ඔබට මත්පැන් පිළිබඳව තිබෙන්නේ දේවදෘෂ්ටියක්ද?
පුරා විද්‍යාඥයන් විසින් වසර 20කට පමණ පෙර, ඉරානයේ, උර්මියා නගරය අසල පැරණි මැටි ගල් ගොඩනැඟිල්ලක් කණිණු ලැබිණ. එහි තිබී මැටි බුජමක් සම්බ වූ අතර, විද්‍යාඥයන් කී පරිදි, එය ඉතා පැරණි මිනිස් වාසස්ථාන පිහිටෙවූ කාලය වන වසර දහස් ගණනක් ආපස්සට දිවයන්නකි. මෑතකදී, මෙම බුජම ගැන විස්තර පරීක්ෂා කිරීමට නවීන තාක්ෂණය උපයෝගි කරගන්නා ලදි. විද්‍යාඥයන්ව පුදුමයට පත් කරවමින්, ඒ තුළ මුද්‍රිකපානය සෑදූ බවට අතිපැරණි සාක්ෂි, රසායනික පරීක්ෂණවලින් හෙළි විය.
පුරාණ කාලවලදී, මුද්‍රිකපානය, බීර සහ අනිකුත් මත්පැන් පාවිච්චි කළ බව බයිබලයද පැහැදිලිව ඔප්පු කරයි. (උත්පත්ති 27:25; දේශනාකාරයා 9:7; නාහූම් 1:10) යෙහෝවඃවහන්සේ, අනිකුත් ආහාර මෙන්, මත්පැන් පානය කරන්ට හෝ නොකරන්ට, පුද්ගලයන් වශයෙන් තේරීමට අවස්ථාව දෙනසේක. බොහෝ අවස්ථාවලදී, යේසුස්වහන්සේ තම ආහාර සමඟ මුද්‍රිකපානය පාවිච්චි කළසේක. යොහන් බව්තීස්ත මත්පැන්වලින් වැළකී සිටියේය.—මතෙව් 11:18, 19.
සීමාව ඉක්මවා බීමෙහි නියැලීම, බයිබලයෙහි තහනම් කර ඇත. බේබදුකම දෙවියන්වහන්සේට විරුද්ධ පාපයකි. (1 කොරින්ති 6:9-11) මෙයට එකඟව, පසුතැවිලි නොවන්නාවූ කිසිදු බේබද්දෙකුව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, ක්‍රිස්තියානි සභාව තුළ තබාගන්නේ නැත. සභාව තුළ, මත්පැන් පානය කිරීමට තෝරාගන්නා අය එසේ කළ යුත්තේ, පමණ දැනගෙනය.—තීතස් 2:2, 3
දේවවිරෝධී දෘෂ්ටියක්
අදදින බොහෝ මනුෂ්‍යයන්ට මත්පැන් පානය සම්බන්ධව දේවදෘෂ්ටියක් නොමැත. මෙම ඉපැරණි බීම අනිසි ලෙස පාවිච්චි කිරීමට සාතන් පොලඹවන බව පහසුවෙන් දැකිය හැකිය. උදාහරණයක් වශයෙන්, දකුණු පැසිෆික් දූපත් සමහරක, පැසෙන්ට හරින ලද ගෙදර සාදාගත් මත්පැන් අධික වශයෙන් බීම සඳහා රැස්වීම පිරිමින්ගේ පුරුද්දක් වී ඇත. බීමෙහි යෙදෙන මෙවැනි අවස්ථාවන්, බොහෝ පැය ගණනාවක් පුරා පැවතීමට ඉඩ කඩ ඇති අතර, නිතර නිතර පවත්වනු ලැබේ—බොහෝ මිනිස්සු දිනපතා මෙම පුරුද්දේ පමණ ඉක්මවා නියැලෙති. සමහරුන් සිතන්නේ එය නිකම්ම සංස්කෘතියේ අංගයක් කියාය. ඇතැම් අවස්ථාවලදී, බීර සහ මද්‍යසාර පාවිච්චි කරනු ලැබුවේ ගෙදර සාදාගත් බීම වෙනුවට හෝ ඊට අමතරවය. බොහෝවිට ප්‍රතිඵල බේබදුකමයි.
