මුදු මොළොක් ලෙස දයානුකම්පිත වන්න
“දයානුකම්පාවේ මුදු මොළොක් සෙනෙහසද කරුණාවද පැළඳගෙන සිටින්න.”—කොලොස්සි 3:12, NW.
1. අදදින දයානුකම්පාව සඳහා මහත් අවශ්‍යතාවක් පවතින්නේ මන්ද?
ඉතිහාසයේ මින් පෙර කිසිදු අවධියක මෙදින තරම් අතිමහත් ජනපිරිසක් දයානුකම්පිත උපකාරයේ අවශ්‍යතාව ඇතිව සිටියේ නැත. අසනීප, සාගින්න, විරැකියාව, අපරාධ, යුද්ධ, ආණ්ඩු විරෝධී කටයුතු, හා ස්වාභාවික විපත් හමුවේ, මිලියන සංඛ්‍යාවක් උපකාරය අවශ්‍යව සිටිත්. එනමුත් ඊටත් වඩා බරපතළ ගැටලුවක් පවතින අතර එය වනාහි මිනිස්වර්ගයාගේ අන්දමන්ද වූ ආත්මික තත්ත්වයයි. තමාගේ කාලය කෙටි බව දන්නා සාතන්, “මුළු ලෝකයා රවට(මින්)” සිටියි. (එළිදරව් 12:9, 12) එබැවින්, විශේෂාකාරයෙන් සැබෑ ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින්නන් සිය ජීවිතය අහිමි කර ගැනීමේ අනතුරෙහි සිටින අතර පැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ විනිශ්චයේ දවස තුළ මරණයට පත් කරනු ලබන්නන් සඳහා බයිබලය පවසනුයේද නැවත නැගිටීමක යම් බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවය.—මතෙව් 25:31-33, 41, 46; 2 තෙසලෝනික 1:6-8, 10.
2. යෙහෝවඃවහන්සේ දුෂ්ටයන්ව විනාශ කිරීමෙන් වැළකී සිට ඇත්තේ මක්නිසාද?
2 එහෙත්, මෙම අවසාන පැය දක්වාම, යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්තුතිපූර්වක නොවන හා දුෂ්ට අයට දිගටම ඉවසීම හා දයානුකම්පාව පෙන්වමින් සිටිනසේක. (මතෙව් 5:45; ලූක් 6:35, 36) උන්වහන්සේ මෙය කර ඇත්තේ උන්වහන්සේ නොඇදහිකාර ඉශ්රායෙල් ජාතියට දඬුවම් කිරීම පමා කළ එම හේතුවටමය. “මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමි” යයි පරමාධිපති ස්වාමීන් වන යෙහෝවඃවහන්සේ පවසනසේක. “ඉශ්රායෙල් වංශය හැරියල්ලා, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරියල්ලා; නුඹලා නසින්නේ මක්නිසාද?”—එසකියෙල් 33:11.
3. තමන්වහන්සේගේ සෙනඟ නොවන්නන් සඳහා යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාව පිළිබඳව අපට ඇත්තේ කුමන ආදර්ශයද, එමෙන්ම මෙයින් අපට කුමක් ඉගෙන ගත හැකිද?
3 යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාව දුෂ්ට වූ නිනිව ජාතිකයන්ටද පෙන්වනු ලැබීය. පැමිණෙන්නට තිබූ විනාශය ගැන ඔවුන්ට අනතුරු ඇඟවීමට යෙහෝවඃවහන්සේ ස්වකීය දිවැස්වර යෝනා පිටත් කර ඇරියසේක. යෝනාගේ දේශනා කිරීමට ඒකාන්ත ලෙස ප්‍රතිචාරය දැක්වූ ඔවුහු පසුතැවිලි වූහ. මෙය දයානුකම්පාසහගත දෙවිවූ, යෙහෝවඃවහන්සේව පෙලඹවූයේ එම අවස්ථාවේදී එම නගරය විනාශ නොකිරීමටය. (යෝනා 3:10; 4:11) නැවත නැගිටීමේ හැකියාවක් ඇතිව සිටි, නිනිවයේ වැසියන් ගැන දෙවියන්වහන්සේ කනගාටුව පළ කළේ නම්, අදදින සදාකාලික විනාශයකට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් උන්වහන්සේට කොතරම් දයානුකම්පාවක් දැනිය යුතුද!—ලූක් 11:32.
පෙර නොවූවිරූ දයානුකම්පාවේ කර්තව්‍යක්
4. යෙහෝවඃවහන්සේ අද දවසේ ජනතාව වෙනුවෙන් දයානුකම්පාව පෙන්වන්නේ කෙසේද?
