අති විශේෂ සාක්ෂියක් වූවාද! වර්ෂ 1881දී, වොච් ටවර් පළමු වතාවට ප්‍රකාශයට පත් කළායින් හුදෙක් වසර දෙකකට පසු, ෆූඩ් ෆෝර් තිංකිං ක්‍රිස්ටියන්ස් (කල්පනා කරන ක්‍රිස්තියානින්ට ආහාර) නමැති පිටු 162කින් යුත් ප්රකාශනය බෙදා හැරීම ඔවුහු භාරගත්හ. මාස ස්වල්පයක් ඇතුළත, ඔවුහු එහි පිටපත් 12,00,000ක් බෙදා හැරියහ. වසර ස්වල්පයක් ඇතුළත, පත්‍රිකා මිලියන දස ගණනක් බොහෝ භාෂාවලින් වාර්ෂිකව බෙදා දෙනු ලබමින් තිබිණි.
5. කෝල්පෝටර්වරු යනු කවරහු වීද, ඔවුන් විදහා පෑවේ කුමන ආකාරයේ ස්වභාවයක්ද?
5 වර්ෂ 1881 ආරම්භයත් සමඟම, ඇතැම්හු කෝල්පෝටර් එවැන්ජලිස්තවරුන් වශයෙන් තම සේවය පුද කළහ. ඔවුහු වනාහි අදදින පුරෝගාමින්ට (පූර්ණ කාලීනව ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ට) පෙරටුව ගිය අය වූහ. පයින් හෝ පාපැදියෙන් ගමන් කළ ඇතැම් කෝල්පෝටර්වරු තමන් ජීවත් වූ රටේ සෑම ප්‍රදේශයකම පාහේ පෞද්ගලිකව සාක්ෂි දැරූහ. තවත් අය විදේශ ක්ෂේත්‍ර වෙත ළඟා වූ අතර, ෆින්ලන්තය, බාර්බඩොස් සහ බුරුමය (දැන් මියන්මාර්) වැනි රටවලට පළමු වතාවට ශුභාරංචිය ගෙන ගිය අය වූහ. ඔවුන් දැක්වූ මිෂනාරි ජ්වලිතකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන් දැක්වූ ජ්වලිතකමට සමාන වූයේය.—ලූක් 4:43; රෝම 15:23-25.
6. (අ) බයිබල් සත්‍යය පතළ කිරීම සඳහා සහෝදර රසල් සංචාරය කළේ කොතරම් දුරකටද? (ආ) අන්‍ය ජාතීන්ගේ කාලවල් නිමාවීමට පෙර, විදේශ ක්ෂේත්රවල ශුභාරංචිය තවදුරටත් දේශනා කිරීම සඳහා කරන ලද්දේ තවත් කුමක්ද?
6 සත්‍යය පතළ කිරීම සඳහා සහෝදර රසල්ම පුළුල් ලෙස සංචාරය කළේය. ඔහු වතා කිහිපයක්ම කැනඩාවට ගියේය; පැනමාවේදී, ජැමෙයිකාවේදී සහ කියුබාවේදී කථා කළේය; යුරෝපයට 12වතාවක් ගියේය; ශුභාරංචිය ප්‍රකාශ කරමින් ලෝවටා සංචාරය කළේය. ඔහු විදේශීය ක්ෂේත්රවල ශුභාරංචිය දේශනා කිරීමෙහිලා මුලපිරීමට සහ පෙරමුණ ගැනීමට වෙනත් පුරුෂයන්ව පිටත් කළේය. වර්ෂ 1890 මැද භාගයේ, ආඩොල්ෆ් වේබර් යුරෝපය කරා යවනු ලැබූ අතර, ඔහුගේ දේව සේවය ස්විට්සර්ලන්තයේ සිට ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය සහ බෙල්ජියම කරා විහිදී ගියේය. ඊ. ජේ. කවර්ඩ්ව කැරිබියන් ප්‍රදේශයට පිටත් කර යවන ලදි. රොබර්ට් හොලස්ටර් 1912දී ප්‍රාචීන ප්‍රදේශවලට යෑම සඳහා පැවරුම් ලැබීය. එහි, භාෂා දසයකින් විශේෂ පත්‍රිකා පිළියෙළ කරන ලද අතර, මේවායේ පිටපත් මිලියන ගණනක් ඉන්දියාව, චීනය, ජපානය සහ කොරියාව යන රටවල ඒවායේ ජන්මිකයන් විසින් බෙදා හරිනු ලැබිණි. ඔබ එවකට ජීවත්ව සිටියා නම්, ඔබගේ ප්‍රදේශයේ වෙසෙන සමූහයා අතරට ශුභාරංචිය සමඟින් ළඟාවීම සඳහා දැඩි ප්රයත්නයක් දැරීමට ඔබගේ හෘදය පෙලඹෙනු ඇද්ද?
7. (අ) සාක්ෂිය තීව්ර කිරීම සඳහා පුවත්පත් යොදා ගනු ලැබුවේ කෙසේද? (ආ) “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” යනු කුමක් වීද, තවද වසරක් ඇතුළත එය කොපමණ ජන සංඛ්‍යාවක් විසින් නරඹන ලද්දේද?
