ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 2/15 27-29 පි.
  • ඔබ දකින දේවලට ඔබ්බෙන් බලන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දකින දේවලට ඔබ්බෙන් බලන්න!
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අවශ්‍යතාව මන්ද?
  • පීඩා තාවකාලික ඒවා ලෙස සලකන්න!
  • අදෘශ්‍යමාන සදාකාලික දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න!
  • අදෘශ්‍යමාන දේ දැකගැනීම සඳහා ජීවත්වන්න!
  • ඔබ දෙනෙත් යොමු කරගෙන සිටින්නේ ත්‍යාගය වෙතටද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “බොහෝ පීඩා” ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටින්න!
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවනය සඳහා දිවීම අත් නොහරින්න!
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 2/15 27-29 පි.

ඔබ දකින දේවලට ඔබ්බෙන් බලන්න!

හොඳ ඇස් පෙනීමක් තිබීම ආශීර්වාදයකි. ඇත්තෙන්ම, ඊට වඩා අනර්ඝ දෙයක් ඔවුන්ට තිබෙනවා කියා බොහෝ ජනයා නොපවසන තරම්ය. කෙසේවෙතත්, සාමාන්‍ය හොඳ ඇස් පෙනීමකට වඩා ප්‍රේරිත පාවුල් විසින් සඳහන් කරන ලද අගයෙන් වැඩි යම් ආකාර ඇස් පෙනීමක් ක්‍රිස්තියානීන්ගේ සැලකිල්ලට භාජන විය යුතුය. පාවුල් මෙසේ ලීවේය: “අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙසය.” (2 කොරින්ති 4:18, නව අනුවාදය) කෙනෙකුට අදෘශ්‍යමාන දේ පෙනීමට සලසන මෙය, සැබවින්ම ඉතාමත් විශේෂ පෙනීමක් විය යුතුය! අපට එය ආත්මික ආකාරයේ 20/20 දෘෂ්ටියක් ලෙස හැඳින්විය හැකිය.

අවශ්‍යතාව මන්ද?

පළමු සියවසේ ක්‍රිස්තියානීහු, මෙවන් ආත්මික ඇස් පෙනීමක් සඳහා අවශ්‍යතාවක් ඇතුව සිටියෝය. ඔවුහු තම ක්‍රිස්තියානි දේවසේවය බොහෝ දුෂ්කරතා යටතේ ඉටු කරමින් සිටියෝය. පාවුල් එය මෙසේ ප්‍රකාශ කළේය: “අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.”—2 කොරින්ති 4:8, 9.

එවන් තත්වයන් තිබියදීත්, විශ්වාසවන්ත ගෝලයෝ ස්ථිරව සිටියෝය. දෙවියන්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් සමඟින්, ඔවුන්ට පාවුල් මෙන් මෙසේ පැවසිය හැක: “අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අප දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු.” එහෙත් මෙම දෛනික අලුත් කරනු ලැබීම ඇති කළේ කුමක්ද? පාවුල් තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි. මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙසය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාකාලික ය.”—2 කොරින්ති 4:16-18, නව අනුවාදය

ඔවුන් ඉදිරියේ තබා තිබුණු තේජවත් විපාකය කෙරෙහි ඔවුන්ගේ දෘෂ්ටිය අඳුරු කිරීම සඳහා ගැටලු, දුෂ්කරතා, පීඩා හෝ ඕනෑම ආකාරයේ කරදර හිරිහැරවලට ඉඩ නොහරින ලෙස පාවුල් තම ආත්මික සහෝදරයන්ට දිරිගන්වමින් සිටියේය. ක්‍රිස්තියානි මාර්ගයේ සන්තෝෂවත් ප්‍රතිඵලය වෙත ඔවුන්ගේ නෙත් යොමු කරමින්, තමන්ගේ වත්මන් තත්වයන්ගෙන් ඔබ්බට බැලිය යුතුය. සටනේ දිගටම අත්නෑර සිටීමට වූ ඔවුන්ගේ අධිෂ්ඨානය දිනපතා පදනමක් මත අලුත් කරගැනීමට ඔවුන්ට උපකාර කළේ එයයි. අදදින ක්‍රිස්තියානීන්ටද එයාකාර හොඳ ආත්මික දෘෂ්ටියක් ඇතුව සිටීමේ අවශ්‍යතාවක් ඇත.

පීඩා තාවකාලික ඒවා ලෙස සලකන්න!

දිනපතාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි දකින්ට ප්‍රිය නොකරන දේවල් දකින්නෙමු. කැඩපතක් තුළින් ඉක්මන් බැල්මක් හෙළීමෙන්, ශාරීරික අසම්පූර්ණත්වයේ ඇඟවීම් වන භෞතික ශරීරයේ අප්‍රසන්න ලප සහ කැළැල් අපට අනිවාර්යයෙන්ම දැකිය හැක. අප දේවවචනයේ කැඩපත තුළින් බලන විට, අපි අපගේ සහ අන්‍යයන්ගේ ආත්මික දෝෂ සහ කැළැල් දකින්නෙමු. (යාකොබ් 1:22-25) අප දිනපතා පුවත්පත කියවන විට හෝ රූපවාහිනිය නරඹන විට, අයුක්තිය, කෲරකම් සහ විපත්ති පිළිබඳ වාර්තා ක්ෂණිකව අපගේ සැලකිල්ලට යොමු වන අතර, ඒවා අපව ශෝකයට පත් කරවයි.

සාතන් කැමති වනු ඇත්තේ, අප දකින දෙයින් කලකිරෙනවා හෝ නොමඟ ගොස් ඇදහිල්ල චංචල කරගන්නවා දැකීමටයි. මෙය සිදුවීම වළක්වාලීමට අපට හැක්කේ කෙසේද? අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් තබා තිබෙන ආදර්ශය, ප්‍රේරිත පේතෘස් නිර්දේශ කළ ආකාරයට මෙසේ අනුගමනය කළ යුතුය: “එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.” (1 පේතෘස් 2:21) ක්‍රිස්තියානි ජීවිතයේ සෑම අංගයකදීම, යේසුස්වහන්සේ පරිපූර්ණ ආදර්ශයක් වූසේක.

අපගේ ආකෘතිය ලෙස යේසුස්වහන්සේව යොමු දැක්වීමේදී, යේසුස්වහන්සේ වේදනා වින්ද බව පේතෘස් විශේෂයෙන්ම සඳහන් කළේය. ඇත්තෙන්ම යේසුස්වහන්සේ පොළොව මත සිටියදී බොහෝ සෙයින් වේදනා වින්දසේක. මනුෂ්‍යවර්ගයාගේ මැවීමේදී යෙහෝවඃවහන්සේගේ “ප්‍රධාන කර්මාන්තකාරයා” වශයෙන් සිටි උන්වහන්සේ, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සඳහා අරමුණු කළ දේ හරියටම දැන සිටිසේක. (හිතෝපදේශ 8:30, 31) එහෙත් දැන් පාපය සහ අසම්පූර්ණකම ඔවුන්ට කුමක් සිදු කළාද කියා උන්වහන්සේ සියැසින්ම දුටුසේක. උන්වහන්සේ දිනපතාම මනුෂ්‍යයන්ගේ අසම්පූර්ණකම් සහ දුර්වලකම් දුටු අතර, ඒ සමඟ කටයුතු කිරීමට සිදු විය. එය උන්වහන්සේට පීඩිත කාලයක් වන්ට ඇත.—මතෙව් 9:36; මාර්ක් 6:34.

වෙනත් අයගේ පීඩාවන්ට අමතරව, යේසුස්වහන්සේ තමාටම වූ පීඩාද අද්දුටුසේක. (හෙබ්‍රෙව් 5:7, 8) එහෙත් පරිපූර්ණ ආත්මික ඇස් පෙනීම සමඟින්, උන්වහන්සේ ඒවාට වඩා ඔබ්බෙන්, තමාගේ අඛණ්ඩතාවේ මාර්ගය සඳහා අමරණීය ජීවිතයකට උසස් කරනු ලැබීමේ විපාකය දෙස බැලූසේක. ඉන්පසු, මෙසියානු රජ වශයෙන්, පීඩා විඳින මනුෂ්‍යවර්ගයාව එහි පහත් තත්වයේ සිට, යෙහෝවඃවහන්සේ මුලින් අරමුණු කළ පරිපූර්ණත්වයට යලි එසවීමේ වරප්‍රසාදය උන්වහන්සේට තිබෙනු ඇත. උන්වහන්සේ එදිනෙදා පීඩා දුටුවත්, මෙම අදෘශ්‍යමාන අනාගත බලාපොරොත්තු කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, දේවසේවය තුළ ප්‍රීතිය පවත්වාගැනීමට එය උන්වහන්සේට උපකාර කළේය. පාවුල් පසුව මෙසේ ලීවේය: “උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.”—හෙබ්‍රෙව් 12:2.

