ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 4/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දුර්වලකම, දුෂ්ටකම හා පසුතැවිල්ල නිශ්චය කරගැනීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ යාච්ඤා ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ සිත සතුටු කරන යාච්ඤා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 4/15 30 පි.

ඔබට මතකද?

මෑතකදී පළවූ මුරටැඹ කලාප කියවීම ඔබ අගය කළාද? හොඳයි, පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

▫ මුල් ක්‍රිස්තියානීන් යේසුස්වහන්සේගේ උපන් දිනය සිහි නොකළේ මන්ද?

ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාට අනුව, “මුල් ක්‍රිස්තියානීන් [යේසුස්වහන්සේගේ] උපත සැමරුවේ නැත. මන්දයත් යමෙකුගේ උපත උත්සවාකාරයෙන් සැමරීම මිථ්‍යා චාරිත්‍රයක් බවට ඔවුන් විසින් සැලකූ නිසාය.”—12⁄15, 4 පිටුව.

▫ යේසුස්වහන්සේට යාච්ඤා යොමු කළ යුතුද?

නැත, මන්ද යාච්ඤා යනු, තනිකරම සර්වබලධාරි දෙවියන්වහන්සේට පමණක් අයිති නමස්කාරයේ අංගයක් බැවිනි. අපගේ සියලු යාච්ඤා යෙහෝවඃ දෙවියන්වහන්සේට ඔප්පු කිරීම මගින්, අප අඟවන්නේ, මෙසේ යාච්ඤා කරන ලෙස යේසුස්වහන්සේ කියා දුන් දෙය අප හෘදයට ගෙන ඇති බවයි. එනම්: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි.” (මතෙව් 6:9)—12⁄15, 25 පිටුව.

▫ අනනියස් සහ සප්පිරාගේ පව් සමඟ සසඳන කල, දාවිත් රජුගේ බරපතළ පාපය සඳහා වෙනස් විනිශ්චයක් දෙනු ලැබුවේ මන්ද? (2 සාමුවෙල් 11:2-24; 12:1-14; ක්‍රියා 5:1-11)

දාවිත් රජුගේ පාපය කරනු ලැබුවේ මාංසික දුර්වලකම නිසාය. තමා කර තිබූ දෙයට මුහුණ දුන් විට, ඔහු පසුතැවිලි වූ අතර, තම පාපයේ ප්‍රතිඵලවලට ජීවිතයේදී මුහුණ දීමට සිදුවුවද, යෙහෝවඃවහන්සේ ඔහුට කමාව දුන්සේක. අනනියස් හා සප්පිරා කුහක ලෙස බොරු කියා ක්‍රිස්තියානි සභාව රැවටීමට උත්සාහ කිරීමෙන් පව් කළ අතර, එසේ ‘ශුද්ධාත්මය හා දෙවියන්වහන්සේව රැවටීමට’ වෑයම් කළෝය. (ක්‍රියා 5:3, 4) එය දුෂ්ට හෘදයකට සාක්ෂියක් බව තහවුරු විය. එබැවින් වඩාත් බරපතළ ලෙස ඔවුන්ව විනිශ්චය කරනු ලැබීය.—1⁄1, 27, 28 පිටු.

▫ ප්‍රීතිමත් හෘදයකින් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

අපගේ ආශීර්වාද සහ දෙවියන්වහන්සේ විසින් දානය කර ඇති සේවා වරප්‍රසාද ගැන අප ඒකාන්ත හා අගය කරනසුලු දෘෂ්ටියක් වගා කළ යුතු අතර, අප දේව වචනය අනුගමනය කිරීමෙන්, උන්වහන්සේව සතුටු කරන බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතුය.—1⁄15, 16, 17 පිටු.

▫ අප විසින් බලපෑමෙන් යුත් දිරිගැන්වීම් දීමට නම්, අප මතකයේ තබාගත යුතු දේවල් දෙක මොනවාද?

පළමුවෙන්ම, ඔබගේ දිරිගැන්වීමට නිශ්චිත එකක් වන සේ කිව යුත්තේ කුමක්දැයි සිතන්න, දෙවනුව, ප්‍රශංසාව ලැබිය යුතු හෝ ගොඩනැංවීම අවශ්‍ය කරන පුද්ගලයෙකු වෙත එළඹීමට ප්‍රස්තාව බලා සිටින්න.—1⁄15, 23 පිටුව.

▫ “මහත් සමූහය” “ඔවුන්ගේ අත්වල තාල පත්‍ර ඇතිව සිටින්නේ” මන්ද? (එළිදරව් 7:9)

තාල පත්‍ර වැනීම අඟවනුයේ, යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයට හා උන්වහන්සේගෙන් අභිෂේක ලත් රජුට “මහත් සමූහය” ප්‍රීතියෙන් ආචාර කරන බවය. (ලෙවී කථාව 23:39, 40 බලන්න.)—2⁄1, 17 පිටුව.

