වාර්ෂික රැස්වීම
1994 ඔක්තෝබර් 1
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම 1994 ඔක්තෝබර් 1වන දින, නිව් ජර්සි, ජර්සි නගරයේ, කෙනඩි බූලවාඩ්හි අංක 2923 දරන ස්ථානයේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පවත්වනු ලබනවා ඇත. සාමාජිකයන් පමණක් සහභාගි වන මුල් රැස්වීම පෙ.ව. 9.30ට කැඳවනු ලබන අතර, ඉන්පසුව පෙ.ව. 10.00ට පොදු වාර්ෂික රැස්වීම පටන් ගනු ඇත.
සංස්ථාවේ සාමාජිකයන් පසුගිය වසර තුළ තමන්ගේ තැපැල් ලිපිනයේ යම් වෙනසක් සිදු වී තිබේ නම් ඒ බව ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතු වන්නේ සාමාන්‍යයෙන් එවනු ලබන නිවේදන ලිපි හා පෙරකලාසි ජූලි මාසය තුළ තමන්ට ලබා ගැනීමට හැකි වන පිණිසය.
වාර්ෂික රැස්වීමේ නිවේදනය සමඟ සාමාජිකයන් වෙත එවනු ලබන, පෙරකලාසිය, අගෝස්තු 1වන දිනට ප්‍රථම සමිතියේ ලේකම්ගේ කාර්යාලයට ලැබෙන ලෙසින් ආපසු එවිය යුතුය. තමන් පෞද්ගලිකව රැස්වීමට සහභාගි වෙනවාද නැද්ද යන වග සඳහන් කරමින්, සෑම සාමාජිකයෙකුම තමාගේ පෙරකලාසිය සම්පූර්ණකොට පමාවකින් තොරව ආපසු එවිය යුතුය. කවරෙකු පෞද්ගලිකව පැමිණෙනු ඇත්දැයි තීරණය කිරීම පෙරකලාසිය මත පදනම් වනු ඇති බැවින්, එක් එක් පෙරකලාසියේ සපයනු ලබන තොරතුරු මේ කාරණය සම්බන්ධයෙන් නිශ්චිත විය යුතුය.
විධිමත් ව්‍යාපාර රැස්වීම හා වාර්තාද ඇතුළුව, මුළු සැසිවාරය ප.ව. 1.00ට හෝ ඉන් මද වේලාවකට පසු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දවල් සැසිවාරයක් පවත්වනු ලබන්නේ නැත. සීමිත ඉඩ ප්‍රමාණයක් ඇති බැවින්, ඇතුල් විය හැක්කේ ප්‍රවේශපත්‍ර මගින් පමණි. වාර්ෂික රැස්වීම දුරකථන මාර්ගවලින් වෙනත් ශ්රවණාගාරවලට සම්බන්ධ කිරීමට විධිවිධාන යොදනු ලබන්නේ නැත.