ඔබ දුම් නඟින පහන්තිරයක් නිවා දමනු ඇද්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලුම වර්ගයේ ජනයාට ප්‍රකාශ කළසේක. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පීඩිත, අධෛර්යයට පත් අය වූහ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන්ට ධෛර්යය ගෙන දෙන පණිවුඩයක් දුන්සේක. උන්වහන්සේට පීඩිත ජනයා කෙරෙහි අනුකම්පාව තිබිණ.
සුවිශේෂ ලේඛකයෙකු වූ මතෙව්, යේසුස්වහන්සේගේ අනුකම්පාව විශේෂ කොට දැක්වූයේ, යෙසායා විසින් වාර්තාගත කරන ලද අනාවැකියකට අවධානය යොමු දැක්වීමෙනි. ක්‍රිස්තුස්වහන්සේ විසින් ඉෂ්ට කරන ලද වචන උපුටා දක්වමින්, මතෙව් මෙසේ ලීවේය: “ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.” (මතෙව් 12:20; යෙසායා 42:3) මෙම වචනවලින් අදහස් වන්නේ කුමක්ද, තවද යේසුස්වහන්සේ මෙම අනාවැකිය ඉෂ්ට කළේ කෙසේද?
එම අනාවැකිය දෙස බැල්මක්
බට ගස සාමාන්‍යයෙන් තෙතමනය සහිත ප්‍රදේශවල වැවෙන අතර, එය ශක්තිමත් සහ ස්ථාවර පැළයක් නොවේ. “තැළුණු බට ගසක්” ඇත්තෙන්ම දුර්වල වනු ඇත. එමනිසා සබත් දවසේදී යේසුස්වහන්සේ සුව කළ වියළි අතක් ඇති මනුෂ්‍යයා මෙන්, එය පෙනෙන පරිදි පීඩිත හෝ දුක් විඳින ජනතාව නියෝජනය කරයි. (මතෙව් 12:10-14) එහෙත් පහන්තිරය පිළිබඳව අනාවැකිමය යොමු දැක්වීම ගැන කුමක් කිව හැකිද?
පළමු ශතවර්ෂයේ සාමාන්‍ය නිවසක පහනක් වූයේ කෙණ්ඩියකට සමාන කුඩා වළලාකාර අඬුවක් සහිත මැටි බඳුනක්ය. පහන සාමාන්‍යයෙන් ඔලිව තෙල්වලින් පුරවන ලදි. හණවලින් සාදන ලද (රෙදි) පහන්තිරයක්, ගිනි දැල්ල පෝෂණය කිරීම සඳහා තෙල් ඇදගන්නේ කේශාකර්ෂණය මගිනි. ඇත්තෙන්ම, ‘දුම් නඟින පහන්තිරයක්’ නිවීමට ආසන්න වූ යමක් වනු ඇත.
උපමාලංකාරව, නැමුණු සහ පොඩිවී තිබුණු, තැළුණු බට ගසක් මෙන් සිටි බොහෝදෙනෙකුට යේසුස්වහන්සේ සිය සැනසිල්ල ගෙන දෙන පණිවුඩය ප්‍රකාශ කළසේක. මෙම මනුෂ්‍යයෝ දුම් නඟින හණරෙදි පහන්තිරයක් මෙන් වූහ, මන්ද ඔවුන්ගේ ජීවිතයේ අන්තිම පුලිඟුව නිවීමට ආසන්නව සිටි බැවිනි. ඔවුහු ඇත්තෙන්ම පීඩිත සහ අධෛර්යයට පත්වූ අය වූහ. කෙසේවෙතත්, යේසුස්වහන්සේ උපමාලංකාරයෙන් තැළුණු බට ගසක් තැළීමටවත්, සංකේතාත්මක දුම් නඟින පහන්තිරයක් නිවීමටවත් නොගියසේක. උන්වහන්සේගේ ප්‍රේමනීය, මෘදු, අනුකම්පා සහිත වචන පීඩිත ජනයාව තවදුරටත් අධෛර්යය කළේවත්, කලකිරීමට පත් කළේවත් නැත. ඒ වෙනුවට, උන්වහන්සේ පළ කළ අදහස්ද, ඔවුන් සමඟ කළ කටයුතුද, දිරිගන්වන බලපෑමකින් යුක්ත විය.—මතෙව් 11:28-30.