තවත් පැසිෆික් දේශයක, පමණ දැන මත්පැන් භාවිතය යනු කුමක්දැයි, මිනිසුන් නොදන්නා තරම්ය. පොදු නීතියක් හැටියට, ඔවුන් මත්පැන් පානය කරන විට, පානය කරන්නේ වෙරි වෙන්ටමය. සාමාන්‍යයෙන්, පඩි දවසේදී මිනිසුන් කණ්ඩායමක් එක්කාසු වී බීර පෙට්ටි කිහිපයක් මිලට ගනියි; මේ එකක බෝතල් 24ක් අඩංගුය. ඔවුන් බීම නවතන්නේ බීර අහවර වූ විට පමණි. ප්‍රතිඵලයක් වශයෙන්, මහජනයා අතර බේබදුකම ඉතා පොදුය.
පොල් රා වැනි පැසවීමට හරින ලද මෙන්ම දේශීයව පෙරාගත් වෙනත් මද්‍යසාර පාවිච්චි කිරීම අප්‍රිකානු රටවල පාරම්පරික දෙයකි. සමහරක් සමාජීය චාරිත්‍රවල, අමුත්තන්ට සංග්‍රහ කරන විට, මත්පැන් පිළිගැන්විය යුතු බවට නියම කෙරේ. සත්කාරකයා චාරිත්‍රානුකූල ලෙස ඔහුගේ අමුත්තාට බීමට හැකි ප්‍රමාණයට වඩා පිළිගන්වයි. සමහරක් ප්‍රදේශවල සිරිත වන්නේ, සෑම අමුත්තෙකු ඉදිරියේ බීර බෝතල් 12ක් තැබීමය.
බොහෝ ජපන් සමාගම් තම සේවකයන් වෙනුවෙන්, බස්රථවලින් ගමන් කරන විනෝද චාරිකා සංවිධානය කරති. ඔවුන් මත්පැන් විශාල වශයෙන් ගෙන යන අතර, බේබදුකම ගණනකට නොගැනේ. මෙවැනි සමහර සමාගම්වල විනෝද චාරිකා දින දෙක තුනක් පුරා පැවැත්වේ. ඒෂියාවීක් සඟරාවට අනුව ජපානයේ, “ගොවියාගේ සිට ධනවත් දේශපාලනඥයා දක්වා චාරිත්‍රානුකූලව පිරිමිකම මනිනු ලබන්නේ, තමන්ට බීමට හැකි මත්පැන් ප්‍රමාණය අනුවය.” ඒ හා සමාන නැඹුරුවාවන් අනිකුත් ආසියාතික රටවලද දැකිය හැක. ඒෂියාවීක් තවදුරටත් මෙසේ සඳහන් කරයි: “ලොවේ කොහේවත් සිටින මත්පැන් පානය කරන්නන් නොබොන තරම් මත්පැන් ප්‍රමාණයක්, දැන් දකුණු කොරියානුවන් විසින් ගිල දමනු ලැබේ.”
එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල, සිත් සේ සීමාව ඉක්මවා අඩි ගැසීම ව්‍යාප්ත වෙමින් පවතින පුරුද්දකි. ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් එසෝසියේෂන්ට අනුව, “මෙලෙස එක දිගට අඩි ගසන බොහෝදෙනා මත්පැනට ඇබ්බැහිව සිටීමේ ගැටලුව තමන්ට ඇති බව නොසලකති.”a මෙය පුදුමයට පත් කළ යුතු නොවන්නේ මන්දයත්, බොහෝ රටවල බීමත්කම වික්‍රමාන්විත, කාලයේ තාලයට සහ තත්වයට ගැළපෙන යමක් සේ ජනමාධ්‍ය තුළින් අනුබල දෙන බැවිනි. බොහෝවිට ප්‍රචාරය කරන මෙම අදහස් විශේෂයෙන්ම තරුණයන්ව ඉලක්ක කරගනියි.
විසි වසරක කාලයක් තුළ, බ්‍රිතාන්‍යයේ බීර පානය දෙගුණයක් බවටද සැර මත්පැන් පාවිච්චිය තෙගුණයක් බවටද පත් වී ඇත. බීමත්කමට ඇබ්බැහිවන්නන් වඩාත් බාල වයසක සිට බීමත්කම ආරම්භ කරන අතර, කවරදාකටත් වඩා, දැන් බොහෝ කාන්තාවෝ බීමෙහි නියැලී සිටිති. සමාන නැඹුරුවාවන් නැඟෙනහිර යුරෝපීය සහ ලතින් අමෙරිකානු රටවලද දැකිය හැක. මෙය පැහැදිලිව පෙනෙන්ට තිබෙන්නේ, එක හා සමානව වැඩි වන මත්පැනට ඇබ්බැහිවූවන් සංඛ්‍යාවෙන් සහ මත්පැන් පානය නිසා සිදු වූ මාරාන්තික මාර්ග අනතුරුවලින්ය. ලොව වටා මත්පැන් අනිසි භාවිතය වැඩි වී ඇති බව මනාව පැහැදිලිය.
