ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 8/1 4-7 පි.
  • ඉදිරියෙහි වඩාත් හොඳ කාලයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉදිරියෙහි වඩාත් හොඳ කාලයක්
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආහාර හිඟකම් පුරෝකථනය කෙරිණ
  • යෙහෝවඃවහන්සේ අතීතයේදී ස්වකීය සේවකයන්ට සැලකිල්ල දැක්වූසේක
  • යෙහෝවඃවහන්සේ අදදින ස්වකීය සේවකයන් උසුලා දරනසේක
  • ඉදිරියෙහි වඩාත් හොඳ කාලයක්
  • දුප්පත් නමුත් පොහොසත් ඒ කෙසේද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවනය ලබා දෙන ආහාරය ගැන අහලා තියෙනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • සැබෑ සුරක්ෂිතභාවය—දැනුත් සදහටත්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 8/1 4-7 පි.

ඉදිරියෙහි වඩාත් හොඳ කාලයක්

“අපි එක-බිංදුව-එක ක්‍රමය කරනවා” කියා එක් ස්ත්‍රියක් කියයි.

“මට නම් තත්වය ඊටත් වඩා ආමාරුයි” කියා ඇගේ මිතුරිය පිළිතුරු දෙයි. “මම බිංදුව-බිංදුව-එක ක්‍රමය කරනවා.”

බටහිර අප්‍රිකාවේ ඇතැම් පෙදෙස්වල එවන් කෙටි සංවාදයක් පැහැදිලි කිරීම අවශ්‍ය නැත. දවසකට ආහාර වේල් තුනක් ගන්නවා (එක-එක-එක) වෙනුවට, එක-බිංදුව-එක ක්‍රමයට කන පුද්ගලයෙකුට ආහාර ගැනීමට හැකිවන්නේ දවසකට දෙවරක් පමණයි—එනම් උදේ එක් වතාවයි හා සවස එක් වතාවයි. බිංදුව-බිංදුව-එක ක්‍රමයට ආහාර ගන්නා තරුණයෙක් සිය තත්වය මෙසේ පැහැදිලි කළේය: “මම දවසට එක පාරක් කනවා. මම මගේ ශීතකරණයෙහි වතුර ඇති තරම් පුරවනවා. නිදාගන්න යන්න ඉස්සෙල්ලා, මම ගාරි [මඤ්ඤොක්කා] කනවා. මම තත්වයට මුහුණ දී තිබෙන්නේ එහෙමයි.”

අදදින වැඩිවන්නාවූ ජන පිරිසක් අසරණ වී තිබෙන්නේ එලෙසයි. මිල ගණන් ඉහළ යන අතර, මුදල්වලට තිබෙන ක්‍රය ශක්තිය පහත බසී.

ආහාර හිඟකම් පුරෝකථනය කෙරිණ

ප්‍රේරිත යොහන්ට දෙන ලද දර්ශන මාළාවක, අදදින බොහෝදෙනෙකුට මුහුණදීමට සිදුවන දුෂ්කර තත්වයන් දෙවියන්වහන්සේ පුරෝකථනය කළසේක. ඒවා අතර ආහාර හිඟකම තිබෙනු ඇත. යොහන් මෙසේ විස්තර කරයි: “එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය.” (එළිදරව් 6:5) මෙම අශුභ අශ්වයා හා අසරුවා සාගත පිළිබිඹු කරයි—ආහාර කොතරම් හිඟ වනවාද කිවහොත්, තරාදි උපයෝගි කරමින් එය සලාක ක්‍රමයට බෙදාහරිනු ලබන්නේය.

ඊළඟට ප්‍රේරිත යොහන් මෙසේ පවසයි: “ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය . . . කියන හඬක් . . . ඇසීමි.” යොහන්ගේ කාලයේදී, ධාන්‍ය නැළියක් හමුදා භටයෙකුට ලැබෙන දිනපතා ආහාර සලාකය විය, තවද මස්සක්, දවසක වැඩ සඳහා ගෙවන ලද මුදල විය. මෙසේ රිචඩ් වේමත් විසින් කරන ලද පරිවර්තනයෙහි එය මෙසේ දක්වා තිබේ: “පාන් ගෙඩියකට මුළු දවසෙහි වැටුපය, බාර්ලි කේක් තුනකට මුළු දවසෙහි වැටුපය.”—එළිදරව් 6:6.

අදදින මුළු දවසක් සඳහා වැටුප කිමෙක්ද? ස්ටේට් ඔෆ් වර්ල්ඩ් පොපියූලේෂන්, 1994 යන වාර්තාව මෙසේ නිරීක්ෂණය කරයි: “දියුණු වෙමින් පවතින ලෝකයේ ජනගහනයෙන් සියයට 30ක් පමණ වන ජනයා, එනම් බිලියන 1.1ක් පමණ, දිනපතා ඩොලරයක් මත ජීවත් වෙති. මෙසේ, ලෝකයේ දිළිඳු අය සඳහා, සාමාන්‍යයෙන්, එක දවසක වැටුපෙන් ඇත්තෙන්ම මිල දී ගත හැක්කේ සුළු ආහාර ප්‍රමාණයක් පමණි.

