ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 8/15 4-7 පි.
  • බිය කවදා අවසන් වේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බිය කවදා අවසන් වේද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්වහන්සේගේ නව ලොවේ සුරක්ෂිතභාවය
  • සොරුන් නැති ලොවක්
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බියෙන් තොර ලොවක්—සිහිනයක්ද?
    2005 පිබිදෙව්!
  • අපරාධවලට නිමාවක් තිබෙනවාද?
    2008 පිබිදෙව්!
  • අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 8/15 4-7 පි.

බිය කවදා අවසන් වේද?

සැබෑ සුරක්ෂිතභාවය, වර්ෂ 2,000කට ඉහත ජීවත් වූ පුද්ගලයෙකු හා සම්බන්ධ බව දැනගැනීම ඔබව මවිතයට පත් කරනු ඇද්ද? ප්‍රේමය දැක්වීමේ අවශ්‍යතාව පෙන්වමින්, යේසුස්වහන්සේ සිත්ගන්නාසුලු උපමාවක් පැවසූසේක: “එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහර දී, ඔහු අඩපණකර ගියෝය.” ගොදුරු වූ තැනැත්තාව මඟීන් දෙදෙනෙකු නොසලකා හැරියත්, කාරුණික සමාරිතානුවෙක් ඔහුට දයාව පෙන්නුවේය. අදදින, අපරාධයට ගොදුරුවූවන්ට සැලකිල්ල දක්වන්නෝ කවරහුද? භයෙන් කුමන ආකාරයේ සහනයක් අපට බලාපොරොත්තු විය හැකිද?—ලූක් 10:30-37.

බොහෝ අය දෙවියන් විශ්වාස කරන බව කියා සිටින අතර, මනුෂ්‍යයන් විසින් නීති රීති පැනවිය යුතු බවද සිතති. කෙසේනමුත් වඩාත් දරුණු සිර දඬුවම් හෝ හොඳ වේතනයක් ගෙවන ලද පොලිස්පතීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමෙන් දරුණු අපරාධවලට අවසානයක් ගෙන ආ හැකිද? යම් දුරකට සුරක්ෂිතභාවයක් සැපයීමේ අවංක උත්සාහය මධ්‍යයෙහි, නීති ක්‍රියාත්මක කරවන නියෝජ්‍ය ආයතනවලට, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, සංවිධානය කරන ලද අපරාධ සහ දිළිඳුකම වැනි දේවල් ඉවත් කිරීමට හැකි වේයයි ඔබ සැබවින්ම විශ්වාස කරන්නෙහිද? එහෙත් අප ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇතුව සිටීම අනිවාර්යයෙන්ම නිෂ්ඵල යමක් විය යුතු නොවේ.—මතෙව් 5:6.

ගීතාවලිය 46:1 මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.” මෙම වචන නිකම්ම මනහර කවි පෙළක් පමණක් නොවන බව අපි බලමු.

ඔබ දන්නා පරිදි, සිවිල් යුද්ධවලදී සහ ත්‍රස්තවාදී පහරදීම්වලදී මරුමුවට පත් කරන ඉතා විශාල සංඛ්‍යාව ගැන සෑම දිනකම ජන මාධ්‍යය වාර්තා කරයි. ලෝකයේ සමහර කොටස්වල, අනවශ්‍ය යෞවනයන් හෝ අපරාධ ඇසින් දුටු සාක්කිකාරයන්ව, විනාශ කර දැමීම පොදු දෙයක් බවට පත්ව ඇත. ජීවිතය මෙතරම් වටිනාකමෙන් අඩු වී තිබෙන්නේ මන්ද? මෙවැනි සාහසිකකම්වලට විවිධ හේතුන් තිබිය හැකි වුවත්, අප නොසලකා නොහැරිය යුතු එක හේතුවක් ඇත.

දේවවචනය වන බයිබලයට අනුව, “මුළු ලෝකයා නපුරා තුළ [පවතී].” (1 යොහන් 5:19) ඇත්තවශයෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සාතන් වන යක්ෂයාව බොරුකාරයෙකු ලෙස පමණක් නොව, නමුත් “මිනීමරන්නෙක්” ලෙසද හැඳින්වූසේක. (යොහන් 8:44) මනුෂ්‍යයන්ව විවිධ ක්‍රමවලින් පොලඹවමින්, මෙම බලවත් ආත්ම මැවිල්ල අදදින වැඩිවෙමින් පවතින සාහසිකකමට රුකුල් දෙමින් සිටියි. එළිදරව් 12:12 මෙසේ පවසයි, “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” කෙසේවෙතත්, සන්තෝෂයට කාරණය නම්, මෙම දුෂ්ට පිළිවෙළ වෙනුවට “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිහිටුවනු ලබන්නේය.—2 පේතෘස් 3:13.