7 අන්‍ය ජාතීන්ගේ කාලවල් එහි අවසානයට ළංවූවාත් සමඟම, සහෝදර රසල් විසින් ඉදිරිපත් කරන ලද බයිබල් දේශනා ප්‍රකාශ කිරීමට පුවත්පත් යොදා ගන්නා ලදි. ඒවායේ මූලික අවධාරණය වූයේ, 1914 අවුරුද්ද කෙරෙහි නොව, නමුත් දෙවියන්වහන්සේගේ අරමුණ සහ එහි ඉටුවීමේ ස්ථිරභාවය කෙරෙහිය. පුවත්පත් 2,000ක් පමණ සංඛ්‍යාවක් මගින්, පාඨකයන් 1,50,00,000ක් කරා ළඟාවෙමින් නිතිපතාම මෙම දේශනා විශේෂ කොට දක්වන ලදි. අනතුරුව, 1914 උදාවීමත් සමඟම, සමිතිය එහි, “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” නමැති මහජන ප්‍රදර්ශනය ආරම්භ කළේය. පැය 2ක් දිග ප්‍රදර්ශනය කිරීම් හතරක් තුළ, මැවීමේ සිට දහස් අවුරුදු සමය දක්වාම බයිබල් සත්‍යයන් ඉන් ඉදිරිපත් විණි. හුදෙක් වසරක් ඇතුළත, උතුරු අමෙරිකාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මිලියන නවයකට වඩා වැඩි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් එය නරඹා තිබිණි.
8. වර්ෂ 1914වන විට, බයිබල් ශිෂ්‍යයන් ශුභාරංචිය සමඟින් ළඟාවී තිබුණේ රටවල් කීයකටද?
8 ලබාගත හැකි වාර්තාවලට අනුව, 1914 අවසාන භාගයේදී, මෙම ජ්වලිතවත් එවැන්ජලිස්ත කණ්ඩායම, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව තම ප්‍රකාශ කිරීම රටවල් 68කට ව්‍යාප්ත කර තිබිණි.a එහෙත් එය ආරම්භයක් වූවා පමණි!
ස්ථාපිත රාජ්‍යය ජ්වලිත ලෙස ප්‍රකාශ කිරීම
9. සීඩර් පොයින්ට් සමුළුවලදී, රාජ්‍යය සාක්ෂිදැරීමේ කර්තව්‍යට විශේෂ අනුබලයක් දෙනු ලැබුවේ කෙසේද?
9 බයිබල් ශිෂ්‍යයන් 1919දී, ඔහයියෝහි, සීඩර් පොයින්ට්හි එක්රැස්වූ අවස්ථාවේ, වොච් ටවර් සමිතියේ එවකට සභාපතිව සිටි ජේ. එෆ්. රදෆර්ඩ් මෙසේ ප්‍රකාශ කළේය: “අපගේ වෘත්තිය වූයේත් වන්නේත් මෙසියස්වහන්සේගේ පැමිණෙන තේජාන්විත රාජ්‍යය ප්‍රචාරය කිරීමයි.” වර්ෂ 1922දී පැවති, සීඩර් පොයින්ට්හි පැවති දෙවන සමුළුවේදී, අන්‍ය ජාතීන්ගේ කාලවල අවසානයේදී, එනම් 1914දී, ‘තේජාන්විත රජ තමන්ටම මහත් බලය ගෙන පාලනය කිරීම ආරම්භ කර තිබෙන’ බවට වූ කාරණය සහෝදර රදෆර්ඩ් ඉස්මතු කොට දැක්වූයේය. ඊළඟට, එම කාරණය හේ ඍජුවම සබයට යොමු කළේ මෙසේ පවසමිනි: “තේජසේ රජ සිය පාලනය පටන් ගෙන තිබෙන බව ඔබ විශ්වාස කරන්නෙහිද? එසේනම්, මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රයන් වන නුඹලා, ආපසු ක්ෂේත්රයට යන්න! . . . පණිවුඩය දුරනුදුර ප්‍රකාශ කරන්න. යෙහෝවඃවහන්සේ වනාහි දෙවියන්වහන්සේ බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි රජවරුන්ගේ රජු හා ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේ බවත් ලෝකයා දැන ගත යුතුය. මෙය වනාහි සියලු දවස්වල දවසය. බලව, රජු පාලනය කරයි! නුඹලා වනාහි උන්වහන්සේගේ ප්රචාරක නියෝජිතයෝය.”
10, 11. රාජ්‍යය සත්‍යය සමඟින් ජනයා වෙත ළඟාවීම සඳහා ගුවන් විදුලිය, ශබ්ද විකාශන යන්ත්‍රවලින් සමන්විත මෝටර් රථ සහ ප්රචාරක දැන්වීම් පුවරු යන මේ සියල්ල බලපෑමෙන් යුතුව යොදා ගනු ලැබුවේ කෙසේද?
10 සීඩර් පොයින්ට්හි එම සමුළු පවත්වා වසර 70ක් පමණ ගෙවී ගොස් තිබේ—එනම් යෙහෝවඃවහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ මෙසියානු පාලනය තුළින් ස්වකීය පරමාධිපත්‍යය පළකිරීම ආරම්භ කොට වසර 80ක පමණ කාලයක් ගෙවී ඇත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, තමන් සඳහා දේව වචනයෙන් දක්වා ඇති වැඩය සැබවින්ම ඉටු කොට ඇත්තේ කොතරම් ප්රමාණයකටද? ඔබ ඒ තුළ පෞද්ගලිකව කෙලෙස හවුල්වෙමින් සිටින්නෙහිද?
