ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 9/15 29-31 පි.
  • දූවිල්ලට හැරී යෑම—කෙසේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දූවිල්ලට හැරී යෑම—කෙසේද?
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අතීත හා වර්තමාන පිළිවෙත්
  • ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිය කුමක්ද?
  • මිනීවළෙන් සම්පූර්ණ නිදහස!
  • ආදාහනය කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • ආදාහනය කිරීම වැරදිද?
    2009 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැරුණට පස්සේ මොකද වෙන්නේ?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 9/15 29-31 පි.

දූවිල්ලට හැරී යෑම—කෙසේද?

“නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” පළමු මිනිසා වූ ආදම්ට එම වචන ඇසුණු විට, බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද කියා ඔහු දැන සිටියේය. ඔහුව භූමියේ දූවිල්ලෙන් සාදා තිබූ අතර, නැවතත් දූවිල්ලටම හැරී යන බව ඉන් අදහස් විය. ඔහු මැරෙණු ඇත, මන්දයත් ඔහු තම මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේට අකීකරු වූ බැවිනි.—උත්පත්ති 2:7, 15-17; 3:17-19.

මිනිසුන් සෑදී ඇත්තේ දූවිල්ලෙන් බව බයිබලය පෙන්නුම් කරයි. එය මෙසේද පවසයි: “පව්කරන ප්‍රාණයම නසින්නේය.” (එසකියෙල් 18:4; ගීතාවලිය 103:14) මරණය මිලියන ගණන් ජනයාට ශෝකය ගෙන දී ඇති අතර, මනුෂ්‍ය නෂ්ටාවශේෂ ඉවත් කිරීම සම්බන්ධයෙන් නැවත නැවතත් ප්‍රශ්න මතු කර තිබේ.

අතීත හා වර්තමාන පිළිවෙත්

ඉපැරණි කාලයේ දෙවියන්වහන්සේගේ සෙනඟ අතර මනුෂ්‍ය නෂ්ටාවශේෂ ඉවත් කරන ලද්දේ කෙසේද? පොළොවේ තැන්පත් කිරීම ඇතුළුව, මළ සිරුරක් සම්බන්ධයෙන් කටයුතු කළ විවිධ ක්‍රම ගැන බයිබලයේ මුල් කොටසේ සඳහන් වේ. (උත්පත්ති 35:8) පිතෘමූලික ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ සාරා මෙන්ම පුත්‍ර ඊසාක් හා මුනුපුරා වූ යාකොබ්ව තැන්පත් කරන ලද්දේ මක්පේලායේ කෙතේ ගුහාවෙහිය. (උත්පත්ති 23:2, 19; 25:9; 49:30, 31; 50:13) ඉශ්‍රායෙලිත විනිශ්චයකරුවන් වූ ගිඩියොන් සහ සම්සොන්ව තැන්පත් කරන ලද්දේ ‘තමන්ගේ පියවරුන්ගේ සොහොන්ගෙවලය.’ (විනිශ්චයකාරයන් 8:32; 16:31) දෙවියන්වහන්සේගේ ඉපැරණි ජනයා අතර පවුලේ සුසාන භූමි තබාගැනීමට වැඩි කැමැත්තක් පැවති බව මින් අදහස් කෙරේ. පොදු යුගයේ 1වන ශතවර්ෂයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මියගිය විට, උන්වහන්සේගේ ශරීරය පර්වතයෙහි කප්පවා තිබුණු අලුත් සොහොන්ගෙයක තැන්පත් කරන ලදි. (මතෙව් 27:57-60) එසේනම්, පොදුවේ ගත් කල, මනුෂ්‍ය නෂ්ටාවශේෂ පොළොවේ තැන්පත් කරන ලදි. එසේ නොමැති නම් සුසාන භූමියක හෝ සොහොන් ගෙයක තබන ලදි. ලොව පුරා බොහෝ ස්ථානවල මෙම ක්‍රමය තවමත් පිළිපදින්නකි.

