ලොවවටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—බ්‍රසීලය
බ්‍රසීලය බොහෝ පැතිවලින් ගත් කල, දැවැන්ත දේශයකි. ප්‍රමාණය හා ජනගහනය ගත් කල, එය වනාහි ලෝකයේ විශාලතම රටවල් අතුරින් පස්වැන්නය. දකුණු අමෙරිකාවේ භූමි ප්‍රදේශයෙන් අඩකට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරන එය, එම මහද්වීපයේ අනික් රටවල වෙසෙන ජනගහනය සමස්තයක් වශයෙන් ගත්තද, වැඩි ජන පිරිසක් සඳහා වාසස්ථානය වේ. එමෙන්ම ලෝකයෙහි විශාලතම වර්ෂා වනාන්තරය පිහිටා තිබෙන්නේ බ්රසීලයෙහිය. එම වනාන්තරය තුළින් පොළොවෙහි දැවැන්තම ගඟ ගලා බසී—එය නම් ඇමශොන් ගඟය.
තවත් අර්ථයකින් ගත් කල, බ්‍රසීලය දැවැන්තයකි. එහි දේවරාජ්‍යයෙහි ශුභාරංචි ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 4,00,000 කරා ඇදී එමින් පවතී, ඇරත් පසුගිය වසරේදී, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට පැමිණි සංඛ්‍යාව 10,00,000කටත් වඩා වැඩි විය. එනිසා රාජ්‍ය-දේශනා කිරීමේ කර්තව්‍යය සම්බන්ධයෙන් බැලූ කල, මෙම දේශය විශේෂයෙන් කැපීපෙනෙයි. මෑතක ලැබූ අද්දැකීම් මෙම කාරණය පැහැදිලි කරයි.
අවශ්‍යතාව වැඩි තැන්හි සේවය කිරීම
ආන්ටෝන්යෝ සහ ඔහුගේ බිරිඳ, රාජ්‍ය ප්‍රකාශකරන්නන් සඳහා අවශ්‍යතාව වැඩි ප්‍රාන්තයක් වන මීනස් ගෙරයිස්හි සේවය කිරීම සඳහා, සැඋම් පාවුලු සිට තම ඥාතීන්ගෙන්ද, හොඳ වැටුපක් ගෙවන රැකියාවකින්ද, අහක් වීමේ අමාරු තීරණයගත්තෝය. සීනි ප්රසාදනාගාරයක වැඩ කරන සේවක ජනපදයක් ඔවුන්ගේ බලප්‍රදේශයට ඇතුළත් විය. එහි සාක්ෂිදැරූ පළමු දවසේදී, ඔවුහු බයිබල් පාඩම් නවයක් ආරම්භ කළහ. මාස 18ක් ඇතුළත, ඔවුහු බයිබල් පාඩම් 40කට වඩා පවත්වමින් සිටියහ!
මුලදී, රැස්වීම් ප්‍රසාදනාගාරය තුළම පවත්වන ලදි. කෙසේවෙතත්, සැබෑ රාජ්‍ය ශාලාවක් දැකීමට නවක ප්‍රචාරකයෝ ආශා වූහ. එබැවින්, 75දෙනෙකු ළඟම තිබූ සභාව වෙත ගෙන යෑම සඳහා බස් රියක් කුලියට ගන්නා ලදි. ඊළඟට සමුළුවක් පැමිණියේය; නවක බයිබල් ශිෂ්‍යයන්ගෙන් 45දෙනෙකු පැමිණ සිටි අතර, ඔවුන්ව සම්මුඛ සාකච්ඡාවකට භාජන කරන ලදි. එම අවස්ථාවේදී මොවුන් අතුරින් 15දෙනෙක් බව්තීස්ම ලැබූහ. ප්‍රීතියේ කඳුළු නිදහසේ වගුරුවනු ලැබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ!
ඒ හා සමාන ගමන් යෑම සඳහා එකම බස් සමාගම උපයෝගි කරනු ලැබූ අතර, නිලධාරීහු විශේෂ අය කිරීම් සපයා දුන්හ. අගය කිරීමේ ප්‍රකාශයක් වශයෙන්, ආන්ටෝන්යෝ සමාගමේ අයිතිකරුට බයිබල් පාඩම් ආධාරකයක් ලබා දුන්නේය. එම සැන්දෑවේදීම බයිබලය පාඩම් කිරීමට එකඟ වූ ඔහු, මාස කිහිපයක් තුළ ඉතා ඕනෑකමින් පාඩම් කිරීමෙන් පසු බව්තීස්ම වූයේය. මුලදී ඔහුගේ බිරිඳ පාඩමට විරුද්ධ වුවත්, කල් යත්ම, ඇගේ ආකල්පය මෘදු විය. අදදින ඈද යෙහෝවඃවහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් වන්නීය.