ඇත්තෙන්ම කියනවා නම්, ඉතා දිළිඳු අය සඳහා මෙය පුදුමයකට හේතුවක් නොවේ. “පාන්!” කියා මිනිසෙක් හඬ නඟා කතා කරයි. “පාන් කවුද කන්නේ? දැන් කාලේ පාන් සුඛෝපභෝගී ආහාරයක්!”

ආහාර හිඟකමක් නොතිබීම ව්‍යාජෝක්තියකි. එක්සත් ජාතීන්ගේ මූලාශ්‍රවලට අනුව, පසුගිය වසර දහය තුළ, ලෝක ආහාර නිෂ්පාදනය සියයට 24කින් වැඩි වී තිබේ, මෙය ලෝකයේ ජනගහනයට වඩා වැඩි වීමකි. කෙසේවෙතත්, මෙම ආහාර ප්‍රමාණයෙන් ඉහළ යෑම සෑමකෙනෙකු විසින් භුක්තිවිඳින ලද්දක් නොවීය. උදාහරණයක් වශයෙන්, අප්‍රිකාවේ, ජනගහනය සියයට 34කින් වැඩි වූ අතරම, ඇත්තෙන්ම කියනවා නම්, ආහාර නිෂ්පාදනය සියයට 5කින් පහත වැටිණ. එබැවින්, ලෝක ව්‍යාප්තව සමස්ත බහුලත්වයක් තිබුණත්, බොහෝ රටවල ආහාර හිඟකම් අඛණ්ඩව පවතී.

ආහාර හිඟකම් නිසා, මිල ගණන් ඉහළ නඟී. රැකියා හිඟය, අඩු වැටුප් හා ඉහළ යන උද්ධමනය නිසා, ලබාගත හැකි දේ මිල දී ගැනීම වඩාත් දුෂ්කර වේ. හියූමන් ඩිවෙලප්මන්ට් රිපෝට් 1994 මෙසේ වාර්තා කරයි: “ජනයා කුසගින්නෙන් සිටින්නේ ආහාර ලබාගත නොහැකි නිසා නොව, නමුත් ඔවුන්ට එහි වියදම දරාගත නොහැකි නිසාය.”

බලාපොරොත්තු විරහිතභාවය, අපේක්ෂා භංගත්වය හා කලකිරීම වැඩි වෙමින් පවතී. බටහිර අප්‍රිකාවේ වෙසෙන ග්ලෝරි මෙසේ කීවාය: “අද නරක බවත්, හෙට දින මීටත් වඩා නරක අතට හැරෙන බවට වූ හැඟීම ජනයා තුළ තිබෙනවා.” තවත් කාන්තාවක් මෙසේ පැවසුවාය: “තමුන් විපත්තියකට ළඟා වෙමින් පවතින බවට හැඟීමක් ජනයා තුළ තිබෙනවා. වෙළඳපොළේ කිසිම දෙයක් ඉතිරි නොවන දවසක් පැමිණෙයි කියලා ඔවුන්ට හැඟෙනවා.”

යෙහෝවඃවහන්සේ අතීතයේදී ස්වකීය සේවකයන්ට සැලකිල්ල දැක්වූසේක

යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමෙන්ද, දුෂ්කර තත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිය දීමෙන්ද, ඔවුන්ට ​විපාක දෙන බව දෙවියන්වහන්සේගේ සේවකයෝ දනිති. ඇත්තෙන්ම කියනවා නම්, දේවල් සැපයීමට වූ දෙවියන්වහන්සේගේ හැකියාව කෙරෙහි එවන් නිසැකකමක්, ඔවුන්ගේ ඇදහිල්ලේ අතිවැදගත් අංගයකි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.”—හෙබ්‍රෙව් 11:6.

යෙහෝවඃවහන්සේ සැමවිටම ස්වකීය විශ්වාසවන්ත සේවකයන් සඳහා සැලකිල්ල දක්වා ඇත. අවුරුදු තුනහමාරක නියඟයක් තුළදී, යෙහෝවඃවහන්සේ අනාගතවක්තෘ එලියාගේ අවශ්‍යතා සැපිරූසේක. මුලදී, දෙවියන්වහන්සේ එලියා වෙත රොටි හා මස් ගෙනෙන මෙන් කපුටුවන්ට අණ කළසේක. (1 රාජාවලිය 17:2-6) පසුව, එලියාට ආහාර සැපයූ වැන්දඹුවකගේ පිටි හා තෙල් සැපයුම යෙහෝවඃවහන්සේ ආශ්චර්යවත් ලෙස පවත්වාගෙන ගියසේක. (1 රාජාවලිය 17:8-16) එම සාගතයේදීම, දුෂ්ට යෙසෙබෙල් රැජින ගෙනාවාවූ ප්‍රබල ආගමික පීඩා හමුවේ, යෙහෝවඃවහන්සේ ස්වකීය අනාගතවක්තෲන්ට රොටි හා වතුර සපයනු ලැබූ බවටද වගබලාගත්සේක.—1 රාජාවලිය 18:13.