11 එක්දහස් නවසිය විසි ගණන්වල මුල් භාගයේදී, ගුවන් විදුලිය, රාජ්‍යය පණිවුඩයට පුළුල් ප්‍රචාරයක් දීම සඳහා යොදා ගත හැකි උපකරණයක් විණි. එක්දහස් නවසිය තිස් ගණන්වලදී, ලෝකයේ බලාපොරොත්තුව ලෙස රාජ්‍යය විශේෂ කොට දැක්වූ අනුශාසනාත්මක සමුළු කථා, ගුවන් විදුලි ජාලා හෝ දාම සේ සම්බන්ධ ගුවන් විදුලි සහ ලොව වටා විහිදුණු දුරකථන රැහැන් මගින් ගෙන යන ලදි. ප්‍රසිද්ධ ස්ථානවලදී බයිබල් කථා වාදනය කිරීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍රවලින් සමන්විත වූ මෝටර් රථද යොදා ගන්නා ලදි. අනතුරුව, 1936දී, ස්කොට්ලන්තයේ ගැල්ස්ගව් නුවර, අපගේ සහෝදරයෝ, ප්‍රසිද්ධ කථාවලට ප්‍රචාරයක් දීම සඳහා ප්රචාරක දැන්වීම් පුවරු තම සිරුරුවල එල්ලා ගෙන ව්‍යාපාරික ප්‍රදේශ හරහා ගමන් කළහ. අපගේ සංඛ්‍යාව ඉතා ස්වල්ප දෙනෙකුව සිටි එම අවදියේ බොහෝ ජනයාට සාක්ෂියක් දීම සඳහා මෙම ක්‍රම සියල්ලම බලපෑමෙන් යුත් ඒවා විණි.
12. ශුද්ධ ලියවිලි පෙන්වන පරිදි, පෞද්ගලික මට්ටමෙන් සාක්ෂියක් දීම සඳහා, අපට හැකි වඩාත් බලපෑමෙන් යුත් ක්‍රමය කුමක්ද?
12 ඇත්තෙන්ම, ශුද්ධ ලියවිලි පැහැදිලිව පෙන්වන්නේ, ක්‍රිස්තියානින් වශයෙන්, සාක්ෂියක් දීමට අපට පෞද්ගලික වගකීමක් තිබෙන බවයි. මෙම වැඩය කිරීම සඳහා හුදෙක් පුවත්පත් ලිපිවලට හෝ ගුවන් විදුලි විකාශනවලට ඉඩහැරීමට අපට නොහැක. පක්ෂපාත ක්‍රිස්තියානින්—එනම් පුරුෂයන්, ස්ත්‍රීන් සහ යෞවනයන්—දහස් ගණනක් එම වගකීම භාරගෙන තිබේ. ප්‍රතිඵලයක් වශයෙන්, ගෙයින් ගෙට දේශනා කිරීම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ හඳුනා ගැනීමේ ලකුණක් බවට පත් වී ඇත.—ක්‍රියා 5:42; 20:20.
මුළු ජනාවාස පොළොව පුරා යෑමට වීර්යය කිරීම
13, 14. (අ) ඇතැම් සාක්ෂිකරුවන් තම දේව සේවය කරගෙන යෑම සඳහා වෙනත් නගරවලට, වෙනත් රටවලට පවා ඇදී යන්නේ මන්ද? (ආ) යමෙකු උපන් දේශයේ සිටින ජනයා උදෙසා ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීම, ශුභාරංචිය පතළ කිරීමට උපකාරවත් වී ඇත්තේ කෙසේද?
13 රාජ්‍යය පණිවුඩය මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලැබීමට තිබෙන බවට දැනගෙන සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වන ඇතැම් අය, තමන්ගේම ප්‍රජාවෙන් ඔබ්බට පිහිටි ප්‍රදේශ කරා යෑම සඳහා තමන්ට පෞද්ගලිකව කුමක් කළ හැකිදැයි බැරෑරුම් ලෙස සලකා බලා සිටිත්.
14 බොහෝ ජනයා සත්‍යය ඉගෙන ගෙන ඇත්තේ, තමන් උපන් ස්ථානයෙන් පදිංචිය වෙනස් කර ඉන් ඉවත්ව ගිය පසුවය. ඔවුන් එසේ ගොස් ඇත්තේ ද්‍රව්‍යමය වාසි සඳහා විය හැකිවා වුවද, ඔවුන් සොයාගෙන ඇත්තේ වඩාත් අනර්ඝ දෙයක්ය, තවද සත්‍යය බෙදා ගැනීම සඳහා තම උපන් රටට හෝ ප්‍රජාව කරා ආපසු යෑමට ඇතැම් අය පෙලඹී සිටිත්. මෙසේ මෙම සියවසේ මුල් භාගයේදී, ශුභාරංචිය දේශනා කිරීම, ස්කැන්ඩිනේවියාව, ග්‍රීසිය, ඉතාලිය, නැගෙනහිර යුරෝපයේ රටවල් සහ වෙනත් බොහෝ ප්‍රදේශවලට විහිදී ගියේය. එක්දහස් නවසිය අනූගණන්වල එනම් දැන් පවා, රාජ්‍යය පණිවුඩය ව්‍යාප්ත වෙන්නේ එම අයුරින්මය.
15. එක්දහස් නවසිය විසි ගණන්වල සහ 1930 ගණන් අතරතුරේදී, යෙසායා 6:8හි පළකොට ඇති ආකල්පයට සමාන ආකල්පයක් තිබූ ඇතැම් අයගෙන් ඉටු වූයේ කුමක්ද?
