වාර්ෂික රැස්වීම
1996 ඔක්තෝබර් 5
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම, 1996 ඔක්තෝබර් 5වනදා, 2932 කෙනඩි බූලවාඩ්, ජර්සි සිටි, නිව් ජර්සිහි පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පැවැත්වෙනු ඇත. සාමාජිකයන් සඳහා පමණක් තිබෙන ප්‍රාරම්භක රැස්වීම පෙ.ව. 9:15ට ආරම්භ වන අතර, ඉන් අනතුරුව පොදු වාර්ෂික රැස්වීම පෙ.ව. 10:00ට පවත්වනු ලැබේ.
පසුගිය වසර ඇතුළත තම ලිපිනයේ යම් වෙනසක් සිදු වී තිබේ නම්, නිතිපතා යවනු ලබන දැන්වීම් ලිපි සහ පෙරකලාසි ජූලි මාසයේදී ඔවුන්ට ලැබීමට සලස්වන සේ, ආයතන සාමාජිකයන් දැන් ඒ සම්බන්ධයෙන් ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතු වේ.
වාර්ෂික රැස්වීමේ නිවේදනය සමඟින් සාමාජිකයන් වෙත එවනු ලබන පෙරකලාසි, අගෝස්තු 1වනදාට පෙර ලැබෙන සේ සමිතියේ ලේකම්ගේ කාර්යාලයට ආපසු එවිය යුතුය. තමන් රැස්වීමට පෞද්ගලිකව පෙනී සිටින්ට යනවාද නැද්ද යන වග සඳහන් කරමින්, සෑම සාමාජිකයෙකුම මෙම පෙරකලාසිය පුරවා, නොපමාව ආපසු එවිය යුතුය. මෙම එක් එක් පෙරකලාසියේ සඳහන් වන තොරතුරු මේ කාරණය සම්බන්ධයෙන් නිශ්චිත විය යුතුය, මන්දයත් පෞද්ගලිකව පෙනී සිටින්ට යන්නේ කවරෙකුද යන වග, මෙම තොරතුරු මත තීරණය කරනු ලබන බැවිනි.
සමිතියේ විධිමත් ව්‍යාපාර රැස්වීම සහ වාර්තාද ඇතුළුව සම්පූර්ණ සැසිවාරයම ප.ව. 1:00ට හෝ ඉන් මද වේලාවකට පසුව අවසන් වේයයි අපේක්ෂා කෙරේ. දහවල් සැසිවාරයක් නොතිබෙනු ඇත. සීමිත ඉඩ ප්‍රමාණයක් තිබෙන බැවින්, ඇතුල් විය හැක්කේ ප්‍රවේශ පත්‍ර සතු අයට පමණි. මෙම වාර්ෂික රැස්වීම දූරකථන මාර්ගයෙන් වෙනත් ශ්‍රවණාගාරවලට සම්බන්ධ කිරීමට කිසිදු විධිවිධානයක් සලසනු නොලැබේ.