4 තමන් සතු දයානුකම්පාවේ පෞද්ගලිකත්වයට එකඟව, යෙහෝවඃවහන්සේ ස්වකීය සාක්ෂිකරුවන්ට නියම කර ඇත්තේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය” සමඟින් තම අසල්වැසියන්ව බැහැදකිමින් සිටින හැටියටය. (මතෙව් 24:14) තවද ජීවිතය ගළවන මෙම කර්තව්‍යට ජනතාව අගය කිරීමෙන් යුක්තව ප්‍රතිචාරය දක්වන විට, රාජ්‍යයේ පණිවුඩය තේරුම් ගැනීමට යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ හෘදයන් විවෘත කරනසේක. (මතෙව් 11:25; ක්‍රියා 16:14) සිය දෙවියන්වහන්සේව අනුකරණය කරමින්, සැබෑ ක්‍රිස්තියානීහු උනන්දුව දක්වන්නන් වෙත ගොස් නැවත හමුවීමෙන්ද, හැකියාව ඇති විට, බයිබල් පාඩමක් මගින් ඔවුන්ට උපකාර කිරීමෙන්ද මුදු මොළොක් දයානුකම්පාව පෙන්වති. මෙසේ, 1993දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මිලියන හතරාමාරකට වැඩි පිරිසක්, රටවල් 231ක, ගෙයින් ගෙට දේශනා කරමින්ද, සිය අසල්වැසියන් සමඟ බයිබලය පාඩම් කරමින්ද, පැය බිලියනයකට වැඩි කාලයක් ගත කර ඇත. අලුතෙන් උනන්දුව දක්වන්නට පටන් ගත් මේ අයට, ඉන් අනතුරුව, තමන්ගේ ජීවිත යෙහෝවඃවහන්සේට කැප කිරීමටත් සිය බව්තීස්මය ලත් සාක්ෂිකරුවන්ගේ කණ්ඩායමට එක් වීමටත් ඉන් ප්‍රස්තාවක් ලැබේ. මෙසේ, සාතන්ගේ නැසී යන ලෝකයේ සිරවී සිටින ගෝලයන් විය හැකි අය වෙනුවෙන්, ඔවුහුද, පෙර නොදුටුවිරූ දයානුකම්පාවේ මෙම කර්තව්‍යයේ වගකීම පවරා ගනිති.—මතෙව් 28:19, 20; යොහන් 14:12.
5. දිව්‍ය දයානුකම්පාව එහි සීමාව කරා ළඟා වූ විට, දෙවියන්වහන්සේව වරදවා නියෝජනය කරන ආගම්වලට කුමක් සිදුවනු ඇද්ද?
5 ඉක්මනින්ම යෙහෝවඃවහන්සේ “යුද්ධ දක්ෂයෙ(ක්)” ලෙස කටයුතු කරනවා ඇත. (නික්මයාම 15:3) ස්වකීය නාමය හා ස්වකීය ජනතාව උදෙසා දයානුකම්පාවෙන් යුක්තව, උන්වහන්සේ දුෂ්ටකම පහකර ධර්මිෂ්ඨ අලුත් ලෝකයක් පිහිටුවනවා ඇත. (2 පේතෘස් 3:13) දෙවියන්වහන්සේගේ උදහසේ දිනය මුලින්ම අද්දකිනු ඇත්තේ ක්‍රිස්තියානි ලෝකයේ පල්ලීන්ය. බබිලෝනියේ රජුගේ හස්තයෙන් යෙරුසලෙමේ තිබූ තමන්ගේම දේවමාළිගාව පවා දෙවියන්වහන්සේ ඉතුරු නොකළ ආකාරයට, උන්වහන්සේ තමන්ව වරදවා නියෝජනය කර දී ඇති ආගමික සංවිධානයන් ඉතුරු නොකරනු ඇත. දෙවියන්වහන්සේ එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ගේ හෘදය තුළට ක්‍රිස්තියානි ලෝකය මෙන්ම සියලු ආකාර බොරු ආගම් විනාශ කිරීමේ සිතුවිල්ල ඇතුල් කරනවා ඇත. (එළිදරව් 17:16, 17) “මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් [දයානුකම්පාවක්, NW] නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමි” යයි යෙහෝවඃවහන්සේ පවසනසේක.—එසකියෙල් 9:5, 10.
6. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දයානුකම්පාව පෙන්වන්නට පෙලඹෙන්නේ කිනම් ක්‍රමවලින්ද?
6 තවදුරටත් කාලය පවතිනතෙක්, දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩය ජ්වලිතව දේශනා කිරීමෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සිය අසල්වැසියන්ට දිගටම දයානුකම්පාව පෙන්වති. තවද ස්වභාවයෙන්ම, හැකියාව ඇතිවිට, ද්‍රව්‍යමය අවශ්යතාවන්ගෙන් පෙළෙන අයටද ඔවුහු උපකාර කරති. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්, ඔවුන්ගේ මුල් වගකීම වන්නේ තමන්ගේ පවුලේ සමීප සාමාජිකයන්ගේ හා ඇදහිල්ලේ තමන්ට සම්බන්ධ වී සිටින්නන්ගේ අවශ්‍යතාවන්ට සැලකිල්ල දැක්වීමය. (ගලාති 6:10; 1 තිමෝති 5:4, 8) විවිධාකාර විපත්තිවලට ගොදුරු වූ සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ඉටු කරන ලද බොහෝ සහන මෙහෙවර දයානුකම්පාවේ සිත් ගන්නා ආදර්ශයන් වී ඇත. එසේද වුවත්, මුදු මොළොක් දයානුකම්පාව පෙන්වන්නට යම් අර්බුදයක් සිදුවනතෙක්ම ක්‍රිස්තියානීහු බලා නොසිටිති. ඔවුහු එදිනෙදා ජීවිතයේ දුක සැප හමුවේ මෙම ගුණාංගය යුහුසුලුව විදහා පෙන්වති.
