අඛණ්ඩ උත්සාහයේ විපාක
ඈ පො.යු. 32 වර්ෂයේ ෆිනිසියාහි ජීවත් වූ ග්‍රීක් කාන්තාවක් වූවාය. ඇගේ දියණිය අතිශයින් අසනීපව සිටි අතර, සුවයක් බලාපොරොත්තුවෙන් ඈ බලාපොරොත්තු සුන්වූ තත්වයක සිටියාය. අසනීප වූවන් සුව කිරීමට බලය ඇති ප්‍රසිද්ධ විදේශිකයෙකු ඇගේ ප්‍රදේශය බැහැදැකීමට පැමිණ සිටීයයි ආරංචි වී, ඔහුව බැහැදැක උපකාරය ඉල්ලා කන්නලව් කිරීමට ඈ අධිෂ්ඨාන කළාය.
ඔහුව හමුවී, ඈ දණින් වැටී මෙසේ ආයාචනා කළාය: “දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීය.” මෙලෙස මෙම ග්‍රීක් කාන්තාව ඇගේ දුව සනීප කර දෙන මෙන් යේසුස්වහන්සේට කන්නලව් කළාය.
මෙය කිරීම සඳහා ඇගේ පැත්තෙන් අවශ්‍ය වූ ධෛර්යය හා නිහතමානීකම ගැන ඔබට සිතා බැලිය හැකිද? යේසුස්වහන්සේ යම් බලයක් හා ප්‍රසිද්ධියක් සහිත උත්තමයෙක් වූ අතර, උන්වහන්සේ කලින්ම දැනුම් දී සිටියේ උන්වහන්සේගේ පදිංචිය පිළිබඳ කිසිවෙකු දැනගැනීමට තමන් අකැමති බවය. උන්වහන්සේ සිය ප්‍රේරිතවරුන් සියලුදෙනාම ෆිනිසියට ගෙන ගියේ අවශ්‍ය විවේකය ලබාගැනීමටය. අන්‍යජාතික නොඇදහිලිකාරයන් අතර සේවය කිරීමට නොවේ. තවදුරටත්, යේසුස්වහන්සේ යුදෙව්වෙකු වූ අතර ඈ අන්‍යජාතික තැනැත්තියක් වූවාය, තවද අන්‍යජාතිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම යුදෙව්වන් පිළිකුල් දෙයක් වශයෙන් සලකන බව ඈ නිසැකවම දැනසිටියාය. එහෙත් ඇගේ දරුවාට සුවයක් ලබාගැනීම සඳහා වූ අධිෂ්ඨානයෙහි ඈ ස්ථිර වූවාය.
එම වේලාවේ මෙම ස්ත්‍රිය උපකාරය ඉල්ලා පැමිණීම වැළැක්වීමට යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයෝ උත්සාහ කළෝය. මුලින්ම, යේසුස්වහන්සේ ඇය සමඟ කිසිවක් කතා නොකළසේක. ඇගේ නිරතුරු අඬාවැලපීමෙන් බලවත් කෝපයට පත් ප්‍රේරිතයෝ: “මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි” යේසුස්වහන්සේගෙන් ඉල්ලුවෝය.
එහෙත් ඈ නැත යන පිළිතුර භාර නොගත්තාය. ඒ වෙනුවට, ඇය යේසුස්වහන්සේගේ පාමුල මුණින් වැටී පැවසුවේ: “ස්වාමිනි, මට පිහිටවුව මැනව!” කියාය.
ඉශ්රායෙල් පුත්‍රයන් සඳහා වූ මූලික වගකීම පෙන්වා දෙමින්ද, ඒ සමඟම ඇගේ ඇදහිල්ල හා අධිෂ්ඨානය පරීක්ෂා කරමින්ද, යේසුස්වහන්සේ ඇයට අනුකම්පාසහගතව තේරුම් කර දුන්නේ: “දරුවන්ගේ [ඉශ්රායෙල්] රොටි රැගෙන [කුඩා, NW] බල්ලන්ට [අන්‍යජාතීන්] දැමීම නුසුදුසුය.” කියාය.
