ආගම ගැන උනන්දු විය යුත්තේ මන්ද?
මිහි මත සෑම රටකම, ආගම ගැන උනන්දුවක් දක්නට ලැබේ. අනෙක් අතට, තමන් ආගම ගැන එතරම් උනන්දුමත් නොවන්නේ යයි නොවළහා පවසන අයද සිටිත්. එහෙත් ඔවුන්ට හැමවිටම හැඟුණේ එයාකාරවද?
මානව සැකැස්ම කෙබඳුද කියතොත්, පුද්ගලයෙකු ද්‍රව්‍යමය දේවල් සමඟින් පමණක් සැබෑවටම සෑහීමකට පත් නොවන බවය. මනුෂ්‍යයන්ට ආත්මිකත්වය අවශ්‍යය. වරින් වර විනෝදමය අවස්ථා සහිතව, හුදෙක් කායික අවශ්‍යතා අත්කර ගැනීම මත ගොඩනඟන ලද එදිනෙදා පැවැත්ම, පුද්ගලයෙකුගේ අභ්‍යන්තර අවශ්‍යතා සහමුලින්ම සපුරාලන්නේ නැත. සත්ත්වයන් මෙන් නොව, මනුෂ්‍යයන්ට මෙවන් කාරණා දැනගැනීමටත් වුවමනාවක් ඇත. එනම්, ‘ජීවිතයේ අරමුණ කුමක්ද?’ ‘අලංකාර වූ බොහෝ දේවල් මෙන්ම අවලක්ෂණ වූ බොහෝ දේවල්ද අයත්, මෙම කෙටි ජීවිතයේ ගැබ්ව ඇති සියල්ල මෙපමණක්ද?’ ඔබ මෙයාකාර ප්‍රශ්න අසා නැද්ද?
එහෙත්, අදදින ජීවත්ව සිටින්නාවූ මිලියන බොහොමයක් හැදී වැඩී ඇත්තේද ආගම පිළිබඳව යම් අර්ථාන්විත උනන්දුවක් අධෛර්යවත් කළ වාතාවරණයකය. එම බලපෑමට ඔවුන් ලක්වන්නට ඇත්තේ සිය මව්පියන්ගෙනි, ගුරුවරුන්ගෙනි, මිත්‍රයන්ගෙනි, එසේත් නැතහොත් ආණ්ඩුවෙන් පවා විය හැක.
ඇල්බානියාවේ යෞවනයෙක් වන, ස්කාලාබ්රිනෝ පැහැදිලි කළේ, කොමියුනිස්ට් පාලනය යටතේ ජනයාට දෙවිකෙනෙකු නැතැයි උගන්වනු ලැබූ බවය. එපමණක්ද නොව, ආගම ගැන කථා කිරීම ඔවුන්ට අන්තරාසහගත දෙයක් විය; මන්දයත් එසේ කිරීම සිරගත කිරීමකට තුඩු දිය හැකි බැවිනි. එහෙත්, 1991, ස්විට්සර්ලන්තයේ සරණාගතයෙක්ව සිටින අතර බයිබලය ඉගෙන ගැනීමට ඔහුට ප්‍රස්තාවක් දෙනු ලැබීය. එවිට ඔහු එය පිළිගත්තේය. ඒ මන්ද?
ඇත්තෙන්ම, ඇල්බානියාවේ සිටින විට බයිබලය වැනි පොතක් තිබෙන බව ඔහු අසා තිබුණත්, ඔහු එය පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. එබැවින්, මුලදී ඔහුව මූලික වශයෙන් පොලඹවන්නට ඇත්තේ බයිබලය අවබෝධ කර ගැනීමට තිබුණු ආශාවක් නොවන්නට පුළුවන. තමා මිනිස්වර්ගයා හා පොළොව සඳහා තිබෙන දෙවියන්වහන්සේගේ අරමුණ ඉගෙන ගනු ඇති බව ඔහුට කියනු ලැබුවත්, ඔහු එය දුටුවේ දේශීය භාෂාවේ භාවිතය වැඩි දියුණු කර ගැනීමට ප්‍රස්තාවක් හැටියටය. කෙසේ නමුත්, ඉක්මනින්ම ඔහුට දැන ගත හැකි වූයේ තමා ඉගෙන ගනිමින් සිටි දෙය තමා සම්බන්ධයෙන් තමාගේ හද පත්ලේ පිහිටා තිබූ දැඩි ආත්මික ආශාව තෘප්තිමත් කරමින් තිබූ බවයි. සාමය පවතින්නට යන නව ලොවක්, එනම් සදාකාලයටම ජනයාට ජීවත් වන්නටත්, ජීවිතය සඳහා අවශ්‍යතා සියල්ල බහුලව භුක්ති විඳින්නටත් හැකි ලොවක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුවෙන් ඔහුගේ හෘදය උණුසුම් විය. තමාටත් තමාගේ පවුලටත් මෙම නව ලෝකයේ කොටසක් විය හැකි බව ඔහු ඉගෙන ගත් විට ඔහුගේ උනන්දුව වැඩිවර්ධනය විය. එම ශුභාරංචිය තමාටම සීමා කර ගත නොහැකිව හේ, සිය පවුලත් සමඟ එය බෙදා ගනු පිණිස ඇල්බානියාවේ සිටින ඔවුන්ව දුරකථනයෙන් ඇමතීය.