අලුත් පෞද්ගලිකත්වයේ අංගයකි
7. (අ) කොලොස්සි 3:8-13හි, දයානුකම්පාව අලුත් පෞද්ගලිකත්වය සමඟ සම්බන්ධ කර ඇත්තේ කෙසේද? (ආ) මුදු මොළොක් සෙනෙහස ක්‍රිස්තියානියෙකුට කුමක් කිරීම පහසු කරවන්නේද?
7 අපගේ පාපතර ස්වභාවයත් සාතන්ගේ ලෝකයේ නපුරු බලපෑමත් අපට මුදු මොළොක් ලෙස දයානුකම්පිතව සිටීමට බාධාවන් බව සැබෑවකි. “උදහස, කෝපය, නපුරුකම, අපවාදය, (හා) අසභ්‍ය කථා” මුලිනුපුටා දමන හැටියට බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ එනිසාය. ඒ වෙනුවට අපට උපදෙස් දෙනු ලබන්නේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයට සමාන වන පෞද්ගලිකත්වයක්—එනම් ‘අලුත් ස්වභාවයක් [පෞද්ගලිකත්වයක්, NW]’ පැළඳ ගන්නා ලෙසටය. මුලින්ම, අපට ආඥා කර ඇත්තේ, ‘දයානුකම්පාවේ මුදු මොළොක් ස්නේහයන්ද, කරුණාවද, මනසින් යටහත් පහත්කමද, මොළොක්කම සහ බොහෝ ඉවසීමද පැළඳ ගන්නා හැටියටය. අනතුරුව මෙම ගුණාංග විදහා පෙන්වීමට ප්‍රායෝගික ක්‍රමයක් බයිබලය අපට පෙන්වයි. “දිගටම කිරීමට හේතුවක් ඇතත්, නොමිලයේ සමාව දෙන්න. යෙහෝවඃවහන්සේ ඔබට නොමිලයේ සමාව දුන්නාක් මෙන්, ඔබත් එසේම සමාව දෙන්න.” අපගේ සහෝදරයන් සඳහා ‘දයානුකම්පාවක්’ අප වර්ධනය කරගෙන ඇත්තේ නම් සමාව දීම වඩාත් පහසු වන්නේය.—කොලොස්සි 3:8-13 න.අ.
8. සමාව දීමට කැමති ස්වභාවයක් ඇතිව සිටීම වැදගත් වන්නේ මක්නිසාද?
8 අනෙක් අතට, දයානුකම්පාවෙන් යුක්තව සමාව දීමක් විදහා පෙන්වීමට අසමත්වීම, අනතුරට ලක් කරනුයේ යෙහෝවඃවහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාවයි. මෙය යේසුස්වහන්සේ විසින් බලපෑමෙන් යුක්තව පෙන්වා දෙනු ලැබුවේ, “තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු” සිය ස්වාමියා විසින් හිරගෙයි දමන ලද, සමාව නොදෙන දාසයා පිළිබඳ උන්වහන්සේගේ උපමාවෙන්ය. මෙවන් සැලකිල්ල ලැබීමට එම දාසයා යෝග්‍යව සිටියේ, ඔහු දයාව අයැද සිටි සෙසු දාසයෙකුහට දයානුකම්පාව ඉතා කම්පිත ලෙසින් පෙන්වීමට අසමත් වූ නිසාය. යේසුස්වහන්සේ එම උපමාව අවසන් කළේ, “නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් [හෘදයෙන්, NW] කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇත” යයි පවසමිනි.—මතෙව් 18:34, 35.
9. මුදු මොළොක් දයානුකම්පාව අලුත් පෞද්ගලිකත්වයේ වඩාත්ම වැදගත් අංගයට සම්බන්ධ වන්නේ කෙසේද?
9 මුදු මොළොක් සේ දයානුකම්පිත වීම ප්‍රේමයේ වැදගත් අංගයකි. එසේම ප්‍රේමය සැබෑ ක්‍රිස්තියානි ධර්මය හඳුනාගැනීමේ ලක්ෂණයක්ද වන්නේය. (යොහන් 13:35) එබැවින්, අලුත් පෞද්ගලිකත්වය පිළිබඳ බයිබල් විස්තරය අවසන් වන්නේ මෙසේය: “සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න” යනුවෙනි.—කොලොස්සි 3:14, නව අනුවාදය
ඊර්ෂ්‍යාව—දයානුකම්පාවට බාධකයකි
10. (අ) අපගේ හෘදයන්හි ඊර්ෂ්‍යාව මුල්බැස ගන්නට සැලැස්විය හැක්කේ කුමකටද? (ආ) ඊර්ෂ්‍යාවෙන් ඇතිවිය හැක්කේ කුමන අයහපත් ප්‍රතිඵලද?