ඇගේ ජාතිය වෙත නිෂේධාත්මක සඳහන් කිරීමට අමනාපවනවා වෙනුවට, ඈ නිහතමානීව ඇගේ ඉල්ලීම තුළ අඛණ්ඩ උත්සාහයේ යෙදී සිටිමින් මෙලෙස පැවසුවාය: “එසේය, ස්වාමිනි, [කුඩා, NW] බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කති.”
මෙම ග්‍රීක් කාන්තාවගේ ඇදහිල්ලට ප්‍රශංසා කරමින්ද, ඇගේ කන්නලව්ව වෙත සතුටුදායක ලෙස ක්‍රියා කරමින්ද, යේසුස්වහන්සේ ඇගේ අඛණ්ඩ උත්සාහයට විපාක දුන්සේක. ඇය නිවසට පැමිණි විට ඇගේ දුව සම්පූර්ණයෙන්ම සුව වී සිටිනවා දැකීම ඇයට මොනතරම් ප්‍රීතියක් වූවාදැයි සිතා බලන්න!—මතෙව් 15:21-28; මාර්ක් 7:24-30.
පළමු ශතවර්ෂයේ එම කාන්තාව මෙන්, යෙහෝවඃවහන්සේව සතුටු කිරීමටත්, උන්වහන්සේගේ අනුග්‍රහය දිනාගැනීමටත්, අපගේ වෑයම් තුළ අඛණ්ඩ උත්සාහයේ අප යෙදී සිටිය යුතුයි. මෙම ග්‍රීක් කාන්තාවගේ තත්වයේදි මෙන්, බයිබලය අපට ස්ථිර ලෙස ප්‍රකාශ කරන්නේ ‘යහපත් දේ කිරීමට’ අපගේ අඛණ්ඩ උත්සාහයට හොඳින් විපාක ලැබෙන බවයි.—ගලාති 6:9.
අඛණ්ඩ උත්සාහය යනු කුමක්ද? එය අවශ්‍ය වන්නේ මන්ද? මෙම ගුණාංගය අහිමි කරගැනීමටත්, අත්හැරීමටත්, හේතු වන්නේ කුමන සාධකද? අප දැන් අපගේ මැවුම්කරුවාණන් හා පියාණන් වන යෙහෝවඃවහන්සේට සේවය කිරීමේදී අඛණ්ඩ උත්සාහය ක්‍රියාවෙහි යොදවන්නේ නම්, කුමන විපාක ලබාගැනීමට බලාපොරොත්තු විය හැකිද?
එක් ශබ්දකෝෂයක් මෙම “අඛණ්ඩ උත්සාහය” යන ක්‍රියා පදය නිර්වචනය කරන්නේ මෙලෙසය “යම් බාධක, අනතුරු ඇඟවීම් හෝ පසුබැසීම් මධ්‍යයෙහිත් යම් අරමුණක්, තත්වයක් හෝ කාර්යභාරයක් තුළ ස්ථිරව මෙන්ම, අඛණ්ඩව රැඳී සිටීමය. . .පැවැත්මෙහි දිගටම රැඳී සිටීමය; දිගටම පැවත සිටීමය.”
යෙහෝවඃවහන්සේගේ සේවකයන්හට උන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි අඛණ්ඩ උත්සාහයක් දරන මෙන් බයිබලය නැවත නැවතත් උනන්දු කරයි. උදාහරණයක් ලෙස ‘පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයමින් සිටින්ටත්’ ‘යහපත් දේ තදින් අල්ලාගැනීමටත්’ ‘යාච්ඤාවෙහි නොකඩවා පැවතීමටත්’ හා ‘යහපත්කම් කිරීමට මැළි නොවීමටත්’ අපට පවසා තිබේ.—මතෙව් 6:33, NW; 1 තෙසලෝනික 5:21; රෝම 12:12; ගලාති 6:9.