කෙසේවෙතත්, අදදින ලෝකයේ සමහරක් කොටස්වල, ඉඩ කඩ සඳහා මහත් හිඟකමක් තිබීම මෙන්ම ඉඩම්වල මිල අධික වීම නිසා භූමදානය සඳහා ස්ථානයක් ලබාගැනීම බොහෝ සෙයින් අපහසු කරවයි. එනිසා, මනුෂ්‍ය නෂ්ටාවශේෂ ඉවත් කිරීම සඳහා වෙනත් ක්‍රම ගැන සමහරක් මිනිසුන් සැලකිලිමත් වෙමින් සිටී.

මනුෂ්‍ය නෂ්ටාවශේෂ ආදාහනය කිරීමෙන් ලැබෙන අළු ඉසීම වඩාත් පොදු දෙයක් බවට පත් වෙමින් තිබේ. එංගලන්තයේ, මළ සිරුරුවලින් සියයට 40ක්ම දැන් මෙයාකාරයෙන් ඉවත් කෙරේ. ස්වීඩනයේ, නාගරික ප්‍රදේශවල මියයන අයගෙන් සියයට 80ක් ආදාහනය කරනු ලබන බැවින්, අළු ඉසීමට ස්ථිර වනලැහැබ වෙන් කර තිබේ. තවද ෂැංහායි මෙන්ම චීනයේ වෙනත් සමුද්‍රාසන්න නගර කිහිපයක, වසරකට කිහිප වතාවක්ම ආදාහනය කරනු ලැබූ බොහෝදෙනෙකුගේ අළු මුහුදට එක් කිරීමට නගරාණ්ඩුවල අනුග්‍රහය ලැබේ.

අළු ඉසීම කළ හැක්කේ කොහේද? ඕනෑම ස්ථානයක එය කළ නොහැක. අළු ඉසීම පරිසරයට අහිතකර විය හැකි බවට සමහරුන් බිය විය හැක. කෙසේවෙතත්, වසංගත සම්බන්ධයෙන් ඇති විය හැකි ඕනෑම අවදානමක් ඇත්තවශයෙන්ම පිලිස්සීම මගින් නිෂ්ප්‍රභ කළ හැක. එංගලන්තයේ සමහර සුසානභූමිවල හා එක්සත් ජනපදයේ සිහිකිරීමේ උද්‍යානවල අළු ඉසීමට තණ පිට්ටනි සහිත ප්‍රදේශ හෝ මල් වතු වෙන් කර තබා ඇත. ඇත්තෙන්ම, ක්‍රිස්තියානීන් විශේෂයෙන්ම සැලකිලිමත් වන්නේ පිලිස්සීම සහ අළු ඉසීම පිළිබඳව තිබෙන ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිය සම්බන්ධවයි.

ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිය කුමක්ද?

“බබිලෝනියේ රජුට” විරුද්ධව කරන ලද තීන්දු ප්‍රකාශයකදී අනාගතවක්තෘ යෙසායා මෙසේ පැවසුවේය: “ඔබ ආදාහනය කිරීමට ස්ථානයක් නොමැතිව පිටතට විසි කරනු ලබන්නේය.” (යෙසායා 14:4, 19, NW) අළු ඉසීම එවන් නින්දාසහගත තත්වයක් හා සැසඳිය යුතුද? නැත, මන්දයත් ආදාහනය සම්බන්ධයෙන් හෝ ඉන් ඉතිරි වන අළු ආරක්ෂා කිරීම හෝ ඉසීම සම්බන්ධයෙන් එම පදයේ යොමු දැක්වීමක් නොමැති බැවිනි.