10 අපගේ පාපතර මිනිස් ස්වභාවය නිසා, ඊර්ෂ්‍යාවේ හැඟීම් පහසුවෙන්ම අපගේ හෘදයේ මුල්බැස ගන්නට පුළුවන. අපට නොමැති සහජ හැකියාවන්ගෙන් හෝ ද්‍රව්‍යමය ලාභ ප්‍රයෝජනයන්ගෙන් සහෝදරයෙක් හෝ සහෝදරියක් ආශීර්වාද ලබා සිටින්නට පුළුවන. එසේත් නැතහොත් යමෙකු විශේෂ ආත්මික ආශීර්වාදයන් හෝ වරප්රසාදයන් ලබා සිටිනවා විය හැක. අප එවන් අයට ඊර්ෂ්‍යා කරන්නේ නම්, මුදු මොළොක් දයානුකම්පාවෙන් ඔවුන්ට සලකන්නට අපට හැකි වේවිද? පෙනෙන හැටියට නොහැකිය. ඒ වෙනුවට, ඊර්ෂ්‍යාසහගත හැඟීම් විවේචනාත්මක කථාවෙන් හා අකාරුණික ක්‍රියාවන්ගෙන් අවසානයේ ප්‍රකාශ විය හැක; මන්දයත් මනුෂ්‍යයන් ගැන යේසුස්වහන්සේ පැවසුවේ, “මුඛය කථාකරන්නේ සිතේ [හෘදයේ, NW] පූර්ණකමෙන්” යනුවෙනි. (ලූක් 6:45) අන්‍යයන් එවන් විවේචනයන්ට අනුබල දෙන්නට පුළුවන. මෙසේ පවුලක හෝ දෙවියන්වහන්සේගේ ජනයාගේ සභාවක සාමය බිඳ වැටෙන්නට පුළුවන.
11. යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනා සිය හෘදයන්හි දයානුකම්පාවට ඉඩක් නොතැබුවේ කෙසේද, එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක් වූයේද?
11 එක් විශාල පවුලකට සිදුවූ දෙය සලකා බලන්න. තමන්ගේ පියා වන යාකොබ් තමන්ගේ බාල සහෝදරයා වන යෝසෙප්ට වැඩියෙන් ආදරය කළ නිසා, ඔහුගේ වැඩිමහල් පුත්‍රයෝ දසදෙනා තමන්ගේ බාල සහෝදරයාට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ට “ඔහු සමඟ සමාදානයෙන් කථාකරන්ට නොහැකි” විය. පසුව, යෝසෙප්ට යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය තිබූ බව සනාථ කරන, දිව්‍ය ස්වප්න ඔහු දුටුවේය. මෙය “ඔහු කෙරෙහි වඩ වඩා වෛර” වෙන්නට ඔහුගේ සහෝදරයන්ට හේතුවක් විය. ඔවුන් තමන්ගේ හෘදයෙන් ඊර්ෂ්‍යාව මුලිනුපුටා නොදැමූ බැවින්, එය දයානුකම්පාවට ඉඩක් නොතබමින් බරපතළ පාපයට මඟ පෙන්වීය.—උත්පත්ති 37:4, 5, 11.
12, 13. ඊර්ෂ්‍යාවේ හැඟීම් අපගේ හෘදයට ඇතුල් වන විට අප කළ යුත්තේ කුමක්ද?
12 කෲර ලෙස, ඔවුහු යෝසෙප්ව වහල්භාවයට විකුණූහ. තමන්ගේ වරද වැසීමට වෑයමක් වශයෙන්, චණ්ඩ මෘගයෙකු විසින් යෝසෙප්ව මරන ලද බව විශ්වාස කිරීමට ඔවුහු සිය පියාව රැවටූහ. වසර ගණනාවකට පසු ඇති වූ සාගතයක් නිසා ඔවුන්ට මිසරයට ගොස් ආහාර මිල දී ගන්නට සිදුවූ විට, ඔවුන්ගේ පාපතර ක්‍රියාව එළිදරව් විය. ඔවුන් හඳුනා නොගත්, ආහාර පරිපාලකවරයාව සිටි යෝසෙප්, ඔත්තුකාරයන් යයි ඔවුන්ට වරද තබමින් සිය බාල සහෝදරයා වන, බෙන්යමින්, එහි ගෙන ආවොත් මිස නැත්නම් ඔහුගෙන් නැවත උපකාරයක් නොපතන හැටියට ඔවුන්ට පැවසුවේය. මේ අවස්ථාව වන විට බෙන්යමින් ඔවුන්ගේ පියාගේ ප්‍රියතම පුත්‍රයා බවට පත්ව සිටි අතර යාකොබ් ඔහුව නොයවන බව ඔවුහු දැන සිටියහ.
