පාලක මණ්ඩලයට එකතුවීමක්
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සිටින සංඛ්‍යාව වැඩි කිරීමක් වශයෙන්, 1994 ජූලි 1වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දැනට සේවය කරන වැඩිමහල්ලන් 11දෙනාට තවත් සාමාජිකයෙක් එකතු කර ඇත. ගෙරිට් ලර්ෂ් මෙම නව සාමාජිකයාය.
සහෝදර ලර්ෂ්, 1961 නොවැම්බර් 1වන දින පූර්ණ-කාලීන සේවයට ඇතුල්වූ අතර, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 41වන පන්තියෙන් උපාධිය ලබා ගත්තේය. ඔහු 1963 සිට 1976 දක්වා ඕස්ට්‍රියාවේ චාරිකා හා දිස්ත්‍රික් සේවයේ යෙදුණේය. ඔහු 1967දී විවාහ වූ අතර, ඔහු හා ඔහුගේ භාර්යාව වන, මෙරෙටෙ, වියානාවේ පිහිටි ඕස්ට්‍රියා බෙතෙල් පවුලේ සාමාජිකයන් හැටියට වසර 14ක් සේවය කළහ. දැනට වසර හතරකට පෙර ඔවුන්ව නිව් යෝක්, බෘක්ලින්හි සමිතියේ මූලස්ථානයට ස්ථාන මාරු කරන ලද අතර එහිදී සහෝදර ලර්ෂ් විධායක කාර්යාලවල සේවා කමිටුවේ සහායකයෙක් හැටියටත් සේවය කර ඇත. යුරෝපීය ක්ෂේත්‍රයේ ඔහු ලබා ඇති විවිධාකාර අද්දැකීම් මෙන්ම ජර්මානු, ඉංග්‍රීසි, රොමේනියානු හා ඉතිලියානු භාෂා පිළිබඳ ඔහුගේ දැනුමෙන්, ඔහු පාලක මණ්ඩලයේ වැඩවලට අනර්ඝ ආකාරයකින් දායක වනවා ඇත.