අපගේ සෑමදා ජීවිතයේදි, ගැළවීම ලබාගැනීම පිණිස අප සියලුදෙනාම හිමි කරගත යුතු හා වර්ධනය කළ යුතු ගුණාංගයකි, අඛණ්ඩ උත්සාහය. සැබෑ, කල්පවතින වටිනාකමින් යුත් කිසිවක් මෙම ගුණාංගය නොමැතිව අපට ඉෂ්ට කරගත නොහැක. උදාහරණයක් ලෙස, කුඩා ළදරුවෙකු නැගිට සිට වැනි වැනී ඔහුගේ පළමු අඩිය තැබීමට දරන වෑයම සලකා බලන්න. ළදරුවෙකුට එක් දවසකින් පහසුවෙන්ම නැගිට සිටීමටත්, ඇවිදීමටත්, ඉගෙනගැනීමට හැකිවීම දුර්ලභ දෙයකි. ළදරුවන් මෙන්, පෙනෙන ලෙසට අපි සියලුදෙනාමද ඇවිදීමෙහි යම් ප්‍රමාණයක සඵලත්වයක් ලැබීමට පෙර, බොහෝවිට උත්සාහ කර අසමත් වී ඇත්තෙමු. පළමු අවස්ථාවේදීම බිමට වැටීම හේතුවෙන් නැවත උත්සාහ නොකිරීමට තීරණය කළහොත් කුමක් සිදුවීමට ඉඩ තිබෙනු ඇද්ද? මේ වන තෙක් අප බඩගාමින් සිටිනවා විය හැක! ප්‍රයෝජනදායක ඉලක්කයන් අත්කරගැනීමටත්, දක්ෂතාවන් හා ආත්මගරුත්වය වැනි ගුණාංගවල අනුරූප වර්ධනයක් ලබාගැනීමටත්, අඛණ්ඩ උත්සාහය අත්‍යවශ්‍යය. එක් ප්‍රසිද්ධ කියමනක් ප්‍රකාශ කරන පරිදි, “දිනන්නන් කවරදාකවත් අත්හරින්නේ නැහැ, අත්හරින්නන් කවරදාකවත් දිනන්නේ නැහැ.”
සාර්ථකත්වය විශේෂ හැකියාවන් හෝ නිපුණත්වයන් මත රඳා නොපවතින බව දිගු කාලීන පුරෝගාමීහු අවබෝධ කරගනිති. යෙහෝවඃවහන්සේගේ කැමැත්ත මුළුමනින්ම කිරීමට අධිෂ්ඨානයත්, තාවකාලික බාධාවන් හෝ විෂාදය මධ්‍යයෙහි පවා මහත් පරිශ්‍රමයකින් අඛණ්ඩව රැඳී සිටීමත් මෙයට අවශ්‍ය වේ. දෙවියන්වහන්සේගේ ආශීර්වාදවලට සදාකාලිකවම හවුල්වීමේ ඉලක්කය මනසෙහි පැහැදිලිවම තබාගත යුතුය.
ඔව්, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත හා ජීවිතය සඳහා දිවීමේ තරඟයෙන් දිනාගැනීමට අවශ්‍ය අප සියල්ලන්ටම අඛණ්ඩ උත්සාහය, අත්නෑර කටයුතු කිරීම හා විඳදරාගැනීම අවශ්‍ය වේ. මෙවැනි ගුණාංග නොමැතිව, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත දිනාගැනීමට හා සැබෑ ජීවිතය සඳහා විපාකය අප සම්පූර්ණයෙන්ම අහිමි කරගත හැක.—ගීතාවලිය 18:20; මතෙව් 24:13; 1 තිමෝති 6:18, 19.