13 එබැවින් යෝසෙප් ඉදිරියේ සිටින අතර, ඔවුන්ගේ හෘදය සාක්ෂීන් “අපේ සහෝදරයා [යෝසෙප්] අපට [දයානුකම්පාව දැක්වීමට, NW] කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේ” යයි පිළිගැනීමට ඔවුන්ව පෙලඹවීය. (උත්පත්ති 42:21) මෙම දයානුකම්පාසහගත එහෙත් ඍජු ක්‍රියාවෙන්, යෝසෙප් තමන්ගේ පසුතැවිල්ලේ අව්‍යාජභාවය තහවුරු කරන්නට සිය සහෝදරයන්ට උපකාර කළේය. අනතුරුව ඔහු තමා කවරෙක්ද යන වග ඔවුන්ට පවසා නොමසුරු ලෙස ඔවුන්ට සමාව දුන්නේය. පවුලේ එක්සත්භාවය නැවත පිහිටුවා ගනු ලැබීය. (උත්පත්ති 45:4-8) ක්‍රිස්තියානීන් හැටියට අපත් මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුය. ඊර්ෂ්‍යාවේ නරක විපාක දැන, ඊර්ෂ්‍යාසහගත හැඟීම් වෙනුවට මුදු මොළොක් සෙනෙහේ ඇතුව සිටීමට උපකාරය ඉල්ලා අප යෙහෝවඃවහන්සේට යාච්ඤා කළ යුතුය.
දයානුකම්පාවට තිබෙන වෙනත් බාධක
14. සැහැසියාවට නුවුවමනා ලෙස නිරාවරණය වීමෙන් අප වැළකී සිටිය යුත්තේ මන්ද?
14 නුවුවමනා ලෙස අපව සැහැසියාවට නිරාවරණය කිරීම දයානුකම්පාසහගත වීමට අපට තවත් බාධකයක් විය හැක. සැහැසියාව සහිත ක්‍රීඩා හා විනෝදාංශ, ලේ පිපාසයකට අනුබල දෙයි. බයිබල් කාලවල, රෝමානු අධිරාජ්‍යයේ තිබූ මලල භූමිවල සැහැසි මල්ලවයන්ගේ තරඟ මෙන්ම මනුෂ්‍යයන්ට වද හිංසා පමුණුවන වෙනත් ආකාරයන් මිථ්‍යා දෘෂ්ටිකයෝ නිතිපතා නැරඹූහ. එක්තරා ඉතිහාසඥයෙකු පවසන ආකාරයට, එවන් විනෝදාංශ “මනුෂ්‍යයන්ව තිරිසන් මැවිලිවලින් වෙන්කොට දක්වන්නාවූ වේදනා සඳහා අනුකම්පාවේ හැඟීම් නැතිකර දැමීය.” අදදින නවීන ලෝකයේ විනෝදාංශවලින් බොහොමයක ඇත්තේද එම බලපෑමය. මුදු මොළොක් ලෙස දයානුකම්පිත වීමට වෑයම් දරන ක්‍රිස්තියානීන්, තමන් කියවීමට තෝරා ගන්නා පොත්පත්, නරඹන චිත්‍රපට, හා රූපවාහිනී දර්ශන යනාදිය ගැන අතිශයින් තෝරා බේරා කටයුතු කළ යුතුය. ප්‍රඥාවන්ත ලෙස ඔවුහු ගීතාවලිය 11:5 [න.අ.]හි ඇති මෙම වදන් සිත්දරා ගනිති: “සැහැසිකම් කරන්නාට [යෙහෝවඃවහන්සේ] වෙර බඳින සේක.”
15. (අ) පුද්ගලයෙක් බරපතළ ලෙස දයානුකම්පාව නොමැති තත්ත්වයක් විදහා පෙන්විය හැක්කේ කෙසේද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන් සෙසු ඇදහිල්වන්තයන්ගේ හා අසල්වැසියන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
15 තමා ගැන පමණක් සිතන කෙනෙක්ද බොහෝදුරට දයානුකම්පාව නොමැත්තෙක් වන්නට පුළුවන. ප්‍රේරිත යොහන් පැහැදිලි කරන ආකාරයට, මෙය බරපතළ දෙයකි: “ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත් [ඔහුට තමාගේ මුදු මොළොක් දයානුකම්පාව නමැති දොරටුව වසා ගනී නම්, NW], දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?” (1 යොහන් 3:17) අසල්වැසියෙකු බවට පත්වූ සමාරියා පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාවේ ආත්ම-ධර්මිෂ්ඨ වූ පූජකයා හා ලෙවීවරයා විසින් පෙන්වනු ලැබුවේ සමානාකාර දයානුකම්පාවේ ඌනතාවකි. අඩක්-මැරුණ තත්ත්වයේ සිටි තමන්ගේ යුදෙව් සහෝදරයාගේ වේදනාසහගත තත්ත්වය දුටු මොවුහු, පාරේ අනෙක් පැත්තට මාරු වී තමන්ගේ ගමනේ යෙදුණාහ. (ලූක් 10:31, 32) මීට පටහැනිව, දයානුකම්පාසහගත ක්‍රිස්තියානීහු තමන්ගේ සහෝදරයන්ගේ ද්‍රව්‍යමය හා ආත්මික අවශ්‍යතාවන්ට වහා ප්‍රතිචාරය දක්වති. තවද යේසුස්වහන්සේගේ උපමාවේ සමාරියා හා සමානව, ඔවුහු අමුත්තන්ගේ අවශ්‍යතාවන් ගැනද සැලකිල්ලක් දක්වති. මෙසේ ඔවුහු සතුටින් තමන්ගේ කාලය, ශක්තිය, හා ද්‍රව්‍යමය සම්පත් ගෝලයන් සෑදීමේ කටයුත්තේ වර්ධනය පිණිස පිරිනමති. මෙයාකාරයෙන් ඔවුහු මිලියන සංඛ්‍යාවකගේ ගැළවීම පිණිස දායක වෙති.—1 තිමෝති 4:16.