බයිබලය පිළිබඳ ඒකාන්ත දැනුම කෙනෙකුගේ ජීවිතයට ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් රුසියාවේ වාසය කරන, ඇලෙක්සියාද මවිතයට පත් කර විය. ගැටලුවලින් මිරිකී, ජීවිතයේ අරමුණ සම්බන්ධයෙන් සතුටුදායක අර්ථ දැක්මක් සොයාගත නොහැකිව සිටි හේ, සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර ගත්තේය. කෙසේ නමුත්, මුලින්ම මිත්‍රයෙකු හමුවනු පිණිස ඔහු ෆින්ලන්තයට ගියේය. දුම්රියෙන් එහි යන අතරතුර, ඔහු සිය ගැටලු ගැන සෙසු මගීන් කීපදෙනෙකු සමඟ කථා කළේය. එවන් ගැටලු සඳහා විසඳුම් ලබා දෙන බැවින්, බයිබලය ඉගෙන ගන්නා හැටියට ඔහුව පෙලඹවූ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක් ඒ අතර සිටියාය. ඔහු එය සැක කළේය. හැරී එන ගමනේදීත්, ඔහුට සමානාකාර අද්දැකීමක් ලැබුණි. මෙවර ඔහුට කථා කළේ වෙනත් සාක්ෂිකාරියකි. තමාටත් එයාකාරම ගැටලු තිබුණමුත්, ඒවා ජයගැනීමට බයිබලය තමාට උපකාර කළ බව ඇය ඔහුට කීවාය. ඇයත් ඔහුව දිරිගැන්වූයේ බයිබලය අධ්‍යයනය කරන හැටියටයි. ඔහු නිවසට පැමිණි විට, ඔහුගේ දුරකථනය නාද විය. ඒ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගනිමින් සිටි තවත් මිත්‍රයෙක් වූ අතර ඔහු සිටියේ ඉතා සන්තෝෂයෙන්ය. තමාට අවශ්‍යව තිබූ දෙය සපයන්නට ඇතැම් විට බයිබලයට හැකි යයි එම මිනිසා තේරුම් ගන්නට පටන් ගනිමින් සිටියත් උපකාරය නොමැතිව තමාට එය තේරුම් ගත නොහැකි බව ඔහු දැන සිටියේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ නිවාස බයිබල් පාඩමක් කරන්නට ඔහු එකඟවූ අතර ඔහු ඔවුන්ගේ රැස්වීම්වලට පැමිණෙන්නට පටන් ගත්තේය. ඔවුන් පවා මිනිස්වර්ගයාට පොදුවූ ගැටලුවලට මුහුණ දුන්නද, බයිබලය උගන්වන දෑ වටා තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්නා අය මෙතරම් සතුටින් සිටින්නේ මන්දැයි තේරුම් ගැනීමට ඔහුට වැඩි කලක් ගත නොවීය.
මිනිසාව සාදා ඇති ආකාරය තුළට තීක්ෂ්ණ බුද්ධියක් හෙළමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වදාළේ, “මනුෂ්‍යයාට රොටි පමණකින් ජීවත් විය නොහැකිය” යනුවෙනි. (මතෙව් 4:4, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) උන්වහන්සේ වැඩිදුරටත් “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂ ලද්දෝය” යයිද වදාළ සේක. (මතෙව් 5:3, NW) ඔවුන්ගේ සන්තෝෂය පැමිණෙන්නේ, ඔවුන් සිය අවශ්‍යතා ගැන සාවධානව සිට, එය තෘප්තිමත් කිරීමට යුතු පියවර ගනිමින්, දෙවියන්වහන්සේගේ ආශීර්වාදයන් අද්දකින නිසාය. කෙසේවෙතත්, අපගේ ආත්මික අවශ්‍යතාව නිකම් පල්ලියක් සමඟ එකතු වීමෙන් හෝ යම් ආගමික සේවාවකට සහභාගි වීමෙන් තෘප්තියට පැමිණෙන්නේ නැත. බොහෝ චාරිත්‍රානුකූල පිළිවෙත් තිබෙන ආගම් කෙනෙකුගේ චිත්තවේගයට ප්‍රසන්න විය හැකිමුත්, එය ජීවිතයේ ගැටලුවලට යථාර්ථවාදි විසඳුම් ඉදිරිපත් කරයිද? ආගමක් ඇතැම් මූලික ප්රඥප්තිවලට හිතවාදීව කථා කළත්, ජීවිතයේ නියම අරමුණ ගැන සැබෑ අවබෝධයක් ඉදිරිපත් කරන්නට අසමත් වන්නේ නම්, එය අපගේ ආත්මික අවශ්‍යතා තෘප්තිමත් කරනු ඇද්ද? මීටත් වඩා වැඩි සැලකිල්ලට ලක්වන ප්රශ්නය වූ කලි, එවන් ආගමක් ඇදහීම දෙවියන්වහන්සේ සමඟ හොඳ සබඳතාවකට මඟ පෙන්වනු ඇද්ද? යන්නයි. එය නොමැතිව, සැබෑ සෑහීමක් නොතිබෙනු ඇත.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සොයමින් සිටින්නේ ඔවුන් තවමත් සොයාගෙන නොමැති යමක්ය.
[3වන පිටුවේ පින්තූරය]
ඔබ පල්ලියකට බැඳෙනවා නම් ඔබේ ආත්මික අවශ්‍යතා සැබවින්ම සපුරාලනු ලැබේවිද?
[4වන පිටුවේ පින්තූරය]
බොහෝදෙනෙකු බයිබලය තෙරුම් ගන්නා විට සොයා ගන්නා දෙයක් නම්, ජීවිතයට නව අර්ථයක් ලැබෙන බවය