ඔහුගේ අනිකුත් බැඳීම්වලට වඩා, ආත්මික ක්‍රියාකාරකම්වල අඛණ්ඩව යෙදී සිටීමට ක්රිස්තියානිවරයෙකුට බොහෝවිට වඩාත් දුෂ්කර වේ. තම පවුලේ ශාරීරික අවශ්‍යතාවන් සපුරාලීම පිණිස, පුරුෂයෙකු ලෞකික රැකියා ස්ථානයෙහි වෙහෙස වී වැඩ කළත්, තම භාර්යාව හා ළමයින් සමඟ පවුලේ නිතිපතා පාඩමක් පැවැත්වීමට ඔහු ‘අධික වෙහෙසව’ සිටිය හැක. බොහෝදෙනෙකුට ක්‍රිස්තියානි වැඩකටයුතුවල අඛණ්ඩ උත්සාහයෙන් යෙදී සිටීමට එතරම් අපහසුවන්නේ කුමන හේතුන් නිසාද?
අපගේම පෞද්ගලික අඩුපාඩුකම් හා දුර්වලකම් මත අධෛර්යයට පත්වීම එක් හේතුවක් වේ. යෙහෝවඃවහන්සේට අපගේ සියලුම පාපවලට සමාව දීමට කොහෙත්ම නොහැකියයි සිතා, අපගේ වැරදි මත නිෂේධාත්මක ලෙස එල්බ සිටියහොත්, අප බලාපොරොත්තු නැති කර පසුබැසිය හැක.
තවත් හේතුවක් නම් දුරාචාරය, දූෂණය හා වෛරය සමන්විත ලෝක වාතාවරණයයි. (1 යොහන් 2:15, 16) ලෝක බලපෑම්වලින් නරක් කළ හැකි හෝ පලුදු කළ හැකි ‘හොඳ චරිතවලින්’ එකක් නම්, ක්‍රිස්තියානි අඛණ්ඩ උත්සාහයයි.—1 කොරින්ති 15:33.
පොදු ජනයාගේ විරුද්ධවාදීකම් හෝ අපගේ පරිශුද්ධ සේවයට දක්වන උදාසීනභාවය හේතුවෙන්, දේශනා සේවයෙහි අපගේ අඛණ්ඩ උත්සාහය දුර්වල විය හැක. කලකිරීමෙන් යුතුව, අපගේ ප්‍රදේශයේ ජනයාට සත්‍යය අවශ්‍ය නොවන බව අප නිගමනය කළ හැක. මෙය ‘ඇති ප්‍රයෝජනය කුමක්ද?’ යනුවෙන් අසා අපගේ විශේෂ වරප්‍රසාද ලත් දේවසේවය අතහැරීමට මඟපෑදිය හැක.
ලෝකයේ සැප ජීවිකාවේ නියැලීමේ ස්ප්රීතුවේ බලපෑම්වලට අපද යටත් විය හැක. හැමදෙනෙකුම පාහේ විනෝදවෙමින් සිටින විට හෝ පහසු ජීවිතයක් ගත කරන අතරතුර, අපි කැපවීමකින් යුතුව මහත් පරිශ්‍රමයක් දැරිය යුත්තේ මන්ද?— මතෙව් 16:23, 24 සසඳන්න.
යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමෙහි අඛණ්ඩව සිටීමට නම්, අප ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය පැළඳගත යුතු අතර, මාංසය කරණකොටගෙන නොව ආත්මය කරණකොටගෙන ජීවත් විය යුතුය. (රෝම 8:4-8; කොලොස්සි 3:10,12, 14) කාරණය පිළිබඳ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය තබාගැනීමෙන් අපට අපගේ වැදගත් ආත්මික ක්‍රියාකාරකම් දිගටම ගෙන යා හැක.—1 කොරින්ති 16:13.