අසනීප අය සඳහා දයානුකම්පාව
16. අසනීප හා සම්බන්ධ තත්ත්වයන් සමඟ කටයුතු කිරීමේදී අප මුහුණ දෙන්නේ කුමන සීමාවන්ටද?
16 අසනීප අසම්පූර්ණ, මියයන මිනිස්වර්ගයාගේ උරුමයකි. ක්‍රිස්තියානීන් මේ බලපෑමින් නිදහස්ව සිටිනවාද නොවේ, මොවුන්ගෙන් වැඩි දෙනෙකු වෛද්‍ය වෘත්තියට සම්බන්ධ නොවන අතර, ක්‍රිස්තුස්වහන්සේ හා සිය ප්‍රේරිතයන්ගෙන් බලය ලබා ආශ්චර්යන් කළ මුල් ක්‍රිස්තියානීන් හා සමානද නොවේ. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ හා ඔවුන්ගේ සමකාලීන ආශ්‍රිතයන්ගේ මරණයත් සමඟ, එවන් ආශ්චර්යවත් බලයන් ඉවත්ව ගියේය. එබැවින්, මොළය හරිහැටි ක්‍රියාත්මක නොවීම, සිත අවුල්වීම නිසා ව්‍යාජ දර්ශන දැකීම ඇතුළුව, කායික රෝගවලින් වේදනා විඳින්නන්ට උපකාර කිරීමට ඇති අපගේ හැකියාව සීමා සහිත වේ.—ක්‍රියා 8:13, 18; 1 කොරින්ති 13:8.
17. අසනීප වූ හා වියෝ දුකෙන් සිටි යෝබ්ට සලකනු ලැබූ ආකාරයෙන් අප ඉගෙන ගන්නා පාඩම කුමක්ද?
17 බොහෝවිට අසනීප සමඟ විෂාදය හෙවත් කලකිරීම ඇතිවේ. උදාහරණයක් වශයෙන්, සාතන් තමන් මතට ගෙනා බරපතළ අසනීප හා විපත්තිදායක තත්ත්වයන් නිසා දේව-භයැති යෝබ් අතිශයින් කලකිරුණු තත්ත්වයකට පත් වුණේය. (යෝබ් 1:18, 19; 2:7; 3:3, 11-13) ඔහුට අවශ්‍යව තිබුණේ මුදු මොළොක් දයානුකම්පාවෙන් තමාට සලකන හා “ධෛර්යකරන” මිත්‍රයන්ය. (1 තෙසලෝනික 5:14) ඒ වෙනුවට, සහනදායකයෝ යයි කියාගත් තිදෙනෙක් ඔහුව බැහැදැක වැරදි නිගමනයන්ට ක්ෂණිකව එළඹුණාහ. ඔහුගේ විපත්ති තමාගේම වැරදි නිසා ඇති වූ බව අඟවමින් ඔවුහු යෝබ්ගේ කලකිරුණු තත්ත්වය තවත් වැඩි කළහ. මුදු මොළොක් ලෙස දයානුකම්පිත වන ක්‍රිස්තියානීහු, සෙසු ඇදහිලිවන්තයන් අසනීප වී හෝ බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකට පත්ව සිටින විට, එවන් වැරැද්දක් කිරීමෙන් වැළකෙති. ඇතැම් අවස්ථාවන්හි, එවන් අයට ඕනෑ කරන මූලික දෙය වනුයේ අනුකම්පාසහගතව සවන් දී, අවබෝධයෙන් යුක්තව, ප්‍රේමනීය වූ ශුද්ධලියවිලිමය උපදෙස් සපයන වැඩිමහල්ලන් හෝ වෙනත් මේරූ ක්‍රිස්තියානීන්ගේ කාරුණික බැහැදැකීම් කීපයකි.—රෝම 12:15; යාකොබ් 1:19.
දුර්වලුන්ට දයානුකම්පාව
18, 19. (අ) වැඩිමහල්ලන් දුර්වල හෝ වැරදි කරන්නන් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද? (ආ) විනිශ්චය කමිටුවක් පිහිටු වීමට අවශ්‍ය වන විට පවා, වැඩිමහල්ලන් විසින් වැරදි කරන්නන්ව මුදු මොළොක් දයානුකම්පාවෙන් සැලකීම වැදගත් වන්නේ මන්ද?
18 වැඩිමහල්ලන් විශේෂාකාරයෙන් මුදු මොළොක් ලෙස දයානුකම්පිත විය යුතුය. (ක්‍රියා 20:29, 35) “බලවත්වූ අප . . . බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය” යයි බයිබලය ආඥා කරයි. (රෝම 15:1) අසම්පූර්ණව සිටින බැවින්, අපි සියල්ලෝම වැරදි කරන්නෙමු. (යාකොබ් 3:2) යම් මනුෂ්‍යයෙකු “යම් වැරදි පියවරක් ගැන දැනගන්නට පෙර, ඔහු එම පියවර ගතහොත්” එවන් කෙනෙකු සමඟ ක්‍රියා කරන්නට මොළොක් බව අවශ්‍ය වේ. (ගලාති 6:1, NW) දේව ව්‍යවස්ථාව තමන් ක්‍රියාවට නගන විට අසාධාරණ වූ ආත්ම-ධර්මිෂ්ඨ ඵරිසිවරුන් හා සමාන වීමට, වැඩිමහල්ලන්ට කිසිලෙසකින් වුවමනා නොවේ.