යේසුස්වහන්සේ කෙදිනකවත් දුෂ්කරතා සහ පරීක්ෂණාත්මක තත්වයන්ට උන්වහන්සේව අධෛර්යයට පත් කරවීමට, වෙනතකට හැරවීමට හෝ උන්වහන්සේගේ ඇදහිල්ල අස්ථිර කරවීමට ඉඩ නොහැරියසේක. උන්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපි උන්වහන්සේගේ උත්කෘෂ්ට ආදර්ශය සමීපයෙන් අනුගමනය කළ යුත්තෙමු.—මතෙව් 16:24.

අදෘශ්‍යමාන සදාකාලික දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න!

යේසුස්වහන්සේට විඳදරාගැනීමට ඉවහල් වූ දේ සම්බන්ධයෙන් කතා කළ විට, අප අනුගමනය කළ යුතු මාර්ගය පාවුල් මෙසේ ලියූ විට පෙන්වා දුන්නේය: “ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු.” (හෙබ්‍රෙව් 12:2, නව අනුවාදය) එසේය, ක්‍රිස්තියානි මාර්ගයේ සාර්ථක හා ප්‍රීතිමත් ලෙස දිවීමට නම්, අප ඉදිරියෙහි ඉතා ආසන්නව තිබෙන දේවලට ඔබ්බෙන් අප බැලිය යුතුය. එහෙත් අප යේසුස්වහන්සේ “දෙසම නෙත් යොමා” සිටින්නේ කෙසේද, තවද එය අප සඳහා කුමක් කරනු ඇද්ද?

එක් දෙයක් නම්, යේසුස්වහන්සේ දේවරාජ්‍යයේ රජ වශයෙන් 1914දී පත් කරනු ලැබූ අතර, උන්වහන්සේ ස්වර්ගයේ සිට පාලනය කරනසේක. ඇත්තෙන්ම මේ සියල්ලක්ම අපගේ ඇස්වලට අදෘශ්‍යමානය. එහෙත්, අප යේසුස්වහන්සේ “දෙසම නෙත් යොමා” සිටියහොත්, මෙම වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළ මෙන්ම, සාතන් සහ ඔහුගේ යක්ෂ සමූහය අක්‍රියාශීලී බැඳුම්වලට දැමීමට උන්වහන්සේ දැන් සූදානමින් සිටින බව දැකගැනීමට, අපගේ ආත්මික ඇස් පෙනීම අපට උපකාර කරනු ඇත. තවත් ඉදිරියට නෙත් යොමු කරමින්, ‘මරණය තවත් නොවන, වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන, පළමු දේවල් පහව ගොස් තිබෙනු ඇති’ මවිතකර නව ලොව අපේ ආත්මික දෘෂ්ටියෙන් හෙළිවනවා ඇත.—එළිදරව් 19:11-16; 20:1-3; 21:4.

එසේනම්, අපට සෑම දිනකම මුහුණ දීමට සිදු විය හැකි තාවකාලික පීඩාවලින් බර වී සිටිනවා වෙනුවට, අපගේ නෙත් සදාකාලික දේවල් වෙත යොමු නොකරන්නේ මන්ද? මෙම දූෂ්‍ය වූ පොළොව මත පවතින ලෙඩ රෝග සහ ගිජුකමට ඔබ්බෙන් පවතින සෞඛ්‍යසම්පන්න, සන්තෝෂවත් එමෙන්ම සැලකිලිමත් මනුෂ්‍යයන්ගෙන් පිරුණු පාරාදීසය දෙස ඇදහිල්ලේ නෙත්වලින් නොබලන්නේ මන්ද? අපගේ ශාරීරික මෙන්ම ආත්මික දෝෂවලට ඔබ්බෙන් බලා ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලයේ වටිනාකම මගින් අප එයින් සදහටම නිදහස් වන ආකාරය දෙස නොබලන්නේ මන්ද? යුද්ධය, අපරාධ සහ සාහසිකකම මගින් සිදු කර තිබෙන ඝාතනවලට ඔබ්බෙන් බලා, නැවත නැඟිටුවනු ලැබූ නවකයන්ට යෙහෝවඃවහන්සේගේ සමාදානයට සහ ධර්මිෂ්ඨකමට අනුව උගන්වනු ලබන ආකාරය දෙස නොබලන්නේ මන්ද?