අඛණ්ඩ උත්සාහයේ ආදර්ශ
යෙහෝවඃවහන්සේ, දැඩි පීඩා යටතේ උන්වහන්සේට පක්ෂපාතව හා විශ්වාසවන්තව සිටි සේවකයන්ගේ සිත්ගන්නාසුලු ආදර්ශ බොහොමයක් අපට සපයා දී තිබේ. ඒවා සලකා බැලීමෙන්, ක්‍රිස්තියානි අඛණ්ඩ උත්සාහය වර්ධනය කළ හැක්කේ කෙසේද හා එය එතරම් අනර්ඝ වන්නේ මන්ද කියා අපට දැකගත හැකිය.
යෙහෝවඃවහන්සේගේ නාමය ගෞරවයට පත් කිරීමට එතරම් පීඩා වින්දාවූ යේසුස්වහන්සේ ශ්‍රේෂ්ඨතම උදාහරණය වනසේක. උන්වහන්සේ අඛණ්ඩ උත්සාහය දරමින් කළ භක්තිවන්ත ක්‍රියා ගැන සාවධානව ඉගෙනගැනීමට බයිබලය අපට උනන්දු කරයි: “එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනැන්වහන්සේ කල්පනාකර බලාපල්ලා.”—හෙබ්‍රෙව් 12:1-3.
ජීවිතය සඳහා වූ ධාවන තරඟය, වේගයෙන් දුවන කෙටි දුරක් දිවීමක් නොව දීර්ඝ දුර දිවීමක්ය. ක්‍රිස්තුස්වහන්සේට මෙන් අඛණ්ඩ උත්සාහය අපටද අවශ්‍ය වන්නේ එම නිසාය. ඉලක්කය, තරඟයේ අවසන් මායිම, දිවීමේ තරඟයේ බොහෝ දුර ප්‍රමාණයක් යන තෙක් පෙනෙන දුරක නොතිබෙන්ට පුළුවන. අභියෝගාත්මක ධාවන මාර්ගය පුරා අපට මානසික ලෙස එය කරා යත්න දැරීමට හැකිවනු පිණිස, අපගේ මනස නමැති ඇසේ එම ඉලක්කය පැහැදිලිවම තිබිය යුතුය. යේසුස්වහන්සේට උන්වහන්සේ ඉදිරියෙහි මෙවැනිම ප්‍රතිරූපයක් තිබිණ, එනම් “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය[ය].”
අදදින ක්‍රිස්තියානීන්ට මෙම ප්‍රීතියට ඇතුළත් වන්නේ කුමක්ද? එක් දෙයක් නම්, ස්වල්පදෙනෙකුට ස්වර්ගයෙහි අමරණීය ජීවිතය හා බොහෝදෙනෙකුට මෙම පොළොව මත සදාකාල ජීවිතය නමැති විපාක ලැබීමය. යෙහෝවඃවහන්සේගේ හෘදයට ප්‍රීතිය ගෙන දුන්නායයි දැනගැනීම හා දෙවියන්වහන්සේගේ නාමය විශුද්ධ කිරීමෙහි තමන්ද හවුල් වූවායයි දැනීමෙන් ලැබෙන තෘප්තිමත්භාවයේ හැඟීම එය වෙයි.—හිතෝපදේශ 27:11; යොහන් 17:4.
මෙම ප්‍රීතියට යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු, ප්‍රීතිදායක සම්බන්ධතාවක්ද ඇතුළත් වේ. (ගීතාවලිය 40:8; යොහන් 4:34) එවන් සබඳතාවක් කෙනෙකුට විඳදරාගැනීමෙන් අත්නොහැර ධාවන තරඟය දිවීමට ශක්තිය ලබා දෙන එමෙන්ම, ජීවිතය රඳා පවතින ශක්තිවර්ධකයකි. තවදුරටත්, ස්වකීය සේවකයන් මත ස්වකීය ශුද්ධාත්මය වගුරුවමින් යෙහෝවඃවහන්සේ එම සම්බන්ධතාවට ආශීර්වාද කරන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රීතියේ හා ප්‍රීතිමත් ක්‍රියාකාරකම්වල වැඩි වීමක් ඇතිවේ.—රෝම 12:11; ගලාති 5:22.