සීමාව ඉක්මවන ප්‍රමාණය කොච්චරක්ද?
මත්පැන් පානය සම්බන්ධ බයිබල් දෘෂ්ටිය සමබරය. එක අතකට, මුද්‍රිකපානය “මනුෂ්‍යයාගේ සිත සතුටුකරන” දෙවියන්වහන්සේගෙන් ලද තෑග්ගක් බව ශුද්ධ ලියවිලි කියයි. (ගීතාවලිය 104:1, 15) අනික් අතට, සීමාව ඉක්මවා පාවිච්චිය ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් බයිබලය, “අධික . . . බීමත් කමින්ද,” “බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද” ‘බොහෝ මුද්‍රිකපානයට ඇලුම් වීම’ සහ ‘බොහෝ මුද්‍රිකපානයට වහල් වීම’ වැනි යෙදුම් භාවිත කරයි. (ලූක් 21:34; 1 පේතෘස් 4:3; 1 තිමෝති 3:8; තීතස් 2:3) එහෙත්, ‘බොහෝ මුද්‍රිකපානය’ යනු කොච්චරක්ද? මත්පැන් සම්බන්ධයෙන් දේවදෘෂ්ටියකට එකඟ වන්නේ කුමක්ද යන්න ක්‍රිස්තියානියෙකු නිශ්චය කරගන්නේ කෙසේද?
බේබදුකම හඳුනාගැනීමට අපහසු නැත. එහි ප්‍රතිඵල බයිබලයෙහි විස්තර කර තිබෙන්නේ මෙම වචනවලිනි: “දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණ තුවාළ කාටද? රතු ඇස් ඇත්තේ කාටද? මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය; මිශ්‍රකළ මිදියුස සොයා යන්නන්ටය. . . . නුඹේ ඇසට අද්භූත දේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය.”—හිතෝපදේශ 23:29-33.
ප්‍රමාණය ඉක්මවා මත්පැන් භාවිතය මගින් මනසෙහි සහ ශරීරයේ අවුල් සහිත බව, මුළා වූ ගතිය, සිහිසුන් ගතිය සහ ගතට සහ සිතට බලපාන තවත් ආබාධ ඇති කරනු ලැබේ. මත්පැන්වල බලපෑම යටතේ සිටින විට කෙනෙකු තමාටත් අනුන්ටත් හානි වන ආකාරයට ආත්ම පාලනයකින් තොරව හැසිරිය හැක. බේබදුකම් කරන්නෝ, නින්දාසහගත, තරහ අවුස්සන සහ දුරාචාර හැසිරීමෙහි නියැලෙන බවට නම් දරා ඇත්තාහ.
ඉහත ප්‍රතිඵල ඇතුව බේබදුකම දක්වා බීම, නිසැකවම සීමාව ඉක්මවා පානය කිරීමකි. කෙසේවෙතත්, බීමත්කමේ සාමාන්‍ය ලක්ෂණ සියල්ලම පෙන්වන්නේ නැතුව කෙනෙකු පමණ දැන පානය කිරීමේ ඌනතාවක් පෙන්වීමට පුළුවන. එමනිසා, යමෙකු සීමාව ඉක්මවා පානය කළාද නැද්ද යන්න බොහෝවිට විවාදයට ලක් වී ඇත. පමණ දැන පානය කිරීමත්, සීමාව ඉක්මවා පානය කිරීමත් අතර ඇති වෙනස මොකක්ද?
ඔබගේ සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න
රුධිරයෙහි තිබිය යුතු මධ්‍යසාර ප්‍රතිශතය හෝ වෙනත් ආකාරයක මිම්මක් සපයා දීමෙන් බයිබලය සීමා දමන්නේ නැත. ඔරොත්තු දෙන මද්‍යසාර ප්‍රමාණය කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙනස්ය. එහෙත්, බයිබල් ප්‍රතිපත්ති සියල්ලන්ටම අදාළ වන අතර, මත්පැන් පානය පිළිබඳ දේවදෘෂ්ටියක් වර්ධනය කරගැනීමට එය අපට උපකාර කරයි.