15 දේව වචනයේ උපදෙස් තම ජීවිතවලට අදාළ කරගැනීමෙන්, ඇතැම් අයට, තමන් මීට කලින් කිසිවිටෙකත් ජීවත් නොවූ ප්‍රදේශවල සේවය කිරීමට තමන්වම ඉදිරිපත් කොට ඇත. ඩබ්. ආර්. බ්‍රවුන් (“බයිබල් බ්‍රවුන්” හැටියට නොයෙක් වර හඳුන්වන ලදි) මේ අයගෙන් කෙනෙකු විය. වර්ෂ 1923දී, තවදුරටත් එවැන්ජලිස්ත වැඩකටයුතු ව්‍යාප්ත කිරීම සඳහා, හේ ට්‍රිනිඩෑඩ් සිට බටහිර අප්‍රිකාව දක්වා ගමන් කළේය. එක්දහස් නවසිය තිස් ගණන් අතරතුරේදී, ෆ්රෑන්ක් සහ ග්‍රේ ස්මිත්, රොබට් නිස්බෙට් සහ ඩේවිඩ් නෝර්මන් යන අය රාජ්‍යය පණිවුඩය අප්‍රිකාවේ නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශයට රැගෙන ගිය අය අතර වූහ. තවත් අය දකුණු අමෙරිකානු ක්ෂේත්රය වගා කිරීමට උපකාර කළහ. එක්දහස් නවසිය විසි ගණන්වල මුල් භාගයේදී, කැනේඩියානු ජාතියෙකු වූ ජෝර්ජ් යං, ආජෙන්ටිනාවේ, බ්‍රසීලයේ, බොලීවියාවේ, චිලීහි සහ පේරුහි වැඩකටයුතු සඳහා හවුල් විය. ස්පාඤ්ඤයේ සේවය කර සිටි ක්වාන් මුන්යිස්, ආජෙන්ටිනාව, චිලී, පැරග්වේ සහ උරුග්වේහි සේවය කළේය. මේ සියල්ලන්ම විදහා පෑවේ, යෙසායා 6:8හි පළ කොට ඇති ස්ප්රීතුවට සමාන ස්ප්රීතුවකි, එනම්: “මම මෙහිය! මා යැවුව මැනව.”
16. යුද්ධයට පෙර වසරවලදී, ජනගහනයෙන් යුත් ප්‍රධාන මධ්‍යස්ථානවලට අමතරව, සාක්ෂිදැරීම කරනු ලැබුවේ කුමන දේශවලද?
16 ශුභාරංචිය දේශනා කිරීම ඈත දුර පිහිටි ප්‍රදේශවලට පවා ළඟා වෙමින් තිබිණි. සාක්ෂිකරුවෝ පදවනු ලැබූ බෝට්ටු නියුෆවුන්ඩ්ලන්තයේ සියලු ධීවර ගම්මානවලටද, නෝර්වේජියානු මුහුදු තීරය සිට ආක්ටික් පෙදෙස් දක්වා දූපත්වලටද, ගිනිකොනදිග ආසියාවේ වරායවලටද ගමන් කරමින් සිටියහ.
17. (අ) වර්ෂ 1935වන විට, සාක්ෂිකරුවන් රටවල් කොපමණ ගණනකට ළඟා වී තිබුණිද? (ආ) එම අවස්ථාවේදී වැඩය අවසන් නොවූයේ මන්ද?
17 පුදුමසහගත ලෙස, වර්ෂ 1935වන විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් රටවල් 115ක කාර්ය බහුලව ක්‍රියාකරමින් සිටීමත්, කණ්ඩායම් වශයෙන් සාක්ෂිදැරීම මගින් හෝ තැපෑලෙන් යවනු ලැබූ පොත්පත් මගින් ඔවුන් තවත් රටවල් 34කට ළඟා වී තිබීමත් පුදුම දනවන යමකි. එහෙත්, වැඩය සමාප්ත නොවීය. එම වසරේදී, යෙහෝවඃවහන්සේ, ස්වකීය නව ලෝකය තුළට කෙලින්ම බේරී ජීවත්වන්නට යන්නාවූ “මහත් සමූහයක්” එක්රැස්කිරීමට වූ ස්වකීය අරමුණ වෙතට ඔවුන්ගේ නෙත් විවෘත කළ සේක. (එළිදරව් 7:9, 10, 14) තවමත් බොහෝ සාක්ෂිදැරීමක් කිරීමට තිබිණි!
18. රාජ්‍යය ප්‍රකාශ කිරීමේ වැඩය බලන කල, ගිලියඩ් පාසල සහ උපස්ථායක පුහුණු පාසල මගින් ඉටු කර ඇති කාර්යභාරයන් මොනවාද?
18 දෙවන ලෝක යුද්ධය මගින් ලෝකය ගිලගෙන තිබූ සහ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පොත්පත් සහ ඔවුන්ගේ වැඩකටයුතු රටවල් ගණනාවක තහනම් කර තිබූ අවදියේදී පවා, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් (ගිලියඩ් පාසල), රාජ්‍යය ප්‍රකාශ කිරීමේ ඊටත් වඩා මහත් ජාත්‍යන්තර වැඩක් ඉටු කිරීම පිණිස මිෂනාරිවරුන් පුහුණු කිරීමට සිය දොරටු විවෘත කරන්නට විය. අද දිනට, ගිලියඩ්හි උපාධිධාරීන් රටවල් 200කට වඩා වැඩි ගණනක සේවය කර තිබේ. ඔවුන් පොත්පත් තබා ඇවිත් අනතුරුව වෙනත් ප්‍රදේශයකට ඇදී ගියාට වඩා යමක් කර තිබේ. ඔවුහු, බයිබල් පාඩම් පවත්වා, සභා සංවිධානය කර, දිව්‍යාණ්ඩු වගකීම්වලට උරදීම සඳහා ජනයාව පුහුණු කොට සිටිත්. වඩාත් මෑතකදී, උපස්ථායක පුහුණු පාසලෙන් උපාධි ලබා සිටින වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන්ද, මහද්වීප හයේ මෙම වැඩකටයුතු සම්බන්ධයෙන් අතිවැදගත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා උපකාර කොට තිබේ. දිගටම සිදුවන්නට යන වර්ධනයක් සඳහා ස්ථිර පදනමක් දමනු ලැබ තිබේ.—2 තිමෝති 2:2 සසඳන්න.