මීට අමතරව, යේසුස්වහන්සේ ‘දෙස නෙත් යොමු කරමින්’ සිටීම යන්නෙන් අදහස් වන දෙයට, අදෘශ්‍යමාන වුවත් රාජ්‍යය දැනටමත් පොළොව මත වෙසෙන දෙවියන්වහන්සේගේ ජනයා අතර ඉටු කර තිබෙන දේවල් වන එක්සත්භාවය, සමාදානය, ප්‍රේමය, සහෝදර ස්නේහය සහ ආත්මික සමෘද්ධිය කෙරෙහි අපගේ ආත්මික ඇස් පෙනීම යොමු කිරීමද ඇතුළත් වනු ඇත. ජර්මනියේ එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක්, යුනයිටඩ් බයි ඩිවයින් ටීචිං (දිව්‍ය ඉගැන්වීමෙන් එක්සත් වීම) නමැති වීඩියෝ පටය නැරඹීමෙන් පසු මෙසේ ලීවාය: “ලොව පුරා බොහෝ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මහජන විරෝධතා මධ්‍යයෙහි පවා, මේ අවස්ථාවේදී යෙහෝවඃවහන්සේට පක්ෂපාතව සේවය කරන බව මතකයේ තබාගැනීමට මෙම වීඩියෝ පටය මට උපකාර කරනු ඇත. සාහසිකකමෙන් සහ වෛරයෙන් පිරුණු ලෝකයක් තුළ අපගේ සහෝදර එක්සත්කම කෙතරම් අනර්ඝද!”

ඔබගේ පැත්තේ යෙහෝවඃවහන්සේ, යේසුස්වහන්සේ, ඇදහිලිවන්ත දේවදූතයන් සහ මිලියන ගණන් සෙසු ක්‍රිස්තියානීන් සිටගෙන සිටින අයුරු ඔබටත් ‘පෙනෙනවාද’? එසේනම්, ඔබව අධෛර්යය තුළ හිර කළ හැකි මෙන්ම ක්‍රිස්තියානි සේවය තුළ “පල නොදර[න]” තත්වයකට පත් කළ හැකි, “ජීවිතයේ කරදර” ගැන ඔබ පමණ ඉක්මවා සැලකිලිමත් වන්ට යන්නේ නැත. (මතෙව් 13:22, නව අනුවාදය) එබැවින්, ඔබගේ ආත්මික නෙත් දෙවියන්වහන්සේගේ පිහිටුවන ලද රාජ්‍යය කෙරෙහි මෙන්ම එහි වර්තමාන සහ අනාගත ආශීර්වාද කෙරෙහි යොමු කරමින්, යේසුස්වහන්සේ ‘දෙස නෙත් යොමු කර[මින්]’ සිටින්න.

අදෘශ්‍යමාන දේ දැකගැනීම සඳහා ජීවත්වන්න!

දෙවියන්වහන්සේගේ සදාකාලික නව ලෝකය සහ අදදින බිඳවැටෙන පැරණි ලෝකය අතර තියුණු වෙනස දැකීම, අදදින ඇදහිල්ලේ නෙත්වලට පමණක් දැකිය හැකි දේවල් ඇත්තෙන්ම දැකගැනීම පිණිස යෝග්‍ය පුද්ගලයන් ලෙස ගණන් ගනු ලැබීම සඳහා අපවම හැසිරවීමට අපව පෙලඹවිය යුතුය. නැවත නැඟිටුවනු ලබන මහත් ජනසමූහය, මියයන විට දුටු ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ධර්මිෂ්ඨ පාරාදීස පොළොවක් දැකීමෙන් පුදුමයට පත් වනු ඇත. ඔවුන්ට සුභපැතීමටත්, දෙවියන්වහන්සේ කර තිබෙන දේ ඔවුන්ට පැහැදිලි කිරීමටත් අප ජීවත්ව සිටීම හේතුවෙන් අපට තිබෙනු ඇති ප්‍රීතිය ගැන කල්පනා කරන්න!—යෝවෙල් 2:21-27 සසඳන්න.

එසේය, හොඳ ආත්මික දෘෂ්ටිය කෙතරම් අනර්ඝද, තවද එය තියුණුව තබාගැනීම කෙතරම් වැදගත්ද! නිතිපතා පෞද්ගලික බයිබල් පාඩමේ නිරතවීමෙන්, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමෙන්, බයිබලය මත පදනම් අපගේ බලාපොරොත්තුව පිළිබඳ අන්‍යයන්ට කතා කිරීමෙන් සහ ඒ සියල්ලටම වඩා දිව්‍ය මඟ පෙන්වීම සඳහා යාච්ඤා කිරීම මගින් අපට මෙය කළ හැකිය. මෙය අපගේ ආත්මික දසුන තියුණුව සහ අවදියෙන් තබන අතර, අපට පෙනෙන දේවලට ඔබ්බෙන් බැලීමට ඉවහල් වනවා ඇත!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න