යේසුස්වහන්සේ කී පළමුවන ආඥාව නම්, “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව” යන්නයි. (මතෙව් 22:37, 38) මනස මත ඍජු බලපෑමක් එල්ල කිරීමට මද්‍යසාරවලට හැකි අතර, සීමාව ඉක්මවා එය පාවිච්චි කිරීම, සියල්ලටම වඩා උතුම් එම ආඥාවට කීකරුවීම සඳහා බාධාවකි. හොඳ විනිශ්චය, ප්‍රශ්න විසඳීමේ හැකියාව, ආත්ම සංයමය වැනි මනසේ ක්රියාකාරිත්වයන්වලට බරපතළ බාධා ඇති කිරීමටද එයට පුළුවන. ශුද්ධ ලියවිල්ල අපට මෙසේ අනුශාසනා කරයි: “සාරවූ ඥානයද සිහියද තබාගන්න [ප්‍රායෝගික ප්‍රඥාවද සිතීමේ හැකියාවද රක්ෂා කරන්න, NW]; එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.”—හිතෝපදේශ 3:21, 22.
ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටින්නේ මෙසේය: “නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකර[න්න] . . . එය නුඹලාගේ ආත්මික සේවය [තර්ක කිරීමේ හැකියාව, NW] වේ.” (රෝම 12:1) කෙනෙකු “තර්ක කිරීමේ හැකියාව” නැති වන තුරු මත්පැන් පානය කරයි නම්, එවැනි ක්‍රිස්තියානියෙකුට “දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ” කෙනෙකු විය හැකිද? සාමාන්‍යයෙන්, මධ්‍යස්ථ නොවූ බීමත්කමේ නියැලෙන්නෙකු ක්‍රමයෙන්, මද්‍යසාරවලට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනඟා ගනියි. තමා බෙහෙවින් මත්පැන් පානය කළද, එය බේබදුකම යන ගණයට වැටෙන්නේ නැහැයි කියා ඔහුට හැඟී යා හැක. එහෙත්, මත්පැන් සම්බන්ධයෙන් ඔහු අහිතකර ඇබ්බැහි වීමක් වර්ධනය කරගනිමින් සිටිනවා විය හැක. එවැනි කෙනෙකුට ‘ජීවමාන වූ, ශුද්ධ වූ යාගයක්’ ලෙස තමාව ඔප්පු කළ හැකිද?
ක්‍රිස්තියානියෙකු හැටියට, යම් මත්පැන් ප්‍රමාණයක් ඔබේ “ප්‍රායෝගික ප්‍රඥාවද සිතීමේ හැකියාවද” හානියට පත් කරයි නම්, එය සීමාව ඉක්මවූ මත්පැන් ප්රමාණයකි.
මත්පැන් පිළිබඳ ඔබේ අදහස හැඩගස්වන්නේ කුමක්ද?
තමන්ගේ බීමත්කමේ ආකල්පය සඳහා, නූතන නැඹුරුවාවන් හෝ සංස්කෘතිය බලපාන්නේදැයි ක්‍රිස්තියානියෙකු විසින් තක්සේරු කර බලන්ට ඕනෑය. මත්පැන් ගත් කල, සංස්කෘතික නැඹුරුවාවන් හෝ ජනමාධ්‍ය ප්‍රචාරයන් මත ඔබේ තේරීම් කිරීමට නිසැකවම ඔබට වුවමනා නොවනු ඇත. ඔබගේම ආකල්පය තක්සේරු කිරීමේදී, ඔබෙන්ම මෙසේ අසන්න; ‘බීමත්කම ගැන මං දරන ආකල්පය සමාජය විසින් පිළිගන්නාවූ එකක්ද? නැත්නම්, මගේ බීම පාලනය කරන්නේ, බයිබල් ප්රතිපත්තිද?’
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සංස්කෘතික විරෝධීහු නොවුවත්, අදදින ව්‍යාප්තව ඇති බොහෝ ක්‍රියාවන්, යෙහෝවඃවහන්සේ ද්වේෂ කරන බව තේරුම්ගෙන සිටිති. සමහරක් සමාජයන් විසින් ගබ්සා කිරීම, රුධිර පාරවිලයනය, සමලිංගිකත්වය හෝ බහුභාර්යා සේවනය වැනි දේවලට ඉඩ දී තිබේ. කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් මේ කාරණවලදී ක්‍රියා කරන්නේ, දෙවියන්වහන්සේගේ දෘෂ්ටියට එකඟවයි. එසේය, ඒවා සංස්කෘතියට අනුව පිළිගත හැකි වුවත් නැතත්, දේවදෘෂ්ටියක්, එවැනි පුරුදු ද්වේෂ කිරීමට ක්‍රිස්තියානියෙකුව පොලඹවනවා ඇත.—ගීතාවලිය 97:10.