19. අවශ්‍යතාව වඩාත් ඇති ප්‍රදේශවල සේවය කිරීම සඳහා යෙහෝවඃවහන්සේගේ සේවකයන් ප්‍රතිචාරය දක්වා ඇත්තේ කිනම් තරමකටද?
19 වැඩ නොකළ ප්‍රදේශ සමහරක් ගැන සැලකිල්ල දැක්වීමෙහිලා උපකාර කිරීමට අනෙක් අයට හැකිවීද? වර්ෂ 1957 පැවැති ලෝක ව්‍යාප්ත සමුළුවලදී, පුද්ගලයන් සහ පවුල්වලට—එනම් යෙහෝවඃවහන්සේගේ මේරූ සාක්ෂිකරුවන්ට—වඩාත් අවශ්‍යතා ඇති ප්‍රදේශ කරා ගොස් එහි පදිංචි වී තම දේව සේවය කරගෙන යන මෙන් දිරිගැන්විණි. මෙම ආරාධනය, දෙවියන්වහන්සේ පාවුල්ට දුන් දර්ශනය හා බොහෝදුරට සමාන විය, එහිදී දර්ශනයක් තුළ “මකිදෝනියට ඇවිත් උපකාර කරන්නැයි” එක් මිනිසෙක් ඔහුගෙන් ඉල්ලා සිටීම, හේ දර්ශනයෙන් දුටුවේය. (ක්‍රියා 16:9, 10) ඇතැම් අය 1950 ගණන්වලද අනෙක් අය පසුවද වෙනත් ප්‍රදේශ කරා ගියෝය. සාක්ෂිකරුවන් දහසක් තරම් ප්‍රමාණයක් අයර්ලන්තයටද කොලොම්බියාවටද ගියහ; සිය ගණනක් වෙනත් ස්ථානවලට ගියහ. දසදහස් ගණනක් තමන්ගේම රට තුළ වඩාත් අවශ්‍යතාව ඇති ප්‍රදේශ කරා ඇදී ගියහ.—ගීතාවලිය 110:3.
20. (අ) වර්ෂ 1935 සිට, මතෙව් 24:14හි යේසුස්වහන්සේගේ අනාවැකිය ඉටුකිරීමෙහිලා ඉටු කර ඇත්තේ කුමක්ද? (ආ) පසුගිය වසර කිහිපය අතරතුරේදී, වැඩයේ වේගවත් කිරීමක් සිදුවී ඇත්තේ කෙසේද?
20 ස්වකීය ජනයා කෙරෙහි යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද සමඟ, රාජ්‍යය ප්‍රකාශ කිරීමේ වැඩය දිගින් දිගටම ඉතා මහත් වේගයකින් ඉදිරියට ඇදී යයි. වර්ෂ 1935 සිට ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව අටගුණයකින් පමණ වැඩි වී තිබෙන අතර, පුරෝගාමින්ගේ පෙළේ වැඩිවීමේ අනුපාතය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයේ අනුපාතයට වඩා සියයට 60කින් වැඩිවී තිබේ. නිවාස බයිබල් පාඩම් විධිවිධානය ආරම්භ කරන ලද්දේ 1930 ගණන්වලය. දැන් සෑම මාසයකම සාමාන්‍යයෙන් නිවාස බයිබල් පාඩම් මිලියන හතරහමාරකට වඩා පවත්වනු ලැබේ. වර්ෂ 1935 සිට ඉදිරියට, රාජ්‍යය ප්‍රකාශ කිරීමේ කර්තව්‍ය සඳහා පැය බිලියන 15කට වැඩියෙන් කැපකොට තිබේ. නිතිපතා ශුභාරංචිය දේශනා කිරීම දැන් රටවල් 231ක කරගෙන යනු ලැබේ. ශුභාරංචිය වඩාත් නිදහස් ලෙස දේශනා කිරීම සඳහා නැගෙනහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ ප්‍රදේශ විවෘත වීමත් සමඟම, මූලික වශයෙන් මහජනයා ඉදිරියේ රාජ්‍යය පණිවුඩය විදහා දැක්වීම සඳහා ජාත්‍යන්තර සමුළු බලපෑමෙන් යුතුව යොදා ගෙන තිබේ. බොහෝ කලකට පෙර යෙහෝවඃවහන්සේ, යෙසායා 60:22හි [NW] පොරොන්දු වූවාක් මෙන්, උන්වහන්සේ ස්ථිරවම, ‘තමන්වහන්සේගේ නියමිත කාලයේදී වැඩය වේගවත් කරමින් සිටින සේක.’ එහි නියැලීමට ලැබීම අපහට මොනතරම් උදාර වරප්‍රසාදයක්ද!