යෝබ් ඇදහිල්ල තුළ අඛණ්ඩ උත්සාහයේ යෙදීමේ ආදර්ශය සලකා බැලීම ප්‍රයෝජනදායක වේ. ඔහු අසම්පූර්ණ මෙන්ම ඔහුගේ තත්වය පිළිබඳ සීමා සහිත දැනුමකින් සිටියේය. එම නිසා සමහර අවස්ථාවල ඔහු තමා නිර්දෝෂියයි හා බලාපොරොත්තු රහිත මානසික තත්වයකට වැටුණේය. කෙසේවුවත් ඔහු යෙහෝවඃවහන්සේ කෙරෙහි තමාගේ අඛණ්ඩතාව රැකගැනීමටත්, උන්වහන්සේව අත්නොහැරීමටත් නිරන්තර ලෙස ස්ථිර අධිෂ්ඨානයක් විදහා පෙන්වුයේය. (යෝබ් 1:20-22; 2:9, 10; 27:2-6) යෝබ්ගේ අඛණ්ඩ ඇදහිල්ලට යෙහෝවඃවහන්සේ ආත්මික හා ද්‍රව්‍යමය ආශීර්වාදයන් සහ සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවද විපාක වශයෙන් දුන්සේක. (යෝබ් 42:10-17; යාකොබ් 5:10, 11) යෝබ් මෙන් අපද දැන් අපගේ ජීවිතයේ බොහෝ පීඩාවිඳීම් හා අලාභ අද්දැකිය හැකිවුවද, අපගේ විශ්වාසවන්ත විඳදරාගැනීමට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කරන බව අපට ස්ථිර විය හැක.—හෙබ්‍රෙව් 6:10-12.
නවීන දිනවල, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමූහයක් ලෙස යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමෙහි ක්‍රිස්තියානි අඛණ්ඩ උත්සාහය විදහා පෙන්වා තිබේ. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ අඛණ්ඩ ගෙයින්-ගෙට සේවය හා අනිකුත් ප්‍රසිද්ධ දේශනා කිරීම හේතුවෙන්, ඔවුන්ටත් ඔවුන්ගේ පණිවුඩයටත් ලෝක ව්‍යාප්ත අවධානය ලැබී තිබේ. විරුද්ධවාදීකම් හා පීඩා මැද ඔවුන්ගේ ජ්වලිතය හා අධිෂ්ඨානය පිළිබඳ ජනමාධ්‍ය බොහෝ තොරතුරු සපයා තිබේ. මින් එකක “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කිසිවෙකුට ගැළවිය නොහැකිය” යන ප්‍රකාශය ඉදිරිපත් කෙරිණ.—මතෙව් 5:16.
යෙහෝවඃවහන්සේ සේවයෙහි ඵලදාව වර්ධනය කිරීමෙන් උන්වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩ උත්සාහයට ආශීර්වාද කර තිබේ. එක්දහස් නවසිය හැට ගණන්වල ඉතාලියේ උපායශීලී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 10,000 පමණ දෙනා 5,30,00,000කට අධික ජනගහනයකට දේශනා කිරීමේ අද්දැකීම සලකා බලන්න. එක් නගරයක 6,000 පමණ දෙනෙක් සිටි අතර, සාක්ෂිකරුවන් කිසිවෙක් නොවීය. මෙහි පැමිණි සහෝදරයන්ගේ දේවසේවය සඳහා ඔවුන්ට ලැබුණේ විරුද්ධ ප්‍රතික්‍රියාවකි.