අදදිනත්, බොහෝදෙනෙකුට අනුකම්පාව සහ දිරිගැන්වීම අවශ්‍ය වී තිබේ, මන්ද ඔවුන් අධෛර්යයට පත්වන ප්‍රශ්නවලට මුහුණ දෙන බැවිනි. යෙහෝවඃවහන්සේගේ සේවකයෝ පවා හැමවිටම පාහේ ශක්තිමත් කණු නොවෙති. ඇතැම් අවස්ථාවලදී සමහරු දුම් නඟින පහන්තිරවලට සමාන ස්වභාවයක් දරති. එමනිසා වෙනත් ආකාරයකින් කියනවා නම්, ක්‍රිස්තියානීන් දැල්ලකට සුළඟ සපයන්නාක් මෙන් දිරිගන්වනසුලු—එකිනෙකා ශක්තිමත් කරන අය මෙන් සිටිය යුතුය.—ලූක් 22:32; ක්‍රියා 11:23.
ක්‍රිස්තියානීන් වශයෙන් අප ගොඩනංවනසුලු අය ලෙස සිටීමට වුවමනා විය යුතුය. අපි ආත්මික උපකාරය සොයන කිසිවෙකුව දුර්වල කිරීමට හිතා මතාම උත්සාහ නොකළ යුත්තෙමු. ඇත්තෙන්ම, අනික් අයව ශක්තිමත් කිරීමේදී යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට අපි කැමැත්තෙන් සිටිය යුත්තෙමු. (හෙබ්‍රෙව් 12:1-3; 1 පේතෘස් 2:21) දිරිගැන්වීම සඳහා අප දෙස බලන අයව, අප විසින් නොදැනුවත්වම යටපත් කර දැමිය හැකි බැවින්, අන් අය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව බරපතළ ලෙස කල්පනා කිරීමට එය හොඳ කරුණක් වේ. අපට ඇත්තෙන්ම ‘දුම් නඟින පහන්තිරයක් නිවා දමන්ට වුවමනා නොවනු ඇත.’ මේ පිළිබඳව කුමන ශුද්ධ ලියවිලිමය මාර්ග උපදේශවලට අපට උපකාර කළ හැකිද?
විවේචනය කිරීමේ බලපෑම්
ක්රිස්තියානිවරයෙකු ‘යම් වැරදි පියවරක් ගතහොත් ආත්මික සුදුසුකම් ඇති අය එවැනි කෙනෙකුව මෘදුකමේ ආත්මයෙන් යුක්තව යළි සකස් කිරීමට උත්සාහ කළ යුතුය.’ (ගලාති 6:1, NW) කෙසේවෙතත්, අනිකුත් අයගේ දෝෂ සොයමින් ඔවුන්ව නිවැරදි කිරීමට සෑම අවස්ථාවක්ම අල්ලාගැනීම සුදුසුද? නැතහොත් ඔවුන්ගේ වර්තමාන උත්සාහයන් නොසෑහේ කියා අඟවමින්, ඇතැම් විට ඔවුන් තුළ වරදකාරිබවක් හැඟීමට සලස්වමින්, වඩාත් හොඳින් කිරීමට ඔවුන්ව තල්ලු කිරීම නිවැරදිද? එවැනි ආකාරයේ කිසිවක් යේසුස්වහන්සේ කළායයි කීමට කිසිදු සාක්ෂියක් නැත. අන් අයට වැඩිදියුණු වීමට උපකාර කිරීම අපගේ අභිප්‍රාය වුවත්, අකාරුණික විවේචනයක් ලබන අය ඉන් ශක්තිය ලබනවාට වඩා ඉන් දුර්වල විය හැක. ප්‍රයෝජනදායක විවේචනයක් වුවත් සීමාව ඉක්මවා ගෙන යනු ලැබුවහොත් එය සෑහෙන දුරකට අධෛර්යයට හේතු විය හැක. උත්සාහවන්ත ක්රිස්තියානියාගේ හොඳම උත්සාහයට පවා අනුමැතියක් නොලැබේ නම්, එම අදහස ඇත්තෙන්ම අත්හැර ‘උත්සාහ කිරීමට වුවමනා වන්නේ මන්ද?’ යනුවෙන් ඔහුට පැවසිය හැක. ඒකාන්තයෙන්ම, ඔහු සම්පූර්ණයෙන්ම සිය උත්සාහය අත්හැර දැමිය හැක.