නව ලෝකයකට තිබෙන මෙම කදිම බලාපොරොත්තුවට අමතරව, අපට දැනට ඇත්තේ කුමන උපකාරයක්ද?

එයට ඒකාන්ත පිළිතුර දෙස බැලීමට කලින්, අව්‍යාජ ක්‍රිස්තියානීන්ට පවා අපරාධවලින් ආරක්ෂාව ලැබෙන බව සහතික කළ නොහැකි බව මතක තබාගැනීම යහපති. ප්‍රේරිත පාවුල්ට පෞද්ගලිකවම මුහුණදීමට තිබුණාවූ අවදානම් තත්වයන් සමහරක් ඔහු විස්තර කළේය. ඔහුට “ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, [ඔහුගේ] රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද” මුහුණදීමට සිදුවිය. (2 කොරින්ති 11:26) කෙසේවෙතත් පාවුල් මෙම උපද්‍රවවලින් ගැළවුණේය. අදදිනත් එසේමය; සුපරීක්ෂාකාරිව සිටීමෙන් අපගේ කාර්යයන් හැකි තරම් සාමාන්‍ය ආකාරයකින් පවත්වාගෙන යා හැක. උපකාරවත් විය හැකි දේවල් සමහරක් අපි සලකා බලමු.

මනුෂ්‍යයන් අන් අයව හොඳින් නිරීක්ෂණය කරන නිසා, කදිම හැසිරීම, අනතුරුදායක අසල්වාසී පෙදෙසක ජීවත් වන්නෙකුට ආරක්ෂාවක් විය හැක. සොරුන් අපරාධ සැලසුම් කර ඒවා ක්‍රියාවේ යෙදෙවුවත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තමන් සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙස සලකති. ඔවුන්ව විවේචනය කිරීමෙන් සහ ඔවුන් නියැලී සිටින කටයුතු සෙවීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබ ප්‍රතිප්‍රහාරයකට ලක්වීමේ ඉඩ කඩ අඩු කරගත හැක. අලුත් භාණ්ඩ මිල දී ගන්නේ කවුද හෝ නිවාඩුවකට නිවසින් පිටවී යන්නන් කවුදැයි දැනගැනීමට සොරුන් උත්සාහ කරන නිසා, ඔබ අන් අයට පවසන්නේ කුමක්ද යන්න ගැන සැලකිලිමත් වන්න.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු සොයාගෙන ඇත්තේ, දේවසේවකයන් ලෙස ඔවුන්ගේ කීර්ති නාමය, ආරක්ෂාවට කැපීපෙනෙන ආකාරයකින් බලපා ඇති බවයි. තරාතිරම් නොබලා තම ප්‍රජාවේ සිටින අයට උපකාර කිරීමට සූදානම්ව සිටින මෙවැනි ක්‍රිස්තියානීන්ට ගරු කරන බව අපරාධකරුවන් නොයෙක් විට පෙන්වා තිබෙන දෙයකි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මිනීමරුවන් හෝ සොරුන් හා ‘අනුන්ගේ කාරණාවලටම දිවයන්නන්’ නොවන බැවින් ඔවුන්ගෙන් තර්ජනයක් නැත.—1 පේතෘස් 4:15.

දෙවියන්වහන්සේගේ නව ලොවේ සුරක්ෂිතභාවය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් පුරෝකථනය කරන ලද “නොපනත්කමේ වැඩි වීම” [NW] ගැන අප ශෝක වන මුත්, අනවශ්‍ය ලෙස සිත්තැවුල් ඇති කරගන්නවාට වඩා, දෙවියන්වහන්සේ ඉතා ළඟදීම මෙම දුෂ්ට පිළිවෙළ සහමුලින්ම ඉවත් කර දමන බව අපට නිසැක විය හැක. “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ලෝක ව්‍යාප්තව දේශනා කරන බවට පුරෝකථනය කරනවාට අමතරව, යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට මතක් කළේ: “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙ[න]” බවය.—මතෙව් 24:12-14.

විශ්වාස කළ නොහැකි තරම් කෲරකමකින් අන් අයව ගොදුරුකරන්නන්ව, ඉවත් කරනු ලබන බව අපට සහතික විය හැක. හිතෝපදේශ 22:22, 23 මෙසේ පවසයි: “දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.” යෙහෝවඃවහන්සේ සොරුන්, මිනීමරුවන් සහ ලිංගික දූෂකයන් වැනි දුෂ්ටයන්ව ඉවත් කරනවා ඇත. එපමණක්ද නොව, මෙවැනි අපරාධවලට ගොදුරුවූවන්ද උන්වහන්සේ නොසලකා නොහරිනසේක. උන්වහන්සේ ඔවුන්ට අහිමි වූ දේ යටපත් කර ඔවුන්ට සම්පූර්ණ සුවය ලබා දෙනසේක.