“බීමත්කම්” සහ “මත්පැන්බීම්” ඇතුළත් “අන්‍යජාතීන්ගේ කැමැත්ත” ගැන බයිබලය කතා කරයි. “මත්පැන්බීම්” යන වචනයෙන් අර්ථවත් වන්නේ, මත්පැන් විශාල වශයෙන් පානය කිරීමේ අරමුණින්ම සැලසුම් කළ එකතුවීම්ය. පෙනෙන විදිහට, බයිබල් කාලවලදී මත්පැන් පානය කිරීමේ තමන්ට ඇති හැකියාව ගැන සමහරු ආඩම්බර වූ අතර, බීමෙහි අන්‍යයන් අබිබවා යන්ට හෝ වැඩියෙන් බොන්ට හැක්කේ කාටද කියා අත්හදා බැලූහ. පසුතැවිලි වුණාවූ ක්‍රිස්තියානීන් තවදුරටත් හවුල් නොවන මෙවැනි ආකාරයේ හැසිරීම ප්‍රේරිත පේතෘස් යොමු දක්වන්නේ, “අනාචාර බහුලත්වය” කියාය.—1 පේතෘස් 4:3, 4.
තමා වෙරි වන තුරු නොබොන තාක් කල්, මත්පැන් පානය කරමින් සිටින්නේ කොහේද, කවදාද, කොපමණ ප්‍රමාණයක්ද යන්න නොසලකා හැරීම ක්‍රිස්තියානියෙකුට සාධාරණද? එය දේවදෘෂ්ටියද, කියා අපට ඇසිය හැක. බයිබලය කියන්නේ: “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න” කියායි. (1 කොරින්ති 10:31) ප්‍රසිද්ධ ස්ථානයක බහුල ලෙස මත්පැන් පානය කරන මිනිසුන් කණ්ඩායමේ සියලුදෙනාම වෙරි නොවිය හැකි වුවත්, ඔවුන්ගේ හැසිරීම යෙහෝවඃවහන්සේට ගෞරවය ගෙන එයිද? “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න” කියා බයිබලය අවවාද කරයි.—රෝම 12:2.
අන්‍යයන්ව පැකිලීමෙන් වළකින්න
තමා දෙවියන්වහන්සේගේ සේවකයෙකු කියා සිටිමින් කෙනෙකු අධික ලෙස මත්පැන් පාවිච්චි කරන විටදී, සීමාව ඉක්මවා මත්පැන් භාවිතයට ඉඩහරින සංස්කෘතියම එසේ කිරීම අනුමත නොකිරීම වැදගත් කරුණකි. එක්තරා දකුණු පැසිෆික් සමාජයක එක් නිරීක්ෂකයෙක් මෙසේ කීවේය: “මම ඔයාලව අගේ කරනවා. ඔයගොල්ලන් දේශනා කරන්නේ ඇත්ත. ඒත් අපි දකින ගැටලුව තමයි, ඔයාලා ඕනෑවට වැඩිය මත්පැන් බොන එක.” වාර්තා වන ලෙස, කිසිවෙකු වෙරි වී නැති මුත්, සමාජයේ බොහෝදෙනෙකුට එම කාරණය පෙනෙන්නේ නැත. බීමත්කම්වල නියැලෙන තව බොහෝදෙනෙකු මෙන්, සාක්ෂිකරුවන් පවා වෙරි වෙන බවට නිරීක්ෂකයන් විසින් තීරණයකට එළඹීම පහසුය. දිගු වේලාවක් බීමත්කම්වල යෙදෙන ක්‍රිස්තියානි දේවසේවකයෙකුට, කීර්ති නාමයක් සහ තම ප්‍රසිද්ධ දේවසේවය ඉෂ්ට කිරීම තුළ කතා කිරීමේ නිදහස පවත්වාගත හැකිද?—ක්‍රියා 28:31.