ශුද්ධ ලියවිලිමය උපදෙස් දීම වැදගත් වුවත්, පත් කරන ලද වැඩිමහල්ලන්ගේ හෝ සභාවේ අන් අයගේ ප්‍රධාන ගතිලක්ෂණය එය නොවිය යුතුයි. ක්‍රිස්තියානි රැස්වීම් මූලිකවම උපදෙස් දීමට සහ ලබාගැනීමට පවත්වනු නොලැබේ. ඒ වෙනුවට, අප නිතිපතාම හමු වන්නේ ආශ්‍රය සහ දෙවියන්වහන්සේට කරන පරිශුද්ධ සේවය භුක්තිවිඳීමට හැකි වන පරිද්දෙන්, එකිනෙකා ගොඩනැංවීමටත් දිරිගැන්වීමටත්ය. (රෝම 1:11, 12; හෙබ්‍රෙව් 10:24, 25) බරපතළ දෝෂයක් සහ ඥානවන්තව සහ ප්‍රේමනීයව නොසලකා හැරිය යුතු අසම්පූර්ණකමක් අතර වෙනස අප තේරුම්ගැනීම කොතරම් හොඳද!—දේශනාකාරයා 3:1, 7; කොලොස්සි 3:13.
මනුෂ්‍යයෝ විවේචනවලට වඩා දිරිගැන්වීම්වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වති. ඒ හැර පුද්ගලයන්ට ඔවුන්ව අසාධාරණ ලෙස විවේචනය කළායයි සිතෙන විට, ඔවුන්ව විවේචනයට භාජන කරන ලද හැසිරීමට ඔවුන් වඩාත් දැඩි ලෙස ඇලී සිටිය හැක! එහෙත් ඔවුන්ව යුක්තිසහගත ලෙස පැසසුමට ලක් කළ විට, ඔවුහු දිරිමත් වී වැඩිදියුණු වීමට පෙලඹවීම ලබති. (හිතෝපදේශ 12:18) එමනිසා අපිත් යේසුස්වහන්සේ මෙන් දිරිගන්වන අය වී කිසිදාක ‘දුම් නඟින පහන්තිරයක් නොනිවමු.’
සැසඳීම් කිරීම ගැන කුමක් කිව හැකිද?
අනිකුත් ක්‍රිස්තියානීන්ගේ කදිම අද්දැකීම්වලට ඇහුම්කන් දීම ඉතා පොලඹවනසුලු විය හැක. රාජ්‍ය පණිවුඩය දේශනා කිරීම තුළින් සිය ගෝලයන් ලද සාර්ථකත්වය ගැන ඇසීමෙන් යේසුස්වහන්සේද ප්‍රීතිමත් වූසේක. (ලූක් 10:17-21) එලෙසම, ඇදහිල්ලේ සිටින අන් අයගේ සාර්ථකත්වය, හොඳ ආදර්ශය හෝ අඛණ්ඩතාව පිළිබඳව ඇසීමෙන් අප දිරිගැන්වෙන අතර, එමගින් අපගේ ක්‍රිස්තියානි මාර්ගයට ඇලී සිටීමට වැඩි අධිෂ්ඨානයක්ද ඇතිවේ.
එහෙත්, ‘ඔබ මේ ක්‍රිස්තියානීන් තරම් හොඳ නැහැ, ඔබ කරනවාට වඩා, තවත් හොඳින් කළ යුතුව තිබෙනවා’ යන අදහස යෝජනා කරමින් එවන් වාර්තාවක් ඉදිරිපත් කළා නම් කුමක් කිව හැකිද? වැඩිදියුණුව සඳහා උද්යෝගී වැඩසටහනක නිරතවීමට අසන්නා යොමු වනු ඇද්ද? විශේෂයෙන් සන්සන්දනය කිරීම් නිතරම කෙරේ නම්, නැතහොත් ඒ බවට අඟවනු ලැබේ නම්, ඔහු අධෛර්යය වීමට සහ සමහරවිට අත්හැරීමට ඇති ඉඩ කඩ වැඩිය. මෙය දෙමව්පියෙකු තම දරුවාගෙන් මෙසේ අසනවා මෙන් විය හැකිය, ‘ඔබගේ සහෝදරයා මෙන් ඔබට සිටිය නොහැක්කේ මන්ද?’ එවන් අදහසක් පළ කිරීම අමනාපය හෝ අධෛර්යයට හේතු විය හැකිය, නමුත් එය වඩාත් හොඳ හැසිරීමකට දායක වෙයි කියා සිතිය නොහැක. සන්සන්දනය කිරීම් තුළින් ඒ හා සමාන බලපෑමක් වැඩිහිටියන් අතරද ඇති විය හැකි අතර, ඔවුන් සමඟ සන්සන්දනය කරනු ලැබූ පුද්ගලයා කෙරෙහි යම් අමනාපයක් පවා ඇතිවීමට සැලැස්විය හැක.