ඇත්තෙන්ම “නපුරෙන් ඉවත්ව යහපත්කම් කර[න]” අය, පැමිණෙන්නාවූ මහත් පීඩාවෙන් බේරී ජීවත් වීමෙන් හෝ මළවුන්ගෙන් නැවතනැඟිටීමෙන් හෝ සදාකාල ජීවනය උරුම කරගන්නවා ඇත. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:27-29) මෙවැනි ප්‍රයෝජන යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව නිසා ලබාගත හැකි වේ. (යොහන් 3:16) එහෙත්, නැවත පිහිටුවන ලද පාරාදීසයේදී ජීවිතය කොයි ආකාර වනු ඇද්ද?

යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය යටතේ ජීවත් වීම සැබෑ සතුටක් වනු ඇත. යෙහෝවඃවහන්සේ මෙසේ පුරෝකථනය කරනසේක: “මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” (යෙසායා 32:18) සදාකාල ජීවනය ලබාගන්නා සෑමදෙනාම ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කරගනු ඇත. මින්පසු කිසිකෙනෙක් දුෂ්ට හෝ අසාධාරණ නොවන අතර, එවැනි කෙනෙකුගේ ගොදුරක්ද නොවනු ඇත. අනාගතවක්තෘ මීකා මෙසේ පවසයි: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.” (මීකා 4:4; එසකියෙල් 34:28) අදදින පවතින අනතුරුදායක අසල්වාසී පෙදෙස්වලට වඩා මොනතරම් වෙනසක්ද!

[6වන පිටුවේ කොටුව]

සුපරීක්ෂාකාරි වන්න

අපරාධ, වෘත්තියක් ලෙස කිරීමෙන් බොහෝ අපරාධකරුවෝ පූර්ණ-කාලීනව අපරාධ කටයුතුවල යෙදෙති. එක්කෙනෙක් පමණක් ඔබ වෙත තුවක්කුවක් එල්ල කළත්, ඔවුහු සමහරවිට දෙතුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් ලෙසද ක්‍රියා කරති. එන්ට එන්ටම පැහැදිලි වන දෙය නම් අපරාධකරුවා බාල වන තරමටම, ඔහු වඩා භයානක වන බවයි. ඔබ එයට ගොදුරක් වුවහොත් කුමක් කළ හැකිද?

සොරාව කලබල නොකිරීමට සන්සුන්ව සිටින්න—ඔහුගේ පළපුරුදු නොමැතිකම ඔබගේ මරණයට තුඩු දිය හැක. ඔබ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු නම්, ඔබ එසේ බව හඳුන්වා දෙන්න. කෙසේවුවත් සොරාට අවශ්‍ය දෙය දීමට සූදානමින් සිටින්න. ඔබ ප්‍රමාද වුවහොත්, අන්තරාව වැඩි වේ. ඉන්පසු ඔබගේ හැඳුනුම්පත හෝ බස් ගාස්තු පමණක් ආපසු ලබා දෙන මෙන් ඉල්ලීම අනතුරකට හේතු නොවිය හැකි බව ඔබට සිතිය හැක.

බොහෝ අවස්ථාවලදී අපරාධකරුවන් හඳුනාගැනීමට අපහසු වේ. සමහර සොරුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හෝ වෘත්තීය අපරාධකරුවන් වන අතර, වෙනත් අය ආහාර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් පමණක් සිටිති. කුමන අවස්ථාවකදී වුවද විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන නොයන්න. ආභරණ, රත්තරන් මුදු හෝ මිල අධික ඔරලෝසු ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න. බියක් නොපෙන්වා, සාමාන්‍ය ආකාරයට ගමන් කරන්න. පුද්ගලයන් කවුද කියා දැනගැනීමට මෙන් සැක සහිතව පුද්ගලයන් දෙස නොබලන්න. වීදිවල වෙඩි තබන අවස්ථාවලදී බිම දිගා වෙන්න; ඇඳුම් පසුව පවිත්‍ර කළ හැක.—රියෝ ද ජනේරෝහි කලින් සිටි පොලිස් භටයෙක්.

[5වන පිටුවේ පින්තූරය]

සන්සුන්ව සිට සොරාට අවශ්‍ය දේ දෙන්න. ඔබ ප්‍රමාද වුවහොත් අන්තරාව වැඩි වේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න