එක්තරා යුරෝපීය රටකින් පැමිණි වාර්තාවක සඳහන් වුණේ, රාජ්‍ය ශාලාවට පැමිණෙන සමහර සහෝදර සහෝදරියන්ගෙන් මත්පැන් ගඳක් වහනය වූ බවයි. මෙය අන් අයගේ හෘදය සාක්ෂියට බාධා කර ඇත. බයිබලය අවවාද කරන්නේ: “මස් කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය” කියාය. (රෝම 14:21) මත්පැන් පිළිබඳ දේවදෘෂ්ටිය, මේරු ක්‍රිස්තියානියෙකුව අන් අයගේ හෘදය සාක්ෂිය පිළිබඳ සංවේදී වන්ට පොලඹවන අතර, එසේ කරද්දී යම් තත්වයක් යටතේ මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමට පවා කැමති විය යුතුය.
ක්‍රිස්තියානීන් ඉතා පැහැදිලි ලෙස වෙනස්ය
මත්පැන් ඇතුළු මනුෂ්‍යවර්ගයාට දී ඇති සෑම හොඳ දෙයක්ම අනිසි ලෙස භාවිත කිරීමෙන්, මේ ලෝකය යෙහෝවඃවහන්සේව අමනාපයට පත් කර තිබීම කනගාටුවට කරුණකි. සෑම කැප වූ සාක්ෂිකරුවෙකුම හාත්පස පැතිර පවත්නා අභක්තික අදහස්වලින් වැළකී සිටිය යුතුය. මෙසේ “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස” දකින්ට මනුෂ්‍යයන්ට හැකිවනු ඇත.—මලාකි 3:18
මත්පැන් සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සහ ලෝකයා අතර “වෙනස” ඉතා පැහැදිලි වීම අවශ්‍යය. සැබෑ ක්‍රිස්තියානීන්ගේ ජීවිත කේන්ද්‍රගත වී තිබෙන්නේ, මත්පැන් පානය කිරීම මත නොවේ. මත්පැන් කොපමණ දුරට තමන්ට ඔරොත්තු දෙනවාදැයි බැලීමට, බේබදුකම වෙත භයානක ලෙස ළඟා කරවන එහි සීමාවන් කරා යමින් ඔවුහු ඒවා අත්හදා නොබලති; තමන්ගේ මුළු ප්‍රාණයෙන් සහ පැහැදිලි මනසකින් තමන්ගේ දෙවියන්වහන්සේට සේවය කිරීම හානි කරන්ට හෝ කිසිම ආකාරයකින් බාධාවට පත් කරන්ට ඔවුහු මත්පැනට ඉඩ නොහරිති.
කණ්ඩායමක් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට මත්පැන් සම්බන්ධයෙන් දේවදෘෂ්ටියක් ඇත. ඔබ සම්බන්ධයෙන් කුමක් කියන්න පුළුවන්ද? “අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, . . . සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස” බයිබල් උපදෙස් අනුකරණය කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද මත අප එක් එක්කෙනාට බලාපොරොත්තු තැබිය හැක.—තීතස් 2:12, 13
[පාදසටහන]
a “එක දිගට අඩි ගැසීම නිර්වචනය කර ඇත්තේ, පිරිමින් එක දිගට මත්පැන් අඩි පහක් හෝ ඊට වැඩි ගණනක්ද, ගැහැනුන් සඳහා එක දිගට මත්පැන් අඩි හතරක් හෝ ඊට වැඩි ගණනක්ද පානය කිරීම වශයෙන්ය.”—ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් එසෝසියේෂන්.
[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබගේ ප්‍රේමනීයයන්ට සවන් දෙන්න
මත්පැන් පිළිබඳ තමාට ගැටලුවක් ඇති බව වටහාගැනීමට බොහෝවිට අසමත් වන්නේ, මධ්‍යස්ථ නොවී බීමෙහි නියැලෙන පුද්ගලයාය. මධ්‍යස්ථභාවය අඩු ප්‍රේමනීයයන්ට උපකාර ඉදිරිපත් කිරීමට නෑදෑයන්, මිතුරන් සහ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පසුබට නොවිය යුතුය. අනිත් අතට, ඔබේ ප්‍රේමනීයයන් ඔබගේ මත්පැන් බීම සම්බන්ධව අපහසුතාවකට පත් වී සිටී නම්, ඔවුන්ට එයට හොඳ හේතුවක් තිබිය හැකියි. ඔවුන් කියන්නේ කුමක්ද කියා සලකා බලන්න.—හිතෝපදේශ 19:20; 27:6.