සියල්ලන්ම දේවසේවයෙහි එක හා සමාන ප්‍රමාණයක් කළ යුතුයයි අපට බලාපොරොත්තු විය නොහැකිය. යේසුස්වහන්සේගේ උපමාවලින් එකක, එක්තරා ස්වාමියෙක් ඔහුගේ දාසයන්ට එකක්, නැතහොත් දෙකක්, නැතහොත් පහක් බැගින් රිදී තලෙන්ත දුන්නේය. මේවා දෙන ලද්දේ ‘එකිනෙකාගේ පුළුවන්කමේ හැටියටය.’ ඥානවන්ත ලෙස වෙළඳාම් කර ඔවුන්ගේ තලෙන්ත ප්‍රමාණය වැඩි කරගත් දාසයන් දෙදෙනාට, ඔවුන්ගේ වැඩයෙන් ලැබූ ප්‍රතිඵල වෙනස් වුවද ඔවුන් විශ්වාසවන්ත වූ බැවින් ඔවුන්ව ප්‍රශංසාවට භාජන කරන ලද්දේය.—මතෙව් 25:14-30.
ප්‍රේරිත පාවුල් උචිත ලෙස මෙසේ ලීවේය: “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.” (ගලාති 6:4) අන් අයට ඇත්තෙන්ම දිරිගැන්වීමක් වීමට නම්, අපි නිෂේධාත්මක සන්සන්දනය කිරීම්වලින් වැළකීමට උත්සාහ කළ යුත්තෙමු.
ගොඩනැංවීමට සමහරක් ක්‍රම
අධෛර්යයට පත්වූවන් ගොඩනැංවීමට සහ ‘දුම් නඟින පහන්තිරයක් නිවීමෙන්’ වැළකීමට අපට කුමක් කළ හැකිද? හොඳයි, දිරිගැන්වීම සැපයීම යනු, විශේෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතු කරුණක් නොවේ. කෙසේවෙතත්, අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නෙමු නම්, සමහරවිට අපගේ වචනවලින් අන් අයව ගොඩනැංවීමට හැකියාවක් තිබේ. මේවායින් සමහරක් මොනවාද?
නිහතමානී වන්න. පිලිප්පි 2:3හි, ‘පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකරන’ මෙන් පාවුල් අපට අවවාද කළේය. ඒ වෙනුවට, අපි නිහතමානීව කතා කළ හා ක්‍රියා කළ යුත්තෙමු. ‘යටහත්කමින් යුතුව අන් අය අපට වඩා උතුම්යයි සැලකිය යුතුය.’ අප ගැන අප කිසිවක් කල්පනා නොකළ යුතුයයි පාවුල් පැවසුවේ නැත. එහෙත්, සෑම පුද්ගලයෙකුම අපට වඩා යම් විදිහකින් උතුම්යයි අප ඒත්තු ගත යුතුය. මෙහි “උතුම්” වශයෙන් ඉදිරිපත් කර ඇති ග්‍රීක් වචනය යෝජනා කරන්නේ, පුද්ගලයෙකු “තම වරප්‍රසාදවලින් සිය ඇස් ඉවතට ගෙන, වෙනත් කෙනෙකුව වඩාත් උතුම්ව කටයුතු කිරීමට සලස්වන, ඒ තැනැත්තාගේ සහජ හැකියාවන් පිළිබඳ උත්සාහවන්තව කල්පනා කිරීමටය.” (ජෝන් ඇල්බර්ට් බෙන්ගල් විසින් රචිත නිව් ටෙස්ටමන්ට් වර්ඩ් ස්ටඩීස්, 2 වෙළුම, 432 පිටුව) අප මෙය කර, අන් අය උතුම්යයි සැලකුවහොත්, අපි ඔවුන් සමඟ නිහතමානී ආකාරයකින් කටයුතු කරන්නෙමු.
ගෞරවය පෙන්වන්න. අපේ අදහස් අවංකව ප්‍රකාශ කිරීම තුළින්, දෙවියන්වහන්සේව සතුටු කිරීමට කැමැත්තක් ඇති පුද්ගලයන් ලෙස ඔවුන්ව සලකා, විශ්වාසවන්ත සහකාර ඇදහිලිවන්තයන් කෙරෙහි අපට විශ්වාසයක් ඇති බවට පැහැදිලි ලෙස පෙන්වීමට අපට හැකිය. එහෙත් ඔවුන්ට ආත්මික උපකාරය අවශ්‍යයයි සිතන්න. එවිට අපි ගෞරවයෙන් සහ උත්කෘෂ්ටවත් ආකාරයකින් උපකාරය සපයමු. පාවුල් කාරණය මෙලෙස ඉදිරිපත් කළේය: “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10, NW.