19 මීට පටහැනි ලෙසින්, වැඩිමහල්ලන් අනුගමනය කරන්නේ යෙහෝවඃ දෙවියන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයානුකම්පිත ආදර්ශයයි. ඔවුන්ගේ මූලික වැඩය දෙවියන්වහන්සේගේ බැටළුවන්ව පෝෂණය කර, දිරිගන්වා, ප්‍රබෝධවත් කරවීමය. (යෙසායා 32:1, 2) නීති සමූහයකින් කාරණා පාලනය කිරීමට වෑයම් දරනවා වෙනුවට, ඔවුහු දේව වචනයේ කදිම ප්‍රතිපත්ති වෙතට අවධානය යොමු කරති. එබැවින්, වැඩිමහල්ලන්ගේ කාර්යය විය යුත්තේ සිය සහෝදරයන්ගේ හෘදයන් වෙතට යෙහෝවඃවහන්සේගේ යහපත්කම කෙරෙහි ප්‍රීතිය හා අගය ගෙන ඒම, වර්ධනය ගෙන දීම යනාදියයි. සෙසු ඇදහිල්වන්තයෙක් සුළු වැරැද්දක් කළොත්, වැඩිමහල්ලෙක් සාමාන්‍යයෙන් අන්‍යයන්ට ඇසෙන ලෙසින් ඔහුව නිවැරදි කිරීමෙන් වැළකී සිටිනු ඇත. යම් හෙයකින් සිද්ධිය ගැන කථා කිරීම අවශ්‍ය වන්නේ නම්, එම තැනැත්තාව පසෙකට ගෙන අන්‍යයන්ට නොඇසෙන ලෙස ගැටලුව ගැන කථා කිරීමට දයානුකම්පාවේ මුදු මොළොක් හැඟීම් එම වැඩිමහල්ලාව පොලඹවනු ඇත. (මතෙව් 18:15 සසඳන්න.) යමෙක් සමඟ කටයුතු කිරීම කොතරම් අපහසු වුවත්, වැඩිමහල්ලාගේ පිවිසීම ඉවසිලිවන්ත, හා උපකාරශීලී විය යුතුය. එවන් තැනැත්තෙකුව සභාවෙන් නෙරපීමට ඔහුට කිසිවිටෙක නිදහසට කරුණු සෙවීමට වුවමනාවක් නොතිබිය යුතුය. විනිශ්චය කමිටුවක් පිහිටුවීමට අවශ්‍ය වන විට පවා, බරපතළ වැරැද්දකට සම්බන්ධ පුද්ගලයා සමඟ කටයුතු කිරීමේදී එම වැඩිමහල්ලා මුදු මොළොක් දයානුකම්පාව පෙන්වනු ඇත. ඔවුන්ගේ මෘදුකම උපකාරවත් වනු ඇත්තේ එම තැනැත්තාව පසුතැවිල්ලට පත් කිරීමටය.—2 තිමෝති 2:24-26.
20. දයානුකම්පාවේ චිත්තවේගී ප්‍රකාශයන් අයෝග්‍ය වනුයේ කිනම් අවස්ථාවන්හිද, එමෙන්ම ඒ මන්ද?
20 කෙසේ වෙතත්, යෙහෝවඃවහන්සේගේ සේවකයෙක් විසින් දයානුකම්පාව පෙන්විය නොහැකි අවස්ථා ඇත. (ද්විතීය කථාව 13:6-9 සසඳන්න.) සභා ඇසුරෙන් ඉවත් කරන ලද සමීප මිත්‍රයෙකු හෝ ඥාතියෙකු “ඇසුරු නොකිරීම” ක්‍රිස්තියානියෙකුට සැබෑ පරීක්ෂණයක් විය හැකිය. එවන් අවස්ථාවන්හිදී, එම තැනැත්තා අනුකම්පාවේ හැඟීම්වලට යටත් නොවීම වැදගත් වේ. (1 කොරින්ති 5:11-13, න.අ.) එවන් ස්ථිරභාවයක් වැරදි කළ තැනැත්තාට පසුතැවිලි වීමට පවා දිරිගන්වන්නට පුළුවන. වැඩිදුරටත්, විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කරන විට, ලිංගික දුරාචාරයට මඟ පෙන්විය හැකි දයානුකම්පාවේ යෝග්‍ය නොවන විදහා පෙන්වීම්වලින් ක්‍රිස්තියානියෙකු වැළකී සිටිය යුතුය.
21. අප මුදු මොළොක් දයානුකම්පාව පෙන්විය යුත්තේ වෙනත් කිනම් ක්ෂේත්‍රයන්හිද, එමෙන්ම එහි ප්‍රයෝජන මොනවාද?