පසුව, බබිලෝනියේ රජ ඇදහිල්ල අත්හළ යෙරුසලම වට කළ විට, ජනයාට ‘කෑම කිරා පිරිමසාගන කෑමටද, කනස්සලුකමින් වතුර මැන බීමටද’ සිදුවිය. (එසකියෙල් 4:17) තත්වය කොතරම් බරපතළ වූවාද කිවහොත්, ඇතැම් ස්ත්‍රීහු තම දරුවන්ගේම මාංස අනුභව කළෝය. (විලාප ගී 2:20) එහෙත්, අනාගත​වක්තෘ යෙරෙමියා සිය දේශනා කිරීම නිසා අත්අඩංගුවට ගෙන තිබුණත්, “රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස්පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් [යෙරෙමියාට]” ගෙන දෙනු ලැබූ බවට යෙහෝවඃවහන්සේ වගබලාගත්සේක.—යෙරෙමියා 37:21.

රොටි සැපයුම අවසන් වූ පසු, යෙහෝවඃවහන්සේ යෙරෙමියා අමතක කර දැමූසේක්ද? පෙනෙන ප්‍රකාරයට එය සිදු නොවීය, මන්දයත් නුවර බබිලෝනිවරුන්ගේ අතට පත්වුණු විට, යෙරෙමියාට “ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.”—යෙරෙමියා 40:5, 6; එමෙන්ම ගීතාවලිය 37:25 බලන්න.

යෙහෝවඃවහන්සේ අදදින ස්වකීය සේවකයන් උසුලා දරනසේක

යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ව පසුගිය පරම්පරාවලදී උසුලා දැරුවාක් මෙන්ම, අදදින උන්වහන්සේ ඔවුන්ට ද්‍රව්‍යමය ලෙස හා ආත්මික ලෙස සැලකිල්ල දක්වනසේක. උදාහරණයක් හැටියට බටහිර අප්‍රිකාවේ වෙසෙන ලාමිටුන්ඩේගේ අද්දැකීම සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ කියයි: “මීට කලින් මට සෑහෙන ලොකු කුකුල් කොටුවක් තිබුණා. එක දවසක් ​අවිගත් සොරුන් කොටුවට ඇවිත්, කුකුල් පැටියන් වැඩි හරි​යක්ද, හදිසිතාවලට භාවිත කරන ජෙනරේටරයද, අපට තිබුණු සල්ලිද පැහැරගෙන ගියා. ඉන් ටික කලකට පසු, ඉතිරිව තිබුණු කුකුල් පැටවුන් ටික රෝගයකින් මියගියා. මේ නිසා මගේ කුකුල් ව්‍යාපාරය විනාශ වී ගියා. අවුරුදු දෙකක් පුරා සාර්ථක ප්‍රතිඵල නැතුව මම රැකියාවක් සොයන්ට වෑයම් කළා. ඉතා දුෂ්කර තත්වයක් තිබුණත්, යෙහෝවඃවහන්සේ අපව උසුලා දරාගත්තා.

“යෙහෝවඃවහන්සේ අප කෙරෙහි යම් දේවල් සිදුවීමට ඉඩහරින්නේ, අපව පරිශෝධනය කිරීමට බව තේරුම්ගැනීම, මට එම දුෂ්කර කාලවල් සමඟ කටයුතු කිරීමට උපකාරවත් වුණා. මමයි භාර්යාවයි අපේ පවුලේ බයිබල් පාඩම් පිළිවෙත දිගටම ගෙනගියා, මෙය ඇත්තටම අපට උපකාරවත් වුණා. එමෙන්ම යාච්ඤාව ශක්තියේ මහත් උල්පතක් වුණා. ඇතැම් විට යාච්ඤා නොකර ​සිටීමට මට හැඟුණා, නමුත් මා යාච්ඤා කළ විට, මට දිරියක් ලැබුණා.

“මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී, ශුද්ධ ලියවිලි මත මෙනෙහි කිරීමේ වැදගත්කම මා ඉගෙනගත්තා. යෙහෝවඃවහන්සේ අපේ එඬේරා බවට කියන 23වන ගීතිකාව ගැන මම කලින් සෑහෙන කල්පනා කළා. මට දිරිය දුන් තවත් ශුද්ධ ලියවිලි පාඨයක් නම් පිලිප්පි 4:6, 7, ‘කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය’ ගැන එහි සඳහන් වෙනවා. මාහට ශක්තිය ලබා දුන් තවත් වගන්තියක් නම්, 1 පේතෘස් 5:6, 7, එහි මෙසේ පැවසේ: “දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා; උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා.” මේ පද සියල්ලම ඒ දුෂ්කර කාලවලදී මට උපකාරයක් වුණා. ඔබ මෙනෙහි කරන විට, ඔබ කලකිරීමට සලස්වන දේවල් වෙනුවට ඔබට වෙනත් දෙයක් මනසට ඇතුළත් කළ හැක.

“දැන් මට නැවතත් රැකියාවක් තිබුණත්, අවංකව කියනවා නම්, තත්වය එතරම්ම පහසුයයි කියනවා නොවේ. බයිබලයේ 2 තිමෝති 3:1-5හි [NW] පුරෝකථනය කර තිබුණාක් මෙන්ම, අප ජීවත් වන්නේ, ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්’ මගින් සලකුණු කර තිබෙන ‘අන්තිම දවස්’ තුළය. එම ශුද්ධ ලියවිලි පාඨය කියන දේ වෙනස් කිරීමට අපට නොහැක. එනිසා ජීවිතය එතරම් පහසු වේයයි කියා මම අපේක්ෂා කරන්නේ නැහැ. එහෙත් මෙයට උරදීමට යෙහෝවඃවහන්සේගේ ආත්මය මට උපකාර කරන බව මට හැඟෙනවා.”

අප ජීවත් වන අසීරු කාලවල් මධ්‍යයෙහි පවා, යෙහෝවඃවහන්සේ කෙරෙහිද, ස්වකීය රාජ-පුත්‍ර ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහිද, දැඩි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන අයගේ බලාපොරොත්තු සුන් නොවේ. (රෝම 10:11) යේසුස්වහන්සේම අපට මෙසේ සහතික කරනසේක: “එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් බලාපල්ලා, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද?”—මතෙව් 6:25-28.

ඒවා වනාහි, මෙම අර්බුදකාරි කාලවල හෘදය විමසන ප්‍රශ්න වන බවට සහතිකය. එහෙත් මෙම දිරිගන්වනසුලු වදන් සමඟින් යේසුස්වහන්සේ තවදුරටත් කතා කළසේක: “කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරපල්ලා; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්වර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි. මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්​වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙල්ලා. මක්නිසාද මේ සියල්ල අන්‍යජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.”—මතෙව් 6:28-33.

ඉදිරියෙහි වඩාත් හොඳ කාලයක්

පොළොවෙහි බොහෝ තැන්වල පිරිහෙමින් පවතින ආර්ථික හා සාමාජීය තත්වයන් දිගටම තවත් නරක අතට හැරෙන බවට සාක්ෂි බහුලය. එහෙත් මෙම තත්වයන් තාවකාලික බව දෙවියන්වහන්සේගේ සෙනඟ තේරුම්ගනිති. සාලමොන් රජුගේ තේජාන්විත පාලන සමය මගින් මුළු පොළොව කෙරෙහි පාලනය කරනු ඇති සාලමොන්ට වඩා, ශ්‍රේෂ්ඨ රජෙකුගේ ධර්මිෂ්ඨ පාලනය පූර්වාදර්ශනය කරන ලදි. (මතෙව් 12:42) එම රජ වනාහි, “රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේ” වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේය.—එළිදරව් 19:16.

සාලමොන් රජු සම්බන්ධයෙන් මුල් ඉටුවීමක් ලැබූ ගීතාවලිය 72, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමාන්විත පාලනය විස්තර කරයි. රජු වශයෙන් ක්‍රිස්තුස්වහන්සේ යටතේ පොළොවේ අනාගතය සම්බන්ධයෙන් එය පුරෝකථනය කරන විස්මයජනක දේවල් සමහරක් සලකා බලන්න.

ලොවපුරා සාමකාමී තත්වයන්: “උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය. උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.”—ගීතාවලිය 72:7, 8.

දුප්පතුන් සඳහා සැලකිල්ල: “උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.—ගීතාවලිය 72:12-14.

ආහාර බහුලත්වයක්: “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16.

යෙහෝවඃවහන්සේගේ තේජසින් පොළොව පිරෙන්නේය: “ආශ්චර්ය කිරීමේ එකම කර්තෘවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා; මුළු පොළොව උන්වහන්සේගේ මහිමයෙන් පිරේවා.”—ගීතාවලිය 72:18, 19.

එනිසා සැබවින්ම ඉදිරියෙහි හොඳ කාලයක් තිබේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න