හොඳ සවන්දෙන්නෙක් වන්න. අධෛර්යය ගෙන දෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නාවූ අයට දිරිගැන්වීම පිණිස අප දේශකයන් නොවී, හොඳ සවන්දෙන්නන් විය යුතුය. ඉක්මන්, යථාර්ථවාදී නොවන යෝජනා ඉදිරිපත් කරනවා වෙනුවට, සැබවින්ම විද්‍යමාන අවශ්‍යතාවලට මුහුණ දීම පිණිස, ශුද්ධ ලියවිලිමය මාර්ගෝපදේශයන් සැපයීමට අපි අවශ්‍ය කාලය ගනිමු. කුමක් කිවයුතුදැයි අප නොදන්නා විට, අන් අය සැනසීමට සහ ශක්තිමත් කිරීමට, බයිබල් පර්යේෂණවල යෙදීම අපට උපකාර කළ හැකිය.
ප්‍රේමනීය වන්න. දිරිගැන්වීම දීමට කැමති අය කෙරෙහි අපට ප්‍රේමයේ හැඟීමක් තිබිය යුතුය. යෙහෝවඃවහන්සේගේ සහකාර සේවකයන්ට අදාළ කරගන්නා විට, අපගේ ප්‍රේමය ඔවුන්ගේ යහපත පිණිස නිකම් ක්‍රියා කිරීමට වඩා වැඩිමනත් සැලකිල්ලක් දැක්විය යුතුය. එයට අධිකතර හැඟීමක් සම්බන්ධ විය යුතුය. අපට යෙහෝවඃවහන්සේගේ සියලුම ජනයා සඳහා එවන් ප්‍රේමයක් තිබේ නම්, අපගේ වචන ඔවුන්ට අව්‍යාජ දිරිගැන්වීමක් වේ. අපට වැඩිදියුණු වීම සඳහා යම් යෝජනාවන් ඉදිරිපත් කිරීමට සිදුවන විටදී පවා, අපගේ මතය ප්‍රකාශ කිරීම නොව, නමුත් ප්‍රේමනීයව උපකාර පිරිනැමීම අපගේ චේතනාව වේ නම්, අප කියන දේ වරදවා තේරුම්ගනු ලැබීමටත් ඉන් හානියක් සිදුවීමටත් තිබෙන ඉඩ කඩ අඩුය. පාවුල් උචිත ලෙස පැවසුවාක් මෙන් “ප්‍රේමය වැඩ සිද්ධකරයි.”—1 කොරින්ති 8:1; පිලිප්පි 2:4; 1 පේතෘස් 1:22.
සැමවිටම ගොඩනංවනසුලු වන්න
මෙම අන්තරා සහිත “අන්තිම දවස්වලදී,” යෙහෝවඃවහන්සේගේ ජනයා බොහෝ පරීක්ෂාවලට මුහුණ දෙති. (2 තිමෝති 3:1-5) පෙනෙන ප්‍රකාරයට ඔවුන්ගේ විඳදරාගැනීමේ සීමාව දක්වා පීඩා විඳීමේදී සමහරවිට අන්තයටම විඳදරාගැනීමට සිදුවීම පුදුමයක් නොවේ. යෙහෝවඃවහන්සේගේ සේවකයන් වශයෙන්, අපගේ සහකාර නමස්කාරකරන්නන්ට නිවීමට ආසන්න පහන්තිරය මෙන් හැඟීමට හේතුවන ලෙස, අපට ඇත්තෙන්ම යම් දේවල් කීමට හෝ කිරීමට අවශ්‍ය නොවනු ඇත.
එසේනම්, අපි එකිනෙකා දිරිගැන්වීම කොතරම් වැදගත්ද! අධෛර්යයට පත් සහකාර නමස්කාරකරන්නන්ට නිහතමානී වීමෙන් සහ ගෞරව කිරීමෙන් ගොඩනැංවීමට අපි සෑම උත්සාහයක්ම දරමු. ඔවුන් අප සමඟ විශ්වාසයකින් යුතුව කතා කරන විට, පරෙස්සමින් සවන් දී සෑමවිටම දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලයට අවධානය යොමු කිරීම තුළින් ඔවුන්ට උපකාර කිරීමට අපි වෑයම් කරමු. මේ සියල්ලට වඩා, එකිනෙකා ශක්තිමත් කිරීමට ප්‍රේමය නමැති දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵලය උපකාරි වන බැවින්, අපි එය විදහාපෙන්වමු. ‘දුම් නඟින පහන්තිරයක් නිවා’ දැමිය හැකි වන ආකාරයකින් අපි කිසිදාක කතා හෝ ක්‍රියා නොකරමු.