රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය”
ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළායින් පසු පැය කීපයක් ඇතුළත, සාමාජිකයන් 120දෙනෙකු සිට 3,000කට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය. (ක්‍රියා 1:15; 2:41) “දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය,” යනුවෙන් බයිබලය පැහැදිලි කරයි. (ක්‍රියා 6:7) වසර කිහිපයකට පමණ පසුව, අලුතෙන් ස්ථාපිත කරනු ලැබූ සභාව අප්‍රිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානීන් සමඟින් අන්තර් මහාද්වීපික සංවිධානයක් බවට පත් විය.
ඒ හා සමානවම අදදින ක්‍රිස්තියානි සභාවද වේගවත් වර්ධනයක් අද්දකිමින් සිටී. නිදසුනක් වශයෙන්, මෙක්සිකෝවේ රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව වසර පහක් පමණ කාලයක් තුළ 1,30,000 සිට 4,43,640ක් දක්වා සංඛ්‍යාවකට වර්ධනය වී තිබේ! එක්දහස් නවසිය අනූපහේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට මෙක්සිකෝවේ සෑම මනුෂ්‍යයන් 59දෙනෙකුගෙන් එක්කෙනෙක් පැමිණියේය. කෙසේවෙතත්, මතු සඳහන් අද්දැකීම නිරූපණය කරන ආකාරයට, එම රටේ ආත්මික අස්වනු නෙළීම සම්පූර්ණ වී නැත.—මතෙව් 9:37, 38.
චියාපාස් ප්‍රාන්තයේ එක් නගරයක, වසර 20ක පමණ කාලයක් පුරා ශුභාරංචිය දේශනා කරනු ලැබීමෙන් පසුව වුවත්, කිසිවෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන්ගෙන් නිවාස බයිබල් පාඩමක් නොපිළිගෙන තිබුණාහ. පෙනෙන අන්දමට සාහසිකකමට ප්‍රසිද්ධ වූ මිනිසෙකු විසින් නගර වාසීන් බොහෝදෙනෙකු බිය ගන්වනු ලැබ තිබිණ. ඔවුන් සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන බව දැනගැනීමෙන් ඔහු දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඔවුහු බිය වූවෝය.
එම ප්‍රදේශයේ පදිංචියට පැමිණි නිර්භීත සාක්ෂිකරුවෝ දෙදෙනෙක් එම පුද්ගලයාව කෙළින්ම හමු වී මෙම ප්රශ්නය විසඳීමට තීරණය කළෝය. ඔවුන් ඔහුගේ නිවසට පැමිණි විට, ඔහුගේ බිරිඳ ඔවුන් සමඟ කතා කර ඔවුන්ගේ පණිවිඩයට සාවධානව ඇහුම්කන් දුන්නාය. පොළොව මත පාරාදීසයක ජීවත්වීම සම්බන්ධයෙන් බයිබලය පවසන දේ ගැන ඈ විශේෂයෙන්ම උනන්දුවක් දැක්වූවාය. එහෙත් ඇය බයිබලය අධ්‍යයනය කළහොත් ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් ඇයට කරදර ඇති වන බව ඈ පිළිගත්තාය. බයිබලය පවසන දේ ඇය පරෙස්සමින් පරීක්ෂා නොකළහොත්, දෙවියන්වහන්සේට සේවය කරන අයුරු සහ පොළොව මත සදාකාලයටම ජීවිතය භුක්තිවිඳින අයුරු ඇය කිසිදිනක ඉගෙන නොගන්නා බවට සාක්ෂිකරුවෝ පැහැදිලි කළෝය. ඈ බයිබල් පාඩමක් පිළිගත්තාය.
අපේක්ෂා කළ ආකාරයටම ඇයගේ තීරණයට ඇයගේ ස්වාමිපුරුෂයා සතුටු නොවීය. වෙනත් අවශ්‍යතාවන් සඳහා ඇයගේ මෝටර් රථය භාවිත කිරීමට ඔහු අවසරය දුන්නත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම සඳහා එය භාවිත කිරීමට ඔහු ඇයට තහනම් කළේය. ඔහුගේ විරෝධතාව මධ්‍යයෙහි වුවත්, ඈ කිලෝමීටර් 10ක් ඈතින් තිබුණා වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කිට්ටුම රාජ්‍ය ශාලාවට නිතිපතාම පයින් ගමන් කළාය. ඉක්මනින්ම ඇගේ ධෛර්යය සහ අධිෂ්ඨානය නගරයේ සිටියා වූ අනික් අයගේ සැලකිල්ලට යොමු විය. සාක්ෂිකරුවන් ඔවුන්ව බැහැදකින්ට ගිය විට, මනුෂ්‍යයෝ ඇහුම්කන් දීමට පටන්ගත්තෝය. සමහරු එම ස්ත්‍රිය සමඟ රැස්වීම්වලට පැමිණීමට පවා පටන්ගත්හ. කෙටි කලකට පසු, සාක්ෂිකරුවෝ බයිබල් පාඩම් 20ක් පමණ පවත්වමින් සිටියෝය!
මෙම ස්ත්‍රියගේ මිතුරියක්ද ඇයගේ ස්වාමිපුරුෂයාගේ විරෝධය මධ්‍යයෙහි වුවද, බයිබලය අධ්‍යයනය කිරීමට තීරණය කළාය. ප්‍රථම ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා විසින් ඇයට මෙසේ කිරීමට දිරිගන්වනු ලැබීම පුදුමය උපදවනසුලුය. ඔහු ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ කතා කළායින් පසුව විරෝධතාව නතර විය. එබැවින් අවුරුදු 20කට පමණ පසු බයිබල් සත්‍යතාවේ බීජ අවසානයේදී රෝපණය විය, එහි ප්‍රතිඵලයක් වශයෙන් ශුභාරංචිය දැන් ප්‍රචාරය කරන එම ස්ත්‍රීන් දෙදෙනා ඇතුළුව, බයිබලය පාඩම් කර ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන පුද්ගලයෝ 15දෙනෙක් පමණ සිටිත්!