වර්ෂ 1992 පෙබරවාරි මස ක්‍රියාශීලී ප්‍රචාරකයන් 22දෙනෙකුගෙන් යුත් සභාවක් පිහිටුවන ලදි. වර්ෂ 1994 වන විට මෙම සංඛ්‍යාව ප්‍රචාරකයන් 42දෙනෙකු දක්වා වැඩි වී තිබිණ, එම සංඛ්‍යාවට ස්ථාවර පුරෝගාමීන්, නොහොත් ශුභාරංචියේ පූර්ණ-කාලීන දේශනාකරන්නන් 4දෙනෙකු ඇතුළත් විය. ප්‍රතිඵලයක් වශයෙන් ආන්ටෝන්යෝ මෙසේ නිගමනය කළේය: “මලාකී 3:10හි පෙන්වන ආකාරයට අප ‘යෙහෝවඃවහන්සේව සෝදිසි කර බලනවා’ නම්, උන්වහන්සේ ‘ඉඩම් මදිවෙන තරම් අපට ආශීර්වාදයක් වගුරුවා දෙන’ බව මමයි, මගේ බිරිඳයි දැක තිබෙනවා.”
බයිබල් ප්‍රකාශන ඉදිරිපත් කිරීම
බ්‍රසීලය පුරා දේශනා කිරීමේ කර්තව්‍යය මෙතරම් යෝධ පියවර ගැනීමට තවත් හේතුවක් විය හැක්කේ, සාක්ෂිකරුවන් විසින් බයිබල් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට සෑම ප්‍රස්තාවක්ම උපයෝගි කරගැනීමය. උදාහරණයක් වශයෙන්, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතේ පිටපත් 250ක් ඉල්ලමින් එක් සභාවක් වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට ලියා යැව්වේය. මෙතරම් විශාල ඉල්ලුමක් කුමකටද?
එම ලිපිය මෙසේ පැහැදිලි කළේය: ‘නගරයේ එක් පාසැලක මෙම පොත එක් අදාළ විෂයක් සඳහා උපයෝගි කරගැනීමට තීරණය කර තිබෙනවා. පාසැල් අධිකාරීන් මෙසේ තීරණය කර ඇත්තේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාර ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ද, එක් පාසැල් අධීක්ෂකවරයෙකුද විසින් කර තිබෙන අවිධිමත් සාක්ෂිදැරීම නිසාය. මෙම පොත මාර්ගයෙන් යෙහෝවඃවහන්සේගේ සේවකයන් කදිම උපදෙස් සපයත්ම උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරනසේක්වා.’ එසේය, බ්‍රසීලය නමැති දැවැන්ත දේශයේ රාජ්‍ය-දේශනා කිරීමේ කර්තව්‍යයෙහි කදිම ප්‍රගතියට යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද දිගටම ලැබේවා.
[8වන පිටුවේ කොටුව]
රටේ ආකෘතියක්
1994 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 3,85,099
අනුපාතය: 1 සාක්ෂිකරුවෙකුට 404
සිහිකිරීමට පැමිණීම: 10,18,210
පුරෝගාමී ප්රචාරක සාමාන්‍යය: 38,348
බයිබල් පාඩම් සාමාන්‍යය: 4,61,343
බව්තීස්ම වූ සංඛ්‍යාව: 24,634
සභා ගණන: 5,928
ශාඛා කාර්යාලය: සෙසාරිඕ ලාන්ෂේ
[9වන පිටුවේ පින්තූරය]
සැඋම් පාවුලුහි ශබ්ද විකාශන රථයක්, 1940හි පමණ
[9වන පිටුවේ පින්තූරය]
රියෝ ද ජනේරෝහි උද්භිද උද්‍යානයේ සාක්ෂිදැරීම
[9වන පිටුවේ පින්තූරය]
සෙසාරිඕ ලාන්ෂේහි ශාඛා කාර්යාලය