▫ යෝබ් පොත තුළ කිනම් අනර්ඝ පාඩම් හමුවේද?

යෝබ් පොත අපට ගැටලු හසුරුවන ආකාරය පෙන්වයි. පරීක්ෂාවන්ට මුහුණ දෙමින් සිටින අයට උපදෙස් දිය යුතු හා නොදිය යුතු ආකාරය ගැන චමත්කාරජනක ආදර්ශයන් එය සපයයි. එපමණක්ද නොව, අප අහිතකර තත්වයන්ට යටවී සිටින බව අපට දැනෙන විට, සමබර ආකාරයකින් ප්‍රතික්‍රියා කිරීම සඳහා අපට උපකාර කිරීමට යෝබ්ගේම අද්දැකීමට හැකිය.—2⁄15, 27 පිටුව.

▫ යේසුස්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් අපට උගන්වන්නේ කුමක්ද?

දෙවියන්වහන්සේට ගෞරව කිරීමට ක්‍රිස්තියානීන් සඳහා රටාවක් තබමින්, යේසුස්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් දෙවියන්වහන්සේට ගෞරවය ගෙනාවේය. (රෝම 15:6) යහපත්කම් කිරීමටද, ත්‍යාගශීලිත්වය පෙන්වීමටද, දයානුකම්පාව විදහාපෑමටද, ඒවායින් දිරිගන්වන ලදි.—3⁄1, 8 පිටුව.

▫ අලුත කැපවූවන් සමඟ සූදානම් කරගත් ප්‍රශ්න වැඩිමහල්ලන් විසින් පුනරීක්ෂණය කිරීමේ අරමුණ කුමක්ද?

එක් එක් අපේක්ෂකයා, බයිබලයේ මූලික ඉගැන්වීම් මුළුමනින්ම අවබෝධ කරගෙන සිටිනවා යන්න සහ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීමට ඇතුළත් දේ ගැන සාවධානව සිටිනවා යන්න, මින් තහවුරු වේ.—3⁄1, 13 පිටුව.

▫ බයිබලයේ සඳහන් යාච්ඤා අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

ශුද්ධ ලියවිල්ලේ සඳහන් යාච්ඤා දෙස සමීප බැල්මක් හෙළීමෙන්, අපගේ තත්වයන්ට සමාන තත්වයන්හි පවසන ලද යාච්ඤා අපට හඳුනාගත හැකිය. එවැනි යාච්ඤා සොයාගෙන, කියවා, ඒවා මත මෙනෙහි කිරීමෙන්, යෙහෝවඃවහන්සේ සමඟ අප කරන කතා බහවල ගුණය වැඩිදියුණු කිරීමට අපට ඒවා උපකාරවත් විය හැක.—3⁄15, 3, 4 පිටු.

▫ දේවභය යනු කුමක්ද?

දේවභය යනු යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇති ගරුබියයි, උන්වහන්සේව අසතුටු කිරීමට ඇති සුවදායක බියක් සමඟ මුසුව ඇති උන්වහන්සේ සඳහා වූ ගැඹුරු ප්‍රණාමයයි. (ගීතාවලිය 89:7)—3⁄15, 10 පිටුව.

▫ අප දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ අනර්ඝ බවට බයිබලය පෙන්වන ආකාර තුනක් මොනවාද?

අප සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ වටිනාකමක් ඇති පුද්ගලයන් බව, බයිබලය උගන්වයි (ලූක් 12:6, 7); යෙහෝවඃවහන්සේ අප තුළ අගය කරන දෙය එහි පැහැදිලි වෙයි (මලාකී 3:16); එමෙන්ම අප සඳහා වූ ස්වකීය ප්‍රේමය නිරූපනය කිරීමට යෙහෝවඃවහන්සේ කර ඇති දෙය ගැන එහි සඳහන් වෙයි. (යොහන් 3:16)—4⁄1, 11, 12, 14 පිටු.

▫ හෙබ්‍රෙව් 10:24, 25හි සඳහන් දෙය, ක්‍රිස්තියානීන් එකට රැස්විය යුතු බවට වූ නිකම්ම ආඥාවකට වඩා වැඩි යමක් වන්නේ මන්ද?

පාවුල්ගේ මෙම වචන සියලු ක්‍රිස්තියානි රැස්වීම් සඳහා දිව්‍යමය ආනුභාව ලත් ප්‍රමිතියක් තබයි—ඇත්තෙන්ම, ක්‍රිස්තියානීන් එකට රැස්වෙන ඕනෑම අවස්ථාවක් සඳහාය.—4⁄1, 16 පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න