හැකි සෑම කෙනෙකු වෙත ශුභාරංචිය සමඟින් ළඟාවීම
21, 22. අප කොතැන සේවය කළත්, වඩාත් බලපෑමෙන් යුත් සාක්ෂිකරුවන් වීමට අපට පෞද්ගලිකව කුමක් කළ හැකිද?
21 වැඩය අවසාන යයි ස්වාමීන්වහන්සේ තවමත් පවසා නැත. බොහෝ දහස් ගණනක් දෙනා තවමත් සැබෑ නමස්කාරය වැළඳ ගනිමින් සිටිති. එමනිසා, ප්‍රශ්නයක් පැනනඟී, එනම්, යෙහෝවඃවහන්සේ ඉවසිලිවන්තව මෙම කර්තව්‍යය සඳහා දී ඇති කාලය හොඳින් ප්‍රයෝජනයට ගැනීමට අපි කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින්නෙමුද?—2 පේතෘස් 3:15.
22 කලාතුරකින් වැඩ කෙරෙන ප්‍රදේශවලට යෑමට සෑම කෙනෙකුටම හැකිවා නොවේ. එහෙත්, ඔබට විවෘතව තිබෙන ප්රස්තාවන්ගෙන් ඔබ සම්පූර්ණ ප්‍රයෝජන ගනිමින් සිටින්නෙහිද? ඔබ සමඟ එකට වැඩකරන අයට ඔබ සාක්ෂිදරන්නෙහිද? ගුරුවරුන්ට? පාසලේ මිතුරන්ට? ඔබගේ ප්‍රදේශයේ වෙනස් වන තත්ත්වයන්ට ඔබ සකස්වී තිබෙනවාද? වෙනස් වෙමින් තිබෙන රැකියා රටාවන්හි ප්‍රතිඵලයක් වශයෙන්, දිවා කාලයේදී නිවසේ රැඳෙන්නේ ඉතා ස්වල්ප දෙනෙක් නම්, සවස් කාලයේදී ඔවුන්ව හමුවීම සඳහා ඔබ ඔබගේ කාලසටහන සකස් කොට තිබේද? අනාරාධිත අමුත්තන්ට ඇතුල් විය නොහැකි ගොඩනැගිලි තිබේ නම්, ඔබ දුරකථනයෙන් හෝ තැපැල් මාර්ගයෙන් සාක්ෂිදරමින් සිටින්නෙහිද? උනන්දුව දක්වා ඇති අයව ගොස් බැලීමටත්, නිවාස බයිබල් පාඩම් ඉදිරිපත් කිරීමටත් ඔබ සැරසී සිටින්නෙහිද? ඔබ ඔබගේ දේව සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරමින් සිටින්නෙහිද?—සසඳන්න, ක්‍රියා 20:21; 2 තිමෝති 4:5.
23. අප යෙහෝවඃවහන්සේගේ සේවය තුළ කරමින් සිටින දෙය උන්වහන්සේ විසින් නිරීක්ෂණය කරනු ලබනවාත් සමඟම, අප සම්බන්ධයෙන් කුමක් දිස් විය යුතුද?
23 මෙම භාරදූර කාලවලදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වීමේ උදාර වරප්‍රසාදය අප සැබවින්ම අගය කරන බව යෙහෝවඃවහන්සේට පැහැදිලි ලෙස පෙන්වන අන්දමකින් අපි සියල්ලෝම අපගේ දේව සේවය දිගටම කරගෙන යමු. යෙහෝවඃවහන්සේ මෙම දූෂිත පැරණි පිළිවෙළ මත විනිශ්චය ගෙනැවිත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජාන්විත දහස් අවුරුදු පාලනය දියත් කරනවාත් සමඟම එය ඇසින් දකින සාක්ෂිකරුවන්වීමට අපට වරප්‍රසාද ලැබේවා!
[පාදසටහන්වල]
a 1990ගණන්වල මුල් භාගයේ පෘථිවිය බෙදනු ලැබ තිබූ ආකාරයට අනුව ගණන් කරන ලදි.
පුනරීක්ෂණයේදී
◻ රාජ්‍යය පණිවුඩය දේශනා කිරීම එතරම්ම වැදගත් වන්නේ මන්ද?
◻ වර්ෂ 1914තෙක්, ශුභාරංචිය දේශනා කරනු ලැබුවේ කොතරම් ප්රමාණයකටද?
◻ රාජ්‍යය පිහිටුවනු ලැබූ අවස්ථාවේ සිට, කොතරම් තීව්ර ලෙස සාක්ෂියක් දෙනු ලැබ තිබේද?
◻ දේව සේවය තුළ අපගේ පංගුකාරත්වය වඩාත් ඵලදායි කළ හැක්කේ කුමකටද?
[16, 17වන පිටුවේ කොටුව]
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකයෝ
වර්ෂ 1993-94 කාල පරිච්ඡේදය තුළ, ලොව වටා පැවති සමුළු සියගණනකදී, ජෙහෝවාස් විට්නසස්—ප්රොක්ලේමර්ස් ඔෆ් ගෝඩ්’ස් කිංඩම් [යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රකාශකයෝ] යන තේමාවෙන් යුතුව නව පොතක් මුදාහැරීම පිළිබඳව නිවේදනය කරන ලදි. මෙය වූ කලි, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳ බෙහෙවින් තොරතුරුවලින් ගහණ, අවබෝධාත්මක ඉතිහාසයකි. මෙය පිටු 752කින් යුත් පොතකි, අලංකාර රූපවලින් සමන්විතය, විවිධ රටවල් 96කින් එක්රැස්කරගත් පින්තූරු දහස් ගණනක් මීට ඇතුළත්ය. වර්ෂ 1993 අවසානය වන විට එය භාෂා 25කින් ප්‍රකාශයට පත් කොට ඇති අතර, තවත් භාෂාවලට පරිවර්තනය කරනු ලබමින් තිබේ.