යේසුස්වහන්සේ පහත සඳහන පැවසූ විට, දහස් අවුරුදු පාලන සමයේදී සිදු වන්ට යන මළවුන්ගේ භූමික නැවත නැඟිටීම ගැන උන්වහන්සේ කතා කළසේක: “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [මාගේ] හඬ ඇ[සී] . . . පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) කෙසේවෙතත්, පුද්ගලයෙකුව නැවත නැඟිටුවීමට විශේෂිත මිනීවළක් අත්‍යවශ්‍ය නොවන බව නැවත නැඟිටුවීම පිළිබඳව ඇති තවත් අනාවැකිමය විස්තරයකින් පැහැදිලි වේ. එළිදරව් 20:13 මෙසේ සඳහන් කරයි: “සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය.” එනිසා, වැදගත් වන්නේ පුද්ගලයෙකු ‘නැවතත් දූවිල්ලට හැරී යන්නේ’ කොතැනටද නැත්නම් කෙසේද යන්න නොවේ. ඒ වෙනුවට, වැදගත් දෙය වන්නේ දෙවියන්වහන්සේ විසින් සිහි කරනු ලැබ ඔහු නැවත නැඟිටුවනු ලැබේද යන්නය. (යෝබ් 14:13-15; සසඳන්න ලූක් 23:42, 43.) යෙහෝවඃවහන්සේට මිනිසුන්ව සිහිවීමට උපකාර කිරීම සඳහා සිත්ගන්නා සොහොන්ගෙවල් අවශ්‍ය නොවන බවට කිසිම සැකයක් නැත. ආදාහනය, පුද්ගලයෙකුගේ නැවත නැඟිටීම වළක්වන්නේ නැත. තවද අළු ඉසීම සුදුසු චේතනාවකින් යුතුව හා බොරු ආගමික උත්සවවලින් තොරව සිදු වන්නේ නම්, එය ශුද්ධ ලියවිලි සමඟ පරස්පර විරෝධී නොවනු ඇත.

අළු ඉසීමට පක්ෂව තීරණය ගන්නාවූ අයට රටේ නීතිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදු වනු ඇත. ඔවුන් විසින් මරණයෙන් දුකට පත් අයගේ සහ වෙනත් අයගේ හැඟීම් සැලකිල්ලට ගැනීමද සුදුසු වනු ඇත. මේ සම්බන්ධයෙන් තම ශුද්ධ ලියවිලිමය නිදහස, ක්‍රිස්තියානීන් දරන්නාවූ හොඳ නමට කැළලක් නොගෙනෙන අන්දමින් භාවිත කිරීමට යෙහෝවඃවහන්සේගේ සේවකයන් පරෙස්සමින් ක්‍රියා කරනු ඇත. පිලිස්සීමට සහ අළු ඉසීමට නීත්‍යනුකූලව අවසර ඇති මුත්, සමාජය එය මුළුමනින්ම පිළි නොගන්නා රටවල මෙය විශේෂයෙන්ම වැදගත් වේ. ඇත්තෙන්ම, මනුෂ්‍ය ප්‍රාණයේ අමරණීයභාවය පිළිබඳ විශ්වාසය මත පදනම් ඕනෑම පිළිවෙතකින් හා චාරිත්‍රයකින් ක්‍රිස්තියානීන් වැළකී සිටිනු ඇත.

මිනීවළෙන් සම්පූර්ණ නිදහස!

අළු ඉසීමට පක්ෂව කතා කරන සමහරුන් පවසන්නේ එය මිනීවළවල භූමදානය කිරීමෙන් නිදහසක් අදහස් කරන බවයි. කෙසේවෙතත්, විශිෂ්ටතම සහනය ගෙනෙනු ඇත්තේ බයිබලයේ මෙම පොරොන්දුවේ ඉටුවීමයි, එනම් “නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.”—1 කොරින්ති 15:24-28.

මින් අදහස් වන්නේ මිනීවළවල්, සොහොන්ගෙවල්, ආදාහනය සහ අළු ඉසීම පවා අතීතයේ දේවල් බවට පත් වන බවයි. එසේය, මරණය තවත් නොවන්නේය. දිව්‍යානුභාවයෙන් ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 21:3, 4.

මේ සියල්ල සිදු වනු ඇත්තේ, ආදම්ගේ පාපයේ ප්‍රතිඵලයක් වූ මනුෂ්‍ය මරණය දෙවියන්වහන්සේගේ රාජ්‍යය යටතේ සම්පූර්ණයෙන්ම නැති කරනු ලබන විටයි. එම කාලයේදී කීකරු මනුෂ්‍යවර්ගයාට නැවතත් දූවිල්ලට හැරී යෑමට සිදු නොවනු ඇත.

[29වන පිටුවේ පින්තූර]

මනුෂ්‍ය නෂ්ටාවශේෂ සමඟ කටයුතු කරන පොදු ක්‍රම

[31වන පිටුවේ පින්තූරය]

ජපානයේ සගාමී බොක්කේ අළු ඉසීම

[හිමිකම් විස්තර]

Koueisha, Tokyo අනුග්‍රහයෙනි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න