මෙම සහෝදරයන් යන සෑම වේලාවකම, නගරයේ කාන්තාවන්ගෙන් බොහොමයක් හා පුරුෂයෝද ඇතුළත්ව පිරිමි ළමුන්ව, එක්රැස්කොට සාක්ෂිකරුවන් පසුපස ගොස් උරුහන් බා මහත් ශබ්දයක් ඇති කිරීමට උනන්දු කළෝය. මෙලෙස මුහුණදී ටික වේලාවකට පසු, මෙම සහෝදරයන්ට නගරය අතහැර තවත් නගරයට යෑමට සිදුවිය. මෙම නගරයේ වාසයකරන්නන්හට එක් වතාවකටවත් සම්පූර්ණ සාක්ෂියක් දීමේ උත්සාහයෙන්, තරුණ ළමුන්ගෙන් හිරිහැරයක් සිදු නොවේයයි බලාපොරොත්තුවෙන්, අධික වැසි දිනවල පමණක් මෙහි දේශනා කිරීමට සහෝදරයෝ තීරණය කළහ. ප්‍රචාරකයන්ට හුදෙක් කරදර කිරීම පිණිස තමන්ව තෙමා ගැනීමට එම නගරයේ ජනතාව අකමැති වූ බව ඔවුහු දුටහ. මෙලෙස හොඳ සාක්ෂියක් දීමට හැකි විය. උනන්දුව දැක්වූ අය සම්බවිය. අලුත් බයිබල් පාඩම්ද ආරම්භ කෙරිණ. ප්‍රතිඵලයක් ලෙස, එම කුඩා නගරයේ වර්ධනය වන්නාවූ සභාවක් පිහිටුවනු ලැබුවා පමණක් නොව, අව්ව ඇති දවස්වල පවා දේශනා සේවය ආරම්භ කිරීමට ඔවුන්ට හැකි විණ. එම නගරයේ පමණක් නොව මුළු ඉතාලිය පුරාම, යෙහෝවඃවහන්සේ උන්වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩ උත්සාහයට දිගටම ආශීර්වාද කර තිබේ. එම රටේ දැන් 2,00,000කට අධික ප්‍රමාණයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සිටිති.
හරි දෙය කිරීමට අඛණ්ඩ උත්සාහයේ යෙදීමෙන් ලැබෙන විපාක අතිමහත්ය. මනුෂ්‍ය ඉතිහාසයේ පෙර නොදුටු විරූ ලෙස නිවාසවලට හෝ වෙනයම් ආකාරයෙන්, මිලියන ගණන් ජනයා වෙත දේවරාජ්‍යය පිළිබඳ දේශනා කිරීම ඉටු කිරීමට දෙවියන්වහන්සේගේ ආත්මයේ බලය කරණකොටගෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැකි වී තිබේ. (සෙකරියා 4:6) යෙහෝවඃවහන්සේගේ භූමික සංවිධානයේ පුදුමයට පත් කරවන වර්ධනය හා මහත් ක්‍රියාශීලීභාවය තුළ ඔවුන් සන්තෝෂවත් ආකාරයෙන් බයිබල් අනාගතවාක්යවල ඉටුවීම දැක තිබේ. (යෙසායා 54:2; 60:22) දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන් යහපත් හෘදය සාක්ෂියක් තබා ඇති අතර, සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුවෙහි ඔවුහු අතිශයින් සතුටු වෙති. ඔවුහු සියල්ලටම වඩා මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් භුක්තිවිඳිති.—ගීතාවලිය 11:7.
[25වන පිටුවේ පින්තූර]
මෙම ග්‍රීක් කාන්තාවගේ නිහතමානී අඛණ්ඩ උත්සාහයට යේසුස්වහන්සේ විපාක දුන්සේක
[26වන පිටුවේ පින්තූරය]
අදදින ක්‍රිස්තියානීන් ඉදිරියේ තබා ඇති ප්‍රීතියට පාරාදීසයෙහි ජීවිතය ඇතුළත් වේ