රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
නිවසේ සහ පාසැලේ සාක්ෂිදැරීම ඵල දරයි
ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයට අන්‍යයන් උදෙසා යහපත් දේ කිරීම, එනම් විශේෂයෙන්ම දේවරාජ්‍යයේ ශුභාරංචිය ඔවුන් සමඟ බෙදාගැනීම ඇතුළත් වේ. හිතෝපදේශ 3:27 මෙසේ කියයි: “කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගනින්න.” ආර්ජන්ටිනාවේ උසස් පාසැලේ, තුන්වන වසරේ සිටින එක් යෞවන සාක්ෂිකරුවෙකුට, තම පාසැල් මිතුරෙකු සමඟ රාජ්‍ය ශුභාරංචිය බෙදාගැනීමට අවශ්‍ය විය. ඔහු එසේ කළ නිසා පුළුල් ප්‍රතිඵල ලැබිණ.
දිනක් මෙම යෞවන සාක්ෂිකරුවා, සෑම ආගමක්ම යහපත් නැති බව, තම මිතුරාට පැවසුවේය. තමා කිසිම නපුරු ක්‍රියාවක් නොකළ බව එම යෞවනයා පිළිතුරු දුන් විට, එම සාක්ෂිකරුවා මෙසේ ප්‍රකාශ කළේය: “ඔබ දෙවියන්වහන්සේටද කිසිම දෙයක් කරන්නේ නැහැ.” මෙය එම යෞවනයාට කල්පනා කිරීමට සැලසුවේය. පසුව, මේවා අන්තිම දවස් බවත්, දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගැනීමට නම් කෙනෙකුට බයිබලය පිළිබඳ ඒකාන්ත දැනුමක් ලබා එය අදාළ කළ යුතු බවත්, එම සාක්ෂිකරුවා පැහැදිලි කළේය. ඔහුගේ පාසැල් මිතුරා එකඟ විය. එහෙත් බයිබල් පාඩමක් පැවැත්වීමට ඔහුගේ පවුලේ අය ඔහුට අවසර දෙනු ඇද්ද? ඔහුගේ මිතුරාට කල්පනා කිරීමට යම් දෙයක් දීම සඳහා, එම සාක්ෂිකරුවා ඔහුට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන ප්රකාශනය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.
කාලය ගෙවී ගිය අතර, එම මිතුරා පාසැලෙන් ඉවත් විය. අවුරුද්දකට වඩා වැඩි කලකට, ඔහුගෙන් කිසිදු ආරංචියක් නොවීය. එවිට දිනක්, බයිබල් අනාවැකි සැබවින්ම ඉටුවෙමින් පවතින බව පෙනෙන්ට තිබෙන බව පවසමින්, තම මිතුරාගෙන් දූරකථන ඇමතුමක් ලැබීමෙන්, යෞවන සාක්ෂිකරුවා පුදුමයට පත්විය. ඔහු සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට, එම සාක්ෂිකරුවා වහාම සැලසුම් කළේය.
ඔහු තම පරණ පාසැල් මිතුරාගේ නිවසට ගිය විට, ඔවුන්ගේ පුතා හවුල් වන්නේ කුමකටද කියා දැනගැනීමට, තම මිතුරාගේ දෙමාපියන් සෑහෙන සැලකිල්ලක් දැක්වූ බව ඔහු දුටුවේය. ඔහු උමතු වෙමින් සිටි බව, එම මිතුරාගේ සහෝදරයාද සිතුවේය. එනිසා ඊළඟ පාඩමට ඔහුගේ බාල සහෝදරයාවත් සහභාගි කරවීමට දෙමාපියෝ සැලැස්සුවෝය. ඉන්පසු තම වැඩිමහල් සහෝදරයා උමතුව නොසිටි බව, එම යෞවනයා කඳුළින් පිරි දෙනෙතින් යුතුව තම දෙමාපියන්ට පැවසූ විට, ඔවුන්ගේ මව මෙසේ පැවසුවාය: “මට එක ගැටලුවක් වෙනුවට, දැන් දෙකක් තිබෙනවා!”
මෙබැවින්, ඇයත් ඊළඟ පාඩමට හවුල් වූ අතර, ඇයගේ පුතුන් උමතුව නොසිටි බවට එකඟ වීමට ඈට සිදුවිය. පසුව, ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට සැලසුම් යොදන ලදි. වැඩි කල් යෑමට පෙර, මුළු පවුලම රාජ්‍ය ශාලාවේ පැවති සභා රැස්වීම්වලට පැමිණීමට පටන්ගත්හ. යම් කලකට පසු ඔවුන්ගේ ආච්චිද සීයාද, බයිබලය අධ්‍යයනය කිරීමට ආරම්භ කර රැස්වීම්වලට යෑමට පටන්ගත්හ. එවක් පටන්, පළමුව පාඩම් කළ යෞවනයා බව්තීස්ම වී ඇත. ඔහු විවාහ වූ අතර, ඔහු සහ ඔහුගේ භාර්යාව ජ්වලිත ප්රචාරකයෝය.
මීට අමතරව, පාසැලේ අවිධිමත් සාක්ෂිදැරීම තුළින්, එම යෞවන සාක්ෂිකරුවා, පාසැලේ සිටින තව ශිෂ්‍යයන් දෙදෙනෙකුට සහ ඉන් එක්කෙනෙකුගේ මවට සහ සහෝදරියට බයිබලය අධ්‍යයනය කිරීමට උපකාර කර ඇත. එම යෞවන සාක්ෂිකරුවා තම පාසැල් ශිෂ්‍යයන්ට යහපත කිරීමෙන් නොවැළකුණු බැවින්, 11දෙනෙකු බයිබලයේ සත්‍යය පිළිබඳ දැනුම ලබා ඇත. එය මොනතරම් සන්තෝෂවත් විපාකයක්ද! සැබවින්ම, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.”—ගීතාවලිය 144:15.