එවන් පොතක් කාලෝචිත එකක් වන්නේ කුමක් නිසාද? මෑත වසරවලදී ලෝවටා මිලියන ගණනක් ජනයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් වී ඇත. ඔවුන් සියල්ලන්වම තමන් ඇසුරු කරන සංවිධානයේ ඉතිහාසය පිළිබඳව හොඳින් දැනුවත් කරනු ලැබිය යුතුය. එපමණක්ද නොව, ඔවුන්ගේ දේශනා කිරීම සහ නමස්කාර ක්‍රමය ලොවවටා ජාතික හා වාර්ගික කණ්ඩායම් තුළ හාත්පස විහිදී ගොස් ඇති අතර, සෑම ආර්ථික හා අධ්‍යාපනික තලයකම බාල මහලු ජනයා විසින් වැළඳගනු ලැබ තිබේ. ප්‍රතිඵලයක් වශයෙන්, සිදුවෙමින් තිබෙන දේ ගැන නිරීක්ෂණය කරන බොහෝ දෙනෙකුට සාක්ෂිකරුවන් පිළිබඳව ප්‍රශ්න තිබේ—ඒ ඔවුන්ගේ විශ්වාසයන් ගැන පමණක් නොව නමුත් ඔවුන්ගේ ආරම්භය, ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන්ගේ සංවිධානය, ඔවුන්ගේ පරමාර්ථ යන මේවා ගැනත්ය. වෙනත් අය ඔවුන් ගැන ලියා ඇත, නමුත් සෑමවිටම අපක්ෂපාතීව නොවේ. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින ඉතිහාසය ගැන වෙන කිසිවෙකුට වඩා හොඳින්ම දන්නේ සාක්ෂිකරුවන්මය. මෙම පොතේ සංස්කාරකයන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇත්තේ එම ඉතිහාසය නිවැරදි ආකාරයෙන් හා නොවළහා ඍජු ලෙස ඉදිරිපත් කිරීමටයි. එසේ කිරීමේදී මතෙව් 24:14හි වාර්තා වී ඇති යේසුස්වහන්සේගේ පැමිණ සිටීම පිළිබඳ ලකුණේ, අතිවිශේෂ වූ අංගය මේ දක්වා ඉටුවීම සම්බන්ධවද ඔවුන් විසින් ලේඛනගත කොට තිබෙන අතර, ඔවුන් එය කර ඇත්තේ, එහි පුරෝකථනය කරනු ලැබූ කර්තව්‍යය තුළ ගැඹුරින් නියැලී සිටි අය විසින් පමණක් සපයනු ලැබිය හැකි විස්තර සමඟිනි.
මෙම පොත ප්‍රධාන කොටස් හතකට බෙදා තිබේ:
1 කොටස: මෙම කොටසින් විමසා බැලෙන්නේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඓතිහාසික මූලයන්ය. වර්ෂ 1870 සිට 1992 දක්වා ඔවුන්ගේ නවීන දින ඉතිහාසයේ සංක්ෂිප්ත, විස්තරාත්මක සටහනක් මීට ඇතුළත් වෙයි.
2 කොටස: මෙහි ඇත්තේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව අනෙකුත් ආගමික කණ්ඩායම් වෙතින් වෙන්කොට දක්වන්නාවූ විශ්වාසවල ප්රගතිශීලී වර්ධනය පිළිබඳව හෙළිකරනසුලු සමාලෝචනයකි.
3 කොටස: පොතේ මෙම කොටසින් ඔවුන්ගේ සංවිධාන ව්‍යූහයේ වර්ධනය පරීක්ෂා කෙරේ. ඔවුන්ගේ සභා රැස්වීම් සහ සමුළු, එමෙන්ම ඔවුන්ගේ රාජ්‍යය ශාලා, විශාල එක්රැස්වීම් ශාලා සහ බයිබල් පොත්පත් ප්‍රකාශයට පත් කිරීම සඳහා පහසුකම් ගොඩනඟන ආකාරය පිළිබඳ උනන්දුව දනවන සැබෑ තොරතුරු එහි විස්තර කෙරේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන ජ්වලිතයද, අර්බුදකාරී කාලවලදී ඔවුන් එකිනෙකා කෙරෙහි සැලකිල්ල දක්වන විට ඔවුන් අතර දිස්වන ප්‍රේමයද එයින් ගෙනහැර දැක්වේ.
4 කොටස: මෙහි ඔබට හමුවනු ඇත්තේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කිරීම, ලොවවටා ප්‍රධාන රටවලට සහ ඈත එපිට දූපත් කරා ළඟා වී ඇති ආකාරය පිළිබඳව මනබන්ධනීය තොරතුරුය. නිකම් සිතාබලන්න—වර්ෂ 1914දී දේශනාකිරීම සිදුවූයේ රටවල් 43ක පමණි, නමුත් 1992වන විට රටවල් 229ක්! මෙම සමස්ත ලෝක ව්‍යාප්තියේ හවුල් වී ඇති අයගේ අද්දැකීම් ඇත්තෙන්ම හදඋණුසුම් කරවනසුලුය.