21 වයස්ගත වූවන්, වියෝ දුකෙන් පෙළෙන්නන්, නොඇදහිලිකාර කලත්‍රයන්ගෙන් පීඩා විඳින්නන් යනාදීන් සමඟ කටයුතු කිරීමේදී මුදු මොළොක් දයානුකම්පාව අවශ්‍ය කරවන ක්ෂේත්රයන් සියල්ල සාකච්ඡා කිරීමට මෙහි අපට ප්‍රමාණවත් ඉඩක් නොමැත. වෙහෙසා ක්‍රියා කරන වැඩිමහල්ලන්වද සමානාකාර දයානුකම්පාවෙන් සලකනු ලැබිය යුතුය. (1 තිමෝති 5:17) ඔවුන්ට ගරු කොට උපකාරවත් වන්න. (හෙබ්‍රෙව් 13:7, 17) “නුඹලා සියල්ලෝම . . . මුදු මොළොක් දයානුකම්පාවද . . . ඇතුව සිටින්න” යයි ප්‍රේරිත පේතෘස් ලිව්වේය. (1 පේතෘස් 3:8, NW) එසේ කිරීම අවශ්‍ය කරවන සියලු තත්ත්වයන්හිදී එසේ ක්‍රියා කිරීමෙන්, අප සභාව තුළ එක්සත්කම හා සන්තෝෂය පොලඹවන අතර පිටස්තර අයවද සත්‍යයට ගෙනෙනවා ඇත. මේ සියල්ලට වඩා, එසේ කිරීමෙන් අප අපගේ මුදු මොළොක් දයානුකම්පාවෙන් යුත් පියාණන් වන, යෙහෝවඃවහන්සේව ගෞරවයට පත් කරනවා ඇත.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යෙහෝවඃවහන්සේ පාපතර මිනිස්වර්ගයා සඳහා දයානුකම්පාව කෙසේ පෙන්වනසේක්ද?
◻ මුදු මොළොක් ලෙස දයානුකම්පිත වීම වැදගත් වන්නේ මන්ද?
◻ අප විසින් මුදු මොළොක් දයානුකම්පාව දැක්වීමට තිබෙන ඇතැම් බාධක මොනවාද?
◻ අප රෝගී හා බලාපොරොත්තු සුන්වූ අයට සැලකිය යුත්තේ කෙසේද?
◻ විශේෂාකාරයෙන් මුදු මොළොක් ලෙස දයානුකම්පිත විය යුත්තේ කවරෙක්ද, එමෙන්ම ඒ මන්ද?
[19වන පිටුවේ කොටුව]
දයානුකම්පා විරහිත ඵරිසිවරු
විවේක ගැනීමේ දවසක් වූ සබත් දවස දෙවියන්වහන්සේගේ ජනතාවට අදහස් කළේ ආත්මික හා කායික ආශීර්වාදයකි. කෙසේ වෙතත්, යුදෙව් ආගමික නායකයෝ, සබත පිළිබඳ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අගෞරවය කළාවූ බොහෝ නීති සෑදූ අතර ජනතාව සඳහා එය බරක් බවට පත් කළහ. උදාහරණයක් වශයෙන්, යමෙක් හදිසි අනතුරකට ගොදුරු වූයේ හෝ රෝගයකින් පෙළුණේ නම්, ඔහුගේ ජීවිතය ඉතා අන්තරා සහිත තත්ත්වයක නොතිබුණි නම්, සබත් දවසේ ඔහුට උපකාරය ලැබිය නොහැකි විය.
ඵරිසිවරුන්ගේ එක් කණ්ඩායමක් සබත් නීතිය පහදා දීමෙහි කොතරම් දැඩි පිළිවෙතක් අනුගමනය කළේද යත්, එය පැවසුවේ, “කෙනෙක් සබත් දවසේ වැළපෙන්නන් සනසන්නේවත් හෝ රෝගීන් බැහැදකිනේනේවත් නැත” යනුවෙනි. වෙනත් ආගමික නායකයෝ සබත් දවසේ එවන් බැහැදැකීම්වලට අවසර දුන්නත්, “කඳුළු නොවැගිරවිය යුතු බව” නියම කළහ.
මෙසේ, යුක්තිය, ප්‍රේමය හා දයාව වැනි ව්‍යවස්ථාවේ වඩාත් වැදගත් දේවල් නොසලකා හැරීම වෙනුවෙන්, යේසුස්වහන්සේ නිසිලෙස යුදෙව් ආගමික නායකයන්ට දෝෂාරෝපණය කළසේක. “නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය” යයි උන්වහන්සේ ඵරිසිවරුන්ට පැවසීම පුදුමයක්ද!—මාර්ක් 7:8, 13; මතෙව් 23:23; ලූක් 11:42.
[17වන පිටුවේ පින්තූර]
රටවල් 231ක යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පෙර නොදුටු විරූ දයානුකම්පාවේ ක්‍රියාවක් ජනතාවගේ නිවාසවල, වීදිවල, සිරකඳවුරුවල පවා සිදු කරමින් සිටිති
[18වන පිටුවේ පින්තූරය]
රූපවාහිනියේ පෙන්වන පරිදි, සැහැසියාවට නිරාවරණය වීම, මුදු මොළොක් දයානුකම්පාව යටපත් කරයි