“දේව භය” දිස්ත්‍රික් සමුළුවට පැමිණෙන්න!
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1994 “දේව භය” දිස්ත්‍රික් සමුළුවට පැමිණීමට ඔබ සැලසුම් යොදා තිබේද? මෙම දවස් තුනටම පැමිණ සිටීමෙන් ඔබ ප්‍රයෝජන ලබනවා ස්ථිරය! ශ්‍රී ලංකාවේ පමණක් සමුළු 8ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඔබට මින් එකකට පැමිණිය හැක.
එක්තරා ආකාර භය, ධෛර්යසම්පන්නබව දුර්වල කර බලාපොරොත්තු සුනුවිසුනු කර දැමිය හැක; කෙසේවෙතත්, සිකුරාදා උදේ පැවැත්වෙන මූලික කථාවෙන්, දේව භය නිර්වචනය කර එහි බොහෝ ප්‍රයෝජන විස්තර කෙරෙනු ඇත. ඇත්තෙන්ම, සම්පූර්ණ සමුළු වැඩසටහනෙන් කැපී පෙනෙන්ට සලස්වනු ඇත්තේ මෙම ප්රයෝජනයය.
දේව භය, විවාහය හා පවුල් ජීවිතය ශක්තිමත් කරන්නේ කෙසේද කියාත්, එමෙන්ම දෙවියන්වහන්සේට දක්වන පක්ෂපාතකම තුළ යෞවන අයට ස්ථිරව සිටීමට එය උපකාරවත් වන්නේ කෙසේද කියාත් සිකුරාදා දහවල් වරුවේ ඔබ සවන්දෙනු ඇත. දහවල් සැසිවාරය, “මරණ දුකෙන් පසුවෙන්නන්ට සැනසීම” නමැති හදඋණුසුම් කරවන ඉදිරිපත් කිරීම සමඟින් අවසන් වෙනවා ඇත. මරණයෙන් තම ප්‍රේමනීයයන් අහිමි වී සිටින අයට උපකාර කිරීම පිණිස එම කථාවේදී සපයනු ලබන ප්‍රායෝගික තොරතුරු ඔබ අගය කරනවා ඇත.
සෙනසුරාදා වැඩසටහනෙන් පෙන්වනු ඇත්තේ, සභාව සහ අපගේ දේව සේවය සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීමට අප විසින් ඇලී සිටීම ශක්තිමත් කිරීමට දේව භයට හැකි ආකාරයයි. “දේව වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න” නමැති කථාවේදී, සබයේ සිටින අය බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම සම්බන්ධව ප්‍රායෝගික යෝජනා ලබා ගනු ඇත. සෙනසුරාදා වැඩසටහන, උනන්දුව පුබුදුවාලන තේමාවෙන් යුත් “යෙහෝවඃවහන්සේගේ බියජනක දිනය ළඟය” යන කථාවත් සමඟ අවසන් වනු ඇත.
ඉරිදා වැඩසටහනේ විශේෂ කොට දක්වනු ලබන කථාව වනුයේ, “ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමක් තිබෙනු ඇත” යන්නය. “මහත් පීඩාව තුළින් බේරී ජීවත් වී” යන මැයෙන් ඊට පසුව ඉදිරිපත් වෙන කථාවෙන්, කවදාවත් මියනොයනු ඇති අය සම්බන්ධව යේසුස්වහන්සේගේ පුදුමාකාර පොරොන්දුව ගැන පැහැදිලි කිරීමක් සැපයෙනු ඇත.—යොහන් 11:26.
ඉරිදා උදෑසන වැඩසටහන, ඔබ මුහුණ දෙන තේරීම් යන සිතිවිලි පුබුදුවාලන තේමාව රැගත් විනාඩි 40ක නාට්‍යයෙන් අවසන් වෙනවා ඇත. යෝෂුවාගේ දවස් වෙතට සබය යළි ගෙනයනු ලබන අතර, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට වූ ඔහුගේ ස්ථිර අධිෂ්ඨානය රංගයෙන් විස්තර කෙරෙනවා දකිනු ඇත. එලියාගේ දවස්වල සිදුවූ ගින්න සම්බන්ධ පරීක්ෂණයද ඉදිරිපත් කරනු ඇති අතර, සබයේ සිටින්නන්ට අදදින දේව භය නිරූපනය කිරීමට උපකාරවත් වන්නාවූ මෙම සිද්ධීන් දෙකෙන්ම ගත හැකි පාඩම් කැපී පෙනෙන්ට සැලැස්වෙනවා ඇත. සවස්වරුවේදී සමුළුවේ කැපී පෙනෙනු ඇත්තේ “දැන් සැබෑ දෙවියන්වහන්සේට භය විය යුතු හේතුව” යන මැයෙන් ඉදිරිපත් වන ප්‍රසිද්ධ අනුශාසනාවයි.
පැමිණීම සඳහා දැන් සැලසුම් යොදන්න. ඔබගේ නිවසට ළඟම පිහිටි සමුළු ස්ථානය දැනගැනීම සඳහා ඔබගේ ප්‍රදේශයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවට යන්න, නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න. ජූලි 8දා පිබිදෙව්! කලාපයේද, ශ්‍රී ලංකාවේ සමුළු සියල්ලම පැවැත්වෙන ලිපිනවල ලැයිස්තුව පළ වෙනවා ඇත.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
T. Rosenthal/SUPERSTOCK