5 කොටස: රාජ්‍යය ප්‍රකාශකිරීමේ මෙම සියලු වැඩකටයුතු ඉටු කිරීම සඳහා, භාෂා දෙසීයකට වැඩියෙන් බයිබල් පොත්පත් මෙන්ම බයිබල් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර පහසුකම්වල වැඩි දියුණුවක් අවශ්‍ය කරවා තිබේ. ඔවුන්ගේ කර්තව්‍යයේ මෙම අංගය ගැන ඔබ මෙහිදී දැනගන්නවා ඇත.
6 කොටස: සාක්ෂිකරුවෝ පරීක්ෂාවලටද මුහුණ දී ඇත්තාහ—ඇතැම් ඒවා මිනිස් අසම්පූර්ණකම් නිසාය, අනෙක් ඒවා බොරු සහෝදරයන් නිසාය, වැඩියෙන්ම කෙලින්ම එල්ලවූ පීඩා නිසාත්ය. එය එසේ සිදුවනු ඇති බව දෙවියන්වහන්සේගේ වචනය අනතුරු ඇඟවූයේය. (ලූක් 17:1; 2 තිමෝති 3:12; 1 පේතෘස් 4:12; 2 පේතෘස් 2:1, 2) පොතේ මෙම කොටස, ඇත්තටම සිදුවූ දේ ගැනත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල ජයග්‍රාහී වීම සඳහා ඔවුන්ට උපකාර කොට ඇති අයුරුත් විචිත්රනීය ලෙස විස්තර කරයි.
7 කොටස: අවසන් වශයෙන්, තමන් හවුල් වී සිටින සංවිධානය, සැබවින්ම දෙවියන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන බවට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් දැඩි සේ ඒත්තු ගෙන තිබීමට හේතුව මෙම පොතේ සලකා බැලේ. තවද සංවිධානාත්මක වශයෙන් හා පුද්ගලයන් වශයෙන් අවදියෙන් සිටිය යුතු බවට අනිවාර්ය අවශ්‍යතාවක් ඔවුන්ට හැඟීමට හේතුවද එහි සාකච්ඡා කෙරේ.
ඉහත සඳහන් දේට අමතරව, ලෝක මූලස්ථානය මෙන්ම, ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් යොදා ගනු ලබන ශාඛා පහසුකම් වර්ණයෙන් පෙන්නුම් කරන පින්තූරුවලින් යුත් පිටු 50ක ඉතා විස්තරාත්මක කොටසක්ද සිත්ගන්නා ලෙස නිමවා ඇති මෙම වෙළුමට ඇතුළත්ය.
ඔබ දැනටමත් මෙම මනබන්ධනීය ප්රකාශනයේ පිටපතක් ලබාගෙන කියවා නොමැති නම්, එසේ කිරීමෙන් ඔබ ප්‍රයෝජන ගන්නවා නොඅනුමානය.
එය කියවා ඇති සමහර දෙනෙකුගෙන් අදහස්
මෙම පොත දැනටමත් කියවා ඇති අයගේ ප්‍රතික්‍රියා මොනවාද? ඒවායින් සමහරක් මෙන්න:
“ජෙහෝවාස් විට්නසස්—ප්රොක්ලේමර්ස් ඔෆ් ගෝඩ්’ස් කිංඩම් නමැති මෙම මනබන්ධනීය ජීවමාන විවරණය මා දැන් කියවා හමාර වූවා විතරයි. එතරම්ම අවංකව, ධෛර්යසම්පන්නව සහ සංවේදීව ලිවිය හැක්කේ සත්‍යයට පක්ෂපාතීව යටහත් පහත්ව ඊට ඇලී සිටින සංවිධානයකට පමණි.”
“එහි අවංකභාවය සහ නොවළහා කරුණු දැක්වීම සමඟින් එය හරියටම කියැවෙන්නේ ක්‍රියා පොත මෙන්ය.”
“මොනතරම් චමත්කාරජනක නව ප්‍රකාශනයක්ද! . . . එය ඓතිහාසික වශයෙන් ශ්‍රේෂ්ඨ කෘතියකි.”
මෙම පොතේ අඩක් පමණ කියවීමෙන් පසු, එක් මිනිසෙක් මෙසේ ලීවේය: “ගරුබියෙන් සලිතවී විස්මපත් වූ මගේ දෙනෙත් කඳුලින් බරවිණි. . . . මගේ ජීවිත කාලය පුරාම, චිත්තවේගීය ලෙස පෙලඹ වූ වෙන කිසිඳු ප්රකාශනයක් තිබුණේ නැහැ.”
“මෙම පොත, යෞවනයන්ගේ මෙන්ම අදදින සංවිධානයට ඇතුල්වන නවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරවන ආකාරය ගැන සිතන සෑම මොහොතකදීම මගේ හදවත ප්‍රීතියෙන් පිනා යයි.”
“මා සෑමවිටම සත්‍යය අගය කර තිබෙනවා, නමුත් මගේ නෙත් විවෘත කර ඇති මෙම පොත, වෙන කවරදාටත් වඩා යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මය සත්‍යය පිටුපස තිබෙන බව වටහා ගැනීමට ඉවහල් වී තිබෙනවා.”
[18වන පිටුවේ පින්තූර]
සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව ස්වල්පයක්ව තිබුණු අවදියේ පවා, රාජ්‍යය පණිවුඩය සමඟින් බොහෝ ජනයා වෙත ළඟා විණි